fbpx
තවත්

    චීනය පරාදයි…

    දීර්ඝ කාලයක් සිදුකල පර්යේශන වල ප්‍රතිපල‍යක් වශයෙන් චීනය නිපදවූ රොකට්ටුවකට මීට දින 4කට පෙර සිදුවූනේ කුමක්ද ? චීන රොකට්ටුවක් ? හදට නොගොස් මුල් වරට අතර මගදී කඩාගෙන වැටුණේ 2020 ජුනි 13 දාය.ඊට මාසයකට පසුව චීනයේ ශිචුආන් (Sichuan) සිට අභ්‍යාවකාශ ගත කරනු ලැබූ කුයිශෝ 11 (Kuaizhou-11 රොකට්ටුවට සිදුවූ දෙයක් මේවනවිටත් අනාවරණය වී නැත .මෙය වාර්තා වුනේ ජුලි 12දාය. චීනය අභ්‍යාවකාශ යානා නිපදවීම සදහා පර් යේශන ඇරඹුවේ 1958 දීය. වසර 62 ක් තිස්සේ චීනයේ මේ කටයුතු සාර්ථක වී නැත .

    මේ වනවිට ආර්ථික යුද්ධයෙන් පැරදී ඇති චීනය මෙසේ රොකට් හෙවත් සැටලයිට් යුද්ධයෙන්ද පැරදී අවසන්ය . චීනය සමග ? හදට පමනක් නොව සෞරග්‍රහමංඩලයටම ? රොකට් යවන්නට ගිය බොහෝ රටවල් හා පුද්ගලයින්ටද “අනිච්චාවත සංඛාරා” උරුම වී තිබේ . අමෙරිකාව වැනි ලොව දියුණු රටවලින් තාක්ෂණය සොරකම් කර ගැනීමට තිබූ අවස්තාවන් කාබාසිනියා කර ගැනීම චීනයට වැරදුණු තැනය. දින 3 කට පෙර මෙම අභ්‍යාවකාශ යානාවට සිදුවූ දෙය ගැන චීනයේ CNSA ආයතනය මෙතෙක් කිසිවක් ප්‍රකාශයට පත්කර නැත . චීනය උත්සාහ කර ඇත්තේ මෙම යානාව මාර්ගයෙන් ටොන් එක හමාරක් පමන බර සැටලයිට් (චන්ද්‍රිකා ) අභ්‍යාවකාශයට ගෙන ගොස් එහි ස්තාපිත කිරීමයි. අමෙරිකාව අභ්‍යාවකාශ හමුදාව (Space Force) නමින් යුත් විශ්මිත බලසේනාවක් ආරම්භ කිරීම නිසා කලබලයට පත් චීනය ඊට මුහුන දීමට ගන්නා ක්‍රියාමාර්ග කොතරම් දුරට සාර්ථක වේද ?

    මේ අතර අමෙරිකාව තම දෙවෙනි අභ්‍යාවකාශ යානයත් මීට දින කීපයකට පෙර ෆ්ලොරිඩාවේ කේප් කැනවරල්හි සිට ගුවන් ගත කලේය . ඉන් අභ්‍යාවකාශයට සැටලයිට් (චන්ද්‍රිකා )62 ක් යවනු ලැබීය . චීනය යුද්ධයකට සූදානම් වෙද්දී අමෙරිකාව ප්‍රමුඛ ? ලෝකයේ ප්‍රබල රටවල් රාශියක හමුදාවන් දැන් චීනය වටකර අවසන්ය .

    (ඊලඟට බලාපොරොත්තු වන්න චීනය ආර්ථික යුද්ධයෙන් පරදින හැටි )

    සිංහරාජ මායිමේ දිය ඇලි සොයා

    0

    සිංහරාජ වනාන්තරය ට මායිම් ව පිහිටි නෙළුව, ලංකාගම නම් සුන්දර ග්‍රාමය මේ දිනවල ඉතාමත් ප්‍රසිද්ධ ප්‍රදේශයකි.

    ඊට හේතුව එම ගම් පියස තුළ පිහිටා ඇති දිය ඇලි සමූහයයි. එම දිය ඇලි සොයා මා කළ සංචාරයේ සොදුරු අවස්ථා පහතින් ඉදිරිපත් කරන්නම්.

    එහිදී මා විසින් නිරීක්ෂණය කරන ලද දිය ඇලි බ්‍රාහ්මණ ඇල්ල ( උස මී 31 ) , තට්ටු ඇල්ල ( උස මී 15 ), ගල් ඔරුව ඇල්ල ( උස මී 12), ඌරන් වැටුන ඇල්ල ( උස මී 24) , කැකුණ ඇල්ල ( උස මී 10 ), පතන් ඇල්ල ( උස මී 23 )

    බ්‍රාහ්මණ ඇල්ල ( උස මී 31 )
    තට්ටු ඇල්ල ( උස මී 15 )
    ගල් ඔරුව ඇල්ල ( උස මී 12)
    ඌරන් වැටුන ඇල්ල ( උස මී 24)
    කැකුණ ඇල්ල ( උස මී 10 )
    පතන් ඇල්ල ( උස මී 23 )

    විවේකයක් ලැබුනම ගිහින් සුන්දරත්වය විදින්න. බොහොම සංවේදී පරිසරයක් තියෙන ප්‍රදේශයක් නිසා ගෙනියන කුණු ආපහු ගේන්නත් අමතක කරන්න එපා.

    චීන රසවතිය – Li Ziqi

    0

    අන්තර්ජාල පරිහරණය කරන අයගේ එක් එක් විනෝදාංශ අතරේ රසවත් විනෝදාංශයක් තමයි cooking channel නැත්නම් ඉවුම් පිහුම් නැරඹීම. ඒ අතරේ අතිශය ජනප්‍රියත්වය ට පත් ඉවුම් පිහුම් නාලිකාවක් තමයි Li Ziqi කියන්නේ. චීනයේ ගම්බද සුන්දර පරිසරයක හීන කතන්දරයක කුමාරියක් වගේ දිස් වෙමින් ඈ කරනා ඉවුම් පිහුම් වලට වශී වී ලෝකයේ මේ වනවිටත් Li Ziqi Cooking නරඹන ප්‍රේක්ෂකයන් ගණන බිලියන 1.5 ඉක්මවන බවයි වාර්තා වෙන්නේ.

    කවුද Li Ziqi කියන්නේ?

    ලී කියන්නේ චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ පින්යින් හෙවත් Pingwu ප්‍රදේශයේ තම මිත්තණිය සමඟ ජීවත් වන අවුරුදු 30 ක තරුණියක්. ලී ගේ ළමා විය ඒ තරම් සුන්දර නොවන බවයි පැවසෙන්නේ. දෙමාපියන් දික්කසාද වූ පසු පියා යටතේ වැඩෙන ඈ ට කුඩම්මාගේ අඩම්තේට්ටම් නිසා දුෂ්කරතාවයට පත් වෙනවා. ඈ එයින් මිදීමටයි තම මිත්තණිය හා මුත්තණුවන් සමඟ ඈත කඳුකරයේ දුගී ගමක වාසය තෝරා ගෙන ඇත්තේ. ඇගේ මුත්තණුවන් ගොවියෙක් සේම කෝකියෙක්. ඇයට ඉවුම් පිහුම් සඳහා උත්තේජනය ඔහු වෙතින් ලැබුණ බවයි පැවසෙන්නේ. මුත්තණුවන් ගේ මරණයෙන් පසු පාසැල් අධ්‍යාපනයෙන් සමු ගැනීමටත් ග්‍රාමීය චීන තරුණ තරුණියන් බොහෝ දෙනා සිදු කරන ආකාරයට නගරයට රැකියාවක් සොයා යෑමටත් ලී ට සිදු වෙනවා. ඒ අනුව නගරයේ වේටර්වරියක, ඩීජේ සංගීතය සපයන්නියක සහ ගායිකාවක ලෙස කටයුතු කල බව සදහන්.

    හදිසියේ මිත්තණියගේ අසනීප තත්වය මත නැවත ගමට ඒමට සිදුවන ඇයට නැවත සාමාන්‍ය ගැමි තරුණියක සේ ගොවිතැන හා ඉවුම් පිහුම් වල නිරත වීමට සිදු උන නමුත් අවසානයේ එයම ඇගේ ඉරණම වෙනස් කර මුලු ලෝකයක් ආදරයෙන් වැළඳ ගන්නා තරුණියක් සේම සොබා දහම, සංස්කෘතිය සහ රසවත් ආහාරපාන ඇසුරේ ඉතා නිදහස් ජීවිතයක් ගෙවන්නියක බවට ත් පත් කරනවා.

    2015 Meipai කියන මොබයිල් ඇප් එක හරහා තම කුඩා අලෙවිසැල ජනප්‍රිය කරවීමට ඒ ගැන කියවෙන වීඩියෝ අන්තර්ජාලයට එක් කරන ඈට ක්‍රමයෙන් ලොව පුරා මිලියන ගණනක නරඹන්නන් ආශක්ත වෙන්නේ ඈ ව අන්තර්ජාලයේ තාරකාවක් බවට පත් කරමිනුයි. සම්ප්‍රදායික චීන ආහාර වට්ටෝරු ඉතා ම මූලික අමුද්‍රව්‍ය යොදා ගනිමින් සිත් ගන්නා සුළු ආකාරයට ඉදිරිපත් කරන නිසාමයි ඈ ට මේ තරම් විශාල ආකර්ෂණයක් අන්තර්ජාලයේ හිමි වන්නේත්.

    ලී පවසන ආකාරයට ඇගේ ඉලක්කය නාගරික අන්තර්ජාල පරිශීලයකන්. “මට අවශ්‍යයි ඔවුන්ට දැන්වීමට ඔවුන් ගේ ආහාර පැමිණෙන්නේ කොතනින් ද යන වග” ලී එසේ සම්මුඛ සාකච්ඡාවක දී පවසා තිබෙනවා.

    චීනයේ විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන Sina Weibo හි මිලියන 25 ක නරඹන්නන්, facebook සමාජ ජාලයේ මිලියන 3 කට අධික නරඹන්නන් සහ YouTube හි මිලියන 10 ක ට අධික නරඹන්නන් ඇයගේ නවතම ඉවුම් පිහුම් මොනවාදැයි නිරන්තරයෙන් විමසා සිටීමෙන් ම කඳුකරයක හුදකලා පරිසරයක ගහකොළ ඇසුරේ වෙසෙමින් වුවත් ලී කරන විප්ලවය කොයි තරම් සුවිසල් දැයි සිතා බැලිය හැකියි.

    2019 Peoples Daily පුවත්පත විසින් People’s Choice Award ඇය වෙත පිරිනමන අතර චීනයේ CCTV ආයතනය ද ලී විසින් ලෝකයට චීන සංස්කෘතිය ජනප්‍රිය කරවීමට ගන්නා උත්සාහය ගැන විශේෂයෙන් අගයා තිබෙනවා.

    ඒ විතරක් නොවෙයි ඇගේ ක්‍රමය ලොව පුරා රටවල් ගණනාවක අනුකරණය කරමින් පවා තියෙනවා. එනිසා මේ ලී ගේ සාර්ථකත්වයේ ආරම්භය පමණක් බව කිව හැකියි. මන්ද යත් තව වසර කිහිපයකින් ඈ අනිවාර්යයෙන්ම ලොවම කතා බව කරන චීන සංස්කෘතික හා වෙළඳ සන්නාමයක් බවට පත් වෙනවා නිසැක නිසයි.

    නැගෙනහිර මුහුදේ දි ජපන් ගුවන් ප්‍රහාරයෙන් ගිලුනු BRITISH SERGEANT

    0

    ගාල්ල මුහුදු පුරාවිද්‍යා එකකය මගින් වාර්ෂිකව නැගෙනහිර මුහුද ආශ්‍රිතව කරන ලද ගවෙිෂණ වලදි. ප්‍රදේශයේ ධිවරයන් විසින් වකරේ බල ප්‍රදේශයේ කායන්කේනි ගාම නිළධාරි වසමට අයත් කායන්කේනි මුහුදු තීරයේ සිට කිලෝමීටර් පහක පමණ දුරින් මිටර් 25 ගැඹුරු මුහුදේ ගිලුනු නෞකාවක් පිළිබඳව දැන ගන්නට ලැබුණු අතර එම නෞකාව ගවෙිෂණය කිරිමෙිදි මෙය ලෝක යුද්ධ සමයේ ජපනුන් විසින් ගුවන් ප්‍රහාරයන් මගින් ගිල්වා දැමු British Sergeant නෞකාව ලෙස හදුනා ගන්නා ලදි . මුහුද යට සිරි අසිරිය මගින් එම නෞකාව පිළිබඳව ඓතිහාසික කතාව පිලිබඳව දැනුවත් කරන්නෙමු.

    1922 බිතාන්‍ය පාර්මස් නැවි නිෂ්පාදන සමාගම විසින් ඉදිකරන ලද මෙම නෞකාව ඉන්ධන ප්‍රවාහනය සදහා යොදා ගත් වෙළෙඳ නෞකාවක් ලෙස මුල් කාලිනව තම සේවය ලබා දෙන ලදි. 1940 මැයි මාසයේදි මෙම නෞකාව ඇලෙක්සැන්ඩ්‍රියාව බලා යාත්‍රා කලේය. එහිදි මොහුගේ රාජකාරිය වුයේ නැගෙනහිර මධ්‍යධරණි මුහුදේ රාජකාරි කටයුතු සිදු කරන නාවික හමුදාවට ඉන්ධන සැපයුම් කිරිමයි. 1942 ජුනි මස 26 වන දින බිතාන්‍ය නැගෙනහිර මධ්‍යධරණි බල ඇණියේ නිජබිම වු ඇලෙක්සැන්ඩ්‍රියාවේ පිහිටි සුවස් ඇල හරහා රතු මුහුදේ වරායව් අතර යාත්‍රා කරන ලදි.1940 ජුලි මසයේ ප්‍රංශ නාවික හමුදාව යටත් කර ගැනිමෙන් පසු ඔවුන් සතු යුධ නැවි කිහිපයක් වරයන් වෙත ඇදගෙන යාමද මෙම නෞකාව විසින් සිදු කරන ලදි. වෙළෙඳ නෞකාවක් වුවත් කෙමෙන් කෙමෙන් යුධ කටයුතු වලට සම්බන්ධ විය. බිතාන්‍ය නාවික හමුදාවන්ට ඉන්ධන පිරවුම් හලක් වශයෙන් ද මෙම නෞකාව කටයුතු කරන ලද.

    1940 වර්ෂයේ දෙසැම්බර් අග බොම්බායට යාත්‍රා කල අතර එහිදි ශ්‍රී ලංකාවේ Trincomalee වෙතද යාත්‍රා කරන ලදි. නැවත 1941දි ග්රීසිය බලා පිටත් වු අතර එහිදි වරායක නවතා දමා තිබු උණ්ඩ පුරවන ලද නෞකාවක ඇති වු පිපිරීමෙන් මෙම නෞකාවටද සුලු හානි සිදුවිය. විවිධ ප්‍රහාරයන්ට ලක්වු British Sergeant නැවත 1942 ශ්‍රී ලංකාවට පැමිණෙන අතර එ ඔහුගේ අවසන් ගමන විය. ඉන්දියන් සාගරයේ ආරක්ෂාවට යොදා සිටි බිතාන්‍ය නාවිකයන් හ එක් වු British Sergeant මේ වන විට යුධ උපකරණ වලින් සමන්විත විය. කාලතුවක්කු 7ක් ලුවිස් තුවක්කු 03 ක් හා විශේෂ තුවක්කුකරුවන් 03 හා නාවිකයන් හා කාර්‍ය මණ්ඩලය 59 දෙනෙකු සිට ඇත.

    1942 අ⁣ෙප්‍රලේ මස ,5 දින HMS හර්මිස් ඇතුළු යුධ නෞකා Trincomalee ආසන්න මුහුදේ තිබු අතර ජපන් ජාතිකන් දෙවන ලෝක යුධ කටයුතු වලට අවතීර්ණ වෙම්න් බිතාන්‍යට එරෙහිව ප්‍රහාර එල්ල කල අතර ජපන් ජාතිකන්ට අයත් ගුවන් යානා මගින් නැවි වලට ප්‍රහාර එල්ල විය HMS හර්මිස් මුලින් එයට මුහුන දුන් අතර එය දැනගත් British Sergeant වෙිගයෙන් නෞකාව වෙනත්.දිශාවකට යාත්‍රා කලහ. එ මඩකලපුව ආශ්‍රිත මුහුදු කලාපයටය නමුදු ජපනුන් අයත් වැල් IVD3 A1 ප්‍රහාරය ගුවන් යානය මගින් British Sergeant වෙත ප්‍රහාර එල්ල කරන ලද අතර නෞකාව දෙකට කැඩි ගිලි විනාශ විය.

    ජිවිත කිහිපයක් බිලිගත් අතර තවත් පිරිසක් ජිවිතාරක්ෂක බෝට්ටු වල නැගි පලා ගියහ. නැව වර්තමානයේ මාලු අභිජනනය සදහා මහත් දායකත්වයක් සපයන ලද තෝ තැන්නකි. නැව දෙකට කැඩි කොටස් දෙකක් වශයෙන් ගිලි ඇත.එක කොටසක් මුනින් අතට ගිලි ගොස් ඇති අතර අනෙක් කොට උඩ අතට පිහිටා ඇත. වසර ගනනක් රටවල් කිහිපයකම සංචාරය කොට ශ්‍රී ලංකාවේ මුහුදේ අවසන් ගමන් ගිය තවමත් ප්‍රතාපවත් ලීලාවෙන් මුහුද යට වැජඹෙන ආකාරය දැකිය හැකිය.

    බුදුදහම අතුරුදන් කිරිමේ පළමු පියවර දහම විකෘති කිරිමයි

    0

    පසුගිය දා ජනාධිපති බෞද්ධ උපදේශක සභාව රැස්වුවිට වර්තමානයේ ඇතැම් භික්ෂු ප්‍රතිරූපකයන් ශාසනයට කරන හානිය පිළිබඳව නාහිමිවරුන් ජනාධිපති  ගෝ‍ඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කර  තිබිණ . ඒවා වළක්වා ගැනිමට සුදුසු වැඩපිළිවෙළක්  සකස් කර දුන්නහොත් තමන්ගේ ධුර කාලයේදි  එය ක්‍රියාත්මක කර දිය හැකියැයි මෙහිදි ජනාධිපතිතුමා පවසා තිබිණ.

      ඇත්තටම වර්තමානයේ  ශාසනික අර්බුදයක් තිබේද?, මුලින්ම එය සොයා බැලිය යුතුවේ. බැලු බැල්මට පෙනෙනවාට වඩා ඇතුළත සිටම ශාසනයට හානි කරන්නෝ අද වැඩිවි තිබේ.මුලින්ම කළ යුත්තේ මේ සදහා පූර්ණ අධ්‍යයනයක් කිරිමය. එසේ නොමැතිව අවිධිමත්ව කතාකර හෝ නිවේදන නිකුත්කර හෝ මාධ්‍ය හමු  පවත්වා  හෝ අද පවත්නා අර්බුදය විසඳාගත නොහැකිය. මුලින්ම සමස්ත අර්බුදය හදුනාගත යුතුවේ. ඊට බලපෑ හේතු ,පසුබිම ගැන අධ්‍යයනයක් කළ යුතුවේ.

        වර්තමානයේ ධර්මය විකෘති කිරිම් අනනත්වත් දක්නට ලැබේ. ථෙරවාදි ධර්මය විවරණ කරන ක්‍රමය නොතකා තම තමන්ගේ අභිමතය පරිදි දේශනා පැවැත්විම් අද බහුලය. මොවුන් වනසන්නේ පරියාප්ති ශාසනය හෙවත් ත්‍රිපිටක ධර්මයයි. විශේෂයෙන් බෞද්ධයන් වෙනුවෙන්ම නාලිකා බිහිවිමත් සමගම ඉන් අයහපත් පැත්තක්ද සිදුවිය. එම සමහර නාලිකා තුළින් විකාශය වන්නේ සත්‍ය දහම නොවන බව ඒ පිළිබඳව අධ්‍යනයක යෙදෙන අයෙකුට පැහැදිලිවේ. එම සමහර නාලිකා බොහෝමයක් බෞද්ධයන් යාදිනි ක්‍රමයකට ඇදදමමින් සිටි.

       නිසිලෙස ධර්මය හැදැරිමකින් තොරව ධර්මයයැයි තම අභිමත ප්‍රකාශ කරන දේශකයෝ බහුලව බිහිවුහ. බුදුදහම අතුරුදන් කිරිමේ පළමු පියවර වන්නේ ධර්මය විකෘති කිරිමයි. අංගුත්තර නිකායේ සදහන් වන්නේ විකාර නොකර දහම දේශනා කරන ලෙසය. එසේම පද ව්‍යංජ විකෘති නොකර දහම දේශනා කරන ලෙසත් අංගුත්තර නිකායේ සදහන්වේ. කැබලි කොට ගන්නා ආහාර හෙවත් බුදුරදුන් දේශනාකළ කබලිංකාර ආහාර යන වචනය සමහරු විකෘති කර ඇත්තේ කය බලියක් කරන ආහාර වශයෙනි.එසේම පටිච්ච සමුප්පාදය යනු කැමැත්තෙන් බඳින පටිය ලෙස දහම විකෘති කරන්නේ විවරණය කරති. දහම විකෘති කරමින් නිකුත් කළ ග්‍රන්ථද රාශියකි. බුද්ධ වචනය විකෘති කරන්නෝ බහුලය. රහත් යන වචනය හා අරහත් යන වදන් පවා විකෘති කර ඇත. තව ශ්‍රමණ වේශධාරිහු  ධර්මාශාසනය මත හිඳගෙන කාන්තාවන්ගේ අඟපසඟ විස්තර කරති. ඒවා අසා නිවන් යෑමට සාදුකාර දෙන අඥාන බෞද්ධයෝද වෙති. බුදුරදුන් දේශනා කළ දහම පසෙක දමා උන් වහන්සේ උපන්නේ කොහේදැයි සොයන කණ්ඩායමක්ද වෙති. කෙලෙස් නැසෙනවිට එම කෙලෙස් ශරිරයෙන් පිටවෙන ක්‍රමය හොයාගත් “ප්‍රඥායෙකුද” සිටි. ඒ හිමියන් කියන්නේ කෙලෙස් පිටවෙන්නේ බඩ ගොස් බවයි. 

      දශක තුනක් හතරක කාලයක සිය දහම මේ ලෙස වේගයෙන් විකෘති කිරිම් සිදුව්ය. නිසි ගුරු ඇසුරක් නොලැබු ,වැඩිහිටි හිමිවරුන් යටතේ ශික්ෂණයක් නොලැබු ඔිලාරික ශ්‍රමණ ප්‍රතිරූපකයන්  විසින් මෙම විනාශය සිදුකරන බව පැහැදිලිය.  

          මේ අන්දමින් දහම  විකෘති කරන පස්නමක් 2018 වසරේදි මල්වතු  පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රි  සුමංගල හිමියෝ මල්වතු විහාරයට කැඳවුහ. එම හිමිවරුන් කරන  වරද පැහැදිලි කරදිමෙන් පසු නැවත එවැනි විකෘති කිරිම් නොකරන බව මහනාහිමිට වැඳ පොරොන්දු වුහ. මේ සම්බන්ධයෙන් එකළ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයෙන්ද එයට විශාල  ප්‍රචාරයක් ලබාදුනි. නමුත් මල්වතු විහාරයෙන් පිටවු  වේලාවේ සිටම මේ දක්වාම එම පිරිස කරන්නේම ධර්මය විකෘති කිරිම්ය.

       එසේම 2018 08.06 වෙනි දින මල්වතු මහනාහිමියන් බෞද්ධ කටයුතු කොමාසාරිස්වරයාට ලිපියක් යවමින් උපදෙස් දි තිබුණේ දහම විකෘති කරන හිමිනමකගේ සාමණේර ලියාපදිංචිය අහෝසි කරන ලෙසය. එසේම සියම් මහ නිකායේ වනවාසි සංඝ සභාවේ මහනායක පස්ගොඩ ජිනවංශ හිමියෝද  2018.08.15 වෙනි දින බෞද්ධ කටයුතු ⁣කොමසාරිස්ට ලිපි දෙකක් යොමුකර තිබිණ. ඒ අධර්මවාදි කටයුතුවල නියැලෙන, තම සංඝ සභාවට අයත් හිමිවරුන් දෙනමකගේ උපසම්පදා හා සාමණේර ලියාපදිංචිය අහෝසිකරන කරන ලෙස දන්වමිනි.

       මහානාහිමිවරුන්ගේ උපදෙස් අනුව එම පිරිසගේ සාමණේර හෝ උපසම්පදා  ලියාපදිංචිය අහෝසි වුවායැයි සිතුවත් එම පිරිස තම කටයුතු තවමත් ඊටත් වඩා හොඳින් කරගෙන යන බව පෙනේ. 

       එසේම දේශපාලන අවභාවිතාව නිසාද අද භික්ෂුත්වය කෙලෙසුණු අවස්ථා එමටය. ඇතැම් හිමිවරුන්  සීමාව ඉක්මවා දේශපාලනය කිරිමෙන් මෙම තත්වය උදාවි තිබේ.

      එසේම වර්තමාන සමාජය තුළ තමන් බුදුවි යැයි කියමින් බෞද්ධයන් රවටන චීවරධාරින් පිරිසක්ද වෙති. තව කොටසක් රහත්වි යැයි කියති.සෝවාන් වුවෝද අඅනන්තය. මේ සියල්ල තුළින් ඔවුහු බෞද්ධයෝ රවටමින් තම මඩි තරකර ගනිති. මෑතකදි එක්තරා හිමිනමක්  මල්මත පැමිණ නාගාසනයක වාඩිවි කහවතුරෙන් නාහවන විඩියෝවක් අන්තර්ජලයේ වේගයෙන් සැරිසැරනි. ඊට බොහෝ දෙනා විරෝධය පාද්දි 2015.05.21 වන දින අදාළ සංඝ පාර්ශවයෙන් නිවේදනයක් නිකුත්කරමින් කියා  සිටියේ එම හිමියන් තම පාර්ශවයයට අයත් භික්ෂුවක් බවය.

        මේ කුමන අන්දමේ කුමන ශ්‍රමණ වේශධාරියෙකු වුවත් කරන්නාවු බහුරූ කෝලම් නිසා හානිය සිදුවන්නේ ඒ අය අයත් පාර්ශවයට හෝ නිකායට පමණක් නොව සමස්ත ශාසනයටම අමතක කළ යුතු නොවේ. වරක් මා සේවයකළ මාධ්‍ය ආයතනයට හොඳින් සිවුරු පෙරවගත් හිමිනමක් පැමිණිිිියහ. උන්වහන්සේ තමන්ව හදුන්වා ගත්තේ ත්‍රෛනිකායේ මහනායක වශයෙනි. ඒ පිළිබදව සදහන්වන මුද්‍රාවක්ද උන්වහන්සේ සතුවිය. එසේ බුදුවුවෝද රහත්වවුවෝද තම ප්‍රවෘත්ති පළකර ගැනිමට මා හමුවු අවස්ථා එමටය. 

       මේ අන්දමින් මානසික ව්‍යාධියට පත්වුවෝ  අද සමාජයේ බහුලය. නමුත් මේ ගැටලුවලට මේ දක්වා ලැබුණු විසඳුමක්නොමැත. මේ සම්බන්ධයෙන් යම්කිසි විධිමත් පියවරක් ගැනිමේ උවමනාවක් මල්වතු මහනාහිමියන්ට ඇතිබව උන්වහන්සේ සමඟ කතාබහ කරනවිට පෙනේ. වරක් මල්වතු විහාරයෙහි  පැවැති ජර්මනියේ සංඝනායක පදවිය පිරිනැමිමේ උත්සවයේදි මහනාහිමියන් ඉදිරියේම  ශාසනයේ අර්බුුුුද හා කතිකාවතක අවශ්‍යතා සම්බන්ධයෙන් මම ප්‍රකාශයක් කළෙමි. මා වෙත බුද්ධ ප්‍රතිමාවක්ද තෑගි දෙමින් මහනාහිමියෝ එම අදහස අගය කළහ.

       අද පවතින ගැටලු විසඳා ගැනිමට මුල්විය යුත්තේ මල්වතු මහනාහිමියන්ය. අපේ රටේ සාම්ප්‍රදායික ශාසනික නායකත්වය පවතින්නේ මහ විහාර   දෙකට බව අමුතුවෙන් කිවයුතු නොවේ. එතනදි මල්වතු මහනාහිමියන්ගේ තීරණය අතිශය වැදගත්වනු ඇත. එබැවින් මේ අර්බුදයේදිද මුල්විය යුත්තේ උන්වහන්සේය. වැරදි කළ හිමිවරුන්ට මීට   පෙර මහනාහිමිවරුන් නිකුත්කළ අණ පිළි නොපැද්දේනම්   ඉන් එහා උන්වහන්සේලාට ගත හැකි නීතිමය පියවරක් නොමැත.

    ඒනිසා වහාම ඒ සදහා නීතිමය රාමුවක් සකසා ගැනිම සුදුසුවේ. ශාසනික මට්ටමින් යම්කිසි රීතියක් සම්මුතියක් ඇතිකරගත යුතුවේ.එසේම තුන්නිකායම නියෝජනය වන ප්‍රබල සංඝ කවුන්සිලයක් වැනි දෙයක්හෝ නීතිගත නොකළහොත් ඉදිරියට ශාසන විලෝපිකයන් තවත් තවත් බිහිවනු  ඇත.

    මෙය තැන තැන කතාකිරිමෙන් හෝ  නිවේදන නිකුත්කිරිමෙන් හෝ   විසඳාගත නොහැකිය.

    අතීතයේදි රටේ ආඥාාා චක්‍රය වුයේ රටේ රජුය.ඒ නිසා රජවරු නිතරම සර්ව සාධාරණ තීන්දු ගත්හ. ශාසනික ගැටලු වලදිද රජවරු තීරණ ගත්තේ ඒ අන්දමිනි. එකල අධර්මවාදි අවිනියවාදි භික්ෂුන්පිළිබඳව සිල්වත් විනයධර හිමිවරුන් ගන්නා තීරණය ක්‍රියාත්මක කළේ රජු විසිනි. සමහර අවස්ථාවලදි එවන් අවිනියවාදි භික්ෂුන් ශාසනයෙන්නෙරපා රැකි රක්ෂා ලබාදුුුුන් බව ඉතිහාසයේ  සදහන්වේ. මහපරාක්‍රමබාහු රජතුමා මහ කාශ්‍යප හිමිගේ උපදෙස් පරිදි ශාසන ශෝධනයක් කළ බව සදහන්වේ. එවන්සිද්ධින් රැසක් ඉතිහාසයේ  සදහන්වේ. රජවරු දුශ්ශිල අවිනියවාදි අධර්මවාදින් පන්නා  සිල්වත් විනයවාදි හිමිවරුන් රැකගන්නට   පියවර ගත් නිිිසා ශාසනය  මේදක්වා සුරක්ෂිතව රැකුණි. නමුත් වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම පවතින වකවානුවක එවන් තීරණ ගත නොහැකිය. නමුත් මේ සදහා සුදුසු පියවරක් ගැනිම අත්‍යාවශ්‍යම කාරණයකි.

    වර්තමානයේ අපේ රටේ නිකායන් තුනකි. එයින් බිදුණුු පාර්ශව ගණනාවකි. සොයා බැලුවහොත් රටේ නිකාය හා පාර්ශවයන්හි මහානායක පදවිය පමණක් දරණ  හිමිවරුන් 35කට වැඩිය. අනුනාහිමිවරුන් සිය ගණනකි. අධිකරණ සංඝනායක හිමිවරුන් හා සංඝනායක පදවි දරණ හිමිවරුන්  දහස්ගණනකි. ඊට අමතරව ද්විතිය ,තෘතිය නායක පදවිද වේ.එහෙත් අද මේ අන්දමින් දහම විකෘති කරමින් බුදු, පසේබුදු මහ රහත්කියා හදුන්වා ගන්නා මානසික රෝගින් දවසින් දවස  බිහිවෙද්දි තවමත් ඒ සදහා පියවරක් ගත නොහැකිනම් එතැන ප්‍රශ්නයක් ඇතිබව අමුතුවෙන් කිව යුතු නොවේ. එම නිසා මෙම සියළු නිකායන් ඒකරාශි කර ගිහිපැවිදි විද්වත්කමිටුවක්  පත්කර අද ඇති සමස්ත    අර්බුදය හදුනාගැනිමට පියවර ගතයුතුවේ. කවුරු කුමන අදහස් පළකළත් අවසානයේ වැදගත් වන්නේ මල්වතු මහනාහිමියන්ගේ තීරණය  නිසා ගැටලුවට උන්වහන්සේගේ අවධානය වහා යොමුවිය යුතුවේ. ලබාගත යුතු විසඳුම මේ යුගයේදිම නොගතහොත් ඉදිරිය තවත් භයානක විය හැකිය. ඒ සදහා හොඳම අවස්ථාව දැන් උදාවි තිබේ.

     එසේම අපේ ඉපැරණි බෞද්ධ  උරුමයන් ද  බෞද්ධයන්ට අහිමිවියන තත්වයක් උදාවි තිබේ. මුහුදු මහ විහාරය අවසන් මොහොතේ රැකගත හැකිවිය. මේවනවිට ඓතිහාසික දෙවනගල පුදබිමට සිදුවන හානිය මාධ්‍යය මගින් ඉස්මතු කර තිබේ.

    එක්තරා පිරිසක් බුදුපිළිම කඩමින්, පුරාවිද්‍යා භූමි අල්ලා ගනිමින්, අපේ සංස්කෘතික දායාද,අපේ උරුමයේ සංකේත වනසාලති. තව පිරිසක් ඇතුළේම සිට ත්‍රිපිටකය ථෙරවාද සම්ප්‍රදාය වනසාලීමට දිවා රෑ වෙහෙසෙති. දේශන පවත්වති. පොත් ලියති. මාධ්‍යයෙන්ද ඔවුන් උඩ දමති. සංස්කෘතික උරුමය වනසන්නෝ සහ පරියාප්ති ශාසනය වනසන්නෝ යනු දෙපිරිසක් වුවත් ඔවුන් ගමන්කරන්නේ   එකම මාර්ගයේය. මේ දෙපිරි⁣සගේම අවසන් ඉලක්කය වන්⁣නේ බුදුදහම රටින් තුරන් කිරිමය. එතෙක් අප බලා සිටිය යුතුවෙිද? එම නිසා ජනාධිපතිතුමා බෞද්ධ උපදේශක සභාවේදි ප්‍රකාශකළ ආකාරයට සසුන රැකගැනිමට සුදුසු වැඩපිළිවළක් සකස් කිරිමට පියවර ගැනිම යුගයේ අවශ්‍යතාවකි.

    ( දෙස් විදෙස් සම්මාන ලැබු, ප්‍රවීණ ජනමාධ්‍යවේදි, ලක්බිම පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ධර්ම ශ්‍රි තිලකවර්ධන මහතා ලියු විශේෂ ලිපියකි මේ. ඒ මහතා සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවය හා ශ්‍රී රෝහණ සංඝ සභාව මෙන්ම අමරපුර නිකායෙන්ද, විදෙස් සංඝ සංවිධාන කිපයකින්ද ගෞරව සම්මාන ලැබු ලේඛකයෙකි.)

    මරණය උරුම වූ යක්දෙස්සියන් නොහොත් වැලපෙන ඉතිහාසය

    0

    යුරෝපීය ඉතිහාසයේ විසි වන ශතවර්ෂය ආරම්භය යනු අඳුරු මායාකර්මත් ඒවා සිදු කරන යක්දෙස්සියන් පිළිබඳවත් භීතිය මැවූ සමයකි. යක්දෙස්සියන් පිළිබඳ සමාජ විඥානය තවමත් තුන්හුලස් අඳුරු පැහැ දිගු තොප්පි හෝ අඳුරු ලෝගු දමාගත්, අවුල් ව ගිය හිසකෙසින් හා අඳුරු වැරහැලි වලින් ගත වසාගත් දිගු නැහැයක් හා උල් නිකටක් ඇති කොස්සක නැගී අහස පුරා යන ජරාපත් අවලක්ෂණ මැහැල්ලක ගේ රූපය වෙතට සැරි සරයි.

    නමුත් යක්දෙස්සියන් ලෙස චෝදනා ලබන්නේ ඔවුන් පමණක් නොවේ. අසාමාන්‍ය මානසික චර්යා පිළිඹිබු කරන යෞවනියන් පවා යක්දෙස්සියන් ලෙස එකළ චෝදනා ලබන ලදී. එවක ජන සමාජය ඔවුන් සාමාන්‍ය ගැහැණියකට කළ නොහැකි දේ කිරීමට සමත් වන බව තදින් විශ්වාස කළහ. ඔවුහු අඳුරු මායාකර්ම වලින් රූමත්, ධනවත් හා දේව භක්තික යහපත් මිනිසුන්ට විපත පමුණුවන්නාහ. මේ හේතූන් නිසාම විසි වන ශතවර්ෂය ආරම්භයේ මායාකර්ම වල යෙදෙන්නේ යැයි සැක කරන ගැහැණුන් පුලුස්සා හෝ එල්ලා මරා දැමීම අතිශය සමාජ සාධාරණත්වයෙන් යුතු ක්‍රියාවන් සේ පිළිගැනුණි.

    නමුත් ඉතිහාසයේ යක්දෙස්සියන් යැයි සැක කළ ගැහැණුන්ගේ මරණාසන්න විලාපය කියනා සත්‍යය එයම විය හැකි ද? යක්දෙස්සියන් දඩයම ගැන අද වන විට ඉතිහාසය අධ්‍යනයෙන් සොයා ගෙන ඇති කරුණු අනුව එසේ මරණයට පත් කළ බොහෝ කාන්තාවන් අවිහිංසක සුවකරන්නියන්, ස්වභාවධර්මය ඇදහූවන් හෝ මානසික අවපීඩන තත්ත්වයන්ට, අධි මානුෂික හැකියාවන්ට පත් වූ කාන්තාවන් වේ. ඒ වන විට යුරෝපය පුරා බලවත් වන ක්‍රිස්තියානි පල්ලියේ ආධිපත්‍යය කිතු දහම ට අයත් නොවන දේශීය ඇදහීම්, යාගහෝම, මායාකර්ම, අත්බෙහෙත් ආදිය සිදු කළ, සමාජයේ ගෞරවය දිනා සිටි එවැනි කාන්තාවන් ජීවිතයෙන් ඉවත් කරන්නේ හුදෙක් අසමසම කිතුනු පූජකවරයේ බලය ප්‍රශ්න කිරීමට ඉඩ නොතබණු පිණිස බව සිතිය හැක.

    වර්ෂ 1500- 1600 අතර කාලයේ යුරෝපයේ දී යක්දෙස්සියන් ලෙස චෝදනා ලැබ මරණයට පත් කළ කාන්තාවන් ගණන 80000 ඉක්මන බව පැවසේ. ඒ අතරිනුත් ජර්මනිය වැඩිම යක්දෙස්සියන් දඩයම් වාර්තාව හිමි කර ගෙන සිටී. යක්දෙස්සියන් ලෙස චෝදනා ලැබීමට පහසු ගොදුරු වූයේ තනිකඩ කාන්තාවන්, වැන්දඹුවන් හෝ ආර්ථික සමාජීය කාරණා මත ආන්තික කළ ගැහැණුන් බව ද ඉතිහාසය වාර්තා කරයි.

    1486 දී ජර්මනියේ රචනා කෙරුණ “Malleus Maleficarum” හෙවත් යක්දෙස්සියන් ගේ යකුළ (The Hammer of Witches) නම් කෘතියෙන් යක්දෙස්සියන් හඳුනාගත හැකි ආකාරය සහ දඩයම් ක්‍රම ගැන සඳහන් කර තිබුණි. මෙය ඒ සමයේ බයිබලයට පමණක් දෙවැනිව අතිශය ජනප්‍රියත්වයට හා අලෙවියට පත්ව තිබූ බව සඳහන් වීමෙන් යක්දෙස්සියන් සේ සැලකූ කාන්තාවන් ගේ ඉරණම මරණයයි යන්න කෙතරම් තදින් යුරෝපා සමාජය සිතුවේ ද යන්න පැහැදිලිය.

    යුරෝපයේ මුල් බැස තිබූ යක්දෙස්සියන් පිළිබඳ භීතිය යටත් විජිත සමයේ අඳුරු පැහැ සම් ඇති ස්වදේශික ජනයා වෙත විතැන් කිරීම ඊලඟ ඛේදවාචකය වෙයි. එංගලන්තය, ප්‍රංශය පමණක් නොව යක්දෙස්සියන් සේ සලකා ඇමරිකාව ද කළු ජාතිකයන් දහස් ගණනින් මරණයට පත් කරයි. නමුත් මේ අතරින් අද දක්වා පරිසරය හා බැඳුනු වෙද හෙදකම්, විශ්වාස පද්ධතියක් ඇති තම ස්වදේශික දැනුම උසස්කොට සලකන වික්කාවරුන් ඇමෙරිකා සහ කැනඩා භූමිය ආශ්‍රිතව සීමිතව තම සම්ප්‍රදායයන් පවත්වා ගනිති. බොහෝ කලා නිර්මාණ වල වස්තු විෂයයක් ලෙස ඔවුන් ගේ අනාගතය දැකීමේ නුවණ, ස්වභාවික ඖෂධ සත්කාර, කෙම් ක්‍රම ආදිය උත්ප්‍රාසයට නං වනු පෙනේ.

    14,15 සියවස් වල සිට යුරෝපයේ අතිශය හිංසනයට ලක් කෙරුණු මායාකර්මයන් නව දහමක් බවට පත් කිරීමේ පුරෝගාමියා ජෙරාල්ඩ් ගාඩ්නර් (Gerald Gardner) සේ සැලකේ. යටත් විජිත සිවිල් සේවකයෙකු ලෙස ඔහු තම රැකියාව අතරතුර ආදි ආගම් හැදෑරීම සිදු කළ බව පැවසේ. ඒ අතර සේවය කරන යටත්විජිත ලංකාව හා මලයාව ගැන ද සඳහන්ය. වික්කා දහම තෝරාගත් ශුද්ධ වස්තූන් ත්‍රිත්වයක් වන්දනා කිරීම බොහෝ දුරට දැකිය හැක. ඒ අතර සොබාදහමේ අංග, මව් දේවතාව, අං සහිත දෙවියා (horned god) ඒ අතර සුවිශේෂ වේ. ස්වභාවධර්මය මුල් තැන්හි ලා සලකන එහි ගුප්ත, මායාකාරී සිදුවීම්, සංකල්පයන් හා පුදපූජා විධීන් ගෙන් ගහණය.

    යුරෝපයේ යක්දෙස්සියන් දඩයමේ නිරපරාදේ ගොදුරු වූ අනෙක් පිරිස පරිණත ගැහැණු හෙවත් wise women ලෙස සැලකේ. ආගමකට වඩා වෙදකම් මූලික කරගත් ඔවුන්ගේ භාවිතාවන් ස්වභාවික ශාඛ හා කෙම් ක්‍රම ආදිය මුසුව තිබුණ නිසාත් ජීවිත බේරා ගැනීම නිසා නිතැතින්ම ආරෝපණය වී තිබූ සමාජීය බලය නිසාත් අඳුරු මායාකර්ම කරන්නියන් යැයි කිතුනු පූජකවරයේ විවේචනයට ලක් වන්නට සිදු වූ අතර බොහෝ පරිණත ගැහැණුන්ට එනිසාම හිමි වූ ඉරණම නම් යක්දෙස්සියක් යැයි අපහාස ලැබ වේදනාත්මක මරණයකි.

    ඒ අනුව පැරණි ලෝකය නවීනත්වය එද්දී යක්දෙස්සියන්, මායාකර්ම වැනි අඳුරු බලවේග පාලනය කරන ලදැයි මෙතක් අප සිතා සිටි කතාවේ සැබෑව එය නොවන බව පැහැදිලිය. ස්වභාවධර්මයත්, ගහකොළ හා එහි අද්භූත සුව කිරීමේ ශක්තිය ඇදහූ දැනුම් සම්භාරයකුත්, එනිසාම අසාධාරණ චෝදනා ලැබ මරණයට පත් කළ පමණක් නොව අදටත් ඉතා අවලස්සන ජරාපත් රූපයක් ලෙස සමාජ විඥානය ට ඇතුලත් කළ අවිහිංසක ගැහැණුන් ගේ මරණීය විලාපයන් අතීත කතාවේ සොයා යා යුතු සැබෑව වන්නේය.

    මායාවාසයේ හිමිකාරී – ඉසබෙල් ඇලෙන්දේ

    0

    මායාත්මක යථාර්තවාදය සාහිත්‍ය ශානරයන් අතර මෑත කාලයේ හමුවන සිත්ගත් අංගයකි. පාඨකයා සම සමව කාල්පනික ලෝකයේ මෙන්ම යථාර්තවාදී ලෝකයේත් එක ලෙස වචනයෙන් බැඳ තබන අපූර්ව ගෙත්තමක් වැන්න එය. මායාත්මක යථාර්ථවාදය ප්‍රබන්ධකරණයේ මූලික ලක්ෂණයක් බවට පත් කළ ලතින් ඇමරිකානු සාහිත්‍යයේ එම රීතිය අනුගමනය කළ ලේඛකයන් රැසකි. ඒ අතරින් ඉසබෙල් ඇලෙන්දේ නැත්නම් ඉසබෙල් අය්යෙන්දේ සුවිශේෂී වන්නීය.

    ඉසබෙල් 1942 පීරු රටෙහි ලීමා අගනුවර උපත ලබන විට දෙමාපියන් චිලී හි තානාපති සේවයෙහි නිරත වූහ. මෙ නිසා ඇගේ ලමා විය අත්දැකීම් පීරු හා චිලී යන දෙසංස්කෘති හා මුහු ව තිබේ. සිය පියාගේ හදිසි අතුරුදන් වීමෙන් පසු මවගේ දෙවන විවාහයත් එයින් පසු සුලු පියාගේ රැකියාව හේතුවෙන් ලෙබබන්හි බීරූට් හා බොලීවියාවේ ලබන අධ්‍යාපන කාලයත්, නැවත චිලී හි සන්තියාගෝ නුවර ගත කරන ජීවිතයත් ලතින් ඇමෙරිකානු කලාපය පුරා ඇගේ අත්දැකීම් විසුරුවා හරින්නට ඇතැයි සිතිය හැක.

    ඉසබෙල් ඇලෙන්දේ ගේ කතා කොහොමටත් පිළිගැනෙන්නේ ඇගේ ළමා වියේ අත්දැකීම් හා පරිකල්පනය මුහු ව එන ලේඛන ශෛලියක් ලෙසිනි. එම ලේඛන ශෛලියේ ලතින් ඇමරිකානු සංස්කෘතිය මෙන්ම දේශපාලනය ද විස්තර වේ. 70 දශකයේ ලෝකයේ වඩා අවදානයට පාත්‍ර වූ චිලියානු ජනාධිපතිවරයා වන සැල්වදෝර් ඇලෙන්දේ ඇගේ පියාගේ සමීප ඥාති සහෝදරයා වීමත් ඇගේ ලේඛනයේ ලතින් ඇමරිකානු දේශපාලනය මතු කරන්නට හේතුවක් වන බව සිතිය හැක. ඔගෙස්ටෝ පින්ටෝ විසින් සැල්වදෝර් ඇලෙන්දේ බලයෙන් පහකර මිලිටරි පාලනයක් ගෙන යද්දී ඔහුගේ පවුලේ ඥාතී දියණිය වූ ඉසබෙල් ට ද එල්ල වූ මරණ තර්ජන හේතුවන් දිවි බේරා ගැනීම පිණිස වෙනිසියුලාව ට සංක්‍රමණය වීමට සිදුවේ. මේ සිදුවීම ද ලතින් ඇමරිකානු දේශපාලනය කෙතරම් පුද්ගලගත ජීවිතයට බලපෑම් කරන්නේ ද යන්න ඇය විමසන කාලයක් වේ.

    මේ සියලු අත්දැකීම් මතින් 1982 දී ඉසබෙල් ඇලැන්දේ බටහිර සාහිත්‍ය ලෝකයම ඇයව කෘතහස්ත ලේඛිකාවක ලෙස හඳුනා ගන්නා ස්පාඥ්ඥ බසින් ලියැවුණු La casa de los espíritus හෙවත් The House of Spirit ( සිංහලෙන් මෙය “මායාවාස” ලෙස ගාමිණි වියන්ගොඩ පරිවර්තනය කරයි) නම් අග්‍රගණ්‍ය කෘතිය පාඨකයාට තිලිණ කරන්නීය. එය ඇගේ ප්‍රථම නවකතාව ද වේ.

    ඇගේ පළමු නවකථාවම කෙතරම් සාර්ථක වී ද යත් 1982 දී ම චිලියේ හොඳම නවකතාව ලෙස සම්මානයට පාත්‍ර වීමට මෙන්ම Panorama Literario සම්මානය ලැබීමට ද ඉසබෙල් අලෙන්දේ සමත් වන්නීය. මේ වන විට එය ලොව පුරා භාෂාවන් 37 කට අධික ප්‍රමාණයකට ද පරිවර්තනය වී ඇත.

    මායාවාස ලිවීමට ඇලෙන්දේ පෙළඹෙන්නේ චිලියේ ඇගේ ඇලෙන්දේ පරපුරේ අවුරුදු සියයක ආයු කාලයක් විඳි මුත්තණුවන් කෙනෙකුගේ මරණාසන්න පුවත කන වැකීමත් සමඟ ඔහු වෙත ධෛර්යය වඩවනු පිණිස ලියැවුණු ලිපි මාලාවක් මතින් බව පැවසේ. දෙල් වාල් නැමති පවුලක පරම්පරාගත කතාන්දරය ලෙස ලියැවෙන මායාවාස වල අලෙන්දේ ඉදරිපත් කරන ඇතැම් චරිත අද්භූත ආශ්චර්යයන් ගෙන් ගහණය. මායාවාස නවකතාවක් ලෙස පාඨක ආකර්ෂණය ට නතු වෙන්නට මේ චරිත ස්වභාවයන් ගැන කරන අලෙන්දේ ගේ ලියවීම මූලිකවම බලපා ඇති බව දිස්වේ.

    1993 දී මායාවාස කෘතිය ඩෙන්මාර්ක් අධ්‍යක්ෂකවරයෙකු අතින් චිත්‍රපටයක් ලෙස ද ප්‍රතිරූපනය වී ඇත. එමෙන්ම ඇය මායාවාස වලින් අනුගමනය කල මායාත්මක යථාර්තවාදී රීතිය ඉන්පසුව ඇය අතින් ලියැවී ලොව පුරා පාඨක ජනාදරයට පත් වන අනෙකුත් කෘති වන ඊවා ලූනා (1987), පෝලා (1994), මුහුද යට දිවයින (2010) සහ තවත් කෘති කිහිපයක දී ද හමුවේ.

    මායාවාසයේ හිමිකාරිය ලෙස ඇලෙන්දේ ඇරඹූ සාහිත්‍ය ජීවිතය අද වන විට ජර්මානු වසරේ ලේඛකයා සම්මානය (1984 සහ 1986), මෙක්සිකෝවේ හොඳම කෘතිය (1985), ඇමෙරිකානු කොලොම්බස් පදනමේ සම්මානය (1989), ඉතාලි සාහිත්‍ය සම්මානය (1993), එංගලන්තයේ ස්වාධීන විදේශීය ප්‍රබන්ධය සඳහා වන සම්මානය (1993), ඇමරිකානු වසරේ කාන්තාව සම්මානය (1994), චිලියානු ජාතික සාහිත්‍ය සම්මානය (2010), ඩෙන්මාර්කයේ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් සම්මානය (2012), නිදහස පිළිබඳ ඇමරිකානු ජනාධිපති සම්මානය (2014) මෙන්ම බීබීසී ය විසින් ඉදිරිපත් කරන ලොව බලවත්ම කාන්තාවන් 100 ට ඇතුලත් වීමට ද අවස්ථාව හිමි කර ගෙන සිටින්නීය.

    මෙනිසාම අත්දැකීම් හා පරිකල්පනය මිනිසකු කෙතරම් දුරකට ඔසවා තැබිය හැකි ද යන්නට සාහිත්‍ය ලෝකයේ හොඳම උදාහරණය ඉසබෙල් ඇලෙන්දේ වන්නීය.

    මුහුදේ ගිලුණු මුහුදු මහා විහාරය

    0

    මුහුදු මහාවිහාරය ඉතිහාසය පිළිබඳව නිශ්චිත අදහසක් ප්‍රකාශ කිරිම සදහා පැහැදිලි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධක දක්නට නොමැත . නමුදු ප්‍රදේශයේ හමුවන ජනප්‍රවාදයනට අනුව විහාරයේ ඉතිහාසය කාවන්තිස්ස රජසමය දක්වා ගමන ගන්නා බව පැහැදිලිවේ. කල්‍යාණි පුරවරයේ පාලනය ගෙන ගිය කැලණිතිස්ස රජු තම දු කුමරිය වන විහාර මහා දේවි කුමරිය නෞකාවක නංවා සයුරට පා කොට හැර ඇති අතර සයුරෙහි පා වෙමින් තිබු කුමරිය රැගත් නෞකාව අවසානයේ සේන්දු වී ඇත්තේ මුහුදු මහාවිහාරය පිහිටි ස්ථානයටය. මෙි සමයෙහි කාවන්තිස්ස රජගේ අණසක යටතෙ පැවති මෙකී ප්‍රදේශයේ වැසියන් රාජ කුමරියක් රැගත් නෞකාවක් වෙරළට සේන්දු වි ඇති බව රජ වාසලට වහාම දැනුම් දෙන ලදි. එ ඇසු කාවන්තිස්ස රජු රජ වාසලින් මුහුදු මහාවිහාරය බලා පිටත්ව ඇත. එසේ පැමිණෙන අතර ” කෝ කුමරිය ” යැයි විමසු ස්ථානය අද ” කෝමාරිය” ලෙස හදුන්වන අතර එයට පිළිතුරු දුන් රාජ පුරැෂයන්” අර ගමෙිය” පවසා ඇත. එය අද “අරැගම්බේ” වු බවක් ජනප්‍රවාදය ප්‍රකාශ කරයි. අනතුරුව මෙහි පැමිණි විහාර මහා දේවිය මුණගැසුනු කාවන්තිස්ස රජතුමා එතුමිය රාජ මාළිගාවට කැදවාගෙන යාමට ප්‍රථම සදුන් පැන් කල හතකින් ස්නානය කරවා එසේ සිදුකළ ස්ථානයේම එතුමිය සතුව පැවති සියලු ආභරණ තැන්පත් කරවු බව සදහන් වේ.

    විහාර පරිශ්‍රයේ පුරාවිද්‍යාත්මක හා වාස්තුවිද්‍යාත්මක අංග පිළිබිඹු කරන ගෘහනිර්මාණ ප්‍රධාන වශයෙන් 04ක් දැක ගත හැකිය.

    • ප්‍රතිමා ගෘහය
    • ⁣පොහොය ගෙය
    • චෛත්‍ය නටඹුන්
    • පොකුණ හා වෙනත් නටඹුන්

    මෙම නටඹුන් වලට අමතරව මුහුදේ ගිලි පවතින නටඹුන් ගැනද ජනප්‍රවාද වල සදහන් වේ.මුහුදු මහාවිහාරයට අයත් මුහුදු තීරයේ ජලයෙන් වැසි ඇතැයි පැවසෙන බෞද්ධ පුරාවිද්‍යා නටඹුන් හා විවිධ අවස්ථාවන් වලදි දියෙන් මතුවන බුද්ධ ප්‍රතිමා හා වෙනත් වාස්තුවිද්‍යාත්මක අංග පිළිබඳව ජනප්‍රවාද ගත තොරතුරු පවති. මුහුදු මහාවිහාරය අවට විශාල වැලි කදු දැකිය හැකිය. මෙම ප්‍රදේශයේ මුහුදු ඉතාමත් අවෙීගකාරිය. 2004 සුනාමිය පැමිණිමට ටික ⁣මො⁣හොතකට පෙර මුහුදු අාපස්සට ගිය බව සදහන් වන අතර එ අවස්ථාවේ බුදු පිලිම හා නටඹුන් දුටු බවට එහි ප්‍රදේශ වාසින් සදහන් කරනු ලැබිය.

    එඅනුව ගාල්ල මුහුදු පුරාවිද්‍යා එකකයේ ස්ථානභාර නිළධාරි ඇතුළු කිමිදුම් කණ්ඩාම 2012 වර්ෂයේ එම මුහුදු කලාපයේ මුහුදු පුරාවිද්‍යා ගවේෂණයක් සිදු කල අතර මුහුදේ ඉතාමත් රලු බව එයට බාධාවක් විය. නැවත 2018 වර්ෂයේ ගවේෂණයක් සිදු කල අතර විවිධ හැඩ තලයන්ට අනුව සැකසුන ගල් කැටයම් වැනි දේ නිරික්ෂණය වුවත් මුහුදේ රලු භාවය හා අධික වර්ෂාපතනය නිසා ගවෙිෂණය නවතා දැමිය. මුලික ගවෙිෂණයෙන් අනාවරණය කොටගත් යම් යම් වාස්තුවිද්‍යාත්මක අංගවලට හැඩහුරැකම් දක්වන අවශේෂ පිලිබඳව වැඩිදුරටත් පරික්ෂණයෙදි රවුම් හැඩය ගන්නා වු මිනිසාගේ මැදිහත් විම්ක් දනවන අවශේෂ කිහිපයක්ම වැඩිදුරටත් වාර්තා කිරිමට හැකි විය. මෙසේ වාර්තා වු අවශේෂ සදකඩ පහන,කොරවක්ගල , හා ගඩොල් ආදි වු බෞද්ධ විහාර කර්මාන්තයේ බහුලව භාවිතා වන වාස්තුවිද්‍යාත්මක අංගවලට සමීප ලක්ෂණ පෙන්නුම් කලද එය නිශ්චිත ලෙස ප්‍රකාශ කිරිමට තරම් ප්‍රමානවත් සාක්ෂි නොමැත.

    කෙසේ නමුත් මෙම ජනප්‍රවාද වල සත්‍ය අසත්‍ය සොයා ඉදිරියේදි මුහුදු මහාවිහාරයේ මුහුදු පතුල ගවෙිෂණයට මුහුදු පුරාවිද්‍යා එකකය සුදානමින් සිටින බව සදහන් කල යුතුය .

    ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ප්‍රථම වරට භාන්ඩ ප්‍රවාහන ගුවන් යානය…

    0

    ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ප්‍රථම වරට භාන්ඩ ප්‍රවාහන ගුවන් යානය…මෙලෙස ගුවන් භාන්ඩ රැගෙන යාම සදහා ඇති වූ විශාල ඉල්ලුමත් සමග, Airbus A330-200 ගුවන් යානයක් වන 4R-ALS ගුවන් යානය සම්පූර්ණ ලෙස ගුවන් භාන්ඩ රැගෙන යන ගුවන් යානයක් ලෙස සකස් කෙරුනා.මෙම ගුවන් යානය නව පෙනුමකුත් සමග ඉදිරි දින කිහිපය තුලදී සේවයට එක් වීමට නියමිතයි. ඉන් පසු SriLankan Cargo යන සන්නාමය යටතේ ලොව පුරා ගුවන් භාන්ඩ ගෙන යනු ඇත

    මීගමුව හිරේ ඉඳන් කරන කුඩු ජාවාරමට ගුවන් සෙබළෙක් හා කතක් අත්අඩංගුවට

    0

    හෙරොයින් මත්කුඩු හා කේරළ ගංජා සමග සීදූවේදී ගුවන් හමුදා සෙබලෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ මීගමුව බන්ධනාගාරයේ සිට ⁣රැදවියෙකු විසින් මෙහෙයවන හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙනි.

    අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී හෙරොයින් 100g හා කේරල ගංජා 400g ඔහු සතුව තිබී ඇත.

    මීගමුව බන්ධනාගාර රැදවියෙක් විසින් මෙහෙයවන ගංජා ජාවාරමක් සම්බන්ධයෙන් මිනුවන්ගොඩදී ද කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

    ඇය සතුව තිබී කේරළ ගංජා කිලෝ 01 ග්රෑම් 850 ක් සමග සහ පුද්ගලයෙක් කේරළ ගංජා ග්රෑම් 455 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ

    නැවුම් වනයේ දී නැතිවූ මල් දම – සෝමාලි මෑම්

    0

    ලෝකයේ පැරණිම වෘත්තිය සේ සැලකෙන වෛශ්‍යා වෘත්තිය හෙවත් ගණිකා වෘත්තිය මෙලොව ගැහැණුන් ට විඳින්නට වෙන අනේක අසාධාරණකම් අතරේ අඳුරු පැතිකඩක රූපණයක් වැන්න. යහපත් සමාජීය හා පවුල් ජීවිතයක් ගෙවන්නට අකමැති වෙන ගැහැණිය කවුද? ගණිකා වෘත්තිය ලොව පුරා ගැහැණුන්ට අහිමි කරන්නේ ඒ ගෞරවණීය ජීවිතයයි.

    “සෝමාලි” යනු කාම්බෝජියානු අර්ථය අනුව “නැවුම් වනයේ නැති වූ මල්දම” යන්නයි. නමුත් මේ කතාවේ කතා නායිකා සෝමාලි මෑම් ගේ ජීවිතය මලක් සේ මෘදු වන්නේ නැත. නමුත් ඇය නමේ අර්ථය සේම එක් අතකට නැවුම් බව නැති වූ මල්දමකි. ආසියාවේ දුප්පත් රටක් වන කාම්බෝජයේත් ඉතා දුෂ්කර කඳුකර ග්‍රාමීය පෙදෙසක සෙසු රටවැසියන් ම්ලෙච්ඡයන් ලෙස අමතන ගෝත්‍රයක දෙමාපිය රැකවරණය ද අහිමි වූ දැරියක සේ ඉපදෙන ඇයගේ ජීවිතය කිසිසේත්ම සුව පහසු වූවක් නොවන බව පැහැදිලිය. ඒ අවාසනාවන්ත ළමා විය අත්දැකීම් තවත් නරකාදියකට හෙලන්නට නව හැවිරිදි වියේ සිට ඇයව ලිංගික වහල් මෙහෙය ට යැවෙයි.

    තම ජීවිතය කුඩා වියේ සිටම අප්‍රසන්න පිරිමින් අතින් කීතු කීතු කර කැමරූජ් අගනුවර දී මුදලට ලිංගික ශ්‍රමය අලෙවි කරන ගණිකාවක තෙක් දිවි ගෙවීමට තරම් කටුක කළ ද ඒ සියල්ල අතරේ ඈ අත නොහැරි ආත්ම ධෛර්යය 2006 වසරේ දී “වසරේ කාන්තාව” ලෙස සම්මාන ලබන තෙක් ඈ සමීපයේ සිටි බව පෙනේ. ඒ තමා ගේ අප්‍රසන්න ඉරණමෙන් පමණක් නොව එවැනි තත්වයට පත්වීමට සිදුවූ කාම්බෝජ, වියට්නාම, ලාඕස වැනි දැරියන්, තරුණියන් ද එයින් මුදවීමට කටයුතු කිරීම වෙනුවෙනි.

    සෝමාලි මෑම් ගණිකා වෘත්තියේ යෙදෙමින් එහෙත් ඒ කටුක දුක්බර දිවියෙන් ගැලවීමට මං සොයමින් සිටියදී 1991 දී පියරේ ලෙග්රොස් නම් ප්‍රංශ ජාතිකයා මුණ ගැහෙන අතර එයින් පසු ඔහුගේ නීත්‍යානුකූල සහකාරියව ප්‍රංශයේ කෙටි කලක් වාසය කිරීමට අවස්ථාව සලසා ගනී. එම කෙටි කාලය තුල බටහිර නිදහස් සමාජය ඇසුරේ ඇගේ ස්වාධීන අදහස් තව තවත් දලුලා වැඩෙන අතර ඒ පන්නරය නැවත මව් රටට පෙරලා පැමිණි පසු 1996 දී “කාන්තා ආපදා පිළිසරණ මධ්‍යස්ථානය” හෙවත් AFESIP ආයතනය ගොඩ නැගීමට හේතු වේ.

    කිසිවෙකු ගේ අවදානයට හෝ පිළිසරණයට පාත්‍ර නොවූ, සමාජ හිංසනයට බඳුන් වූ ගණිකා වෘත්තීන් හි නියැලෙන කාන්තාවන් එයින් මුදවා ගැනීම සහ ඔවුන්ට පිහිට වීමට ඇරඹූ එම සංවිධානය නිසා යුරෝපීය මානුෂීය ආධාර ද ඈ වෙත ගලා එන්නට විය. සෝමාලි මෑම් මේ සියලු ආධාර තවත් පුනුරුත්තාපන මධ්‍යස්ථාන ඇරඹීම හා ලිංගික අධ්‍යාපනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා දූරදර්ශීව යොදවා ගත්තාය. එමෙන්ම කාම්බෝජ දේශසීමා ඔස්සේ කාම්බෝජ මෙන්ම වියට්නාම දැරියන් හොර රහසේ තායිලන්ත, තායිවාන, මැලේසියා හා කැනඩා ගණිකා නිවාස වලට විකිණෙන ජාවාරම වෙනුවෙන් ද දිගින් දිගටම හඬ නැගුවාය. මේ නිසාම ඇයට තම මව්බිම ට පමණක් සීමා නොවී AFESIP ආයතනයේ කටයුතු අසල්වැසි වියට්නාම්, තායිලන්ත, ලාඕසය වැනි රටවල ද ව්‍යාප්ත කිරීමට සිදු වූ අතර ඒ වෙනුවෙන් කළ සේවයට 2006 වර්ෂයේ දී Glamour සඟරාව ඇය වසරේ කාන්තාව ලෙස නම් කරයි. CNN ආයතනය ද එම වර්ෂයේ වීරයා ලෙස නම් කරන්නේ ඇය යි.

    එමෙන්ම එම වර්ෂයේ ම ඉතාලියේ පැවති සීත ඔලිම්පික් උළෙලේ ඔලිම්පික් ධජය රැගෙන යාමේ අවස්ථා ද ඇය හිමි කර ගනී. 2007 වර්ෂයේ රෙගීස් විශ්වවිද්‍යාලය ඇයට සමාජසේවා පිළිබඳ ආචාර්ය උපාධිය පිරිනමන අතර ස්වීඩනයේ දී ළමා හිමිකම් සඳහා ලෝක ළමයින් ගේ සම්මාන ය ද 2008 වර්ෂයේ දී ඇය වෙත ලබා දෙයි. ලෝකයේ බලවත් කාන්තාවන් සියදෙනා අතරේ ඇයගේ නම ලෝ ප්‍රසිද්ධ ටයිම් සඟරාව මෙන්ම ද ගාඩියන් පුවත්පත ද ලියා තබා ඇත. අද වන විටත් ඇය සෝමාලි මෑම් පදනම (Somaly Mam Foundation) හරහා ලොව පුරා සියලු කලාපයන්හි සිදුවන වහල් ලිංගික වෙළඳාම වෙනුවෙන් සුපුරුදු හඬ අවදි කරමින් සිටින්නීය.

    සිය කටුක ජීවිත කතාව හා කාම්බෝජයේත් සමීප රටවලත් ගණිකා ව්‍යාපාරය හා වහල් ලිංගික වෙළඳාමට විරුද්ධව කළ සටන පිළිබඳව ඇය ලියූ The road of lost innocence (අනුර කේ. එදිරිසූරිය විසින් දඬු කඳේ කින්නරී නමින් සිංහලට පරිවර්තනය කර ඇත) නම් කෘතිය අවසන ඇය මෙසේ සටහන් කරයි.

    මේ තරම් දේ කරන්නට මට ශක්තිය කොහෙන්දැයි මිනිසුන් අසති. මම ඔබට කියමි; මට ජවය සපයන බලවේගය මා අත්විඳි නීච ඉරණමයි. මට ප්‍රලය විය හැකි එකම මග මෙයයි.

    රාගම, මහබාගේ වෙළෙන්දන්ගෙන් කප්පම් ගත් අයෙක් අත්අඩංගුවට

    0

    රාගම සහ මහබාගේ පිහිටි වෙළද සැල්වලින් සහ මහමග වෙළදාමේ නිරත වෙළෙන්දන්ගෙන් කප්පම් ගැනීම්වල නිරතව සිටි නැගී එන පාතාල සාමාජිකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    විශේෂ කාර්ය බලකාය පෙරේදා (18) දිනේෂ් කුමාර නොහොත් සබීත නැමැති මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    රාගම හොරපෙ දුම්රිය පොල ආසන්නයේදී ඔහු මෝටර් රථයකින් ගමන් කරමින් සිට ඇති අතර ඔහු සන්තකයේ තිබී අත්බෝම්බයක්ද, කිනිස්සක්ද,කේරල ගංජා මිලි ග්රෑම් 150 ක්ද තිබුණු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

    අත්අඩංගුවට ගන්නා අවස්තාවේදී ඔහු පදවමින් සිටි මෝටර් රථය පළාත්පාලන ආයතනයක මන්ත්‍රීවරයෙක් විසින් කුළි පදනම මත ලබාගෙන එය මෙම පාතාල අපරාධකරුට භාවිතා කිරීමට ලබාදී ඇති බව හෙළිවී ඇත.

    වයස අවුරුදු 34 ක් වන මෙම සැකකරුට එරෙහිව ගම්පහ අධිකරණළුය විසින් විවෘත වරෙන්තුවක්ද නිකුත්කර ඇත

    මොහුට එරෙහිව වෙඩි තැබීම් සහ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් නඩු කිහිපයක්ද අධිකරණවල විභාග වන බව විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

    විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙසින් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දියත්කර තිබුණි.

    කංජිපානිගේ පියාට මන්නා පහර ආවෙ පූකුඩිකන්නාගෙන්

    0

    මත්කුඩු ජාවාරම් කරන, පාතාලයේ ප්‍රබලයෙක් වන බන්ධනාගාරගතව සිටින කංජිපානි ඉම්රාන්ගේ පියාට මාළිගාවත්තේදී පෙරේදා (17) රාත්‍රියේදී මන්නා ප්‍රහාරයක් එල්ලවී ඇත්තේ මේ වන විට ඉන්දියාවේ සැගවී සිටින පාතාලයේ ප්‍රබලයෙක් වන පූකුඩිකන්නාගේ කොන්ත්‍රාත්තුවකට අනුව බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ.

    පූකුඩි කන්නා සහ මෝදර පදිංචිව සිටි කුඩු සෙල්වි නැමැත්තිය අතර කාලයක් තිස්සේ ගැටුම් පැවැති බවත් එම ගැටුම්වල ප්‍රතිපලයක් ලෙස සෙල්වි ඇතුළු ඇගේ කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙක්ම වෙඩි ප්‍රහරයන්ට ලක්ව ඝාතනය වී ඇති බවත් පොලීසිය සදහන් කරයි.

    පූකුඩිකන්නා කොළඹ මෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි මත්කුඩු ජාවාරමට සම්බන්ධ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකි.

    පූකුඩිකන්නා සමග එල්.ටී.ටී.ඊ.යේ සිටි වෙඩික්කරුවෙක් වන කෙනඩි නැමැත්තද එක්ව සිටින අතර සෙල්වි ඇතුළු කිහිප දෙනෙක් ඝාතනය වී ඇත්තේ ඔහු අතිනි.

    පොලීසිය සදහන් කරන්නේ සෙල්විගේ දරුවන් කංජිපානි ඉම්රාන්ගේ කල්ලියට සම්බන්ධවී සිටින බවයි.

    ඔහු ඩුබායි හී රැදී සිටින වකවානුවේදී සිය ගෝලයින් යොදවා 2018 වසරේ අගෝස්තු 03 වෙනිදා පූකුඩිකන්නාගේ පියාට මෝදර තැපැල් කන්තෝරුව අසලදී වෙඩි තබා ඝාතනය කර ඇත.

    ඒ වන විට ඉන්දියාවට පළාගොස් සිටි පූකුඩි කන්නා සිට පියාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට පැමිණ ඇත්තේ බෝට්ටුවක නැගී බවත් මැදියම් රැයේ පැමිණ මළ ගෙදර විනාඩි දෙක තුනකට වඩා රැදී සිට නැති බවත් සදහන්ය.

    ඊට හේතුවී ඇත්තේ කංජිපානි ඉම්රාන්ගේ කණ්ඩායම ඔහුට ප්‍රහාරයක් එල්කිරීමට සූදානමින් සිටීම නිසා බව සදහන්ය.

    සිය පියාට එල්ලකළ ප්‍රහාරයට පළිගැනීමක් වශයෙන් පූකුඩිකන්නා විසින් කංජිපානිගේ පියාව ඝාතනය කිරීමට සිය ගෝලයින් මගින් පෙරේදා (18) උත්සහ දරා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

    කොරෝනා ඇඳිරිනීතිය හේතුවෙන් එය ප්‍රමාද වූ බවත් පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.

    මේ.ජෙ සුරේෂ් සලේට යස්මින් සුකා ව්‍යපෘතියෙන් ජීවිත තර්ජන

    0

    යස්මින් සුකා හා ශ්‍රි ලංකාවේ සත්‍ය හා යුක්තිය සදහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය පිළිබදව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමයට ඊයේ (18) ලිඛිතව දන්වා ඇත.

    අසත්‍ය චෝදනා එල්ල කිරීම, අපහාසාත්මකව ක්‍රියා කිරීම, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සහ ජීවිත තර්ජනය කරමින් යස්මින් සුකා ගෙන යන වැඩපිළිවෙල එක්සත් ජාතීන්ගේ අයි.සී.සී.පී.ආර් ගිවිසුමේ අඩංගු කරුණුවලටද පටහැනි බව මෙලෙස දන්වා තිබේ.

    එල්.ටී.ටී.ඊ මතවාදය පෝෂණය කරන යස්මින් සුකාගේ වැඩපිළිවෙල මෙරට ජාතීන් අතර සංහිදියාව වර්ධනය කිරීමට බාධාවක් බවද දන්වා ඇත.

    ප්‍රංශෙට පැන්න කුඩු අංජුගේ ගිනි අවි පුහුණුවන ඡායාරූප නිකුත්වෙයි

    0

    ඩුබායි සිට ප්‍රංශ ගම්මානයකට පලා ගොස් සිය බිරිඳ සහ දරුවා සමග රහසිගත ජීවිතයක් ගතකරන රත්මලානේ පාතාල ප්‍රබලයෙක් වන කුඩු අංජු කොටු කර ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහය ලබාගැනීමට බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

    ඒ සඳහා ජාත්‍යන්තර පොලීසිය මගින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය රතු වරෙන්තුවක් ලබාගැනීමට අවශ්‍ය මූලික කටයුතු ද මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් පවතී.

    රත්මලාන සහ ඒ අවට ප්‍රදේශ ආශ්‍රිතව ඔහුගේ මෙහෙයවීමෙන් සිදු කරනු ලැබූ මිනිස් ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ ලේඛනයක් මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව විසින් සකස් කර ඇත.

    පිටරට සැඟවී සිට සැපවත් ජීවිතයක් ගත කරන කුඩු අංජු ගිනි අවි භාවිත කිරීමට පුහුණුව ලබන ආකාරය පිළිබඳව අලුත්ම ඡායාරූප කිහිපයක් පොලිසිය මූලාශ්‍ර ඔස්සේ newswave.lk වෙත ලැබී තිබේ.

    එම ඡායාරූප මෙසේය.

    ගෝලීය ව්‍යසන හමුවේ කාන්තාවගේ ආස්ථානය

    0

    ලෝකය අද මුහුණ දෙමින් සිටින්නේ ගෝලීය ව්‍යසන තත්වයකි. මින් පෙර ලෝකය එවැනි අවස්ථාවකට මුහුණ දුන්නේ පළමු හා දෙවන ලෝක යුද්ධ වලදී බව ආර්ථික, දේශපාලන විශාරදයන් ගේ විග්‍රහය වේ. නමුත් පළමු හා දෙවන සිදුවීම් වලට වඩා වර්තමාන සිදුවීම වෙනස් වන්නේ එය වසංගත රෝග තත්වයක් හේතුවෙන් උද්ගතව ඇති බැවිනි.

    ගෝලීය වසංගත තත්වයන්ට මුහුණ දුන් අවස්ථා මින් පෙර කිහිපයක්ම වාර්තා වේ. ඒ අතරේ 14 වන සියවසේ බ්ලැක් ඩෙත් වසංගතය, 16 වන සියවසේ කොකොලිස්ට්ලි වසංගතය, ඇමරිකානු වසංගතය, 18 වන සියවසේ වර්සෙලී වසංගතය, රුසියන් වසංගතය, 19 වන සියවසේ උණ වසංගතය, 1916 ඇමෙරිකානු පෝලියෝ වසංගතය, 1918 ස්පැනිෂ් උණ වසංගතය, ආසියානු මැලේරියා වසංගතය ආදිය ඉතිහාසයේ සටහන් වේ. නමුත් මේ සියල්ල අතරේ වර්තමානයේ මුහුණ දෙමින් සිටින නව කොරෝනා වසංගතය හුදෙක් සෞඛ්‍යය ගැටලුවකට එහා ගිය ආර්ථික, සමාජීය හා දේශපාලනික අනාගත ව්‍යසනයක් පිළිබඳ පූර්ව අවධානම වටහා ගනිමින් සිටින තත්වයක් බවට පරිවර්තනය වෙමින් තිබේ. පෙරකී වසංගත තත්වයන් වලට වඩා ලෝකය තාක්ෂණිකව දැඩිව සම්බන්ධ වී තිබීමත්, ආනයන අපනයන මත පදනම් වූ ගෝලීය ආර්ථිකයෙහි නිශ්පාදන කාර්යය බිඳ වැටී තිබීමත්, ගෝලීය දේශපාලන බලතුලනයෙහි අස්ථාවරත්වයන් නිරූපණය වෙමින් පැවතීමත් එසේ වන්නට හේතු කාරණා වී ඇත.

    මේ සිදුවීම් අතර කාන්තාවගේ ආස්ථානය කෙසේ විය හැකිදැයි විමසීම වැදගත් වන්නේ දෙවන ලෝක යුද්ධය වැනි ගෝලීය ව්‍යසනයක් හමුවේ පවා කාන්තාවගේ එතෙක් පැවති සමාජ ආර්ථික හා දේශපාලනික භූමිකාව විශාල විපර්යාසයකට භාජනය වූ බැවිනි. දෙවන ලෝක යුද්ධ සමයේ වන විට බටහිර ලෝකයේ කාන්තාවගේ තත්වය පුරුෂාධිපති ක්‍රමය තුල ගෘහය වෙතට සීමා කෙරුණු අතර දැඩි ආගමික ඉගැන්වීම් මත හැඟීම් පාලනය කෙරුණු වටපිටාවක් ද විද්‍යමානව පැවතුණි. එවකට සමාජයේ ඉහළ පිළිගැනීමකට ලක්ව තිබූ වික්ටෝරියානු සුචරිතවාදය විමසීමෙන් මේ බව අවබෝධ කර ගත හැක. නමුත් පිරිමින් යුධ ගැටුම් වලට මැදි වූ පසු බටහිර රටවල සමාජ හා ආර්ථික කාරණා වල ප්‍රමුඛත්වය ගැනීමට කාන්තාවට අවස්ථාව නිතැතින් හිමි වූ අතර එතෙක් නිවසින් පිටතට සීමිත අවකාශ හිමි වූ කාන්තාව අධ්‍යාපනයට හා වේතන සඳහා වන රැකියාවන්ට යොමු වීමේ වේගය සීග්‍ර විය. මෙය 70 දශකය වන විට කාන්තාවගේ තත්වය ගෝලීය සංවර්ධනය තුල සැලකිය යුතුම දර්ශකයක් ලෙස හඳුනා ගැනීම තෙක් දීර්ඝ වේ. එමෙන්ම ලෝකය පුරා ප්‍රචලිතව ගිය කාන්තාවාදී ව්‍යාපාරයන්ට පදනම දැමෙන්නේ වරෙක ගෝලීය ව්‍යසනයක් වූ දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති වන සාධනීය ප්‍රතිපලයක් ලෙසිනි.

    ඉතාම වියළි ඉරිතැලුණු බිමක අනාගත බලාපොරොත්තු මෝදු කරමින් සියුම් දෙපෙත්තක් දළු ලන්නා සේ එලෙස ගෝලීය ව්‍යසනයකින් පසු වඩා යහපත්, තාර්කික හා සාධාරණ සමාජයක් වෙත බලාපොරොත්තු තැබිය හැක. පුරුෂාධිපත්‍යය රජයන ලෝකයක කාන්තාවගේ ආස්ථානය ස්වාධීන හා ගෞරවණීය මට්ටමකට ලගා කර ගැනීමත් එවැනි එක් බලාපොරොත්තුවකි.

    මේ වන විට මෙම ව්‍යසනයට මුහුණ දෙන ශක්තිමත් රටවල් වල බොහෝ දේශපාලන අර්බුධ හටගෙන තිබෙද්දී කාන්තා දේශපාලන නායකත්වයන් දරණ නවසීලන්තය, මියන්මාරය, ෆින්ලන්තය, අයිස්ලන්තය, සිංගප්පූරුව, එස්තෝනියාව, බොලීවියාව වැනි රටවල් මෙම ව්‍යසනය පැතිරීම මේ දක්වා සාර්ථකව පාලනය කරගනිමින් සිටී. එය අනාගත ගෝලීය දේශපාලනයේ කාන්තා නායකත්වය පිළිබඳ විශ්වාසනීයත්වය වර්ධනය වීමට හොඳ හේතුවක් වනු ඇත. කොරෝනා ව්‍යසනය හමුවේ ශ්‍රී ලංකාවේ මර්ධන වැඩසටහනේ සෞඛ්‍ය ඇමතිවරියගේ දායකත්වය ද කාන්තාවක ලෙස පැසසිය යුතුය. ලොව පුරා සෞඛ්‍ය සේවාවන්හි නිරත දහසක් වෛද්‍යවරියන් හා හෙදියන් ද මෙම ව්‍යසනය පාලනය හමුවේ කාන්තාවගේ වෘත්තීමය වැදගත් කම තහවුරු කරයි.

    සෞඛ්‍ය හා දේශපාලනය පමණක් නොව ආර්ථික හා සමාජීය කාරණාවන් වලදී ද මේ ව්‍යසනයෙන් පසු ලෝකය වෙනස් දැක්මකට ගමන් කරනු ඇත. මෙතෙක් කාන්තාවගේ ඓතිහාසික ගමන් මගෙහි සිදුවූ සාධනීයත්වයන් සලකා බලන විට අනාගත ලෝකයේ කාන්තාවගේ ආස්ථානය ද මේ මොහොතේ ඇය කැප කරමින් සිටින සමාජ ආර්ථික හා දේශපාලන කාරණාවන් මත වඩා හොඳ අතකට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැක.

    පාසල් විශබීජහරණය කිරීමේ වැඩසටහනේ තෙවන දිනය අදයි (18).

    0

    කොළඹ විශාකා බාලිකා විද්‍යාලයෙන් අද දින (18) මෙම වැඩසටහන ආරම්භ කෙරුනු අතර පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ නිලධාරීන් ඇතුළු අනෙකුත් අංශ ඒ සදහා සම්බන්ධ විය.

    බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ පාසල් 54 ක් අද දින විශබීජහරණය කෙරෙන අතර අද දින අවසන පාසල් 121 ක විශබීජහරණ කටයුතු අවසන් කර පාසල් ප්‍රජාව සදහා සුරක්ෂිත කෙරෙනු ඇත.

    අලුත්ගම කැළඹූ සිද්ධිය නැඟෙහිරත් ඇතිකරන්න සහරාන්ලා සැලසුම් කරලා

    0

    අලුත්ගම කැළඹූ සිද්ධිය නැඟෙහිරත් ඇතිකරන්න සහරාන්ලා සැලසුම් කරලා – කොමිසමේ දී හෙළිවෙයි

    අලුත්ගම දර්ගා නගරයේ 2014 වසරේ හටගත් ගැටුම්කාරී තත්තවය වැනි නොසන්සුන්තාවක් නැගෙනහිර පළාත තුළද ඇති කිරිමට සහරාන් ඇතුලු පිරිසක් සැලසුම් කළ බව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී අනාවරණය වී තිබේ.

    එවක නැගෙනහිර ආඥාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල් ඇන්ඩෘ ලාල් පෙරේරා මහතා සාක්ෂි ලබාදෙමින් මේ බව සදහන් කළේය.

    එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ස්ථාපිත කර තිබූ විශේෂ බුද්ධි අංශ හරහා එවැනි තත්ත්වය නිසි පාලනයකට නතු කර තිබූ බව ඔහු මෙහිදී කීය.

    2011 වසරේ සිට 2015 වසර දක්වා නැගෙනහිර පළාත් ආඥාපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් ඇන්ඩෘ ලාල් පෙරේරා මහතා පසුව විශ්‍රාම ගොස් ඇත.

    ඔහු ඊයේ රාත්‍රියේ පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී ඒ පිළිබඳ දීර්ඝ ලෙස සාක්ෂි ලබාදුනි.

    තමන් නැගෙනහිර අඥාපතිවරයා ලෙස සිටින කාලයේ එක් බුද්ධි අංශ කණ්ඩායමක් ත්‍රිකුණාමලයට යොමුකර තිබූ බවත් පසුව තමන් විසින් එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් තවත් බුද්ධි බලකායක් ඉල්ලා සිටි බවත් ඔහු කීය.

    අනතුරුව එම බුද්ධි බලකාය එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් අතර ඒ අනුව ත්‍රිකුණාමලයට එක් කණ්ඩායමකුත් අනෙක් කණ්ඩායම අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික් ආවරණය ලෙසට ත්‍රිවිධ හමුදා හා පොලිස් බුද්ධි නිලධාරීන් අනුයුක්ත කළ බව ඔහු පැවැසීය.

    එමගින් නැගෙනහිර පළාත තුළ සිදුවන බුද්ධි කටයුතු සමාලෝචනය කිරීම සදහා සෑම මසකම රැස්වු බවත් ඉන් අනතුරුව එම බුද්ධි තොරතුරු ඉහළට යොමුකිරිමෙන් අනතුරුව එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන් අතුළු ඉහළ කණ්ඩායමත් සමග සෑම මසකදී එම තොරතුරු සමාලෝචනය කරන බවද සඳහන් කළේය.

    එම කාලය තුළ නැගෙනිහර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ලෙස පූජිත් ජයසුන්දර සහ නන්දන මුණසිංහ යන මහත්වරුන් කටයුතු කළ බව ඔහු සිහිපත් කළේය.

    මසකට වරක් පැවැත්වූ බුද්ධි තොරතුරු සමාලෝචන රැස්වීම් සදහා ඔවුන්ගේ නියෝජිතයන් ද එක්වූ බව සාක්ෂිකරු කීය.

    පිරිමින් ගේ යුද්ධ වලින් බැට කන ගැහැණු

    0

    ගල්ෆ් කලාපය ඇවිලෙමින් තිබේ. ලෝකයම බය වෙමින් සිටින්නේ තුන්වන ලෝක යුද්ධයක් පිළිබඳවයි. මේ සිදුවීම පසු පස ලොව බලවත් දේශපාලන හස්තයන් රැසකි. ඒ සියල්ලන් පිරිමි වන අතර කවදත් ලෝක ඉතිහාසයේ යුධ ගැටුම් වල මුලට සිටියේ පිරිමි පමණි. පිරිමින්ට යෙදෙන්නට උවමනා යුද්ධ වල කාන්තාවන් ගේ ජීවිත ඛේදවාචකයන් අතිශය බිහිසුණුය. මේ සටහන ඒ වෙනුවෙනි.

    ලෝකය පාලනය කරන්නට වරින් වර ගැහැණුන් පාලන බලයන් සියතට ගත් බව පැහැදිලි මුත් ඒ සියලු ගැහැණු පසුපස රැඳි ඔවුන් හසුරුවමින් සැබෑ බලය භුක්තිවිඳි ආක්‍රමණික පුරුෂයන් ගැන ද ඉතිහාසය සටහන් කරයි. ආදි කල්පිත යුගයේ මිනිසා රංචු ලැදියාවෙන් ජීවත් වන්නට එකඟ වූ තැන සිට ගැහැණිය නිවසේත් පිරිමියා නිවසින් පිට ගැටීමත් සනිටුහන් වී ඇත. ඒ පුරුද්ද අද දක්වාම පුරුෂ සමාජය පවත්වා ගෙන එයි. යුද්ධ, රණඝෝෂා, ආයුධ පිරිමින් ගේ වාග්කෝෂයට සමීප ගැහැණුන්ගෙන් වියුක්ත ඒවා වන්නේ එසේය. ඉතාම සාමකාමී සාමාන්‍ය සමාජයක වුව කුඩා කල සිට පිරිමි දරුවන්ට සෙල්ලම් ආයුධ, යුධ ටැංකි වැනි දෑ දෑත තබද්දී ගැහැණු දරුවා රෙදි බෝනික්කන් දී සනසවයි. මේ සියල්ලෙන් පෙනී යන්නේ යුද්ධය, ප්‍රචණ්ඩත්වය පුරුෂ මූලික කරනු ලබන බවයි.

    පුරුෂයන්ට සිය රණකාමී බවේ තෘප්තිය ලබන්නට යුධ ඉතිහාසය පුරාම අනේක වද විඳින්නී ගැහැණියයි. මැදපෙරදග කලාපය පුරා රඳවා තැබෙන ඇමරිකානු සොල්දාදුවන් ගේ බිරින්දෑවරු සැතපුම් දහස් ගණනක ඈත සිට ජීවිතයේ ඉතා දුෂ්කර කාලපරිච්ඡේද ගෙවා දමති. සංවර්ධිත රටක වුව රණවිරු බිරියන් එසේ තැවෙද්දී යුධ ගැටුම් සහිත කලාප වලම වෙසෙන සතුරු මිතුරු සියලු පාර්ශ්වයන්හි බිරින්දෑවරු ගෙවාදමන්නේ හිතා ගැනීමටත් නොහැකි කටුක අත්දැකීම් රැසකි.

    ලෝකයේ වරින් වර සිදුවූ අවාසනාවන්ත යුධ ගැටුම් වල කාන්තාවන් කොයි තරම් පීඩනයට ලක් කරන්නේදැයි ඉරාකයේ නාදියා මුරාද්, උගන්ඩාවේ එව්ලින් අමොනි ගේ කතන්දර වලින් හෙලි වේ. ලිංගික ප්‍රචණ්ඩත්වය එම කතාවල ප්‍රබලම සිදුවීමයි. මෙතෙක් ලොව සිදුවූ සෑම යුද්ධයකම පාහේ සතුරා ගෙන් පළි ගන්නා හොඳම ක්‍රමය ඔවුන්ගේ ගැහැණුන් දූෂණය කිරීම, ලිංගික වහලියන් සේ ලඟ තබා ගැනීම යයි ඇදහූ බව පෙනේ. මේ සියල්ල පුරුෂයන් විසින් තම තනි කැමැත්ත මත හදාගත් යුධ උපක්‍රම වන අතර ගැහැණිය හුදු වින්දතයා පමණි.

    යුධමය සමාජය කාන්තාවට ශාරීරික බලහත්කාරකම් කර පමණක් තෘප්තිමත් නොවේ. එතෙක් පුරුෂයන් ගේ පාලනයේ පැවති සමස්ත සමාජයේ ආර්ථික යාන්ත්‍රණයම බාර ගන්නට සිදු වන්නේ කාන්තාවටයි. දෙවන ලෝක යුධ සමයේ පුරුෂයන් සටන් පෙරමුණට යද්දී එතෙක් ඉතා සම්ප්‍රදායිකව පැවති සමාජ ක්‍රමයේ නිවෙසට වී සිටි කීකරු බිරින්දෑවරුන්ට සටන් කරන පිරිමින් වෙනුවට මුදල් උපයන්නට රැකියා කරන්නට සිදු වූ බව පැවසේ. එම සිදුවීම කාන්තාවිමුක්ති ගමනේ වැදගත් අවස්ථාවක් ලෙස ද ඉතිහාසය සටහන් කර ඇත. නමුත් ගැහැණිය එකී නිදහස දිනා ගන්නේ පිරිමින් ගේ කැමැත්තට ඇරඹි යුද්ධයක නිකරුණේ කටුකත්වය විඳින ගමන් වීම ශෝචනීය.

    යුද්ධය නිසා විනාශ වන පිරිමි ජනගහනය ද නැවත කාන්තාවගේ ජීවිතයට බලපෑම් කරන්නේ විවාහයට සුදුසු සහකරුවන් හිඟවීම, එසේ තිබියදීත් අහිමි වූ ජනගහන වෙනුවෙන් වැඩි වැඩියෙන් ගැබ් දරන්නට කරන සමාජීය බලපෑමට ලක්වීම, වැන්දඹු පවුල් වල එකම උපයන්නා හෝ මූලිකයා වෙමින් විශාල වගකීම් රැසක් උසුලන්නට වීම වැනි බොහෝ කාරණා වලින් ඇයට සිය ජීවිතයේ තීරණ නිදහසේ ගැනීමට මග අහුරා දමමිනි. මෙනිසාම පශ්චාත් ව්‍යසන අක්‍රමනතා වලට වැඩි වශයෙන් ලක් වෙන්නේ කාන්තාවයි.

    යුද්ධය කිසිදා සුන්දර සිදුවීමක් නොව මනුෂ්‍යත්වය ද පාගා දමන කුරිරු සිදුවීමකි. පිරිමින් අතින් නිර්මාණය එම කෲරත්වයේ වැඩිම වදය විඳින්නී ගැහැණියයි. ලෝකය සහශ්‍රකයකට පසු නීතිගරුකබව, නිදහස පිළිබඳ අගය, සමානාත්මතාව අදහමින් පැවතියාට වඩා දියුණු ලෝකයක් අරමුණු කරයි නම් පුරුෂයන්ගේ යුද්ධ වලට නිකරුනේ කාන්තාව බිළිගැනීම වැලැක්විය යුත්තේය.

    These four female pilots leaving their ship at the four engine school at Lockbourne are members of a group of WASPS who have been trained to ferry the B-17 Flying Fortresses. (U.S. Air Force photo)

    ජනපති ගෝඨාභයගෙ කතාවෙන් පසු “මහබැංකුව නිදි” නෑ

    0

    ලෝකයේ දියුණු රටවල් මෙන්ම කුඩා රටවල් ආර්ථික අර්බුධයෙන් මිදීමට විවිධ ක්‍රමෝපාය (Tools) භාවිතා කළද, ශ්‍රි ලංකා මහ බැංකුව මෙතෙක් නිදි යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ දින රාත්‍රියේම මහ බැංකු කාර්යාල මහල් කිහිපයක් මැදියම පහන්වනතුරු ආලෝකමත් වී තිබිණි.

    ඊට අදාල ඡයාරූප පවා සමාජ ජාලවල පලවී තිබිණි. ඇතමෙක් එය ගෝඨාභය රාජපක්ෂගේ කතාවෙන් පසුව මහ බැංකු නිලධාරින් නිදිවර්ජිතව සැලසුම් සකස් කරන අයුරුයැයි හදුන්වා දී තිබිණි.

    කෙසේ වෙතත් ජනාධිපතිවරයා මහ බැංකු නිලධාරින්ට නියෝග කරනු ලැබුවේ අද දිනය තුළ රට ගොඩගන්නා ආර්ථික වැඩපිළිවෙල තමන් හමුවේ තබන ලෙසයි. ඒ අනුව මහ බැංකු නිලධාරින් ඊයේ දින රාත්‍රියේ නිදිවර්ජිතව ආර්ථික සැලසුම් සකස් කරන්නට ඇත.

    සෞඛ්‍ය අර්බුදය ඒක ආර්ථික අර්බුදයක් වෙන්න දෙන්න පුළුවන් කමක් නෑ. ලොකු රටවල් විතරක් නෙවෙයි පොඩි රටවල පවා මහබැංකු විශාල පියවර ගන්නවා. ඇමරිකාවේ Fed (සන්ධීය සංචිත බැංකුව) එක අමෙරිකානු ඩොලර් බිලියන 600 මේ ප්‍රෝගෑම් හදලා. අද නිවේදනය කළා. ඕස්ට්‍රේලියාව සහ ජපානය. ඒ වගේම මේ අපේ රට අවට තියෙන පොඩි රටවල්වල මහබැංකු මේ වැඩසටහන පටන් අරන්. දැන් මේ බලන්න AFED Commits to use full range of Tools to help the Economy through unprecedented time. දැන් අපි මොකක්ද පාවිච්චි කරලා තියෙන Tool එක. කිසි දෙයක් නෑ. කිසිම දෙයක් මේ වෙනුවෙන් අපේ මහබැංකුව කරලා නෑ. මහබැංකුවත් භාණ්ඩාගාරයත් තමයි Monitory & Physical Policy එක කරන්නේ. හැබැයි ඒක වෙන්න ඕන රටේ ජනාධිපතිතුමාගේ Economic Policy එකට හරියන්න. ඔයගොල්ලො ලඟ විවිධ tools තියෙනවා මේකට. ඒ tools පාවිච්චි කරන්නට ඕන. හැබැයි අපේ මහබැංකුව කිසිම tool එකක් පාවිච්චි කරන්නේ නෑ. නිකන් නිදාගන්නවා. අපි කිව්වේ රුපියල් බිලියන 150 ක් බැංකුවලට දෙන්න. මේ Business වල වැරැද්දක් නෙවෙයි. පසුගිය වැරදි නිසා හැම කම්පනි එකකටම රජයෙන් විශාල මුදලක් ගෙවන්න තියෙනවා. දැන් මේ මුදල මේ අයට Security එකක් හැටියට තියාගෙන බැංකුවලින් ඉඩ දෙන්න මේ අයට ලෝන් එකක් ගන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ආර්ථිකය දුවවන්න. මේ Money Circulation එකනේ. මේක සිම්පල් දෙයක්. මේ Basics of Economics නේ. හැබැයි ඔයගොල්ලෝ මොනවාද කරන්නේ. ඔයගොල්ලන්ගේ වැරදි එන්නේ රජය පිට. ඔයගොල්ලෝ මේවගේ ඒවා බලන්නේ නැතුව. දැන් බලන්න Finance Company වලට වෙලා තියෙන වැඩේ. ඔයගොල්ලන්ගේ වගකීමක් මේ මූල්‍ය ආයතන නියාමනය කිරීම සහ කළමනාකරණය කිරීම ඒවා කරන්නෙත් නැහැ. ලීසිං ආයතන ඒවා කරන්නෙත් නැහැ. ETI එක? ඒවා ඔයගොල්ලෝ වැරදි විදිහට කරලා අන්තිමට ගෙවාගන්න බැහැ ඒ මිනිස්සුන්ට සල්ලි. The Finance ඒක වහලා අපි දන්නෙත් නැහැ. දැන් ඒකට සල්ලි ගෙවන්නේ කොහොමද? ඒවා කළමනාකරණය කරන්නේ නැහැ. ඔතන ඉන්නේ ඔක්කොම ආර්ථික විශේෂඥයන්.ලක්ෂ ගණන් පඩි ගන්න. මොකද කරන්නේ ඔයගොල්ලන්ට වගකීමක් තියෙනවා. දැන් මම දීලා තියෙනවා ඔයගොල්ලන්ට ක්‍රමවේදයක්. ඒක ඔයගොල්ලන්ට කරන්න බැරි නම් හෙට උදේ වෙනකොට ඔයගොල්ලොන්ට දෙන්න පුළුවන් ක්‍රමවේදය මට ඉදිරිපත් කරන්න. බලන්න අනිත් රටවල් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බේරගන්න කරන වැඩ. කෝ ඒවා අපේ අය කරනවා. එක්කෝ ඔයගොල්ලෝ මාව අමාරුවේ දාන්න හදනවා. ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න ඉන්න අය. මට මේ විදියට කතා කරන්න ඕන නැහැ. ඔයගොල්ලෝ ඕගොල්ලන්ගේ රාජකාරිය කරනවානම්. නමුත් මාස අටක් දැන් මම පත්වෙලා. ආපු දවසේ ඉඳලා කියනවා කඩා වැටුණු ආර්ථිකය ගොඩගනිමු කියලා. මට ඕනෑ නෑ ගිය ආණ්ඩුව කරපු වැරදි කතා කරන්න. නමුත් ඔයගොල්ලෝම දන්නවානේ ඔය බැංකුවේ හොරකම් කරන කොටත් ඔයගොල්ලොමනේ හිටියේ. ඒවායේදී එයාලට සහයෝගය දුන්නා නම් ඇයි මං මේ ඉල්ලන සාධාරණ දේ කරන්න බැරි. මහජනතාව දැනගන්න ඕන මේ වගේ නිලධාරීන් එක්ක වැඩකරන්න පුළුවන් ද. මට ජනතාව දීලා තියෙනවා විශාල බලයක් මේ රට හදන්න කියලා. මම ඉල්ලන්නේ මට මේක හදන්න ඉඩ දෙන්න. කොරෝනා වෛරසයක් ආවා. ඒක අද ලෝකේම කවදාවත් නැති ආර්ථික අර්බුදයකට ඇවිල්ලා තියෙනවා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, හමුදාව, බුද්ධි අංශය, පොලිසිය යන ආයතන කැපවීමෙන් වැඩ කරලා තමයි අපිට පුළුවන් වුණේ ලෝකෙ අනිත් රට වලට වඩා ඉස්සෙල්ලා මේ රට නැවතත් යථා තත්වයට ගේන්න. අපිට තියෙන මේ ආර්ථික අර්බුදය තව තවත් පහළටම වැටෙන්න ඉස්සෙල්ලා මේක ගොඩ ගන්න එක තියෙන්නේ ඔයගොල්ලන්ගේ අතේ. දැන් ඒක කරන්න මට උදව් කරන්න. මම කියන ක්‍රමය නැත්නම්, මොනවද ඔයගොල්ලන් ඉදිරිපත් කරලා තියෙන වෙනත් ක්‍රම. මේ වගේ අවස්ථාවක මේ රටේ ඉන්න ලොකු ම ආර්ථික විශේෂඥයෝ ඉන්න තැනක ඔයගොල්ලන්ගෙ යුතුකමක් නෙවෙයිද මේකෙන් ගොඩ එන ක්‍රම වේදයන් ඉදිරිපත් කරන එක? මොනවද ඔයාලා ඉදිරිපත් කරලා තියෙන්නේ? මොනවද කරන්න කියලා තියෙන්නේ? මොනවද මට දීලා තියෙන උපදෙස්? කිසි ම දෙයක් නෑ. මේ දේවල් බලලා මම කල්පනා කරලා මම කියපු දේවල් කරන්නවත් ඔක්කොම ඉදිරිපත් වෙන්නේ නෑ, ඒකත් අවහිර කරනවා. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. කරුණාකරලා මම කියන දේ සම්මත කරන්නේ නැත්නම් ඕගොල්ලන්ගේ සැලසුම හෙට උදේ වෙනකොට මට දෙන්න, මේ ආර්ථික තත්ත්වයෙන් කොහොමද අපි ගොඩ එන්නේ කියන එක. ඔයගොල්ලන්ගේ අදහස් මොනවාද කියන එක, කොහොමද ආර්ථිකය ශක්තිමත් කරන්නේ, මේ ආර්ථික තත්වය මත බැංකුවල ට උදව් කරන්නේ කොහොමද, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර ගොඩ එන්න උපකාර කරන්න කොහොමද කියලා ඔයගොල්ලෝ කියන්න. මම වැරැද්දක් නම් කියන්නේ, කතා කරල කියන්න මං මේ කියන දේ වැරදි කියලා. #gotabayarajapaksa #GR #visioninaction #වැඩකරනරටක්

    Posted by Gotabaya Rajapaksa on Tuesday, June 16, 2020

    රට පැන හැංගුණු අර්ජුන් මහේන්ද්‍රන් නමත් වෙනස් කරයි

    0

    අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තු ලබා සිටින හිටපු මහ බැංකු අධිපති , අර්ජුන් මහේන්ද්‍රන් විසින් ඔහුගේ නම “හර්ජාන් ඇලෙක්සැන්ඩර් “ යනුවෙන් වෙනස් කර ගෙන තිබේ.

    මේ බව ජාත්‍යන්තර පොලීසිය දැන්වූ බව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අද දැනුම් දී ඇත.

    බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළව ගොනුකර තිබෙන නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ආරම්භ කර තිබෙන උදර්පණ නීති ක්‍රියාදාමය තුළ සංශෝධනයක් කිරීමට අවශ්‍ය දැයි නීතිපතිවරයා විසින් සිංගප්පූරු නීතිපතිවරයාගෙන් විමසීමක් කර තිබේ.

    රජයේ නියෝජ්‍ය සොලිස්ටර් රණසිංහ මහතා අධිකරණය වෙත කියාසිටියේ එවැනි සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවට සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවෙන් දැනුම් දී ඇති බවයි.

    මෙම නඩුව තුළද සංශෝධනයක් කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබදව ඉදිරියේ දී කරුණු දැක්වීමට අපේක්ෂා කරන බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දුනි.

    මෙම වංචාවට අදාළ නඩුව අද (16) සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණ.

    මෙම නඩුවේ 10 වන විත්තිකරු ලෙස නම් කර සිටින “අජහාන් ගාර්දිය පුංචිහේවා “ නමැත්තා මේ වන විට සිංගපූරුවේ වාසය කරන අතර ඔහුට යළි සිතාසී නිකුත් කෙරිණි.

    මෙම නඩුව නැවත නොවැම්බර් මස 17 දා කැඳවේ.

    CIDයෙන් කියා ජාත්‍යන්තර පොලිස් ID හදන්න ආ මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට

    0

    ජාත්‍යන්තර පොලිස් සංගමයේ හැදුණුම්පතක් සකස්කර ගැනීමට පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට ඊයේ පැමිණ පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පෙනී සිට ඇත.

    එම පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙක් බවත් කොළඹ 12 පදිංචි 23 හැවිරිදි අයෙක් බවත් උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

    ජාත්‍යන්තර පොලිස් සංගම් ශ්‍රී ලංකා ශාඛාව පිහිටා ඇත්තේ ක්ෂ්‍රේත්‍ර බලකා මූලස්ථාන පරීශ්‍රය තුළය.

    ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ නිලධාරීන් ප්‍රශ්න කිරීමේදී සැකකරු පරස්පර පිළිතුරු ලබාදෙන බැවින් ඉදිරි විමර්ශන සදහා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ගේද සහය ලබා ගැනීමට මේ වන විට පියවර ගෙන ඇත.

    ජාත්‍යන්තර පොලිස් සංගමයේ හැදුණුම්පත සකස් කිරීමට හැකියාව ඇත්තේ පොලිස් සේවයේ නිරතව සිටින ජාත්‍යන්තර පොලිස් සංගමයේ සාමාජිකත්වය දරණ නිලධාරීන්ට පමණි.
    එම හැදුණුම්පත ඇතැති ඕනෑම පොලිස් නිලධාරියෙකුට ලෝකයේ ඕනෑම රටක සංචාරය කිරීමට පහසුවෙන් වීසා බලපත්‍ර ලබාගැනීමේ හැකියාවක් පවතී.

    එසේම ලෝකයේ ඕනෑම රටකදී යම් ගැටළුවකට මුහුණ පෑ විට ඒ ඒ රටවල පොලිස් ස්ථාන මගන් මෙම හැදුණුම්පත අතැති අය වෙනුවෙන් සේවාසෙැපයීමේදී ප්‍රමුඛතාව හිමිවන බව සදහන්ය.

    මෙවන් හැදුණුම්පතක් ලබා ගැනීමට පොලීසියේ නොවන පුද්ගලයෙක් උත්සහ දැරීම මෙන්ම එම පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙක් වීම ගැන දැඩි සැකයක් ඇතිව තිබෙන බව ක්ෂේත්‍ර බලකා මූලස්ථානය සදහන් කරයි.

    එබැවින් අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සදහා නාරාහේන්පිට පොලීසියට භාරදී තිබේ.

    රාජ්‍ය දේපළක් භාවිත කරන පොහොට්ටු අපේක්ෂකයකුට එරෙහිව පැමිණිල්ලක්

    0

    කුමාර ජයවර්ධන

    පොදුජන එක්සත් පෙරමුණ යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයට තරඟ කරන රොෂාන් රණසිංහ මහතා රාජ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ භාවිත කළ රාජ්‍ය අමාත්‍ය කාර්යාලය මේ වනවිට පොදුජන පෙරමුනේ පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය ලෙස පවත්වාගෙන යන බවට කැෆේ සංවිධානය මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    රාජ්‍ය ලාංඡනය ද සහිතව මේ පිළිබඳව වන පුවරුවක් මේ වනවිට පොලොන්නරුව නගරයේ ඉදිකර ඇති අතර එහි ඡායාරූපයක් මෙහි දැක්වෙයි.

    මෙලෙස රාජ්‍ය ලාංඡනය යොදාගැනීම සහ රාජ්‍ය අමාත්‍ය කාර්යාලයක් මැතිවරණ කටයුතු සඳහා යොදු ගැනීම රාජ්‍ය දේපළ අවභාවිත කිරීමක් බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

    නිදහස් චතුරශ්‍රයේ දී මියගිය රජීව්ට වෙඩි තැබුවාදැයි සැකයක් ?

    0

    – බුද්ධි අංශ විමර්ශනයක් ඇරඹේ

    කොළඹ නිදහස් චතුරශ්‍රයේ වෙඩි වැදුණු තුවාල සහිතව මියගොස් සිටි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ජ්‍යේෂ්ඨ කළමනාකරුවකු ලෙස සේවය කළ රජීව් ප්‍රකාශ් ජයවීර මහතාගේ මරණය සම්බන්ධයෙන් බුද්ධි අංශ විමර්ශනයක් අරඹා තිබේ.

    බැලු බැල්මට මෙය සියදිවි නසාගැනීමක් ලෙස පෙනුණ ද එය ගැඹුරින් විමර්ශනය කිරීමේ දී වෙනත් සැකයක් මතුවීම ඊට හේතුවී ඇත.

    ඔහු ඉංග්‍රීසි මාධ්‍යයෙන් ජාතික පුවත්පතකට හා වෙබ් අඩවියකට නිදහස් ලේඛකයකු ලෙස ලිපි පළකර තිබේ.

    ඉන් ඇතැම් ලිපි ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ එයාර්බස් ගනුදෙනු පිළිබඳ ලියා ඇති අතර ඔහු ද එම ගනුදෙනු සිදුකළ සමයේදී ඒ හා සම්බන්ධව රාජකාරි කර ඇති බව පෙනී ගොස් තිබේ.

    ඔහු ආ ගිය තැන් හමුවූ පුද්ගලයන් සම්බන්ධයෙන් ද විමර්ශනය කර ඇති මූලික පරීක්ෂාවේදී සැක මතුවීම නිසා මෙලෙස බුද්ධි අංශ පරීක්ෂණ අරඹා ඇත.

    මොහු පහුගිය කාලය පුරා වැඩි වශයෙන් ආගමික කටයුතු, බණ භාවනා ආදියට නැඹුරු වී සිටි අයෙක් බව හෙළිවී ඇත.

    මතුව ඇති කරුණු බොහොමයක් සළකා බලා මෙය සියදිවි නසාගැනීමක් විය නොහැකි බවට සැක මතුවී ඇති බැවින් දීර්ඝ ලෙස විමර්ශන සිදුකෙරේ.

    හංවැල්ලේ ත්‍රීවීල් ඩ්‍රයිවර්ට වෙඩි තැබුවේ කප්පම්කරු කල්ලියක්දැයි සැකයක්

    0

    හංවැල්ල එලමලවල ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථ රියදුරකුට ඊයේ කිසියම් පිරිසක් විසින් වෙඩි තබා පලායාමේ සිද්ධිය කප්පම් කල්ලියක ප්‍රහාරයක්දැයි සැක මතුවී තිබේ.

    ඊයේ සවස 6-7ත් අතර කාලයේදී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ රියදුරු අවිස්සාවේල්ල රෝහල්ගත කර ඇත.

    තුවාල ලබා ඇත්තේ 34 හැවිරිදි වැලිපිල්ලෑව පදිංචිකරුවෙකි.

    හංවැල්ල, අතුරුගිරිය ආශ්‍රිතව දිගින් දිගටම කප්පම් ගැනීමේ සිද්ධීන් හේතුවෙන් වන වෙඩිතැබීම් ගැන වාර්තා වීම මෙම වෙඩිප්‍රහාරය පිළිබඳව ද සැක මතුවීමට හේතු වී ඇත.

    මත්කුඩු-පාතාල ජාවාරම් කරන සිරකරුවන්ගේ වෙනම ලැයිස්තුවක් හදයි

    0

    බන්ධනාගාරගතව සිට මත්කුඩු ජාවාරම මෙහෙයවන පාතාල අපරාධකරුවන්ගේ සහ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ලේඛනයක් බුද්ධි අංශ විසින් මේ දිනවල සකස්කරමින් සිටිති.

    ඉහළ බලධාරීන්ගේ දැනුම්දීමකට අනුව එම ලැයිස්තුව සකස්කරන බව බුද්ධි අංශ තොරතුරු සදහන් කළේය.

    එහිදී සුළු පරිමාණයෙන් මත්කුඩු ජාවාරම මෙහෙයවන ජාවාරම්කරුවන්, මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම මෙහෙයවන ජාවාරම්කරුවන් ආදී වශයෙන් වෙන් වෙන්ව එම ලැයිස්තුව සකස් කෙරමින් පවතින බව සදහන්ය.

    බන්ධනාගාරය තුළ සිට මත්කුඩු ජාවාරම මෙහෙයවන පුද්ගලයින්ගේ බන්ධනාගාරයෙන් පිටත ඇති සම්බන්ධකම් ගැන මෙන්ම දේශපාලන සම්බන්ධකම් ගැනද බොහෝ තොරතුරු මේ වන විටත් බුද්ධි අංශ රැස්කරගෙන සිටින අතර අදාල වාර්තාව ඉදිරි දෙසතිය තුළ බලදාරීන් අතට පත් කිරීමට නියමිතය.

    මහඡන්දෙන් ඉල්ලා අස්වූ මංගල-ඩෙනෙට්ගේ නම් ප්‍රතිඵල ලේඛනයටත්

    0

    නාමයෝජනා ගැසට් කොට මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු කිසියම් අපේක්ෂකයකු ඉල්ලා අස් වුවද ඔහුගේ නම ඉවත් නොවන බව මැතිවරණ කොමිසම පවසයි.

    මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ලේඛනය තුළ, ඉල්ලා අස් වූ බව කියන අපේක්ෂකයාගේ නම සහ ඔහුට ලැබෙන ප්‍රතිඵල නියමිත පරිදි සටහන් වන බව කොමිසම වැඩිදුරටත් පෙන්වා දෙයි.

    මහ මැතිවරණයට සමගි ජන බලවේගය පක්ෂයෙන් තරඟ කිරීම සඳහා නාම යෝජනා බාර දී සිටි මාතර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය මංගල සමරවීර සහ එම පක්ෂයේම ගාල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු වූ ඩෙනට් පනියන්දූවගේ යන මහත්වරුන් මහමැතිවරණ දිනය ප්‍රකාශහට පත්කිරීමෙන් පසුව ඡන්දයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවන බවට ප්‍රකාශ කළේය.