තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වීසා අවුල ගැන කැබිනට්ටුවෙන් තීන්දුවක්

    වීසා අවුල ගැන කැබිනට්ටුවෙන් තීන්දුවක්

    ආන්දෝලනයකට තුඩු දී ඇති වීසා ගාස්තුව සහ වීසා සේවාව සම්බන්ධයෙන් අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීන්දු කිහිපයක් ගෙන ඇති බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    ඒ අනුව මෙරටට විදේශිකයෙකු ඇතුල්වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දරනු ඇත.

    එසේම විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමටත්, ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එසේම ක්‍රියාත්මක කිරීමටත් අද (6) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

    මේ අතර මෙරටට පැමිණෙන විදේශිකයන්ගේ වීසා සම්බන්ධයෙන්
    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් අද පහත නිවේදනය කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img