fbpx
තවත්
    මුල් පිටුවspecialලොව පුරාම X බිඳවැටෙයි

    ලොව පුරාම X බිඳවැටෙයි

    දැනට සිටින ලොව ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක් මෑතකදී අයත් කරගත්, X සමාජ ජාලය අද උදෑසන සිට මේ දක්වා ලොවපුරාම බිඳවැටීමකට තිබේ.

    මෙය X සමාජ ජාලයේ මෙතෙක් සිදුවූ විශාලතම ඇනහිටීම්වලින් එකකි.

    ශ්‍රී ලංකාවේ පරීශීලකයන්ට ද අද පස්වරුවේ සිට X සමාජ ජාලයේ පළකිරීම් කිරීමට හෝ ඒ වෙත ප්‍රවේශ වීමට බාධා එල්ල වී ති‍බේ. නමුත් සමහර රටවලට අද පස්වරුවේදී එය යථාතත්වයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

    කලින් ට්විටර් ලෙස හැඳින්වූ X සමාජ මාධ්‍ය වේදිකාව අද උදෑසන විශාල බාධාවකට ලක් වූ අතර, රටවල් ගණනාවක ලක්ෂ ගණනක පරිශීලකයින් සංඛ්‍යාවක් එය අක්‍රිය වී ඇති බව වාර්තා කළේය.

    ඇතැම් පරිශීලකයන්ට වෙබ් බ්‍රවුසරය ඔස්සේ X වෙත පිවිසිය නොහැකි අතර, ඇතැමුන්ට ජංගම යෙදවුම ද මෙලෙස බිඳවැටී ඇත.

    බ්ලූම්බර්ග්ට අනුව, එය පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඩොලර් බිලියන 44 (යුරෝ බිලියන 40.21) ගනුදෙනුවකින් එලොන් මස්ක් විසින් මිලදී ගත් පසු X සමාජ ජාලයට සිදුවූ විශාලතම ඇනහිටීමයි.

    මේ වසරේ ලොව ධනවත්ම පුද්ගලයා ලෙස නම්ලද මස්ක් විසින් මෙම සමාජ ජාලය මිලදීගෙන භාරගත් පළමු මාස ​​කිහිපය තුළ සමාගමේ ශ්‍රම බලකායෙන් අඩකට වඩා ඉවත් කළේය.

    X ඔහු පවරා ගැනීමෙන් පසු, පරිශීලකයින් බොහෝ තාක්ෂණික දුෂ්කරතාවලට මුහුණ වරින් වර මුහුණ දෙමින් සිටින අතර, එය භාවිතය වෙනුවෙන් අයකිරීමේ ක්‍රම ද ඔහු හඳුන්වා දෙමින් සිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.