fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'පරාටේ නීතිය' තාවකාලිකව අක්‍රිය කරයි -තැන්පතුකරුවන්ට මොකක් වෙයිද?

    ‘පරාටේ නීතිය’ තාවකාලිකව අක්‍රිය කරයි -තැන්පතුකරුවන්ට මොකක් වෙයිද?

    පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

    ඒ අනුව 2024 දෙසැම්බර් මස 15 වනදා දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීමට අද පැවති කැබිනට් මණ්ඩල‍යේදී අනුමැතිය ලබාදී ඇත.

    අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් කළ ඉල්ලීමකට අනුව මුදල් ඇමති ලෙස ජනපති විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

    “අධිකරණ අමාත්‍යවරයා, කර්මාන්ත අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයා වෙත කරන ලද ඉල්ලීමක් අනුව පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම 2024.12.15 දින දක්වා අත්හිටුවීම සඳහා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව අද අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ එම පරාටේ නීතිය ක්‍රියාකාරීත්වය අත්හිටුවන්න.” යැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

    පරාටේ නීතිය යනු, යමකු විසින් සිය දේපොළක් උකස් කර බැංකුවකින් ණයක් ලබාගෙන ඇති විට, ණය ලබාගත් පුද්ගලයා එම ණය ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක, අධිකරණය ක්‍රියාවලියකින් තොර ව අදළ ණය මුදල ලබා ගැනීම සඳහා බැංකුවට උකස් කර ඇති දේපොළ බැංකුව විසින්ම ප්‍රසිද්ධ වෙන්දේසියක දී විකුණා දමා එම ණය ආපසු අය කර ගැනීමට බැංකුව වෙත බලය පවරන ලද නීතියකි.

    පරාටේ නීතිය සංශෝධනය කළ යුතු ද? යම් හෙයකින් එම නීතිය වෙනස් වුවහොත් අසාධාරණයට ලක්වන බැංකුවල මුදල් තැන්පතුකකරුවන්ට කුමක් විය හැකිද? යන්න පිළිබඳව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින් මෑතකදී (දෙසැ31, 2023) සිදුකළ ප්‍රකාශය පහතින් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.