fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය දේපළක් භාවිත කරන පොහොට්ටු අපේක්ෂකයකුට එරෙහිව පැමිණිල්ලක්

    රාජ්‍ය දේපළක් භාවිත කරන පොහොට්ටු අපේක්ෂකයකුට එරෙහිව පැමිණිල්ලක්

    කුමාර ජයවර්ධන

    පොදුජන එක්සත් පෙරමුණ යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයට තරඟ කරන රොෂාන් රණසිංහ මහතා රාජ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ භාවිත කළ රාජ්‍ය අමාත්‍ය කාර්යාලය මේ වනවිට පොදුජන පෙරමුනේ පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය ලෙස පවත්වාගෙන යන බවට කැෆේ සංවිධානය මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    රාජ්‍ය ලාංඡනය ද සහිතව මේ පිළිබඳව වන පුවරුවක් මේ වනවිට පොලොන්නරුව නගරයේ ඉදිකර ඇති අතර එහි ඡායාරූපයක් මෙහි දැක්වෙයි.

    මෙලෙස රාජ්‍ය ලාංඡනය යොදාගැනීම සහ රාජ්‍ය අමාත්‍ය කාර්යාලයක් මැතිවරණ කටයුතු සඳහා යොදු ගැනීම රාජ්‍ය දේපළ අවභාවිත කිරීමක් බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.