තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රංශ සංචාරය අරඹමින් චීන ජනපති දුන් පොරොන්දුව

    ප්‍රංශ සංචාරය අරඹමින් චීන ජනපති දුන් පොරොන්දුව

     
     
    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිය ප්‍රංශ නිල සංචාරය අරඹයි.
     
    හෙ‌තෙම ඊයේ (5) පස්වරුවේ ප්‍රංශයේ Orly ගුවන්තොටුපොළට ළඟාවීමෙන් පසු සිය සංචාරය පිළිබඳ අදහස් ලිඛිතව ඉදිරිපත් කර ඇත. ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතාගේ ඇරයුමක් අනුව සිදුකෙරෙන තම තුන්වැනි ප්‍රංශ නිල සංචාරය සම්බන්ධයෙන් ඉතා සතුටට පත් වන බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.
     
    මෑත වසරවල දී චීන-ප්‍රංශ සබඳතා ඉහළ මට්ටමේ සංවර්ධනයක් පවත්වා ගෙන ගොස් ඇති අතර ගුවන් සේවා, න්‍යෂ්ටික බලශක්තිය, කෘෂිකර්මාන්තය, ආහාර, හරිත සංවර්ධන සහ අනෙකුත් ක්ෂේත්‍රවල සහයෝගීතා නව ප්‍රතිඵල අත්කර ගැනීමට සමත් ව ඇතැයි චීන ජනාධිපතිවරයා පෙන්වාදෙයි.
     
    එමෙන්ම චීන-ප්‍රංශ සබඳතා වර්ධනය දෙරට ජනතාවට ප්‍රතිලාභ ගෙන දී ඇති අතර, එය කැළඹිලි සහිත ලෝකයට ස්ථාවරත්වය හා ධනාත්මක ශක්තිය එක් කර ඇති බව ද ඔහු කියාසිටියේය. මෙම සංචාරය අතරතුර, චීන-ප්‍රංශ සහ චීන-යුරෝපා සංගම් සබඳතා සංවර්ධනය මෙන්ම, වත්මන් ජාත්‍යන්තර හා කලාපීය ගැටළු පිළිබඳව ජනාධිපති මැක්‍රොන් මහතා සමග ගැඹුරින් අදහස් හුවමාරු කර ගැනීමට තමා බලාපොරොත්තු වන බව ද ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දී තිබේ.
     
    මෙම සංචාරයෙන් චීන-ප්‍රංශ දෙරට අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය යළි තහවුරු කර ගැනීමටත්, දෙරට සබඳතා සඳහා යහපත් අනාගතයක් නිර්මාණය කර ගැනීමටත් හැකිවනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img