fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හංවැල්ලේ ත්‍රීවීල් ඩ්‍රයිවර්ට වෙඩි තැබුවේ කප්පම්කරු කල්ලියක්දැයි සැකයක්

    හංවැල්ලේ ත්‍රීවීල් ඩ්‍රයිවර්ට වෙඩි තැබුවේ කප්පම්කරු කල්ලියක්දැයි සැකයක්

    හංවැල්ල එලමලවල ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථ රියදුරකුට ඊයේ කිසියම් පිරිසක් විසින් වෙඩි තබා පලායාමේ සිද්ධිය කප්පම් කල්ලියක ප්‍රහාරයක්දැයි සැක මතුවී තිබේ.

    ඊයේ සවස 6-7ත් අතර කාලයේදී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ රියදුරු අවිස්සාවේල්ල රෝහල්ගත කර ඇත.

    තුවාල ලබා ඇත්තේ 34 හැවිරිදි වැලිපිල්ලෑව පදිංචිකරුවෙකි.

    හංවැල්ල, අතුරුගිරිය ආශ්‍රිතව දිගින් දිගටම කප්පම් ගැනීමේ සිද්ධීන් හේතුවෙන් වන වෙඩිතැබීම් ගැන වාර්තා වීම මෙම වෙඩිප්‍රහාරය පිළිබඳව ද සැක මතුවීමට හේතු වී ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.