fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්iphone චාජින් පෝට් වෙනස් වෙයි

    iphone චාජින් පෝට් වෙනස් වෙයි

    ඇපල් සමාගම විසින් සිය අයිෆෝන් හී චාජරය සඳහා මෙතෙක් භාවිතා කළ ලයිට්නින් චාජින් පොට් නවතම අයිෆෝන් මාදිලිය සඳහා භාවිතා නොකිරිමට තීරණය කර තිබේ.

    ඒ අනුව නවතම අයිෆෝන් මාදිලිය යූඑස්බී සී වර්ගයේ චාජර්යක් භාවිතා කළ හැකි ආකාරයෙන් නිමවා ඇති බව ඇපල් සමාගම සඳහන් කරයි.

    ඇපල් සමාගම මේ බව අනාවරණය කරනු ලැබුවේ ඊයේ(12) පැවති සිය වාර්ෂික නව නිෂ්පාදන පිළිබඳ දැණුම්වත් කිරීමේ අවස්ථාවේදීය. නවතම අයි ෆෝන් දුරකථනය සඳහා යූඑස්බී සී චාජරයක් භාවිතා කළ හැකි වන පරිදි සකස් කිරීමට තීරණ කර ඇත්තේ යුරෝපා සංගමය විසින් ගන්නා ලද තීරණයක් හේතුවෙනි.

    ඒ අනුව පසුගිය කාලයේදී යුරෝපා සංගමය විසින් තීරණය කරනු ලැබුවේ සියලුම ජංගම දුරකථන ඩිජිටල් කැමරා ඇතුළු උපකරණ සඳහා පොදුර කේබලයක් යොදා ගැනීමයි. එමගින් යුරෝපා සංගමයේ ජනතාවට විවිධ වර්ගයේ චාජර් භාවිතා කිරීමේ අවශ්‍යතාව වැලකී යන බවද ඔවුහූ පෙන්වා දුන්හ.

    ඇපල් සමාගම විසින් දැණුටමත් යූඑස්බී සී වර්ගයේ චාජර් සිය ලැප් ටොප් පරිගණක සඳහා භාවිති කරණ බැවින් ඔවුන්ගේ ලැප් ටොප් සඳහා බලපෑමක් නොවුනු ඇති බවටද සඳහන් වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.