fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියාවෙන් අවුරුදු තෑග්ගක් -ලංකාවට තිබූ ළූනු තහනම ඉවතට

    ඉන්දියාවෙන් අවුරුදු තෑග්ගක් -ලංකාවට තිබූ ළූනු තහනම ඉවතට

    ශ්‍රී ලංකාව සඳහා ද පනවා තිබූ ළූනු අපනයන තහනම ඉන්දීය රජය විසින් ඉවත් කර ඇති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

    ඉන්දියාවේ විදේශ වෙළෙඳ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දැනුම්දීම අනුව ළූණු මෙට්‍රික් ටොන් 10,000ක් දක්වා අපනයනය කිරීමට අවසර දී ඇති අතර ශ්‍රී ලංකාවට ළූණු අපනයනය කිරීමට ද එමගින් අවසර දී ඇත.

    ශ්‍රී ලංකාව සඳහා වූ මෙම අපනයන ලිහිල් කිරීම ඉන්දියාවේ ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ ප්‍රතිපත්තිය නැවත අවධාරණය කරන අතරම මෙරට සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් එක්කිරීමක් බවද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳුදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

    පසුගිය මාසයේදී ඉන්දියාව ළූණු අපනයනය සඳහා වූ තහනම දින නියමයක් නොමැතිව දීර්ඝ කළේ සමහර විදේශීය වෙලඳපොලවල ළූනු මිල අහස උසට යවමිනි.

    ලොව විශාලතම එළවළු අපනයනකරු වන ඉන්දියාව විසින් දෙසැම්බර් මාසයේදී පැනවූ තහනම මාර්තු 31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි.

    ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව, නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල් ළූණු සැපයුමේ දේශීය හිඩැස් පිරවීම සඳහා සාමාන්‍යයෙන් ඉන්දියාවේ ආනයනය මත රඳා පවතී.

    එහෙත් මෙම තහනමෙන් පසු එම රටවල් බොහොමයක් ඉහළ මිල ගණන් සමඟ අරගල කරමින් සිටියේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.