fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ශ්‍රී ලාංකේය ඉංජිනේරුවන්ගෙන් ලොව ප්‍රථම වරට Cadillac Escalade දකුණත පරිවර්තනයක්

    ශ්‍රී ලාංකේය ඉංජිනේරුවන්ගෙන් ලොව ප්‍රථම වරට Cadillac Escalade දකුණත පරිවර්තනයක්

    ලොව ප්‍රථම වරට කැඩිලැක් එස්කැලේඩ් රථයක් දකුණු පස ධාවනයට පරිවර්තනය කිරීම එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගත් ශ්‍රී ලාංකේය සමාගමක් විසින් සිදුකර තිබේ.

    මෝටර් රථ ප්‍රති-ඉංජිනේරුකරණය පිළිබඳ විශේෂඥ සමාගමක් වන Global Conversions විසින් මෙම සාර්ථක පරිවර්තනයක් සිදු කරන ලදී.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Ras Al-Khaimah හි මූලස්ථානය පිහිටා ඇති ශ්‍රී ලංකාවට අයත් මෙම සමාගම, GMC, Ford, Lincoln, Dodge, Chevrolet, Cadillac, මෙන්ම අමෙරිකාවේ නිෂ්පාදිත Toyota සහ Nissan වම්-අත පදවන එක්සත් ජනපද සන්නාම සහිත මෝටර් රථ පරිවර්තනය කිරීමේ විශේෂඥතාව සඳහා ප්‍රසිද්ධය.

    එමෙන්ම මෑතදී මෙම සමාගම විසින් මෙම වසරේ මාර්තු මාසයේදී Hummer EV SUV රථයක් දකුණුත ධාවනයට පරිවර්තනය ක‍ර තිබුණි.

    Global Conversions හි නිර්මාතෘ සහ සභාපති, සුරේෂ් එදිරිසිංහ, මේ පිළිබඳව අදහස් දක්වමින්, “පළමු වතාවට, ගෝලීය වශයෙන්, සියලුම නව කැඩිලැක් Escalade දකුණත ධාවනයේදී හඳුන්වා දීම ගැන මගේ කණ්ඩායම ගැන මම අතිශයින් ආඩම්බර වෙමි. නැවත වරක්, අපගේ අනන්‍යතාව ලෝකයට ඔප්පු කර ඇත්තෙමු. අපි අපේ ඉංජිනේරුමය විශිෂ්ටත්වය ගැන ආඩම්බර වන ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්.” ඔහු වැඩිදුරටත් පැවසීය.

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.