තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කරඳගොල්ලේ ප්‍රශ්නෙ විසඳන්න දින 10ක් ඕනෑ

    කරඳගොල්ලේ ප්‍රශ්නෙ විසඳන්න දින 10ක් ඕනෑ

    නායයෑමේ අවධානමට ලක්ව ඇති ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ භූමිය තුළ සිරවී ඇති ජලය ඉවත් කිරීම සඳහා අදාළ උපකරණ සවිකිරීම මේ වන විට ආරම්භ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

    ඒ අනුව එම කටයුතු අවසන් කිරීම සඳහා දින 10ක පමණ කාලයක් ගතවනු ඇති බව එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා සඳහන් කළේය.

    කෙසේවෙතත් නායයෑමට ලක් විය හැකි බවට හඳුනාගෙන ඇති ප්‍රදේශයේ ජලය මුදාහැරීම සඳහා භූ ස්ථායිතාව සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමර්ග මේ වන විට ගෙන ඇති බව ද හෙතම ප්‍රකාශ කළේය.

    දැනට සක්‍රීයව පවතින නායයෑම් තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ඇල්ල – වල්ලවාය මාර්ගයට පවා දැඩි බලපෑම් එල්ලවිය හැකි බැවින් එය ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කරන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

    තාක්ෂණ ඉංජිනේරුවන්, භූ විද්‍යාඥයින්, පරිසර විශේෂඥයින් ඇතුළු එම ප්‍රදේශයට ගොස් සමීක්ෂණ සිදුකර ගුවන් ඡායාරූප සහ සිතියම් විශ්ලේෂණය කරමින් මෙම ප්‍රදේශය මීට පෙර නායයෑම් කළාපයක් බවට නිගමනය කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img