fbpx
තවත්
    මුල් පිටුවspecialරොබෝවක් මිනිසෙකු මරාදමයි

    රොබෝවක් මිනිසෙකු මරාදමයි

    රොබෝවෙකු විසින් මිනිසෙකු පොඩි කර මරා දැමූ පුවතක් දකුණු කොරියාවෙන් වාර්තා වෙයි.

    ඊයේ මෙම සිදුවීම වී ඇත්තේ රොබෝ යන්ත්‍රයක් විසින් හසුරුවන ලද නිෂ්පාදන පෙට්ටිවලින් මිනිසා වෙන්කර හඳුනා ගැනීමට අසමත් වීම නිසා ය.

    මියගොස් ඇත්තේ රොබෝ තාක්‍ෂණ සමාගමේ 40 හැවිරිදි සේවකයෙකි.

    මෙම පුද්ගලයා දකුණු ග්යොංසාං පළාතේ කෘෂිකාර්මික නිෂ්පාදන බෙදා හැරීමේ මධ්‍යස්ථානයක රොබෝ යන්ත්‍රයේ සංවේදක (sensors) මෙහෙයුම් පරීක්ෂා කරමින් සිට ඇත.

    කාර්මික රොබෝ යන්ත්‍රය විසින් බෙල් පෙපර් පුරවන ලද පෙට්ටි ඔසවා ධාවනය වෙමින් ඇති පටියක් මත තබමින් සිටියදී ක්‍රියා විරහිත වී ඇත.

    එහිදී රොබෝ විසින් එම පුද්ගලයා බෙල් පෙපර් පෙට්ටියක් ලෙස සිතා මෙලෙස පොඩි කර පෙට්ටියට දමා ඇති බව යොන්හැප් පොලිසිය උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කළේය.

    අතක් ලෙස ක්‍රියාත්මක මෙම රොබෝ විසින් සේවකයාගේ උඩුකය, පපුව, මුහුණ පොඩි කර පෙට්ටියට දමා ධාවනය පටිය මත තබා ඇත.

    ඔහු රෝහලට මාරුකර යවා ඇතත් පසුව මිය ගිය බව වාර්තා වේ.

    පසුගිය මාර්තු මාසයේදී, මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදන කම්හලක සේවය කරමින් සිටියදී, 50 හැවිරිදි දකුණු කොරියානු ජාතිකයෙකු රොබෝවරයෙකුට හසුවීමෙන් බරපතල තුවාල ලැබීය.

    කර්මාන්ත ශාලාවල සේවය සඳහා රොබෝවරු භාවිතය අතින් දකුණු කොරියාව ඉතා ඉහළ මට්ටමක සිටී.

    දකුණු කොරියාවේ රොබෝ ඝනත්වය හෙවත් සේවකයන් 10,000කට රොබෝවරුන් සංඛ්‍යාව ගෝලීයව සාමාන්‍ය අගයට වඩා හත් ගුණයකින් වැඩි ය.

    එනම් සේවකයන් 10,000කට රොබෝවරු 141ක් වේ.

    එරටෙහි කැපී පෙනෙන අයුරින් රොබෝවරුන් භාවිතා කිරීම නිසා මිනිස් රැකියාව ආක්‍රමණය කරමින් පවතී.

    පසුගිය වසර වනවිට කාර්මික රොබෝවරුන් භාවිත කරන ලොව වැඩිම රටවලින් පිළිවෙළින් චීනය, ජපානය, අමෙරිකාව සහ සිව්වැනි ස්ථානයට දකුණු කොරියාව සිටී.

    අද වනවිට ලොව පුරා කාර්මික රොබෝවරුන් මිලියන 3.4 කට වඩා කර්මාන්ත ශාලාවල සේවයේ යෙදී සිටී.

    photo – File photos

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.