ලබන ජුනි මාසයේ සිට විදුලි බිල සංශෝධනය කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඒ සඳහා වන විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතිබව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසා ඇත.
එහි අවසන් යෝජනාවලිය, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට භාරදීමට නියමිතයි.
ලංකා විදුලි බල මණ්ඩලය විසින් අදාළ යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් පසු ඊට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවීමෙන් අනතුරුව විදුලි බිල සංශෝධනය සිදුවීමට නියතව ඇත.