fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්අලුත්ගම කැළඹූ සිද්ධිය නැඟෙහිරත් ඇතිකරන්න සහරාන්ලා සැලසුම් කරලා

    අලුත්ගම කැළඹූ සිද්ධිය නැඟෙහිරත් ඇතිකරන්න සහරාන්ලා සැලසුම් කරලා

    අලුත්ගම කැළඹූ සිද්ධිය නැඟෙහිරත් ඇතිකරන්න සහරාන්ලා සැලසුම් කරලා – කොමිසමේ දී හෙළිවෙයි

    අලුත්ගම දර්ගා නගරයේ 2014 වසරේ හටගත් ගැටුම්කාරී තත්තවය වැනි නොසන්සුන්තාවක් නැගෙනහිර පළාත තුළද ඇති කිරිමට සහරාන් ඇතුලු පිරිසක් සැලසුම් කළ බව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී අනාවරණය වී තිබේ.

    එවක නැගෙනහිර ආඥාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල් ඇන්ඩෘ ලාල් පෙරේරා මහතා සාක්ෂි ලබාදෙමින් මේ බව සදහන් කළේය.

    එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ස්ථාපිත කර තිබූ විශේෂ බුද්ධි අංශ හරහා එවැනි තත්ත්වය නිසි පාලනයකට නතු කර තිබූ බව ඔහු මෙහිදී කීය.

    2011 වසරේ සිට 2015 වසර දක්වා නැගෙනහිර පළාත් ආඥාපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් ඇන්ඩෘ ලාල් පෙරේරා මහතා පසුව විශ්‍රාම ගොස් ඇත.

    ඔහු ඊයේ රාත්‍රියේ පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී ඒ පිළිබඳ දීර්ඝ ලෙස සාක්ෂි ලබාදුනි.

    තමන් නැගෙනහිර අඥාපතිවරයා ලෙස සිටින කාලයේ එක් බුද්ධි අංශ කණ්ඩායමක් ත්‍රිකුණාමලයට යොමුකර තිබූ බවත් පසුව තමන් විසින් එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් තවත් බුද්ධි බලකායක් ඉල්ලා සිටි බවත් ඔහු කීය.

    අනතුරුව එම බුද්ධි බලකාය එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් අතර ඒ අනුව ත්‍රිකුණාමලයට එක් කණ්ඩායමකුත් අනෙක් කණ්ඩායම අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික් ආවරණය ලෙසට ත්‍රිවිධ හමුදා හා පොලිස් බුද්ධි නිලධාරීන් අනුයුක්ත කළ බව ඔහු පැවැසීය.

    එමගින් නැගෙනහිර පළාත තුළ සිදුවන බුද්ධි කටයුතු සමාලෝචනය කිරීම සදහා සෑම මසකම රැස්වු බවත් ඉන් අනතුරුව එම බුද්ධි තොරතුරු ඉහළට යොමුකිරිමෙන් අනතුරුව එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන් අතුළු ඉහළ කණ්ඩායමත් සමග සෑම මසකදී එම තොරතුරු සමාලෝචනය කරන බවද සඳහන් කළේය.

    එම කාලය තුළ නැගෙනිහර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ලෙස පූජිත් ජයසුන්දර සහ නන්දන මුණසිංහ යන මහත්වරුන් කටයුතු කළ බව ඔහු සිහිපත් කළේය.

    මසකට වරක් පැවැත්වූ බුද්ධි තොරතුරු සමාලෝචන රැස්වීම් සදහා ඔවුන්ගේ නියෝජිතයන් ද එක්වූ බව සාක්ෂිකරු කීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.