fbpx
තවත්
    මුල් පිටුවපරිසරයමුහුදේ ගිලුණු මුහුදු මහා විහාරය

    මුහුදේ ගිලුණු මුහුදු මහා විහාරය

    මුහුදු මහාවිහාරය ඉතිහාසය පිළිබඳව නිශ්චිත අදහසක් ප්‍රකාශ කිරිම සදහා පැහැදිලි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධක දක්නට නොමැත . නමුදු ප්‍රදේශයේ හමුවන ජනප්‍රවාදයනට අනුව විහාරයේ ඉතිහාසය කාවන්තිස්ස රජසමය දක්වා ගමන ගන්නා බව පැහැදිලිවේ. කල්‍යාණි පුරවරයේ පාලනය ගෙන ගිය කැලණිතිස්ස රජු තම දු කුමරිය වන විහාර මහා දේවි කුමරිය නෞකාවක නංවා සයුරට පා කොට හැර ඇති අතර සයුරෙහි පා වෙමින් තිබු කුමරිය රැගත් නෞකාව අවසානයේ සේන්දු වී ඇත්තේ මුහුදු මහාවිහාරය පිහිටි ස්ථානයටය. මෙි සමයෙහි කාවන්තිස්ස රජගේ අණසක යටතෙ පැවති මෙකී ප්‍රදේශයේ වැසියන් රාජ කුමරියක් රැගත් නෞකාවක් වෙරළට සේන්දු වි ඇති බව රජ වාසලට වහාම දැනුම් දෙන ලදි. එ ඇසු කාවන්තිස්ස රජු රජ වාසලින් මුහුදු මහාවිහාරය බලා පිටත්ව ඇත. එසේ පැමිණෙන අතර ” කෝ කුමරිය ” යැයි විමසු ස්ථානය අද ” කෝමාරිය” ලෙස හදුන්වන අතර එයට පිළිතුරු දුන් රාජ පුරැෂයන්” අර ගමෙිය” පවසා ඇත. එය අද “අරැගම්බේ” වු බවක් ජනප්‍රවාදය ප්‍රකාශ කරයි. අනතුරුව මෙහි පැමිණි විහාර මහා දේවිය මුණගැසුනු කාවන්තිස්ස රජතුමා එතුමිය රාජ මාළිගාවට කැදවාගෙන යාමට ප්‍රථම සදුන් පැන් කල හතකින් ස්නානය කරවා එසේ සිදුකළ ස්ථානයේම එතුමිය සතුව පැවති සියලු ආභරණ තැන්පත් කරවු බව සදහන් වේ.

    විහාර පරිශ්‍රයේ පුරාවිද්‍යාත්මක හා වාස්තුවිද්‍යාත්මක අංග පිළිබිඹු කරන ගෘහනිර්මාණ ප්‍රධාන වශයෙන් 04ක් දැක ගත හැකිය.

    • ප්‍රතිමා ගෘහය
    • ⁣පොහොය ගෙය
    • චෛත්‍ය නටඹුන්
    • පොකුණ හා වෙනත් නටඹුන්

    මෙම නටඹුන් වලට අමතරව මුහුදේ ගිලි පවතින නටඹුන් ගැනද ජනප්‍රවාද වල සදහන් වේ.මුහුදු මහාවිහාරයට අයත් මුහුදු තීරයේ ජලයෙන් වැසි ඇතැයි පැවසෙන බෞද්ධ පුරාවිද්‍යා නටඹුන් හා විවිධ අවස්ථාවන් වලදි දියෙන් මතුවන බුද්ධ ප්‍රතිමා හා වෙනත් වාස්තුවිද්‍යාත්මක අංග පිළිබඳව ජනප්‍රවාද ගත තොරතුරු පවති. මුහුදු මහාවිහාරය අවට විශාල වැලි කදු දැකිය හැකිය. මෙම ප්‍රදේශයේ මුහුදු ඉතාමත් අවෙීගකාරිය. 2004 සුනාමිය පැමිණිමට ටික ⁣මො⁣හොතකට පෙර මුහුදු අාපස්සට ගිය බව සදහන් වන අතර එ අවස්ථාවේ බුදු පිලිම හා නටඹුන් දුටු බවට එහි ප්‍රදේශ වාසින් සදහන් කරනු ලැබිය.

    එඅනුව ගාල්ල මුහුදු පුරාවිද්‍යා එකකයේ ස්ථානභාර නිළධාරි ඇතුළු කිමිදුම් කණ්ඩාම 2012 වර්ෂයේ එම මුහුදු කලාපයේ මුහුදු පුරාවිද්‍යා ගවේෂණයක් සිදු කල අතර මුහුදේ ඉතාමත් රලු බව එයට බාධාවක් විය. නැවත 2018 වර්ෂයේ ගවේෂණයක් සිදු කල අතර විවිධ හැඩ තලයන්ට අනුව සැකසුන ගල් කැටයම් වැනි දේ නිරික්ෂණය වුවත් මුහුදේ රලු භාවය හා අධික වර්ෂාපතනය නිසා ගවෙිෂණය නවතා දැමිය. මුලික ගවෙිෂණයෙන් අනාවරණය කොටගත් යම් යම් වාස්තුවිද්‍යාත්මක අංගවලට හැඩහුරැකම් දක්වන අවශේෂ පිලිබඳව වැඩිදුරටත් පරික්ෂණයෙදි රවුම් හැඩය ගන්නා වු මිනිසාගේ මැදිහත් විම්ක් දනවන අවශේෂ කිහිපයක්ම වැඩිදුරටත් වාර්තා කිරිමට හැකි විය. මෙසේ වාර්තා වු අවශේෂ සදකඩ පහන,කොරවක්ගල , හා ගඩොල් ආදි වු බෞද්ධ විහාර කර්මාන්තයේ බහුලව භාවිතා වන වාස්තුවිද්‍යාත්මක අංගවලට සමීප ලක්ෂණ පෙන්නුම් කලද එය නිශ්චිත ලෙස ප්‍රකාශ කිරිමට තරම් ප්‍රමානවත් සාක්ෂි නොමැත.

    කෙසේ නමුත් මෙම ජනප්‍රවාද වල සත්‍ය අසත්‍ය සොයා ඉදිරියේදි මුහුදු මහාවිහාරයේ මුහුදු පතුල ගවෙිෂණයට මුහුදු පුරාවිද්‍යා එකකය සුදානමින් සිටින බව සදහන් කල යුතුය .

    චමල් ගමගේ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.