තවත්

    ජනපති සිවු දින චීන සංචාරයට පිටව යයි

    0

    සිව් දින චීන රාජ්‍ය සංචාරය සඳහා ජනපති  දිවයිනෙන්  පිටත් වෙයි

    සිවු දින චීන සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රි  දිවයිනෙන් පිටත්ව ගියේය.

    චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 14 වනදා සිට 17 වනදා දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වේ.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයේදී චීන ජනපති ෂී ජින් පිං(Xi Jinping), චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං (Li Qiang) යන මහත්වරු  ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවීමට නියමිතය.

    විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක  අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල්  රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර මහතා  යන  මහත්වරුද මෙම සංචාරය සඳහා එක්ව සිටිති.

    වාහන බදු සියයට 600 දක්වා ඉහළ යන ලකුණු!

    0


    වසර පහකට පසුව පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමත් සමඟ වාහන මත පැනවෙන ආනයන බදු සියයට 600 දක්වා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසයි.


    වාහන ආනයනයේ දී බදු වර්ග තුනක එකතුවට වැට් බදු එකතුවීම බලපාන බව ප්‍රසාද් මානගේ මහතා සඳහන් කළේය.

    නිෂ්පාදන දිනයේ සිට අවුරුදු 10ට නොවැඩි වාහන සඳහා බදු පැනවීමට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෙරේදා (10) දිනයේ දී නිකුත් කර තිබිණි.

    කොළඹ වරාය නගරයේ හමුදා රථයක් අනතුරක – තුනක් රෝහලේ

    0

    යුද්ධ හමුදාපති ආරක්ෂක අංශයට අයත් ඩිපෙන්ඩරයක් කොළඹ වරාය නගරයේ විදුලි පහන් කණුවක ගැටී එහි ගමන් කළ රියදුරු ඇතුළු හමුදාවේ තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

    කොළඹ වරාය නගරයේ බීච් ප්ලාසා දෙසට ඇති ගුවන් පාලම පසුකර ඉදිරියට ධාවනය වෙමින් තිබියදී ඩිපෙන්ඩරය අනතුරට ලක්ව ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

    අනතුරට ලක්වූ ඩිපෙන්ඩරය යු.හ අංකයෙන් ධාවනය වූවක් බවද පොලිසිය සදහන් කළේය.

    සිව් දෙනෙක් මන්නා වලින් කැපූ දෙවැනි ලුතින න්ට වූ දේ

    0

    මන්නා වලින් කපා පුද්ගලයින් සිව් දෙනෙනකුට තුවාල කිරීම සම්බන්ධයෙන් සැකපිට දෙවන ලුතිනන් වරයෙකු පෑලියගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

    වයස අවුරුදු 23ක් වන මෙම දෙවන ලුතිනන් වරයා සිංහ රෙජිමේන්තුවේ මාතර කදවුරේ සේවයේ නිරතව සිටින්නෙකි.

    කැලණිය දුටුගැමුණු පාරේ පදිංචිකරුවෙක් වන මෙම දෙවන ලුතිනන් වරයා ඔහුගේ පියා සමග එක්කව පසුගිය 06 වෙනිදා කපා කොටා තුවාල සිදුකර ඇත්තේ ඔහු පදිංචි ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසකි.
    පුද්ගලික ආරවුලක් මුල්කරගෙන ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස එම පහරදීම සිදුව ඇත. එහිදී දෙවන ලුතිනන් වරයාත් ඔහුගේ පියාත් තුවාල ලබා රෝහල්ගතව සිටි බව පෑලියගොඩ පොලිසිය සඳහන් කළේය.

    දෙවන ලුතිනන් වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු රෝහලින් පැමිණි පසු ඊයේ දිනයේදීය.

    උසාවි ආරච්චි මත්කුඩු ජාවාරමකට අල්ලයි

    0

    බස්නාහිර පළාතේ මහේස්ත්‍රාත් අධිකරණයක ආරච්චි තනතුරේ රාජකාරියේ නිරත පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 800ක් සමඟ වැල්ලම්පිටිය පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම ආරච්චි මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බවද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

    කහවත්තේ පදිංචිකරුවෙක් වන මොහු කොලොන්නාවේ තාවකාලිකව පදිංචිව සිටින්නෙකි.

    ගිනි අවි තුනක් එක්ක ආබාධිත පොලිස් කොස්තාප ල් කොටු

    0

    ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව වෛද්‍ය හේතූන් මත ආබාධිත නිලධාරියෙකු ලෙස වැටුප් ලබන පොලිස් කොස්තාපල්වරයකු ගිනි අවි තුනක් සමග මැදවච්චිය ඇටවීරගොල්ලෑව පොලිසිය ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇත.

    එක් ගිනි අවියක් විදේශීය නිෂ්පාදනයක් වන බෝර 12 වර්ගයේ අවියක් වන අතර දෙවැනි ගිනි අවිය මෙරට නිෂ්පාදිත කදන් තුවක්තු බව පොලිසිය සදහන් කළේය.

    වයස අවුරුදු 52ක් වන මෙසම පොලිස් කොස්තාපල්වරයා මැදවච්චිය ඇවීරගොල්ලෑවේ පදිංචිකරුවෙකි. මෙම ගිනි අවි දඩයම් සදහා යොදා ගෙන ඇතැයි පොලිසිය සැකකරයි.

    පිම්මේ ආ කැබ් රථය පොලිස් සැරයන්වරයාගේ දිව ි තොර කරයි

    0

    කොළඹ – කතරගම මාර්ගයේ රුවිනිගම හංදියේදී යතුරු පැදියක කැබ් රථයක් ගැටී ඊයේ (11) සවස සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන්කරමින් සිටි පොලිස් නිලධාරියෙක් මියගොස් ඇත.

    අම්බලන්තොට පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි අවුරුදු 45ක් වයසැති පොලිස් නිලධාරියෙක් මෙසේ මියගොස් ඇති බව හුංගම පොලිසිය සදහන් කළේය.

    පොලිස් සැරයන්වරයා රාජකාරි විවේකය වාර්තාකර සිය පුද්ගලික යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත්තේ යතුරුපැදිය පිටුපසින් කැබ් රථය ගැටීමෙන් බව පොලිසිය සදහන් කරයි.

    මෙම අනතුර සම්බන්ධයෙන් සැකපිට කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. වයස අවුරුදු 44ක් වන ඔහු රන්නේ පදිංචි කොන්ත්‍රාත් ව්‍යාපාරිකයෙක් බව පොලිසිය සහන් කළේය.

    ෆිනෑන්ස් කම්පැනියේ සේප්පුවේ තිබ්බ උකසට ග ත් රන් භාණ්ඩ ඉමිටේෂන් වෙලා

    0

    ප්‍රසිද්ධ ෆිනෑන්ස් ආයතනයක සේප්පුවේ තැන්පත්කර ඇති උකස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 25ක රන් භාණ්ඩ සොරාගෙන ඒ වෙනුවට ඉමිටේෂන් භාණ්ඩ දමා සිදුකල මහා පරිමාණයේ වංචාවක් සම්බන්ධයෙන් මරදන්කේණි පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇත.

    මෙම සොරකම සිදුව ඇති ෆිනෑන්ස් ආයනයේ මරදන් කර්නි ශාඛාවේ දීය. ඒ ගැන එහි කළමනාකරු ඊයේ පොලිසියට පැමිණිලිකරමින් සදහන් කර ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් 16 වෙනිදාත් ජනවාරි 08 වෙනිදාත් අතර කාලය තුළ මෙම සොරකම සිදුව ඇති බවය.

    පවුම් 09ක් බරැති රන් මාල 03ක් සහ මුද්දක් මෙසේ සොරාගෙන ඇති බවද පැමිණිල්ලෙහි සදහන්කර ඇත. මෙම රන් භාණ්ඩවල ප්‍රමාණයට හා හැඩයට සමාන ඉමිටේෂන් භාණ්ඩ සේප්පුවට දමා මෙම සොරකම සිදුකර ඇති බව මරදන්කේණි පොලිසිය සදහන් කළේය.

    මෙම සොරකම සම්බන්ධයෙන් සැකය එල්ලවී ඇත්තේ මෙම ෆිනෑන්ස් ආයතනයේ සේවයේ නිරත පස් දෙනෙක් කෙරෙහිය. ඒ අය අතර සිව් දෙනෙක්ම කාන්තාවන් බව පොලිසිය කියයි.

    කටුකම්බියක් ටයරයේ පැටලී ඇතැයි පවසමින් ලක ්ෂ 150ක් වටිනා ස්කැමල් රථයක් මහ මග නතරකරවා කොල ්ලකාලා

    0

    කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් පැවති රුපියල් කෝටි එකහාමාරක් පමණ වටිනා ස්කැමල් වර්ගයේ රථයක් ඇල්දෙණිය ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයකින් ගමන්කරමින් සිටි පිරිසක් විසින් කොල්ලකා ඇතැයි කඩවත පොලිසිය සඳහන් කරයි.

    මෙම කොල්ලය ඊයේ (11) සවස කොල්ලකා ඇත්තේ ලීසිං සමාගමකට සම්බන්ධ පිරිසක් විසින් බවට තොරතුරු ඇතැයි පොලිසිය කියයි.

    ත්‍රීරෝද රථයකින් ගමන්කරමින් සිටි එම සැකකරුවන් ස්කැමල් රථයේ රෝදයක කටුකම්බියක් පැටලී ඇතැයි රියදුරුට පවසා ඇති බවත් ඒ අනුව රථය නතරකළ අවස්ථාවේදී කොල්ලය සිදුකර ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

    ආරක්ෂකයාව මරා පොල්තෙල් මෝලේ සේප්පුව බිඳ ලක්ෂ 14ක් කොල්ලකාලා

    0

    බත්තුළුඔය පිහිටි පොල්තෙල් නිෂ්පාදන ආයතනයකට කඩාවැදී එහි ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනයකර සේප්පුව කඩා රුපියල් ලක්ෂ 14කට ආසන්න මුදලක් කොල්ලකෑ එම ආයතනයේම සේවයේ නිරත සේවකයෙකු මුන්දලම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවටගත් සැකකරු එම පොල්තෙල් නිෂ්පාදනාගාරයේ සේවයේ නිරත සේවකයෙක් බව පොලිසිය සදහන් කරයි.

    බත්තුළුඔය පදිංචිකරුවෙක් වන 37 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (11) සවස බත්තුළුඔය ප්‍රදේශයේදීය.

    කොල්ලකෑ මුදලින් කොටසක්ද පොලිසිය සොයාගෙන ඇත. ඔහු අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් බව පොලිසිය කියයි.

    ඝාතනයට ලක්ව ඇත්තේ කේ.එම්. ඉන්දික නැමැති 45 හැවිරිදි වියේ පසුවන ආරක්ෂක නිලධාරියාය. ඔහු විජය කටුපොත පදිංචිකරුවෙකි. මෙරට ප්‍රධාන පෙලේ ආරක්ෂක සමාගමක සේවකයෙක් බව පොලිසිය කියයි.

    ආරක්ෂක නිලධාරියා පසුගිය 10 වෙනිදා රාත්‍රී රාජකාරියට වාර්තාකර ඇති බවත් ඔහුව ඝාතනය කර ඇත්තේ අලුයම 3.00ට හෝ ඒ ආසන්න කාලයකදී බවත් පොලිසිය සඳහන් කරයි.

    ආරක්ෂක නිලධාරියා ඝාතකයකර ඇත්තේ යකඩ උලකින් හිසට පහරදී බව පොලිසිය කියයි. මෙම ඝාතනය හා කොල්ලය සම්බන්ධයෙන් කළ විමර්ශනයේදි සේවකයාගේ හැසිරීම ගැන ඇතිවූ සැකයක් මත ඔහුව පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි.

    හොරට ගේන වාහන හොර පාරෙන් ලියාපදිංචි කරන මන ්ත්‍රී තාත්තා අල්ලයි

    0

    හොර පාරෙන් මෙරටට රැගෙන එන වාහන සහ කොටස් එකලස්කර නීති විරෝධි ලෙස සකස් කරන වාහන මෝටර් රථ හොර පාරෙන් ලියාපදිංචි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පළාත් පාලන ආයතනයක හිටපු මන්ත්‍රීවරයකුගේ පියෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගත්තේය.

    මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට මුල්වන්නේ ඔහු විසින් ට්‍රැක්ටර් අංකයකින් ධාවනය කළ ජිප් රථයක් අත්අඩංගුවට ගෙන කළ විමර්ශනයකින් හෙළිවූ තොරතුරු මතය.

    නීති විරෝධිව මෙරටට ගෙන එන වාහන සිය පුතාගේ දේශපාලන බලය යොදාගෙන මෙම මන්ත්‍රී පියා කාලයක් තිස්සේ ව්‍යාජ අංකයන් යටතේ ලියාපදිංචිකිරීමේ ජාවාරමක නිරතව සිට ඇති බව ද විමර්ශන වලින් පෙනී ගිය බව වලන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි.

    වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් පසුගිය දෙසැම්බර් 26 වෙනිදා මීරිගම පොලිස් බල ප්‍රදේශයේදි රුපියල් කෝටි 1 ½ ක් පමණ වටිනා අධි සුඛෝපභෝගී ලෑන්ඩ්කෘෂර් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් මීරිගමදි අත්අඩංගුවට ගෙන මීරිගම පොලිස් ස්ථානට ඉදිරිපත් කිරීමෙන් පසු සිදු කරන ලද වැඩිදුර විමර්ශණවලදි මන්ත්‍රීවරයාගේ පියා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගන්නා ලද ජීප් රථයේ මුල් ලියාපදිංචි අයිතිකරු හා දෙවන ලියාපදිංචි අයිතිකරුකොළඹ සහ නාරාහේන්පිට ප්‍රදේශවල පදිංචි බවට ව්‍යාජ ලිපිනයන් හා පුද්ගල නාමයන් භාවිතා කර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ජීප් රථය ලියාපදිංචි කර ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

    මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් 2023 වසරේදී කඩවත ප්‍රදේශයේ කළ වැටලීමකදී නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කළ වාහන හා වාහන කොටස් එකලස්කර සකස්කළ වාහන 400කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචිකළ අංක සහිත ලේඛනයක් සොයාගෙන තිබුණි. ඒ මෙම වාහන ඡාවාරමට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගනිමින් ඔහුගෙන් හෙළිවූ තොරතුරු මතය. එම ප්‍රධාන ජාවාරම්කරුගේ සහෝදරයා‍ වන්නේ මෙම සැකකරු බවද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කළේය.

    රජය මඟින් ක්‍රියාවට නංවා ඇති Clan Sri Lanka ව්‍යාපෘතිය යටතේ ආර්ථික ස්ථායිකරණයට දායක වෙමින් වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

    වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්‍ෂ, පොලිස් අධිකාරි කේ.ඒ. උදය කුමාර මහතාගේ නියෝග පරිදි ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක ජයලත් පොලිස් සැරයන් 428 ජයලාල්, පොලිස් කොස්තාපල් 84889 උදයකුමාර,94009 සියන්ත, 99411 දේශාන්, 100291 ලසිත, පොලිස් කොස්තාපල් රියදුරු 89631 අබේරත්න යන නිලධාරීන් කණ්ඩායම විසින් මෙම වැටලීම සිදු කර ඇත.

    අගමැතිනිය හමුවූ නව තානාපතිවරු

    0

    නව පත්වීම් ලැබූ දූත මණ්ඩල ප්‍රධානීහු අද (10) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හමුවුහ.


    කටාර් රාජ්‍ය යේ නව තානාපති ආර්.එස් ඛාන් අසාඩ්, නවසීලන්ත රජයේ නව මහ කොමසාරිස් ඩබ්ලිව්.ජී.එස් ප්‍රසන්න, රුසියානු සමූහාණ්ඩුවේ නව තානාපති එස්.කේ ගුණසේකර, කුවේට් රජයේ නව තානාපති එල්.පී රත්නායක, ආරාබි රාජ්‍ය යේ නව තානාපති ඒ.එස්.කේ සෙනවිරත්න මහත්ම මහත්මීහු ඒ අතර වූහ.


    අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    උදයංග වීරතුංග අත්අඩංගුවට

    0

    පුද්ගලයෙකුට පහර දීම සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපතිවරයකු වන උදයංග වීරතුංග මහතා මිරිහාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

    නුගේගොඩ තලපත්පිටිය කනත්ත පාරේ පිහිටි ඒ මහතාගේ නිවසට යා බද නිවසේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් හෙතම මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

    මායිම් ගැටලුවක් මුල්කරගෙන මෙම පහරදීම කර ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර වතුර බටයකින් පහර කෑ පුද්ගලයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් වී තිබේ.

    නඩු භාණ්ඩයක් ලෙස පොලිසියේ තිබුණු යතුරුපැ දියෙන් ගිහින් රන් මාල කැඩූ කුඩ්ඩා අල්ලයි

    0

    ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නඩු භාණ්ඩයක් ලෙස තිබුණු යතුරුපැදියක් සොරාගෙන එම යතුරු පැදියේ නැගී ගොස් කාන්තාවන්ගේ ගෙලබැදි රන්මාල කොල්ලකෑම්වල නිරතව සිටි පුද්ගලයකු මෝදර පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

    මෝදරදී කාන්තාවකගේ ගෙලබැදි රන් මාලයක් කොල්ලකෑම සම්බන්ධයෙන් මෝදර පොලිසිය විසින් විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 04 වෙනිදාය.

    මුන්දලම ,අගුනාවල ,පළතුරුවත්තේ පදිංචිකරුවෙක් වන 38 හැවිරිදි සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරුමත කොල්ලකෑම් සඳහා ගමන් කළ යතුරුපැදියද සොයාගෙන ඇත.

    එම යතුරුපැදිය සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී හෙළිවන්නේ එම යතුරුපැදිය ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නඩු භාණ්ඩයක් ලෙස තිබූවක් බවය. ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ තිබුණු එම යතුරු පැදිය සොරාගෙන ඇති බව ඒ වන විටත් ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් පවා දැන සිට නැත.

    නඩු භාණ්ඩ ලෙස පොලිස් ස්ථානයේ තිබුණු යතුරුපැදිය සොරාගෙන ඇති බවට ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නඩු භාණ්ඩ කාමරය භාර පොලිස් සැරයන්වරයා පොලිසියට පැමිණිල්ලක් කරනු ලබන්නේ මෝදර පොලිසියෙන් කළ දැනුම්දීමෙන් අනතුරුව ඊයේ(08). මෙම සැකකරු මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් බව හෙළිව ඇත.

    බාලවයස්කාර පෙම්වතිය රැගෙන යාමට ආ ඕ.අයි.සී. ල දෙන්නෙකුට පෙම්වතාගේ ගෙදර අය අම්බානකට නෙළලා

    0

    පෙම්වතා සමඟ පළාගිය බාලවයස්කාර දැරියක් සොයා කලවැල්ගල පිහිටි පෙම්වතාගේ නිවසට ගිය තණමල්විල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනියටත් ප්‍රජා පොලිස් ස්ථානාධිපතිටත් පොලිස් කොස්තාපල්වරයෙකුටත් පහරදුන් පෙම්වතාත් ඔහුගේ මවත් පියාත් බාප්පාත් ඇතුළු 05 දෙනෙක් තණමල්විල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම පස් දෙනා අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    මෙම පහරදීම සිදුව ඇත්තේ ඊයේ (08) පෙරවරුවේදීය. ළමා හා කාන්තා කාර්යාංශයේත්, ප්‍රජා පොලිස් ස්ථානාධිපතිත් පොලිස් පරීක්ෂකවරුන්ය. තුවාල ලැබූ ඔවුන් දෙදෙනා සහ කොස්තාපල්වරයා තණමල්විල රෝහලට ඇතුලත්කර ඇත.

    බිරිඳගේ පියාට පහරදුන් එස්.අයි.ට වූ දේ

    0

    සිය බිරිඳගේ පියාට පහරදුන් මරදාන පොලිස් ස්ථානයේ සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙක් පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගත්තේය.

    උප පොලිස් පරීක්ෂකවරයා සිය බිරිඳ බිරිඳගේ සහෝදරයා සහ පියා සමඟ ආරවුලක පැටලී මෙම පහරදීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

    මේ සම්බන්ධයෙන් මොරන්තුඩුව පොලිස් ස්ථානයට පැමිණිලිකලත් නිසි ලෙස එය විභාග නොකිරීම හේතුවෙන් පානදුර පොලිස් අධිකාරීවරයාට ඒ බව දැනුම්දීමෙන් අනතුරුව කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශන පවත්වා උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත.

    ලොකු පැටීගේ ඥාතායෙකුට අහුංගල්ලේදී වෙඩි – දිනෙන් දින වෙඩි තැබීම් ඉහළට

    0

    මෙරටින් පළාගොස් බෙලරූස්වල සැඟව සිටින ලොකු පැටී නැමැති පාතාලයේ ප්‍රබල අපරාධකරුගේ පවුලේ ළඟම ඥාතියෙකුට අද අළුයම ගාලු පාරේ අහුන්ගල්ල බෝධිය අසල ත්‍රීරෝද රථ ගාලේදී වෙඩි තබා ඇත.

    යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් අතර සිටි තුවක්කුකරු වෙඩි පහරවල් දෙකක් ඔහුව ඉලක්කර එල්ලකර තිබේ.

    අහුංගල්ල ත්‍රීරෝද රථ සංගමයේ සභාපතිවරයා වන ලෝකනවත්තේ පදිංචි ඩබ්ලිව්. නන්දසිරි ද සිල්වා (50) නමැති අය මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ. වෙඩි වැදුණු ඔහු බලපිටිය රෝහලට ඇතුලත් කර ඇත. ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

    වෘත්තියෙන් ත්‍රීරෝද රථ රියදුරෙක් වන ඔහු එම ත්‍රීරෝද රථ ගාලට පැමිණ කෙටි වේලාවක් තුළ වෙඩික්කරු එතැනට පැමිණ ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩිතැබීම සිදුව ඇතැයි විශ්වාස කෙරේ.

    ලොකු පැටී විවහාවී සිටින්නේ මෙම ත්‍රීරෝද රථ රියදුරුගේ සහෝදරියගේ දියණියයි.

    ඹෟෂධ ජාවාරම්කරුවන්ගේ අභිලාෂ වෙනුවෙන් පෙන ී නොසිටීමට ඇමති නලින් ද දැඩි තීරණයක

    0

    ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට වර්තමානයේ පත්ව ඇති ඖෂධ ක්ෂේත්‍රයේ ගැටළු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියළුම සේවකයින් ධෛර්මත් කිරිමටත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් රජය පෙනී සිටින බවත්, ජාවාරම්කරුවන්ගේ හෝ එම කණ්ඩායම්වල අභිලාෂයන් වෙනුවෙන් අමාත්‍යාංශය හෝ රජය කටයුතු නොකරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් ප්‍රකාශ කරන ලද්දේ පසුගියදා කොළඹ – 02 පිහිටි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හදිසි නිරීක්ෂණයකට එක්වෙමිනි.

    ජාතික ඖෂධ නියාමන අධිකාරිය රට තුළ පවතින ඖෂධීය නිෂ්පාදනවල ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව පිළිබඳ අදාළ ප්‍රමිතීන් සහතික කිරීම මගින් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර, ඖෂධ, සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන සහ රූපලාවන්‍ය ද්‍රව්‍යවල ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා නියාමනය, අධීක්ෂණය සහ සාක්ෂි මත පදනම් වූ තීරණ ලබාදීම ද සිදු කරනු ලබන ආයතනයකි.

    මෙහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම මහතා ඇතුලු නිලධාරින් සමග අධිකාරියේ වත්මන් ක්‍රියාකාරීත්වය, පාලන ක්ෂේත්‍රය, කාර්ය මණ්ඩල ගැටළු, ඖෂධ මිල නියාමනය, ඖෂධ ලියාපදිංචිය, නව අයදුම්පත් කැඳවීම වැනි ක්ෂේත්‍ර පිළිබදව අමාත්‍යවරයා දීර්ඝ ලෙස සාකච්ඡාවක ද නියැලෙන ලදි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මහාචාර්ය සේනක බිබිලේ මහතා මෙරටට ඖෂධ ප්‍රතිපත්තියක් හදුන්වාදීමට කැපවෙමින් ඖෂධ සමාගම් සමග සටන් කළ බව ද, අවසානයේ එනිසාම ඝාතනයට ලක් වූ පුද්ගලයෙක් වූ බව ද පැවසීය. අද වන විට ඝාතනයන් සිදු නොවූවද වෙනත් සූක්ෂම ක්‍රියා මගින් සිය අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම සදහා‍ ජාවාරම්කරුවන් කටයුතු කරන බැවින් රජය ගෙනයනු ලබන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට උත්සාහ දරන පිරිස් පිළිබද මනා අවබෝධයෙන්, කටයුතු කළ යුතු බව ද පැවසීය. එමෙන්ම බොහෝ විට මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ තොරතරු මාධ්‍ය මගින් වාර්තා කරනු ලබන්නේ අහිංසක ප්‍රාර්ථනාවන්ගෙන් නොව ජාවාරම්වල දිගුවක් ලෙස විය හැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    ගුණාත්මකභාවය, තත්ත්වය, මිල ඇතුලු ඖෂධ සම්බන්ධ සියළු කටයුතු වල දී ගැටළු මතු වුවහොත් කණ්ඩායමක් ලෙස සියළු දෙනා ඊට වගකිව යුතු බව පැවසූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා, වගකීමකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

    මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා දේශපාලනඥයින් තමන්ගේ ආසනයට කුමන හෝ දෙයක් සිදු කිරීමට අවශ්‍යයි යන සිතුවිල්ලෙන් කටයුතු කරන බවත්, බන්ධනාගාරයක් හෝ තම ආසනයට ලබාගැනීම ඔවුනගේ කැමැත්ත බව ද එලෙස දේශපාලනඥයින්ගේ සිතැගිවලට අනුව කටයුතු කිරීමට ඉඩ නොතබා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි පස් වසර ජාතික අවශ්‍යතාවයට අනුව සැළසුම්, ඉලක්ක සහ මනා ඉදිරි දැක්මකින් යුතුව ප්‍රධාන අංශ කිහිපයක් මුලික කර මෙහෙයවීමට සහ විධිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය. ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම, ද්විතීයික සහ තෘතියීක සෞඛ්‍ය සේවාවන් සංවර්ධනය කිරීම, නියාමනය කරන ලද මිලක් සහිතව ගුණාත්මක, තත්ත්ව සහතික කළ ඖෂධ අඛණ්ඩ සැපයුම‍, සංචාරක සෞඛ්‍ය නැංවීම, සියළු ක්ෂේත්‍ර එ්කාබද්ධව ළමා මන්දපෝෂණය ඇතුලු පෝෂණ ගැටළුව විසදීමට කටයුතු කිරීම එම අංශ වන බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.

    ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව චර්යාධර්ම පද්ධතියක් වන බවත්, ඊට අනුගත වෙමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කාර්යයේ ගුණාත්මකභාවය සහ තීරණ ගැනීමේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ අඛණ්ඩතාව, අපක්ෂපාතීත්වය සහ ස්වාධීනත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සහ වැඩිදියුණු කිරීම, සහතික කිරීම කළ යුතු බව ද අමාත්‍යරයා මෙම සාකච්ඡාවේ දී දැඩිව අවධාරණය කළේය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම, අධ්‍යක්ෂ නියාමන අර්ජුන පත්මපෙරුම, අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිතයින් ඇතුලු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

    සීදූවේ කෝටිපති ව්‍යපාරිකයා මරණය – ජපානයේ සිට උනාකූරුවේ ශාන්ත කළ වැඩක් ?

    0

    වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සීදූව ලියනගේ මුල්ලේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරික නොයෙල් ප්‍රනාන්දු (74) අද (06) මිය ගියේය.මෙම වෙඩි තැබීම සිදුවන්නේ පසුගිය 28 වෙනිදාය.මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙක් ටී 56 අවි දෙකකින් වෙඩි තබා තිබුණේ ව්‍යාපාරිකයාත් ඔහුගේ පුතුන් දෙදෙනාත් ඉලක්කරගෙනය.වෙඩි ප්‍රහාරය හමුවේ බස් රථ හිමිකරුවෙක් මෙන්ම පොලියට මුදල් ලබාදීමේ ව්‍යාපාරයක නිරත එම ව්‍යාපාරිකයාගේ වැඩිමහල් පුතා වන එන්.ටී.එයි. ප්‍රසන්න (54) එම ස්ථානයේදීම මිය ගියේය.ජපානයෙන් මෙරටට වාහන හා වාහන අමතර කොටස් ගෙන්වා බෙදා හැරීමේ ව්‍යාපාරයක නිරතව සිටිනව්‍යාපාරිකයාගේ බාල පුතා වන 45 හැවිරිදි වියැති වසන්ත ප්‍රනාන්දු වෙඩි වැදී බරලතල තුවාල සහිතව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටියි.මෙම වෙඩි තැබීම මෙම ව්‍යාපාරික පවුලේ බාලයා ඉලක්කරගෙන එල්ලවී ඇති බවත් ඊට මුල ජපානයේ සිදුවූ යම් සිදුවීමක් බවට තොරතුරු විමර්ශන කණ්ඩායම්වලට ලැබී තිබේ.ජපානයේ මේ වන විට රැදී සිටින දකුණේ කුප්‍රකට පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන උනාකූරුවේ ශාන්ත සමඟ මෙම ව්‍යාපාරිකයා යම් ගැටුමක් ඇතිකරගෙන ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් සැකකරන තොරතුරු ලැබී ඇත.ජපානයේ වැඩි කාලයක් රැදී සිටින මෙම ව්‍යාපාරිකයා වෙඩික්කරුවන්ගේ ඉලක්කය බවට පත්ව ඇත්තේ කෙටි නිවාඩුවකට මෙරටට පැමිණ සිටියදීය. ඔහුගේ බිරිඳ ජපන් ජාතික කාන්තාවක් බවද පැවසේ.

    විදේශිකයන් ප්‍රවාහනය කලාට උරණව පික්මී රි යදුරාට දඹුල්ලේ ත්‍රීවිල් රියදුරෝ වටකර පහර ද ෙති

    0

    පික් මී සහ ඌබර් කුලී රථ මගින් විදේශිකයන් වැඩිවශයෙන් සිය ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට පුරුදු වී සිටින බැවින් ඊට උරණ ව සිටින දඹුල්ලේ ත්‍රීරෝද රථ රියදුරන් පිරිසක් පික්මී රියදුරෙකුට ඊයේ වටකර පහරදී ඇත.

    විදේශිකයන් දෙදෙනෙක් සිය මෝටර් රථයට ගොඩකර ගැනීමට දඹුල්ල සමූපාකාර ඉන්ධන පිරවුම් හල අසලට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුකර ඇත්තේ විදේශිකයන් දෙදෙනා ඉදිරිපිටදීය.

    විසි දෙනෙකුගෙන් පමණ සමන්විත ත්‍රීරෝද රථ රියදුරන් පිරිසක් වටකර මෙම රියදුරාට පහරදී ඇති බව පොලිසිය කියයි.

    ආණමඩුව නවගත්තේගම පදිංචිකරුවෙක් වන 49 හැවිරිදි මෝටර් රථ රියදුරු පොලිසියට පැමිණිලිකරමින් පවසා ඇත්තේ “ හයර් යන්නේ කොහොමද“ යැයි විමසමින් තමාට පහරදුන් බවය.

    පහරදුන් පිරිස තමා සතුව තිබුණු රුපියල් 87,000ක මුදලක් මෙන්ම උපැස් යුවලද කොල්ලකෑ බව ඔහු සිය පැමිණිල්ලෙහි සඳහන් කර තිබේ.

    විමර්ශන පැවැත්වූ දඹුල්ල පොලීසියේ නිලධාරීන් ත්‍රීරෝද රථ රියදුරන් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බව පොලිසිය සඳහන් කරයි.

    මහනුවර මහාධිකරණ විනිසුරුවරියගේ නිවස හොර ු බිඳයි

    0

    මහනුවර මහාධිකරණ විනිසුරුවරියකගේ පෑලියගොඩ පිහිටි නිවස හොරු බිඳ රුපියල් ලක්ෂ 10ක දේපොල සොරාගෙන ඇත.

    මෙම සොරකම ගැන මහාධිකරණ විනිසුරුවරිය පෑලියගොඩ පොලිස් ස්ථානයට පැමිණ ඊයේ පැමිණිලිකර තිබේ.

    සොරකම සිදුව ඇත්තේ පසුගිය නොවැම්බර් 21 වෙනිදාත් ඊයේත් අතර කාලය තුලය.

    විනිසුරුවරිය කුඩා කල හැදී වැඩුණු මෙම නිවස කාලයක් තිස්සේ වසා තබා ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

    නිවසේ ජනේල් ග්‍රිල් කොටස් කිහිපයක්ද, ඇඳන් 02ක්ද, ජනේල්වලට යොදා තිබුණු යකඩ පොලු හා ගේට්ටුවේ විදුලි පරිපථයයේ ට්‍රිප් ස්විචයද, සියළු වයරින් කොටස්ද සොරාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

    මෙම සොරකම සිදුකල පුද්ගලයා හදුනාගෙන ඇති බවත් ඔහු මත්කුඩු පානයට ඇබ්බැහි වී සිටින්නෙක් බවත් පොලිසිය කියයි.

    කුඩු ගහන්න විදේශිකයන්ගේ ජංගම දුරකථන සොරා ගත් කොස්තාපල් කොටු

    0

    විදේශිකයන් ඉලක්කරගෙන ඔවුන් සතු ජංගම දුරකථන සොරාගැනීම්වල නිරතව සිටි පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ මාතර ඒකකයේ සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ගාල්ල වරාය පොලිසිය ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම නිලධාරියා 2023 වසරේ සිට සේවය අතහැර ගොස් ඇති නිලධාරියෙක් බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

    මෙම පොලිස් නිලධාරියා මිදිගම දී විදේශිකයන් දෙදෙනකු සතු ඇපල් වර්ගයේ ජංගම දුරකථන 03ක්ද, හබරාදූවේදී විදේශිකයෙක් සතු ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්ද සොරාගෙන ඇති බව විමර්ශන වලින් හෙළිවී තිබේ.

    සොරාගත් එම ජංගම දුරකථන 04 ද ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත සොයාගෙන ඇත.මත්කුඩු පානයට මුදල් සොයා ගැනීමට මෙසේ ඔහු ජංගම දුරකථන සොරාගෙන ඇති බව අනාවරණය වි ඇත.

    එස්.ටී.එෆ්. කොස්තාපල් බීල එලවපු ජිප් එකට වූ දේ

    0

    බීමත්ව ජිප් රථයක් ධාවනය කර අනතුරක් කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ රාජගිරිය කඳවුරේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙක් වැලිකඩ පොලිසිය විසින් අද අත්අඩංගුවට ගත්තේය.

    මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදී කොටා පාරේදී බව පොලිසිය සඳහන් කළේය.

    අනතුර සිදුව ඇත්තේ ජිප් රථය පාර මැද පෙරලීමෙනි. අධික වේගයෙන් ජිප් රථය ධාවනය කිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

    කුරුණෑගල රෝහලේ කරක් ගැසූ හොර දොස්තර අල්ල යි

    0

    වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින් කුරුණෑගල රෝහලට ඇතුළු වූ පුද්ගලයකු කුරුණෑගල පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තේය.

    මෙම පුද්ගලයා සතුව තිබී කැලණිය විශ්වවිද්‍යාලයේ “රාගම වෛද්‍ය පීඨයේ“ ශිෂ්‍යයෙක් ලෙස සඳහන් හැදුණුම්පතක්ද තිබී ඇත. එම හැදුණුම්පත ව්‍යාජ එකක් බව අනාවරණය වී තිබේ.

    මෙම පුද්ගලයා පොතුහැර පදිංචි 43 හැවිරිදි වියේ පසුවන්නෙකි.

    වෙද නලාවක් කරේ දමාගෙන රෝහල් පරීශ්‍රයට අවස්ථා කිහිපයකදීම ඇතුළු වූ මෙම පුද්ගලයා කෙරෙහි සැක සිතූ රෝහල් බලධාරීන් ඒ ගැන පොලීසියට පැමිණි කිරීමෙන් අනතුරුව ඔහු හොරෙක් බව හෙළිවී තිබේ.

    හොර නෝට්ටු මුද්‍රණය කර බෙදා හැරීමේ ජාවා රමක් දමනින් එළියට

    0

    ව්‍යාජ ලෙස මුදල් නෝට්ටු මුද්‍රණයකර බෙදා හැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ දමන පොලිසිය ඊට සම්බන්ධ සැකකරුවන් තිදෙදෙනක් ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවන් සතුව සිටී ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් 5,000 නෝට්ටුවක්, ව්‍යාජ 5,000 නෝට්ටු කිහිපයක්ම මුද්‍රණයකර ඇති ඒ 04 ප්‍රමාණයේ කඩදාසියක්, ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගත් පරිගණකයක්, මුද්‍රණ යන්ත්‍රයක් ඇතුළු උපකරණ රැසක් සොයාගත් බව දමන පොලිසිය සඳහන් කළේය.

    අත්අඩංගුවටගත් සැකකරුවන් අම්පාරේ පදිංචිකරුවන්ය. ඔවුන් අවුරුදු 18, 19 සහ 30 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය සඳහන් කරයි.

    සෙල්ලකතරගමදී ගංජා සමඟ හමුදා සෙබලෙක් කොටු වේ

    0

    සෙල්ලකතරගම ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී ගංජා සමඟ යුද හමුදා සෙබලෙකු කතරගම පොලීසිය ඊයේ (05) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    වයස අවුරුදු 37ක් වන මෙම සෙබලා පල්ලෙකැලේ කඳවුරේ සේවයේ නිරතව සිටින්නෙකි.

    මෙම සෙබලා සතුව තිබී සොයාගෙන ඇත්තේ ගංජා ග්‍රෑම් 100කි.

    කතරගම ලක්ෂ්මී දේවාලය අසල මෙම සෙබලා පදිංචිකරුවෙක් බව පොලිසිය සඳහන් කළේය.

    වෙඩි බෙහෙත් එකතුකර හැදූ රක්ඤ්ඤය පුපුර සිස ුවා රෝහලේ

    0

    වෙඩි බෙහෙත් කුඩු එකතුකර සකස්කර ඇති චීන පටස් වැනි යමකින් සෙල්ලම්කරමින් සිටි 13 හැවිරදි සිසුවෙක් පිපිරීමකින් තුවාල ලබා සිරිගල රෝහලට ඇතුලත්කර ඇත.

    මොනරාගල වැදිකුඹුරේ පදිංචිව සිටි සිසුවෙකු මෙසේ රෝහල්ගතකර ඇත්තේ ඊයේ (05) සවස් කාලයේදීය.

    පිපුරුමෙන් සිසුවාගේ පාදයට පිළිස්සුම් තුවාල සිදුව ඇති බව මොනරාගල පොලිසිය සඳහන් කළේය.

    කුඩු හා පාතාලය මැඩලීමට පොලීසිය වැඩ පටන් ග ෙන ඇතැයි වැඩ බලන පොලිස්පති කියයි

    0

    පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ පළමු හා දෙවන පෙළ ජාල හදුනාගෙන ඇති බව වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

    පාතාලය හා මත්කුඩු පාලනයට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක වන නමුත් ඒ කරන දේ ගැන මාධ්‍යට අනාවරණය නොකරන බව ප්‍රියන්ත වීරසූරිය මහතා අවධාරණය කරයි.

    පවතින නීති රාමුව තුළ පාතාලය හා මත්ද්‍රව්‍ය මැඩලීමේ කටයුතු සිදුකරන බවත් 2024 වසරට වඩා 2025 වසරේ දී වැඩි කාර්ය සාධකයක් ලබා ගැනීමට කටයුතු කරන බවත් වීරසූරිය මහතා කීය.

    රටින් බැහැරව විදේශගතව සිටින පාතාල අපරාධකරුවන් හඳුනාගෙන සිටින බවත් මේ වන විටත් ඒ අයට එරෙහිව රතු සහ නිල් නිවේදන පවා ලබාගෙන අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

    වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මේ බව සඳහන් කරනු ලැබුවේ යාපනය ප්‍රජා පොලිස් කමිටු හමුවකට පසුගිය සතියේ එක්වෙමිනි.

    රෙදි සෝදින යන්ත්‍රයෙන් ගිනි අවියක් මතුවේ

    0

    මෙරට මුහුදු මාර්ග ඔස්සේ මත්කුඩු තොගයක් ප්‍රවාහනය කිරීමක් සම්බන්ධයෙන් කෙරන විමර්ශනයකට අදාලව අත්අඩංගුවටගත් බහුදින යාත්‍රා හිමිකරුවෙකුගේ හික්කඩුව නාරිගම පිහිටි නිවසේ රෙදි සෝදන යන්ත්‍රයක් තුළ සඟවා තිබූ මයික්‍රෝවර්ගයේ ගිනි අවියක් පතොරම් 04ක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම ගිනි අවියට අමතරව මෙම විමර්ශනයේදී අත්බෝමබ 02ක් ටී 56 අවි වලට යොදන පතොරම් 66ක් ද සොයාගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කර්යාංශය සඳහන් කරයි.

    මෙම පුද්ගලයාට අයත් බව කියන චානු පුතා නැමැති බහුදින යාත්‍රාවෙන් කිලෝ සිය ගණනක මත්කුඩු තොගයක් මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනයකර ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශනය සිදුවෙමින් පවතී.

    ඒ අනුව නාවික හමුදාව මගින් පසුගිය වසරේ ඔක්තෝබර් 31 වෙනිදා මහා මුහුදේදී මෙම බහුදින යාත්‍රාව පරීක්ෂා කිරීමටද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පියවර ගෙන තිබුණි. ඒ වන විටත් එම යාත්‍රාවේ තිබුණු මත්ද්‍රව්‍ය කුඩා බෝට්ටුවලට පටවා තිබී ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

    මේ ගැන යාත්‍රාෙව් හිමිකරු වන 30 හැවිරිදි වියේ පසුවන බහුදින යාත්‍රා හිමිකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ගිනි අවිය ගැන තොරතුරු හෙළිවී ඇත. ඒ අනුව එම ගිනි අවිය ඔහුට ලබාදුන් බව කියන පුද්ගලයකුද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ගිංතොට පදිංචි 33 හැවිරිදි වියේ පසුවන්නෙකි.

    සැකකරුවන් දෙදෙනා රදවාගෙන වැඩිදුර විමර්ශන සිදුවන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි.

    නිෂ්කාශන වාර්තාවක් ඉල්ලාගෙන ආ රියදුරා පො ලීසියේදී වස බොයි

    0

    මෙරට පිහිටි විදේශීය ඉන්ධන සමාගමක රියදුරු රැකියාවක් සදහා ඉල්ලුම්කල පුද්ගලයකුගේ පොලිස් නිෂ්කාශන වාර්තාවේ ඔහු බීමත්ව රිය පැදවීමේ වරදට හසුවී ඇතැයි සටහන්ව තිබීම හේතුවෙන් ඒ බව එම වාර්තාවෙන් ඉවත්කර දෙන ලෙස ඉල්ලමින් කන්තලේ සිරිපුර පොලිස් ස්ථානය තුළ වස පානයකර සියදිවි හානිකර ගැනීමට උත්සහයක නිරතව ඇත.

    කන්තලේ වාන්ඇල ජයන්තිපුර පදිංචිකරුවෙක් මෙසේ සියදිවි හානිකර ගැනීමට උත්සහ ගෙන ඇත්තේ පෙරේදා (04) දහවල් කාලයේදීය.

    වස පානය කළ මෙම පුද්ගලයාට පොලිස් නිලධාරීන් විසින් ක්ෂණික ප්‍රථිකාර ලබාදී කන්තලේ මූලික රෝහලට කඩිනමින් ඇතුලත්කර ඇත.

    මෙම පුද්ගලයා විසින් ඉල්ලා සිටි නිෂ්කාශන වාර්තාවේ අවස්ථා තුනකදී බීමතින් රිය පැදවීමේ වරදටත් ,රිය අනතුරක් සිදුකිරීමේ වරදටත්, පහරදීමේ වරදකටත් අධිකරණයට ඉදිරිපත්කර ඇති බව සදහන්කර තිබී ඇත.

    වස කුප්පියක්ද රැගෙන පොලිස් ස්ථානයට පැමිණි මෙම පුද්ගලයා පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ බීමතින් රිය පැදවීමේ චෝදනාව පොලිස් නිෂ්කාශන වාර්තාවෙන් ඉවත්කර දෙන ලෙසය. එසේ නොවුණහොත් තමාට රැකියාව නොලැබෙන බව පවසමින් ඔහු පොලිස් නිලධාරීන් ඉදිරියේ පිංසෙන්ඩු වී තිබේ.

    තමන්ට එසේ කළ නොහැකි බව පොලිස් නිලධාරීන් පැහැදිලිකර දීමෙන් අනතුරුව ඔහු වස පානයකර ඇති බව පොලීසිය සහන් කළේය.