විනෝද චාරිකාවක් යාමට පැමිණෙන ලෙස සඳහන් කරමින් කරණවෑමියෙකු යක්කල කොස්කඳවල පුරාණ විහාරස්ථානය අසලට ගෙන්වාගෙන අද දවහල් වෙඩි තබා ඇත.
වේයන්ගොඩ ගල්ගමුවේ පදිංචිකරුවෙක් වන හර්ෂ ලක්ෂිත නැමැති 30 හැවිරිදි වියැති තරුණයෙක් මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.
මෙම පුද්ගලයා මත්කුඩු ජාවරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතවද සිට ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මගී බස් රථයකින් පැමිණ විහාරස්ථානය අසල බැස සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් ඔහුට වෙඩි තබා ඇති බව විමර්ශන වලින් හෙළිවී තිබේ.
වෙඩි වැදුණු ඔහු මේ වන විට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබයි.