නව පත්වීම් ලැබූ දූත මණ්ඩල ප්‍රධානීහු අද (10) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හමුවුහ.
කටාර් රාජ්‍ය යේ නව තානාපති ආර්.එස් ඛාන් අසාඩ්, නවසීලන්ත රජයේ නව මහ කොමසාරිස් ඩබ්ලිව්.ජී.එස් ප්‍රසන්න, රුසියානු සමූහාණ්ඩුවේ නව තානාපති එස්.කේ ගුණසේකර, කුවේට් රජයේ නව තානාපති එල්.පී රත්නායක, ආරාබි රාජ්‍ය යේ නව තානාපති ඒ.එස්.කේ සෙනවිරත්න මහත්ම මහත්මීහු ඒ අතර වූහ.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.