ඇමරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ පර්ගණක පද්ධතියට චීන හැකර්වරුන්ගේ ප්‍රහාරයක් එල්ලවී ඇතිබව ඇමරිකා එක්සත් ජනපද බලධාරීන් නිවේදනය කරයි.
ඒ අනුව මෙලෙස භාණ්ඩාගාර දෙපාර්තමේන්තු පරිගණ පද්ධතියට ඇතුළු වූ චින හැකර්වරුන් විසින් වැදගත් හා රහසිගත ලියවිලි රැසකට ප්‍රවේශ වී ඇති බවටද අනාවරණය වේ.
මෙම හැකර්වරුන් චීනය රජයේ අනුග්‍රහය සහිතව කටයුතු කරනු ලබන පිරිසක් බවටද ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සඳහන් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඇමරිකාවේ එෆ්.බී.අයි ආයතනය සහ අනෙකුත් ආයතන සමඟ කටයුතු කරමින් සිටින බවද භාණ්ඩාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහන් කරයි.
මේ අතර ඇමරිකාවේ වොෂීන්ටන් ඩී.සී හි පිහිටි චීන තානාපති කාර්යාලය විසින් ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු රජය විසින් එල්ල කරනු ලබන චෝදනා පදනම් විරහිත බවයි.