fbpx
තවත්
    මුල් පිටුවspecialද.කොරියානු ජනාධිපති දෝෂාභියෝගයෙන් පරදී

    ද.කොරියානු ජනාධිපති දෝෂාභියෝගයෙන් පරදී

    දකුණු කොරියානු පාර්ලාමේන්තු මන්ත්‍රීරුන් විසින් එරට ජනධිපති යුන් සුක් යෙයෝල්ට එරෙහිව ගෙන එන ලද දෝෂාභියෝගයෙන් ජනාධිපතිවරයා පරාජයට පත්ව තිබේ.

    ඉකුත් දෙසැම්බර් 3 වැනිදා දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් හදිසියේම හමුදා නීතිය පැනවීමට ගත් තීරණය හේතුවෙන් මෙලෙස ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එනු ලැබීය. මෙහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ පක්ෂය වන පිපපල් පවර් පක්ෂයේ මන්ත්‍රීවරුන් කීප දෙනෙකු ඇතුළුව මන්ත්‍රීවරුන් 204 දෙනෙකු දෝෂභියෝගයට සහය දෙනු ලැබීය.

    ඒ අනුව දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ නිල රාජකාරිවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.

    දෝෂාභියෝගය අවසානයේ කොරිාන පාර්ලාමේන්තුවේ කතානායක වරයා සඳහන් කර සිටියේ, “ජනතාවට, මෙම වසර අවසානය මදක් සතුටුදායක වනු ඇති බවට බලාපොරොත්තු වෙනවා, ඒ වගේම ජනතාවට මීට අවලංගු කරන ලද වසර අවසාන සැමරුම් යලිත් සැමරීමට හැකියාව ලැබෙනු ඇතැයි කියා අපි බලාපොරොත්තු වෙනවා ,” යනුවෙනි.

    මේ අතර ජනාධිපති යූන්ව දෝෂාභියෝගයට ලක් කළ යුතුද නැතහොත් ප්‍රතිෂ්ඨාපනය කළ යුතුද යන්න පිළිබඳව තීන්දු කිරීමට දකුණු කොරියානු ව්‍යවස්ථාපිත අධිකරණයට දින 180ක කාලයක් හිමිවනු ඇත. ඒ අනුව ජනාධිපතිවරයා දෝෂාභියෝගයකට ලක් කළයුතු බවට අධිකරණය තීරණය කලහොත් දින 60ක් ඇතුළත මීළඟ ජනාධිපතිවරයා සඳහා මැතිවරණයක් කැඳවිය යුතුය.

    එම තීරණය ගන්නා තෙක් එරට අගමැති හැන් ඩක්-සූ වැඩබලන ජනාධිපති ලෙස වැඩ භාර ගැනීම සිදුකරනු ඇත.

    දකුණු කොරියානු ජනාධිපතිවරයාට එරෙහිව ඉකුත් සතියේදී දෝෂාභියොග්යක් ගෙන ඒම සිදු වුවද එහිදී ජනාධපිතිවරයා නියේජනය කරනු ලබන පක්ෂයේ මන්ත්‍රීවරුන් එය වර්ජනය කිරීමත් සමඟ එම දෝෂාභියෝගයක ජය ගැනීමට ජනාධිපතිවරයාට සමත්විය.

    කෙසේ වෙතත් දකුණු කොරියාව පුරා ආරම්භ වූ දැවැන්ත විරෝධතා ආරම්භ විය. මේ අතර දෝෂාභියෝගයෙන් ජනාධිපතිවරයා පරාජයට පත්වීමත් සමග දකුණු කොරියානුවන් ප්‍රීති ඝෝෂා පැවැත්වීම් කරමින් සිටින බවදට වාර්තාවේ.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img