fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්නිෂ්කාශන වාර්තාවක් ඉල්ලාගෙන ආ රියදුරා පො ලීසියේදී වස බොයි

    නිෂ්කාශන වාර්තාවක් ඉල්ලාගෙන ආ රියදුරා පො ලීසියේදී වස බොයි

    මෙරට පිහිටි විදේශීය ඉන්ධන සමාගමක රියදුරු රැකියාවක් සදහා ඉල්ලුම්කල පුද්ගලයකුගේ පොලිස් නිෂ්කාශන වාර්තාවේ ඔහු බීමත්ව රිය පැදවීමේ වරදට හසුවී ඇතැයි සටහන්ව තිබීම හේතුවෙන් ඒ බව එම වාර්තාවෙන් ඉවත්කර දෙන ලෙස ඉල්ලමින් කන්තලේ සිරිපුර පොලිස් ස්ථානය තුළ වස පානයකර සියදිවි හානිකර ගැනීමට උත්සහයක නිරතව ඇත.

    කන්තලේ වාන්ඇල ජයන්තිපුර පදිංචිකරුවෙක් මෙසේ සියදිවි හානිකර ගැනීමට උත්සහ ගෙන ඇත්තේ පෙරේදා (04) දහවල් කාලයේදීය.

    වස පානය කළ මෙම පුද්ගලයාට පොලිස් නිලධාරීන් විසින් ක්ෂණික ප්‍රථිකාර ලබාදී කන්තලේ මූලික රෝහලට කඩිනමින් ඇතුලත්කර ඇත.

    මෙම පුද්ගලයා විසින් ඉල්ලා සිටි නිෂ්කාශන වාර්තාවේ අවස්ථා තුනකදී බීමතින් රිය පැදවීමේ වරදටත් ,රිය අනතුරක් සිදුකිරීමේ වරදටත්, පහරදීමේ වරදකටත් අධිකරණයට ඉදිරිපත්කර ඇති බව සදහන්කර තිබී ඇත.

    වස කුප්පියක්ද රැගෙන පොලිස් ස්ථානයට පැමිණි මෙම පුද්ගලයා පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ බීමතින් රිය පැදවීමේ චෝදනාව පොලිස් නිෂ්කාශන වාර්තාවෙන් ඉවත්කර දෙන ලෙසය. එසේ නොවුණහොත් තමාට රැකියාව නොලැබෙන බව පවසමින් ඔහු පොලිස් නිලධාරීන් ඉදිරියේ පිංසෙන්ඩු වී තිබේ.

    තමන්ට එසේ කළ නොහැකි බව පොලිස් නිලධාරීන් පැහැදිලිකර දීමෙන් අනතුරුව ඔහු වස පානයකර ඇති බව පොලීසිය සහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img