fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බහාලුම් මෙහෙයුම්වලට නව ජීවයක් දෙමින් හම්බන්තොට වරායට දැවැන්ත ආයෝජනයක්

    බහාලුම් මෙහෙයුම්වලට නව ජීවයක් දෙමින් හම්බන්තොට වරායට දැවැන්ත ආයෝජනයක්

    හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) තම බහාලුම් මෙහෙයුම් තවදුරටත් වැඩි දියුණු කරමින්, අති නවීන දොඹකර තාක්ෂණයක් සඳහා ඩොලර් මිලියන 41ක සැලකිය යුතු ආයෝජනයක් කොට ඇත. ගැන්ට්‍රි දොඹකර (QC) හතරක් සහ රබර් ටයර් ගැන්ට්‍රි දොඹකර (RTG) දහතුනක් මෙම නවීකරණයට ඇතුළත් වන අතර, එමගින් සම්මත අඩි 20 බහාලුම් (TEU) මිලියනයක් හැසිරවීමේ හැකියාව හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) සතු වේ. නව යන්ත්‍රෝපකරණ, 2025 ජනවාරි මස මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.

    නොවැම්බර් 30 වන දින De Qiang 66 නෞකාවෙන් පැමිණි QC හතර, මීටර් 65 ක දිගක් ඇති ද්විත්ව එසවීම් (Twinlift) වලින් සමන්විත වන අතර, ටොන් 50 ක තනි එසවීම්, ටොන් 65 ක ද්විත්ව (tandem) එසවීම් සහ underhook බාල්කය යටතේ ටොන් 75 ක බර ප්‍රමාණයක් හැසිරවීමේ හැකියාව ඇති අතර ගරාදියට ඉහළින් (above rail) මීටර් 42 ක් සහ පහළින් (below) මීටර් 20 ක ඔසවන උසක් සපයයි. එදිනම Fend Hai Da නෞකාවෙන් පැමිණි RTG යන්ත්‍ර, මීටර 23.47 ක පරාසයක් සහ මීටර 6.9 පාදක දුරකින් යුක්ත වන අතර, ටොන් 41 ක තනි හැසිරවීමේ ධාරිතාවකින් සහ බහාලුම් 6කට වැඩි එසවුම් උසකින් සමන්විත වේ. එමෙන්ම මෙම යන්ත්‍ර හරිත වරායන්ට උචිත ලෙස නිර්මාණය කොට ඇත. HIPහිනවීන QC සහ RTG දොඹකර, මෙහෙයුම් වලදී ඉහළ කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව සහතික කරමින් උසස් ස්වයංක්‍රීයකරණ පද්ධති සහ ගැටුම් වලකන තාක්ෂණයෙන් නිමව තිබේ.

    HIP හි දැනට ක්‍රියාත්මක යන්ත්‍රෝපකරණ සමඟ එක් වන නව දොඹකර සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීමට මාස දෙකකට ආසන්න කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    "මෙම නව දොඹකර මගින් HIP හි බහාලුම් හැසිරවීමේ හැකියාවන් සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර ශ්‍රී ලංකාවේ පරිපූර්ණ බහුකාර්ය වරායක් ලෙස ස්ථානගත වීම අපගේ අදිටනයි," HIPG හි ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් මහතා පවසයි. “මෙම ධාරිතා වර්ධනය අපගේ ප්‍රතිනැව්ගත කිරීමේ මෙහෙයුම් සඳහා ඉතා වැදගත් වනවා මෙන්ම අපගේ කාර්මික කලාපය තුළ කම්හල් පිහිටුවීමට අපේක්ෂා කරන ආයෝජකයින් ආකර්ෂණය කිරීමටද විශාල ශක්තියක් වනවා. මේ පිළිබඳව විමසීම් කිහිපයක් දැනටමත් අපට ලැබී තිබෙනවා. මින් අමතරව, අපගේ ව්‍යාපෘති සඳහා වඩාත් සුදුසු හවුල්කරුවන් සම්බන්ධ කර ගැනීම වෙනුවෙන් අපගේ අලෙවිකරණ කණ්ඩායම, වරායේ සියලු වැඩිදියුණුවක්ම ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කරමින් සිටිනවා.” එසේම හම්බන්තොට සහ කොළඹ අතර feeder සේවා ඉක්මනින් ස්ථාපිත කිරීම තුළින් භාණ්ඩ ප්‍රවාහන කාර්යක්ෂමතාව ඉහල නංවා, වෙරළාශ්‍රිත නාවික ජාලය වැඩිදියුණු වීමත් සමග, 2025 – 2026 අතර TEU මිලියන 10 ක් හැසිරවීමේ ඉලක්කයට ශ්‍රී ලංකාව සමීප වනු ඇතැයි ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

    නවීකරණය කරන ලද පහසුකම් වරාය කර්මාන්ත කලාපයේ මෙහෙයුම් වලට රුකුලක් වනවා මෙන්ම, දේශීය ව්‍යවසායකයින්ට නව අවස්ථා උදා කර, දකුණු පළාතේ කර්මාන්ත වර්ධනය ඉහල නංවනු ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ සමුද්‍රීය අරමුණු නඟා සිටුවීම සඳහා නිරතුරුව දායක වීමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය කැපව සිටී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img