තවත්
    මුල් පිටුවදේශීය පුවත්ආරක්ෂකයාව මරා පොල්තෙල් මෝලේ සේප්පුව බිඳ ලක්ෂ 14ක් කොල්ලකාලා

    ආරක්ෂකයාව මරා පොල්තෙල් මෝලේ සේප්පුව බිඳ ලක්ෂ 14ක් කොල්ලකාලා

    බත්තුළුඔය පිහිටි පොල්තෙල් නිෂ්පාදන ආයතනයකට කඩාවැදී එහි ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනයකර සේප්පුව කඩා රුපියල් ලක්ෂ 14කට ආසන්න මුදලක් කොල්ලකෑ එම ආයතනයේම සේවයේ නිරත සේවකයෙකු මුන්දලම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවටගත් සැකකරු එම පොල්තෙල් නිෂ්පාදනාගාරයේ සේවයේ නිරත සේවකයෙක් බව පොලිසිය සදහන් කරයි.

    බත්තුළුඔය පදිංචිකරුවෙක් වන 37 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (11) සවස බත්තුළුඔය ප්‍රදේශයේදීය.

    කොල්ලකෑ මුදලින් කොටසක්ද පොලිසිය සොයාගෙන ඇත. ඔහු අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් බව පොලිසිය කියයි.

    ඝාතනයට ලක්ව ඇත්තේ කේ.එම්. ඉන්දික නැමැති 45 හැවිරිදි වියේ පසුවන ආරක්ෂක නිලධාරියාය. ඔහු විජය කටුපොත පදිංචිකරුවෙකි. මෙරට ප්‍රධාන පෙලේ ආරක්ෂක සමාගමක සේවකයෙක් බව පොලිසිය කියයි.

    ආරක්ෂක නිලධාරියා පසුගිය 10 වෙනිදා රාත්‍රී රාජකාරියට වාර්තාකර ඇති බවත් ඔහුව ඝාතනය කර ඇත්තේ අලුයම 3.00ට හෝ ඒ ආසන්න කාලයකදී බවත් පොලිසිය සඳහන් කරයි.

    ආරක්ෂක නිලධාරියා ඝාතකයකර ඇත්තේ යකඩ උලකින් හිසට පහරදී බව පොලිසිය කියයි. මෙම ඝාතනය හා කොල්ලය සම්බන්ධයෙන් කළ විමර්ශනයේදි සේවකයාගේ හැසිරීම ගැන ඇතිවූ සැකයක් මත ඔහුව පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img