ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුල මිනිස් පඨක සහ මංශ කා දමන බැක්ටීරියාවේ සීඝ්‍ර වර්ධනයක් වාර්තා වන බවට වික්ටෝරියානු ප්‍රාන්ත බලධාරීන් අවධාරනය කරයි.
ඒ අනුව මේවන විට මෙම බැක්ටීරියා ආසාදනය වික්ටෝරියා ප්‍රාන්තයේ සිට උතුරු ප්‍රදේශ දක්වා වර්ධනය වී ඇති බවද සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන අතර බැක්ටීරියාව ආසාදනය වීමෙන් වැලැක්වීමට නිසි සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කරන ලෙසටද ජනතාවට දැණුම් දී ඇති බවට වාර්තාවේ.
මෙම මිනිස් මාංශ කා දමන බැක්ටීරියාව ඕස්ට්‍රේලියාව තුල 1940 දශකයේ සිට පවතින අතර මෑත කාලයේදී එහි සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවට බලධාරීන් පෙන්වා දෙයි.
මේ අතර මෙම වසරේ දෙසැම්බර් 17 වැනිදා වන විට අදාල බැක්ටීරියාව ආසාදනය වීමේ සිදුවීම් 344ක් වර්ථා වී ඇති බව ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය දත්ත වාර්තා අනාරවණය කරයි.
කෙසේවෙතත් මෙම බැක්ටීරියාව මිිනිසුන් අතර සම්ප්‍රේෂණය නොවන අතර මදුරුවන් ද මගින් බැක්ටීරියාව පැතිරයාමේ හැකියාවක් පවතින බවට වෛද්‍යවරුන් පෙන්වා දෙයි.