පෙම්වතා සමඟ පළාගිය බාලවයස්කාර දැරියක් සොයා කලවැල්ගල පිහිටි පෙම්වතාගේ නිවසට ගිය තණමල්විල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනියටත් ප්‍රජා පොලිස් ස්ථානාධිපතිටත් පොලිස් කොස්තාපල්වරයෙකුටත් පහරදුන් පෙම්වතාත් ඔහුගේ මවත් පියාත් බාප්පාත් ඇතුළු 05 දෙනෙක් තණමල්විල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පස් දෙනා අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙම පහරදීම සිදුව ඇත්තේ ඊයේ (08) පෙරවරුවේදීය. ළමා හා කාන්තා කාර්යාංශයේත්, ප්‍රජා පොලිස් ස්ථානාධිපතිත් පොලිස් පරීක්ෂකවරුන්ය. තුවාල ලැබූ ඔවුන් දෙදෙනා සහ කොස්තාපල්වරයා තණමල්විල රෝහලට ඇතුලත්කර ඇත.