fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවට

    චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවට

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර බෙදා හැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් සැකපිට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් තෙල්දෙණිය පොලීසිය අද අත්අඩංගුවට ගත්තේය.

    ඔහු දිගන පදිංචිකරුවෙකි.

    මෙම චිත්‍රපට අධ්‍යක්ෂවරයා ගැන තොරතුරු පොලීසියට ලැබී ඇත්තේ ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් 5,000 නෝට්ටු 57ක් සමඟ පසුගිය 20 වෙනිදා අත්අඩංගුවටගත් පාසල් සිසුන් සිව් දෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේදීය. ඒ එක් සිසුවෙක් මෙම චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ මාමා වන බව පොලීසිය සඳහන් කළේය.

    දිගන රජවැල්ලේ පදිංචිව සිටින සිසුන් 03 දෙනෙක් සහ බලගොල්ලේ පදිංචි සිසුවෙක් ව්‍යාජ නෝට්ටු සමග 20 වෙනිදා පොලීසිය අත්ඇඩංගුවට ගෙන තිබුණි. එම සිසුන් අවුරුදු 16 හා 17 යන වයස්වල පසුවන්නන් බව පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img