මෙරට මුහුදු මාර්ග ඔස්සේ මත්කුඩු තොගයක් ප්‍රවාහනය කිරීමක් සම්බන්ධයෙන් කෙරන විමර්ශනයකට අදාලව අත්අඩංගුවටගත් බහුදින යාත්‍රා හිමිකරුවෙකුගේ හික්කඩුව නාරිගම පිහිටි නිවසේ රෙදි සෝදන යන්ත්‍රයක් තුළ සඟවා තිබූ මයික්‍රෝවර්ගයේ ගිනි අවියක් පතොරම් 04ක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ගිනි අවියට අමතරව මෙම විමර්ශනයේදී අත්බෝමබ 02ක් ටී 56 අවි වලට යොදන පතොරම් 66ක් ද සොයාගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කර්යාංශය සඳහන් කරයි.
මෙම පුද්ගලයාට අයත් බව කියන චානු පුතා නැමැති බහුදින යාත්‍රාවෙන් කිලෝ සිය ගණනක මත්කුඩු තොගයක් මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනයකර ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශනය සිදුවෙමින් පවතී.
ඒ අනුව නාවික හමුදාව මගින් පසුගිය වසරේ ඔක්තෝබර් 31 වෙනිදා මහා මුහුදේදී මෙම බහුදින යාත්‍රාව පරීක්ෂා කිරීමටද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පියවර ගෙන තිබුණි. ඒ වන විටත් එම යාත්‍රාවේ තිබුණු මත්ද්‍රව්‍ය කුඩා බෝට්ටුවලට පටවා තිබී ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත.
මේ ගැන යාත්‍රාෙව් හිමිකරු වන 30 හැවිරිදි වියේ පසුවන බහුදින යාත්‍රා හිමිකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ගිනි අවිය ගැන තොරතුරු හෙළිවී ඇත. ඒ අනුව එම ගිනි අවිය ඔහුට ලබාදුන් බව කියන පුද්ගලයකුද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ගිංතොට පදිංචි 33 හැවිරිදි වියේ පසුවන්නෙකි.
සැකකරුවන් දෙදෙනා රදවාගෙන වැඩිදුර විමර්ශන සිදුවන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි.