වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සීදූව ලියනගේ මුල්ලේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරික නොයෙල් ප්‍රනාන්දු (74) අද (06) මිය ගියේය.
මෙම වෙඩි තැබීම සිදුවන්නේ පසුගිය 28 වෙනිදාය.
මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙක් ටී 56 අවි දෙකකින් වෙඩි තබා තිබුණේ ව්‍යාපාරිකයාත් ඔහුගේ පුතුන් දෙදෙනාත් ඉලක්කරගෙනය.
වෙඩි ප්‍රහාරය හමුවේ බස් රථ හිමිකරුවෙක් මෙන්ම පොලියට මුදල් ලබාදීමේ ව්‍යාපාරයක නිරත එම ව්‍යාපාරිකයාගේ වැඩිමහල් පුතා වන එන්.ටී.එයි. ප්‍රසන්න (54) එම ස්ථානයේදීම මිය ගියේය.
ජපානයෙන් මෙරටට වාහන හා වාහන අමතර කොටස් ගෙන්වා බෙදා හැරීමේ ව්‍යාපාරයක නිරතව සිටින
ව්‍යාපාරිකයාගේ බාල පුතා වන 45 හැවිරිදි වියැති වසන්ත ප්‍රනාන්දු වෙඩි වැදී බරලතල තුවාල සහිතව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙම වෙඩි තැබීම මෙම ව්‍යාපාරික පවුලේ බාලයා ඉලක්කරගෙන එල්ලවී ඇති බවත් ඊට මුල ජපානයේ සිදුවූ යම් සිදුවීමක් බවට තොරතුරු විමර්ශන කණ්ඩායම්වලට ලැබී තිබේ.
ජපානයේ මේ වන විට රැදී සිටින දකුණේ කුප්‍රකට පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන උනාකූරුවේ ශාන්ත සමඟ මෙම ව්‍යාපාරිකයා යම් ගැටුමක් ඇතිකරගෙන ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් සැකකරන තොරතුරු ලැබී ඇත.
ජපානයේ වැඩි කාලයක් රැදී සිටින මෙම ව්‍යාපාරිකයා වෙඩික්කරුවන්ගේ ඉලක්කය බවට පත්ව ඇත්තේ කෙටි නිවාඩුවකට මෙරටට පැමිණ සිටියදීය. ඔහුගේ බිරිඳ ජපන් ජාතික කාන්තාවක් බවද පැවසේ.