fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අසිරිමත් නත්තල අදයි

    අසිරිමත් නත්තල අදයි

    සාමයේ පණිවිඩය ලොවට ගෙන ආ ජේසු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල් දිනය අදට (25) දී තිබේ.

    ඊයේ (24) වැනිදා මැදියම් රැයෙන් උදාවූ මෙම නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ සහභාගි වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්විණි.

    ශ්‍රී ලංකාවේ මධ්‍යම රාත්‍රී ප්‍රධාන නත්තල් දේව මෙහෙය පැවැත්වුණේ ජා-ඇළ වික්ෂෝප මාතා දෙව් මැඳුරේදීය.

    අදින් වසර 2024කට පෙර දිනෙක බෙත්ලෙහෙමේ ගවලෙනක උපත ලැබූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුවිශේෂ උපත සැමරීම වෙනුවෙන් මෙවරද කිතුනු දේවස්ථාන රැසක විවිධ විශේෂාංග සංවිධානයකර තිබිණි.

    සාම්ප්‍රදායිකව පැවැත්වෙන කැරොල් ගී ප්‍රසංග, ජේසු බිලිඳාගේ උපත සිහිපත් කෙරෙන ගවලෙන් හා නත්තල් ගස් සැකසීම යනාදිය සිදු කරමින්, රට පුරා කිතුනු ජනතාව මෙවර නත්තල් උත්සවය සැමරීමට මහත් හරසරින් කටයුතු කරන ආකාරය දක්නට ලැබිණි.

    කොළඹ නගරය, නෙළුම් කුලුන, ගාලු මුවදොර අවට සහ කොළඹ වරාය මෙන්ම රටපුරා නගර නත්තල් දිනය සැමරීම වෙනුවෙන් අලංකාර කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img