කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් පැවති රුපියල් කෝටි එකහාමාරක් පමණ වටිනා ස්කැමල් වර්ගයේ රථයක් ඇල්දෙණිය ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයකින් ගමන්කරමින් සිටි පිරිසක් විසින් කොල්ලකා ඇතැයි කඩවත පොලිසිය සඳහන් කරයි.
මෙම කොල්ලය ඊයේ (11) සවස කොල්ලකා ඇත්තේ ලීසිං සමාගමකට සම්බන්ධ පිරිසක් විසින් බවට තොරතුරු ඇතැයි පොලිසිය කියයි.
ත්‍රීරෝද රථයකින් ගමන්කරමින් සිටි එම සැකකරුවන් ස්කැමල් රථයේ රෝදයක කටුකම්බියක් පැටලී ඇතැයි රියදුරුට පවසා ඇති බවත් ඒ අනුව රථය නතරකළ අවස්ථාවේදී කොල්ලය සිදුකර ඇති බවත් පොලිසිය සඳහන් කළේය.