විදේශිකයන් ඉලක්කරගෙන ඔවුන් සතු ජංගම දුරකථන සොරාගැනීම්වල නිරතව සිටි පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ මාතර ඒකකයේ සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ගාල්ල වරාය පොලිසිය ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම නිලධාරියා 2023 වසරේ සිට සේවය අතහැර ගොස් ඇති නිලධාරියෙක් බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ.
මෙම පොලිස් නිලධාරියා මිදිගම දී විදේශිකයන් දෙදෙනකු සතු ඇපල් වර්ගයේ ජංගම දුරකථන 03ක්ද, හබරාදූවේදී විදේශිකයෙක් සතු ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්ද සොරාගෙන ඇති බව විමර්ශන වලින් හෙළිවී තිබේ.
සොරාගත් එම ජංගම දුරකථන 04 ද ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත සොයාගෙන ඇත.මත්කුඩු පානයට මුදල් සොයා ගැනීමට මෙසේ ඔහු ජංගම දුරකථන සොරාගෙන ඇති බව අනාවරණය වි ඇත.