වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින් කුරුණෑගල රෝහලට ඇතුළු වූ පුද්ගලයකු කුරුණෑගල පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තේය.
මෙම පුද්ගලයා සතුව තිබී කැලණිය විශ්වවිද්‍යාලයේ “රාගම වෛද්‍ය පීඨයේ“ ශිෂ්‍යයෙක් ලෙස සඳහන් හැදුණුම්පතක්ද තිබී ඇත. එම හැදුණුම්පත ව්‍යාජ එකක් බව අනාවරණය වී තිබේ.
මෙම පුද්ගලයා පොතුහැර පදිංචි 43 හැවිරිදි වියේ පසුවන්නෙකි.
වෙද නලාවක් කරේ දමාගෙන රෝහල් පරීශ්‍රයට අවස්ථා කිහිපයකදීම ඇතුළු වූ මෙම පුද්ගලයා කෙරෙහි සැක සිතූ රෝහල් බලධාරීන් ඒ ගැන පොලීසියට පැමිණි කිරීමෙන් අනතුරුව ඔහු හොරෙක් බව හෙළිවී තිබේ.