ඇමරිකා එක්සත් ජනපදයේ ඒබීසී පුවත් නාලිකාව විසින් එරට නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් හට ඇමරිකානු ඩොලර් මිලියන 15ක මුදලක් ගෙවීමට එකතාවය පළකර ඇත.
මෙලෙස අදාල පුවත් නාලිකාව විසින් ට්‍රම්ප් හට මිලියන 15ක මුදලක් ගෙවීමට එකඟවී ඇත්තේ එම පුවත්සේවයේ නිවේදකකු විසින් ට්‍රම්ප් ස්ත්‍රී දූෂණයකට වගකිව යුතු බවට ප්‍රකාශ කිරීම හේතුවෙනි.
ජෝර්ජ් ස්ටෙෆනොපොලොස් නැමති අදාල නිවේදකයා විසින් මෙම වසරේ මාර්තු 10 වැනිදා ඒබීසී පුවත් නාලිකාවේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප හට සහයෝග දක්වනු ලබන ක්‍රොන්ග්‍රස් මණ්ඩලය නියෝජිතවරියකට අභියෝග කරමින් දිගින් දිගටම ප්‍රකාශ කර ඇත්තේ ට්‍රම්ප් කාන්තාවක් දූෂණය කිරීමට වගකිව යුතු බවයි.
මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් විසින් ගොනු කෙරූ අපහාස නඩුව සමථයකට පත්කරගැනීමට අදාල පුවත් නාලිකාව විසින්ඇමරිකානු ඩොලර් මිලියන 15ක මුදල ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරුන් අතීතයේ පිහිටුවා ඇති පරිදි, ට්‍රම්ප් විසින් ස්ථාපිත කිරීමට නියමිත ජනාධිපති පදනම සඳහා පුණ්‍ය දායකත්වයක් ලෙස ගෙවීමට නියමිතව ඇත.
මීට අතිරේකව ට්‍රම්ප් විසින් දැරූ නඩු ගාස්තු ලෙස ඇමරිකානු ඩොලර් මිලියනකද් ඔහුට ගෙවීමට අදාල නාලිකාව විසින් එකඟතාවය පළකර ඇති බවට වාර්තාවේ. එමෙන්ම මෙම නාලිකාව විසින් සිය නිවේදකයා විසින් කළ ප්‍රකාශට සිය කණගාටුව පළකිරීමටද නියමිතය.