තවත්

    බැංකු නිලධාරිනිය පැහැරගෙන ගොස් දූෂණය කළ දෙබරා කොටුවේ

    0

    බැංකු නිලධාරිනියක් සහ ඇගේ සැමියා වෑන් රථයකින් පැහැරගෙන ගොස් මුදල් කොල්ලකා සැමියාව මග දමා ගොස් බැංකු නිලධාරිනිය දූෂණයකළ බව කියන ඇගේ පෙම්වතා බව කියන ව්‍යපාරිකයෙකු ඇහැලියගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

    දෙබරා නමින් හඳුන්වන සැකකාර ව්‍යාපාරිකයා පරකඩුවේ පදිංචිකරුවෙක් බවත් ඔහු 33 හැවිරිදි වියේ පසුවන්නෙක් බවත් පොලිසිය සඳහන් කරයි. බැංකු නිලධාරිනිය 37 හැවිරිදි වියේ පසුවන්නියකි.

    බැංකු නිලධාරිනිය හා අනියම් පෙම් සම්බන්ධතාවක් ගොඩනගාගෙන සිට ඇති සැකකරු සැමියා සමඟ ඇයව පැහැරගෙන ගොස් ඇත්තේ පසුගිය 05 වෙනිදාය. අතර මගදී සැමියා සතුව තිබුණු රුපියල් 48,000 ක මුදලක් සමඟ ජංගම දුරකථනය කොල්ලකා සැමියාව මහ මග දමා ගොස් ඇති බවද පොලිසිය කියයි. අනතුරු බැංකු නිලධාරිනිය හොරණ ප්‍රදේශයට රැගෙන ගොස් දූෂණයකර ඇති බව පොලිසිය කියයි.

    පොලිසියට මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව දෙබරා නැමැති සැකකාර ව්‍යාපාරිකයා ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇත.

    ගෙදර වැඩට ඇවිත් දවස් 07යි – මෙහෙකාරිය කෝටිය ක රන් සොරාගෙන පනී

    0

    මාළු ව්‍යාපාරිකයෙකුට අයත් මෝදර වීදියේ පිහිටි නිවසක සිදුව ඇති රුපියල් කෝටියකට අධික රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් මෝදර පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇත.

    මෙම සොරකම පෙරේදා (07) පෙරවරු 9.15ත් ඊයේ (08) උදෑසන 8.20ත් අතර කාලය තුළ සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි. එම අවස්ථාවේදී නිවසේ රැදී සිට ඇත්තේ මෙහෙකාරිය පමණක් බව ව්‍යපාරිකයා පොලිසියට පවසා ඇත. එම මෙහෙකාරිය මෙම නිවසේ සේවයට එක්කරගෙන ඇත්තේද ඉකුත් 01 වෙනිදාය.

    පවුම් 50කට අධික බරැති රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව ව්‍යාපාරිකයා පොලිසියට කළ පැමිණිල්ලෙහි සඳහන්ය. අල්මාරියක තිබූ එම රන් භාණ්ඩ අතර වළලු 16ක්, මාල 05ක්, මුදු 14ක්, පෙන්ඩන් 05ක්, කරාබු ජෝඩු 01ක් තිබී ඇත.

    ඩියුටි යනවා යැයි කියා ටී 56ත් අරන් පොලිසියෙ න් එළියට ආ රාළහාමි ඩුබායි පැනල

    0

    ගල්කිස්ස පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු ටී 56 ගිනි අවියද රැගෙන මාර්ග බාධක රාජකාරියට යන බව පොලිස් ස්ථානයෙන් පිටතට පැමිණ ඊයේ (08) රාත්‍රී කාලයේම ඩුබායි බලා පළාගොස් ඇත.

    මෙසේ පළාගොස් ඇත්තේ අනුරාධපුර පදිංචිකරුවෙක් වන ජයකොඩි (100430) නැමැති පොලිස් කොස්තාපල්වරයාය.

    මෙම නිලධාරියා ඩුබායි බලා පිටත්ව ගොස් ඇත්තේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලිනි.

    මෙම නිලධාරියා ඊයේ (08) සවස 6.00 සිට අද (09) උදෑසන 6.00 දක්වා ගල්කිස්ස පොලිස් වසමේ කහවිට මාවතේ පාලම අසල මාර්ග බාධක රාජකාරියේ යොදවා සිට ඇත. එම රාජකාරි ස්ථානයට වාර්තා කිරීමට ඊයේ (08) සවස 5.47ට පමණ පොලිස් ස්ථානයේ අවි භාරකරුගෙන් 8045840 අංකය දරණ ටී 56 අවිය පතොරම් 30ක්ද සමඟ ලබාගෙන පොලිස් ස්ථානයෙන් පිටත්ව ඇත්තේ රාජකාරි ස්ථානයට වාර්තා කිරීමට යන බව සඳහන් කරමිනි.

    පැය ගානක් යන තුරු ඔහු රාජකාරි ස්ථානයට වාර්තා නොකිරීම හේතුවෙන් ඔහු සමඟ රාජකාරියට යොදවා සිටි නිලධාරියා උසස් නිලධාරීන්ට ඒ බව දැනුම්දී ඇත. ඒ වන විටත් කොස්තාපල්වරයා සිය ජංගම දුරකථනයද අක්‍රියකර තිබී ඇත.

    මෙම නිලධාරියාට සිදුවූයේ කුමක්දැයි කළ සොයා බැලිමේදී රාත්‍රී කාලයේදීම අනාවරණය වී ඇත්තේ ඔහු රටින් පළාගොස් ඇති බවය.

    ගිනි අවිය ඔහු අපරාධ කල්ලියක් අතට පත්කර මෙසේ රටින් පළාගොස් තිබේදැයි සොයා විමර්ශන පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ් පොලිස් අධිකාරී නීතීවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය. පළාගිය පොලිස් කොස්තාපල් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට ජාත්‍යන්තර පොලිසියේ සහය ලබාගන්නා බවද බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

    මිලියන 140ක වංචාවකට නාවික හමුදාවේහිටපු සෙබ ලා කොටු

    0

    රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් නාවික හමුදාවේ හිටපු සෙබලෙකු වාරියපොලදී ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    ඔහු පදිංචිව සිටි මාකෙලිය කෙලමුණේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී එහි අල්මාරියක තිබී මිලිමීටර් 09 වර්ගයේ පතොරම් 43ක් සහ නාවික හමුදා නිල ඇඳුම් කට්ටලයක් සොයාගෙන තිබේ.

    සැකකරු සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බව පොලිසිය සඳහන් කරයි.

    බස්නාහාර පොලිස් ප්‍රධානියා ලෙස සංජීව ධර් මරත්න වැඩ භාරගනී

    0

    බස්නාහිර පළාත් භාර නව පොලිස් ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා අද (09) වැඩ භාරගත්තේය.

    ශ්‍රී ලංකා පොලිසියේ මේ වන විට සේවයේ නිරතව සිටින නිලධාරින් අතර ජ්‍යෙෂ්ඨත්වයෙන් තුන්වැනියා වන්නේ සංජීව ධර්මරත්න මහතාය.

    පානදුර සුමංගල විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා කොළඹ නාලන්දා විදාලයෙන් ඔහු දිවිතීක අධ්‍යාපනය ලැබීය. ගණිත විෂය ධාරාවෙන් උසස් පෙළ අධ්‍යාපනය හදාරා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුලත්වන ඔහු ඉන් පිටවන්නේ භෞතික විද්‍යා උපාධිධාරියෙක් ලෙසිනි.

    සංජීව ධර්මරත්න මහතා පොලිස් සේවයට එක්වන්නේ 1999 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් වශයෙනි. කළුතර පොලිස් විද්‍යාලයේ මූලික පුහුණුව ලබන ඔහු සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙසත්, පොලිස් අධිකාරීවරයෙක් ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ලෙසත්, නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙසත් දිවයිනේ දෑම ප්‍රදේශයකම පාහේ සේවයේ නිරතව සිට ඇත. ධර්මරත්න මහතා ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස උසස්වීම් ලබන්නේ 2020 වසරේදීය. උතුරු පළාත ඇතුළුව ඔහු දිවයිනේ පළාත් 06කම පොලිස් ප්‍රධානීයා ලෙස කටයුතු කර තිබීම විශේෂිතය.

    යුද්ධය පැවති සමයේදී යුද ගැටුම් දරුණුවටම පැවති වකවානුවේ සේරුනුවර සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස සේවයේ නිරතව සිටි ඔහු එකල පොලිස් රාජකාරියට එහා ගොස් මායිම් ගම්මාන වල ගුරුවරුන් නොමැතිකමින් අසරණව සිටි පාසල් සිසු දරුවන්ට ගණිත සහ ඉංග්‍රීසිගුරුවරයෙක් ලෙසද කටයුතු කරනු ලැබීය.

    එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවටද එක්ව සේවයෙකර ඇති ධර්මරත්න මහතා නැගෙනහිර ටිමෝරයේ සහ හයිටි රාජ්‍යෙය් සේවයේ නිරතව සිට ඇත. එම මෙහෙයුම් සඳහා සහභාගිවූ සාම සාධක බලකායේ කණ්ඩායම් නායකයා වශයෙන් රාජකාරිකරනු ලැබුවේද සංජීව ධර්මරත්න මහතාය. ඔහු සිය පිරිස හසුරුවමින් කළ සේවය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රශංසාව පවා හිමිව ඇත.

    පොලිස් සේවයට එක්වීමෙන් අනතුරුව ධර්මරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද, ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණ පිළිබඳ විද්‍යාපති උපාධියද ලබාගෙන ඇත. ඕස්ට්‍රේලියාව, ජපානය, ස්කොට්ලන්තය, අමෙරිකාව, රුසියාව යන රටවල විශ්වවිද්‍යාල සහ පොලිස් විද්‍යා පීඨවල අධ්‍යයන හා පර්යේෂණ අත්දැකීම්ද ධර්මරත්න මහතා ලබා තිබීම විශේෂිතය.

    මේ වන විට මෙරට පාසල් දරුවන් අතර ජනප්‍රියතම පොලිස් ශිෂ්‍යභට ව්‍යාපාරය විධිමත් ලෙස අන්තර් ජාතික ශිෂ්‍ය භට ප්‍රමිතීන්ට ගැලපෙන ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ පුරෝගාමීයා වන්නේ සංජීව ධර්මරත්න මහතාය.

    නීතිය සැමට නොවෙනස්ව අකුරටම ක්‍රියාත්මක කිරීම සහ පොලිස් නිලධාරයන්ගේ විනය ඉහළ මට්ටමක පවත්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය තුළ ප්‍රසාදයට ලක්ව ඇති සංජීව ධර්මරත්න මහතා අපක්ෂපාතී ඝෘජු පොලිස් නිලධාරියෙක් ලෙස පොලිස් නිලධාරීන් අතර මෙන්ම ඔහු සේවයේ නිරත ප්‍රදේශවල මහජනතාව අතර ප්‍රසිද්ධය.

    පොලිසියේ ලොකු පුටු හෙල්ලේ – එස්.ටී.එෆ්. එකට ත් අලුත් මුහුණක්

    0

    පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක ඇතුළු පොලිස් ප්‍රධානීන් 07 දෙනෙකු ස්ථානමාරුකර ඇත.

    ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව ලබන 12 වෙනිදා සිට ක්‍රියාත්මක වන ලෙස මෙම ස්ථානමාරු නියෝගය වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිකුත්කරනු ලැබීය.

    ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක ලෙස සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතා නැගෙනහිර පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස පත්කරමින් කිලිනොච්චිය හා මුලතිව් දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකළ සමන්ත ද සිල්වා මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ නව සේනාවිධායක ලෙස පත්කර ඇත.

    වයඹ පළාත් භාරව මේ වන විට සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා දකුණු පළාත්භාර පොලිස් ප්‍රධානියා ලෙස ස්ථානමාරුකර තිබේ. වයඹ පළාතේ නව පොලිස් ප්‍රධානියා ලෙස පත්කර ඇත්තේ නැගෙනහිර පළාත් පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතාය.

    දකුණු පළාත්භාරව මේ වන විට සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා ඌව පළාත්භාර පොලිස් ප්‍රධානියා ලෙස ස්ථානමාරුකර ඇත. ඌව පළාත් පොලිස් ප්‍රධානියා ලෙස මේ වන විට සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක මහතා විශේෂ ආරක්ෂක දිසාවභාර පොලිස් ප්‍රධානියා ලෙසත් ස්ථානමාරුකර තිබේ.

    වව්නියාව හා මන්නාරම දිසාව භාරව රාජකාරි ඉටුකරනු ලබන නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතා වව්නියාව සහ මන්නාරමට අමතරව කිලිනොච්ච් සහ මුලතිව් දිසාව භාර පොලිස් ප්‍රධානියා ලෙසද පත්කර ඇත.

    මෙම ස්ථානමාරුවීම් නියෝගයන් නිකුත් කිරීමට පෙර බස්නාහිර පළාත් භාර නව පොලිස් ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පත්කරනු ලැබීය. බස්නාහිර පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස මෙතෙක් සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා සබරගමුව පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස පත්කරනු ලැබීය.

    ඒ අනුව උතුර, උතුරු මැද සහ මධ්‍යම යන පළාත් හැරුණු කොට දිවයිනේ සෙසු සෑම පළාතකම පොලිස් ප්‍රධානීන්ට මේ වන විට ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

    පොලිස් ස්ථානාධිපතිවරු 100ට වැඩි පිරිසකටද ඉදිරියේ ස්ථානමාරුවීම් ලැබීමට නියමිතය. එහිදී වැඩි පිරිසකට ස්ථානාධිපතිධූර අහිමිවී තිබීම විශේෂිතය.

    දැව පැටවූ බූක් ට්‍රක් රථය උසාවියට ගෙන යන ව ිට සාමාන්‍ය ලොරියක් වෙලා – ගිරිඋල්ල ඕ.අයි.සී අ ත්අඩංගුවට ගැනීමේ සූදානම්

    0

    බලපත්‍ර රහිත දැව ප්‍රවාහනය කළ බූම් ට්‍රක් රථයක් පොලිස් ස්ථානයට රැගෙනවිත් වෙනත් ලොරියක් දැව ප්‍රවාහනය කළ රථය ලෙසට අධිකරණයට ඉදිරිපත් කලායැයි කියනු ලබන සිදුවීමක් සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති සහ පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භකර ඇත.

    කුලියාපිටිය කොට්ඨාශය භාර පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ මෙහෙයැවීමෙන් එම විමර්ශනය සිදුවන අතර බූම් ට්‍රක් රථයේ හිමිකරු ප්‍රදේශයේ දැව මෝල් හිමිකරුවෙකු බව සඳහන්ය.

    කට්ටිපනිමින් මේ වන විට සිටින බව කියන ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති සහ පොලිස් පරීක්ෂකවරයා අපේක්ෂිත ඇප අයදුමක් කුලියාපිටිය අධිකරණයට අද ඉදිරිපත්කර තිබේ.

    ආනයන තහනම ඉවත් කිරීමත් සමඟ මෙරටට එන වාහන හ සුරුවන්නට හම්බන්තොට වරායේ සූදානම

    0

    මෑතක දී, ඉවත් කරන ලද වාහන ආනයන තහනමත් සමග ශ්‍රී ලංකාවේ අපේක්ෂිත වාහන ආනයන ඉහළ යෑම හසුරුවීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) පූර්ණ සූදානමින් සිටී. දේශීය මෝටර් රථ වෙළඳපොලේ වර්ධනයත් සමඟ ඉහල යමින් පවතින ඉල්ලුම සපුරාලීම සඳහා HIP, සිය අති නවීන යටිතල පහසුකම් සහ පළපුරුදු ශ්‍රම බලකායේ සහාය ඇතිව, ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට අදහස් කරයි.

    2018 සිට, වරායේ රෝල්-ඔන්/රෝල්-ඕෆ් (RORO) පරිමාවන්හි සැලකිය යුතු ලෙස වර්ධනයක් දක්නට ඇතැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් මහතා පවසයි. ‘’2018 දී ඒකක 238,997 සිට 2024 වසරේදී ඒකක 579,362 දක්වා අපගේ RORO පරිමාවන් ඉහළ නැංවීමට සමත්ව තිබෙනවා. මෙම මනා වර්ධනය, HIP හි නිරතුරුව ඉහළ යමින් පවතින වාහන ආනයන කළමනාකරණය කිරීමේ ධාරිතාවට මෙන්ම ශ්‍රී ලංකාවේ මෝටර් රථ සැපයුම් දාමයේ කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස වරායේ පිහිටීමට කදිම සාක්ෂියක්.’’

    වාහන ආනයන විධිමත් කිරීම සඳහා, විශේෂිත පහසුකම් මාලාවක් HIP විසින් ස්ථාපිත කොට ඇත. දේශීය ප්‍රමිතීන්ට අනුකූලව බාහිර පරීක්ෂා සිදු කිරීම සඳහා විශේෂිත රේගු පරීක්ෂණ අංගනයක් මෙයට ඇතුළත් වන අතර, මෙම නව පහසුකම සතියේ සෑම දිනකම පැය 24 පුරා සීසීටීවී සහ පරීක්ෂණ පහසුව පිණිස දීප්තිමත් ආලෝකකරණයෙන් සමන්විත වේ. නිෂ්කාශනය සඳහා නවතා තිබෙන වාහන ආරක්ෂිතව ගබඩා කිරීමේ ඉඩකඩ සළස්වා ඇති අතර, ආනයනික වාහන සඳහාද තාවකාලික ගබඩා පහසුකම් ලබා දී ඇත. නිෂ්කාශන ක්‍රියාවලිය සඳහා වරායට පැමිණෙන වාප්පු ලිපිකරුවන් සහ ආනයනකරුවන් සඳහා අවශ්‍ය මූලික පහසුකම් ද HIP විසින් සපයනු ලැබේ. මීට අමතරව, වාහන නිෂ්කාශනය සඳහා අවශ්‍ය ලියකියවිලි HIP හි වාහන සැකසුම් ස්ථාන විසින්ම ලබා දෙන හේතුවෙන් ආනයනකරුවන්ට බාධාවකින් තොර අත්දැකීමක් සහතික කරයි.

    වරායේ අලුතින් සාදා ඇති අංගනය ආනයන වාහන සඳහා සරිලන පරිදි විශේෂයෙන් නිම කර ඇත. අවම වශයෙන් වාහන 4000ක් පමණ ගබඩා කිරීමේ ධාරිතාවකින් යුත් මෙම අංගනය දේශීය ආනයන මෙන්ම ප්‍රතිනැව්ගත කරන වාහනද කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා නිර්මාණය කොට ඇත.

    ආරක්ෂාව ප්‍රමුඛ කොට සලකන වරාය, අවසර ලත් පුද්ගලයින් පමණක් අංගනයන්ට ඇතුළු වීම සහතික කිරීම සඳහා දැඩි ආරක්ෂක රෙගුලාසි පනවා තිබේ. ජැටි සහ තාවකාලික ගබඩා පෙදෙස් ඇතුළු සම්පූර්ණ වරාය පරිශ්‍රය 24/7 සීසීටීවී අධීක්ෂණයෙන් සමන්විත වේ. වාහන හැසිරවීමේ ක්‍රියාවලිය තුළ සෑම අදියරක්ම ආරක්ෂිතව, වගකීමෙන් පවත්වා ගැනීම සඳහා ජංගම සහ පා මුර සංචාර ද යොදවා ඇත. ඊට අමතරව, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන වරායේ ආලෝකකරණය, ඉහළ දෘශ්‍යතාව සහ ආරක්ෂාව සහතික කරයි.

    2018 සිට සැලකිය යුතු පරිමාවන් සාර්ථකව කළමනාකරණය කරමින්, මහා පරිමාණ වාහන ආනයන හැසිරවීමේ හැකියාව HIP සනාථ කර ඇත. යටිතල පහසුකම් වැඩිදියුණුව සඳහා වරාය විසින් සිදු කර ඇති ඇමරිකානු ඩොලර් මිලියන 2 ක ආයෝජනය, වාහන ආනයන සඳහා වැඩිවන ඉල්ලුම හැසිරවීමට තවදුරටත් සහාය වනු නොඅනුමානය.

    ඇමති නලින් ද මවිතයට පත්කල ගාල්ල කොටුවේ තැප ැල් කාර්යාල ගොඩනැගිල්ල

    0

    ශ්‍රී ලංකාවේ විවෘත කරන ලද පළමු තැපැල් කාර්යාල පහෙන් එකක් වූ ගාල්ල කොටුව පරීශ්‍රයේ පිහිට තැපැල් කාර්යාල ලන්දේසි පාලන සමයේ ඉදිකරන ලද ගොඩනැගිල්ලක ස්ථාපිතව පැවැති අතර, එම ගොඩනැගිල්ල නිසි අයුරින් දීර්ඝ කාලයක් නඩත්තු නොකිරීම හා සංරක්ෂණය නොකිරීම හේතුවෙන් මේ වනවිට සම්පූර්ණයෙන් ගරා වැටීමේ තත්ත්වයකට පත්ව ඇත.

    මේ පිළිබඳව වාර්තාවීමත් සමඟ ශ්‍රී ලංකා තැපෑලට මහත් සම්පතක් වූ ද ශ්‍රී ලංකාවේ සොබාව සෞන්දර්යයේ අතිරමණීය පාරිසරික පද්ධතියක පිහිටියා වූ ද, පෞරාණික වටිනාකම් රැසක් ද ගොනු වූ මෙම තැපැල් කාර්යාල පරිශ්‍රය යළි නඟාසිටුවා ඵලදායී කාර්යයකට යොදා ගැනීමේ හැකියාව පිළිබඳව සොයා බැලීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා ගාල්ල කොටුව පිහිටි එම තැපැල් කාර්යාල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    ප්‍රදේශයේ මහජන නියෝජිතයින් සහ දකුණූ පළාත් නියෝජ්‍ය තැපැල්පති ඇතුළු නිලධාරීන් මෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ද සමග පරිශ්‍රය නිරීක්ෂණය කරමින් කරුණු අධ්‍යයනය කළ අමාත්‍යවරයා පෞරාණික වටිනාකමකින් මෙන්ම ‌‌‌ඓතිහාසික උරුමයකින් ද යුක්ත වූ ශ්‍රී ලංකා තැපෑලට අයත් ඉතා වටිනා ගොඩනැගිල්ලක් මෙලෙස ගරාවැටීමට ඉඩ දී බලා සිටීම පිළිබඳව මවිතයට පත්විය. දුටුවන්ගේ හද කම්පා වන පරිදි ගරා වැටී පවතින එම පරීශ්‍රය ඉතා පුළුල් ලෙස නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එම පරීශ්‍රය ඵලදායී කාර්යයකට යොදවන්නේ නම් එය ශ්‍රී ලංකාවේ තැපෑලට සුවිශේෂි අගයක්, වටිනාකමක් පමණක් නොව සුවිශාල ආදායමක් උපයා ගැනීමට සුදුසු පරිශ්‍රයක් බව පෙන්වා දෙන ලදී.

    එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික උරුමයන් මෙලෙස විනාශවීමට කිසිසේත් ම ඉඩ නොතැබිය යුතු බව ද අවධාරණය කළේය.

    ඒ අනුව එක් පරීශ්‍රයක් පමණක් නොව දකුණූ පළාතේ ම තැපෑල ට යෝධ නවෝදයක් එක් කරමින් පෞරාණික වටිනාකමක් මෙන්ම සංචාරක ආකර්ශණය දිනාගත් මධ්‍යස්ථානයක් ලෙස එම ස්ථානය සංවර්ධනය කිරීමටත්, එපමණක් නොව මෙම කාර්යයට සමඟාමීව දකුණූ පළාත පුරා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සතුව ඇති නිවාස, සංචාරක ව්‍යාපාරයට යොදා ගත හැකි සංචාරක බංගලා ලෙස වැඩිදියුණු කර ආදායම් උත්පාදනය කරන ස්ථාන බවට පත් කිරීම සඳහාත් සැලසුම් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. එමෙන් ම ‌ඓතිහාසික උරුමයන් හා සංස්කෘතිකාංග විදහා දක්වන අයුරින් ද, සංචාරක ආකර්ශණය දිනාගත හැකි ආකාරයෙන් අශ්ව කරත්ත වැනි භාවිතාවන් ගෙන් යුක්තව නගරයේ ලිපි එක්රැස් කිරීම වැනි නවාංග හඳුන්වා දීම ද, තමන්ගේ රූප සහ සංස්කෘතිකාංග ඇතුළත් කර තමාට ම අනන්‍ය වූ සමරු මුද්දර, වෙසක් සුභ පැතුම් පත් වැනි දෑ මුද්‍රණය කර ලබා ගැනීමේ පහසුකම් සැපයීම වැනි විවිධාංග රාශියක් අළුතින් හදුන්වාදීමට ද සැලසුම් සකස් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබීය.

    එමෙන්ම දකුණු පළාතේ සංචාරක ප්‍රදේශ ආශ්‍රිතව ස්ථානගතව ඇති තැපැල් කාර්යාල සංචාරක ආකර්ශණය දිනාගත හැකි ස්ථානයන් ලෙස නවීකරණය කිරීම වැනි නවාංග රැසකින් යුතුව කඩිනම් සංවර්ධන සැලැස්මක් සකස් කිරීම පිළිබඳව ද අමාත්‍යවරයා නිලධාරීන් සමග පුළුල් සාකච්ඡාවක නිරත විය.
    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙරට සංචාරක ව්‍යාපාරය දියුණූ කිරීමට මෙන්ම ශ්‍රී ලංකා තැපෑල සංවර්ධනයට මෙවන් ව්‍යාපෘති මෙන්ම ක්‍රියාකාරකම් බෙහෙවින් ඉවහල් වන බව ද අවධාරණය කළේය.

    මෙම අවස්ථාව‌ට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර, දකුණු පළාත් නියෝජ්‍ය තැපැල්පති ආර්. ගුණරත්න, ගාල්ල ප්‍රධාන තැපැල් ස්ථානාධිපති පි.එච්.මධුරි ප්‍රියන්ත, ගාල්ල ප්‍රාදේශීය තැපැල් අධිකාරි එස්.එස් සෙනෙවිරත්න, ගාල්ල දිසා පාලන නිලධාරී එච්.එච්.එම්.පී.එස් චන්ද්‍රානි යන මහත්ම මහත්මීන්, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    අතුරුදන් සෙබලාගේ මළ සිරුර සතියකට පසු කඳව ුරු භූමියේ තිබී හමුවේ

    0

    සතියක් තිස්සේ අතුරුදන්ව සිටි කුට්ටිගල යුද හමුදා කඳවුරේ සේවයේ නිරතව සිටි හමුදා සෙබලෙකුගේ මළ සිරුරක් කඳවුරු භූමියේම කැළෑබද ප්‍රදේශයක තිබී ඊයේ (02) හමුවී ඇත.

    මෙම සෙබලා කඳවුරේ මුළුතැන්ගෙට අනුයුක්තව සේවයේ නිරතව සිටි අයෙක් බව මරණය සම්බන්ධයෙන් කෙරන විමර්ශන වලින් අනාවරණය වන බව කුට්ටිගල පොලිසිය සඳහන් කළේය.

    සෙබලා මියගොස් දින කිහිපයක් වන බවත් සිරුර නරක් වෙමින් ඇති බවත් පොලිසිය සැකකරයි. සිවිල් ඇදුමකින් සැරසී සිට ඇති ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට යොදා ගන්නා උපකරණයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ. මළ සිරුර අසල තිබී ආහාර පිසීමට යොදාගන්නා තෙල් පිරවූ කෑන් එකක්ද තිබී හමුවී ඇත. එම කඳවුරේ මුළුතැන්ගෙයි ආහාර පිසීමට යොදාගන්නා වර්ගයේ එකක් බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    මෙම සෙබලා පසුගිය 26 වෙනිදා අලුයම 2.30 සිට අතුරුදන් බවට එම කඳවුරේ අණදෙන නිලධාරියා විසින් පොලිසියට පැමිණිල්ලක්ද කර තිබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

    කෝවිලේ බහිරව රූප තොරණ ඇඟට කඩා වැටී බැතිමත ෙකුට වූ දේ

    0

    බණ්ඩාරවෙල ශ්‍රී සුබ්‍රමනියම් කෝවිලේ අලුත්වැඩියා කරමින් තිබෙන බහිරව රූපය සහිත තොරණ කඩා වැටී ඊට යටවී බැතිමතෙක් මියගොස් ඇත.

    මෙම අනතුර ඊයේ (02) උදෑසන කාලයේදී සිදුව ඇත.

    මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල ක්‍රේග්වත්ත ඉහළ කොටසේ පදිංචිව සිටි ටී.කේ. සුබ්‍රමනියම් (66) නැමැති අයෙකි.

    තොරණට යටවූ මෙම පුද්ගලයාව දියතලාව රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් මියගොස් සිට ඇත.

    මෙම අනතුර සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය සඳහන් කළේය.

    ගඩ්ඩාගේ හොර වාහන 05ක් වලානෙන් කලවානෙට ගිහි න් අල්ලයි

    0

    “පොල්කොටුවේ ගඩ්ඩා“ යැයි අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන කලවානේ කෝටිපති වාහන අලෙවි සැල් හිමිකරුවෙකුට අයත් බව කියන කොටස් එකලස්කර සකස්කර ඇති බවට සැකකරන රුපියල් කෝටි 07ක් පමණ වටිනා වාහන 05ක් වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් ඊයේ කළ වැටලීමකදී පොලිස් භාරයට ගෙන ඇත.

    මෙම වැටලීමේදී “පොල්කොටුවේ ගඩ්ඩා“ නැමැති ව්‍යාපාරිකයාට තමන් “ වලානෙන්“ යැයි පොලිස් නිලධාරීන් තමන්ව හදුන්වාදෙන විට බියටපත්ව ඔහු සිහිසුන්ව ඇද වැටී තිබේ. වහාම ක්‍රියාත්මක වූ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් ඔහුව රත්නපුර රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත.

    පොලිස්භාරයටගත් වාහන අතර මෝටර් රථ දෙකක්, ජිප් රථ දෙකක් සහ ඩිපෙන්ඩර් රථයක් ඇතැයි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කළේය.

    මෙම වාහන සේල් ව්‍යාපාරිකයා ව්‍යාජ එන්ජින් අංක හා චැසි අංක කොටා කූඨ ලේඛන සකස්කර වාහන අලෙවිකර කෝටි ගණන් මුදල් උපයන බවට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව බුද්ධි නිලධාරීන් යොදා සිදුකළ අවේක්ෂණයකින් අනතුරුව වැටලීම සිදුකර ඇත.

    මෙම වාහන 05 තිබී ඇත්තේ සඟවා බවත් එම වාහන රුපියල් කෝට් 07ක් පමණ වටිනා බවත් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාකරන බලකාය සඳහන් කරයි.

    මෙම වාහන අතර ගර්භිත තත්ත්වයේ ඇති ධාවනය කළ නොහැති ජපන් කැල්ටස් වර්ගයේ මෝටර් රථයක් ඇති බවත් එම රථයේ වැසි අංකය සහ වැසි කොටස එම රථයෙන් කූඨ ලෙස ඉවත්කර ඇති බවත් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි. ජපන් සුසුකි වර්ගයේ රථයක්ද ඇති බවත් එම රථයේ චැසි බද කොටසට පෑස්සුම් කර බද්ධකර ඇති බවත් විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

    මෙම ව්‍යාපාරිකයා මෙහි ඇති ඇතැම් වාහන “අධ්‍යාපන අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය“ ලෙස සටහන්කළ බෝඩ් විස්න්ක්‍රීනයේ ප්‍රදර්ශනය කරමින් ධාවනයකර ඇති බවටද තොරතුරු විමර්ශනයේදී අනාවරණය වූ බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ උසස් නිලධාරියෙක් පැවසීය.

    මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කේ.ඒ. උදය කුමාර මහතාගේ අධික්ෂණයෙන් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයැවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන සඳරුවන්, ජයවීර, මධුෂාන් පොලිස් සැරයන්වරුන් වන ජයලාල් (428), කරුණාදාස (30115), මධුරංග (61746), ප්‍රේමරත්න (67237) ඉන්දික (75056), පොලිස් කොස්තාපල්වරුන් වන උදය කුමාර (84889), බාලසූරිය (77090), රණතුංග (98677), ගයාන් (99635), ලසිත (100291), දිල්ශාන් (104327),දිල්හාර (102354), පොලිස් කොස්තාපල් රියදුරු තිසර (80501) , අබේරත්න (89631),සිල්වා (105529) යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.

    ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන දැඩි නියාමන යකට

    0

    ගුණාත්මක සහ ප්‍රමිතිගත නිෂ්පාදන ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව ආයුර්වේද ඖෂධ මෙන් ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමුකරමින් නියාමනයකට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවේ නව සාමාජිකයන්ට උපදෙස් ලබා දෙන ලදී.

    අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේ ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවට සාමාජිකයන් පත් කිරීම වෙනුවෙන් ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එම පත්වීම් ලිපි ප්‍රදානය පසුගිය දා රාජගිරිය ආයුර්වේද ජාතික රෝහල් ශ්‍රවණාගාරයේ දී සිදුවිය.

    ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවට සභාපතිවරයා ඇතුළු ව සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානයෙන් අනතුරුව පළමු ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභා සැසිවාරය ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එහි දී පැවැත්විණි.

    දේශීය ඖෂධ නිෂ්පාදනාගාර, දේශීය ඖෂධ වර්ග නිෂ්පාදනය, දේශීය ඖෂධ වෙළෙදසැල්, දේශීය වෛද්‍ය උපකරණ, දේශීය වෛද්‍ය රූපලාවන්‍ය නිෂ්පාදනය, දේශීය ඖෂධ ආනයනය සහ අපනයනය, දේශීය ඖෂධ ගබඩා කිරීම සහ ප්‍රවාහනය සහ දේශීය ඖෂධ කර්මාන්තයට අදාළ ඔසු වගාව යන අංශවල නියාමනය සඳහා වූ නීති ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාව යටතේ ආවරණය වේ.

    එමෙන්ම ආයුර්වේද ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුව, ආයුර්වේද නිෂ්පාදනාගාර,ගබඩා ඇගයීමේ කමිටුව, ආයුර්වේද නිෂ්පාදනාගාර,ගබඩා සහ වෙළඳපොළ විමර්ශන කමිටුව, ඖෂධ පැළෑටි ඇගයීම සදහා වූ නිලධාරීන්ගේ කමිටුව යන කමිටු හතර ද ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

    මෙම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා ආයුර්වේද ක්ෂේත්‍රයේ නියාමනය වගකීමෙන් දුරස් වූ විට ගුණාත්මක, තත්ත්වයෙන් උසස් නිෂ්පාදන ජනතාවට නොලැඹෙන බවත්, වර්තමානය වන විට ඒ පිළිබඳව පැමිණිලි රාශියක් ලැබී තිබෙන බව ද සිහිපත් කළේ ය. ආයුර්වේද ඖෂධ මෙන් ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමුකර නියාමනයකට ලක්කිරීමේ වැදගත්කම පිළිබඳව අමාත්‍යවරයා මෙහි දී නව සාමාජිකයන්ට දීර්ඝව කරුණු පෙන්වා දෙන ලදී.

    දේශීය වෛද්‍ය ක්‍රමය මනා ලෙස සංවර්ධනය කරමින් අනාගත ඉලක්ක ගතව එම වෛද්‍ය ක්‍රමයට අදාළ වූ සුවිශේෂතා හදුනාගනිමින් එම සුවිශේෂතා සංචාරක ව්‍යාපාරය හා බද්ධ කර සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම ද වත්මන් රජයේ ප්‍රධාන අරමුණක් බව ද මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේ ය. එමෙන් ම සංචාරක කලාපයන්හි ස්ථාපිත බටහිර සහ ආයුර්වේද රෝහල් පද්ධතියන් හි සංකලනයක් ඇතිකොට එහි මානව හා භෞතික පහසුකම්වල ද කඩිනම් වර්ධනයක් සිදු කිරීමට රජය ක්‍රියා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

    මෙම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේවික්‍රම මහතා ඇතුළු ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවට අලුතින් පත් වු සාමාජිකයින් මෙන් ම ආයුර්වේද වෛද්‍යවරුන්, නිලධාරීන්, ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    කඩු මන්නා රැගෙන ස්පා එකට කඩාපැන්න කොල්ලකල ්ලියක් කතුන් සිව් දෙදෙනකුට කළ දේ

    0

    මන්නා පිහි සහ කඩු අතැතිව අනුරාධපුර දහයියාගම හංදියේ පිහිටි සම්බහන මධ්‍යස්ථානයකට ඊයේ (01) අලුයම කඩාවැදුණු පුද්ගලයන් සිව් දෙනෙක් එහි සේවයේ නිරතව සිටි කාන්තාවන් සිව් දෙනෙකු සතු මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පළාගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය සඳහන් කරයි.

    රුපියල් 577,000ක මුදලක් සහ පවුම් දෙකකට ආසන්න බරැති රන් භාණ්ඩ කොල්ලකා ඇති බව පොලිසිය සඳහන් කරයි.

    පොලිස් ස්ථානය තුළදී කොස්තාපල්වරියට අතවර කළ බව කියන මැදිරිගිරිය ස්ථාධිපතිට වූ දේ

    0

    කොස්තාපල්වරියකට පොලිස් ස්ථානය තුළදී ලිංගික අතවරයක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට මැදිරිගිරිය පොලිස් ස්ථාධිපතිවරයාව පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

    ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.එල්. විතානගේ නැමැති මෙම නිලධාරියා හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (01) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීරඇප දෙකක් සහ රුපියල් 10,000ක් මුදල් ඇපයක් මත මුදාහැර ඇත. සෑම දෙමසකට වරක් අවසන් ඉරුදින ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානයේ පෙනී සිටින ලෙසද ඇප ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා සැකකරුට නියෝගකර තිබේ.

    මැදිරිගිරිය පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටි කොස්තාපල්වරියට මෙම සැකකරු විසින් අතවර කලේ යැයි සඳහන් වන්නේ පසුගිය වසරේ ඔක්තෝබර් 12 වෙනිදාය. ඇය මේ ගැන පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ කොළඹ පිහිටි මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබුණාය. ඒ අනුව එම කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම කොස්තාපල්වරිය අධිකරණ වෛද්‍ය නිලධරියෙක් හමුවට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන තිබුණි. ඇය මානසික පීඩාවට පත්ව සිටින බවට එහිදී අධිකරණ වෛද්‍යවරයා විසින් වාර්තාවක්ද ලබාදී ඇත.

    මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී අනාවරණය වූ සාක්ෂි මත මෙම නිලධාරියාව පසුගිය 31 වෙනිදා රාත්‍රී කාලයේදී අත්අඩංගුවටගත් බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සඳහන් කරයි.

    රන්කැටියාගේ ගෝලයා පොලිස් ටීෂර්ට් සමඟ කොට ු

    0

    මත්කුඩු ජාවාරම්කරුවෙක් වන රන්කැටියා නැමැත්තාගේ ගෝලයෙකු පොලිස් ක්‍රීඩා ටී ෂර්ට් 03ක් කැප් එකක් ඇතුළු භාණ්ඩ රැසක් සමග මහබාගේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇත.

    ඇත් දළ දෙකක්, ගමන් කථනයක්සහ අත්විලංගු ජෝඩුවක්ද මෙම සැකකරු සතුව තිබී සොයාගෙන තිබේ. ්‍

    මෙම ඇත්දළ ජෝඩුව පානදුරේ වලව්වකින් සොරාගෙන ඇති බවට සැකකරන තොරතුරුක් ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පානදුර පොලිසියේ සහය ඇතිව විමර්ශනයක් පැවැත්වෙන බව මහබාගේ පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

    පොලිස් නිලධාරීන්ගේ පරිහරණය සදහා නිකුත්කර ඇති පොලිස් ක්‍රීඩා ඇදුම් 03ක් සහ කැප් එකක් මෙම සැකකරුට ලද ආකාරය ගැන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ පොලිස් නිලධාරියෙක් විසින් තමාට එම ඇදුම් ලබාදුන් බවය. එම නිලධාරියාව හදුනාගැනීමටද විමර්ශන ආරම්භකර ඇති බව පොලිසිය කියයි.

    පොලිස් යැයි සදහන්කර ඇති මෙම ඇදුම් හැද මෙම සැකකරු පොලිස් නිලධාරියෙක් ලෙසින් පෙනී සිටිමින් අපරාධවල නිරතව තිබේදැයි සොයා විමර්ශන පැවැත්වෙන බවද පොලිසිය සදහන් කරයි.

    රන්කැටියා නැමැති සැකකරු බන්ධනාගාරගතව සිටින අයෙක් බවත් මෙම සැකකරු රාගම හොරපේ පදිංචි අවුරුදු 28ක් වයසැති අයෙක් බවත් පොලිසිය සදහන් කළේය.

    පෙම්වතිය සමඟ ඇතිවූ ආරවුලට ගුවන් සෙබලා දුම ්රියට ගෙල තබයි

    0

    සිය පෙම්වතිය සමඟ ඇතිවූ ආරවුලක් මත ගුවන් හමුදා සෙබලෙක් බුළුගහගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියට ගෙල තබා ඊයේ (01) සියදිවි හානිකරගෙන ඇත.

    ගම්පහ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු දුම්රියකට මෙසේ ගෙල තබා සියදිවිහානිකරගෙන ඇත්තේ චීන වරාය ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවයේ නිරත ගුවන් හමුදා සෙබලෙකි.

    වයස අවුරුදු 34ක් වන මෙම ගුවන් සෙබලා ගාල්ල බෝපේ මුත්තෙට්ටුගේවත්තේ පදිංචිකරුවෙකි.

    මෙම මරණය සම්බන්ධයෙන් ගනේමුල්ල පොලිසිය විමර්ශන පවත්වයි.

    දුරකථන සංඥා කුළුනෙන් වැටී තාක්ෂණ නිලධාරි යා මිය යයි

    0

    මෙරට ප්‍රධාන පෙලේ දුරකථන සමාගමකට අයත් වව්නියාවේ පිහිටි දුරකථන සංඥා කුළුනක් අලුත්වැඩියා කරමින් සිටි තාක්ෂණික නිලධාරියෙක් කුළුනෙන් බිමට ඇද වැටී මියගොස් ඇත.

    මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (01) සවස් කාලයේදී බව වව්නියාව පොලිසිය සදහන් කරයි.

    වයස අවුරුදු 30ක් වන එච්.එම්. එස්ත චතුරංග නැමැති පුද්ගලික සමාගමක සේවයේ නිරත තාක්ෂණ නිලධාරියෙක් මෙසේ මියගොස් ඇත. ඔහු නිකවැරටිය මහගරිල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මර ත්නට බස්නාහිර පළාත භාර දෙයි

    0

    බස්නාහිර පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පත්කර ඇත.

    වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ පොලිස් පරිපාලන අංශයේ ප්‍රධානියා ලෙස වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගෙන් පසු ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින්නේ සංජීව ධර්මරත්න මහතාය.

    බස්නාහාර පළාත්භාර පොලිස් ප්‍රධානියා ලෙස සංජීව ධර්මරත්න මහතාට පත්වීම ලැබෙන්නේ සබරගමුව පළාත්භාර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටියදී ය. ඔහුගේ ස්ථානමාරුවෙන් පුරප්පාඩුවන සබරගමුව පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස පත්කර ඇත්තේ බස්නාහිර පළාත් භාරව මෙතෙක් සේවයේ නිරතව සිටි කේ.පී.එම්. ගුණරත්න මහතාය.

    සංජීව ධර්මරත්න මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙක් වන අතර පොලිස් නිලධාරීන් අතර ජනප්‍රියද චරිතයකි. එසේම ඔහු පොලිස් සේවය තුළ නොකැළැල් චරිතයකි.

    1990 සුවසැරිය පුළුල් කිරීමට සැලැස්මක්

    0

    1990 ඇමතුම් අංකය ඔස්සේ නොමිලේ පූර්ව රෝහල් ප්‍රතිකාර සපයමින් මෙරට සියළුම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක “සුවසැරිය” ගිලන්රථ සේවාව තවදුරටත් පුළුල් සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමටත්,එම සේවාවේ පවතින ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදෙමින් කාර්යක්ෂම සේවාවක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාම සදහා නව සැලැස්මක් යටතේ ක්‍රියාකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

    අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ පසුගියදා රාජගිරියේ පිහිටි සුවසැරිය ගිලන් රථ සේවා මධ්‍යස්ථානයේ දී පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි.

    ආරම්භයේදී ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ක්‍රියාත්මක වූ “සුවසැරිය” ගිලන්රථ සේවාව මේ වනවිට ශ්‍රී ලංකා රජය පවත්වාගෙන යනු ලබයි. මෙහිදී සුවසැරිය ගිලන් රථ සේවාවේ වත්මන් ක්‍රියාකාරීත්වය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ පරීක්ෂාවට ලක්වූ අතර, එහිදී හදිසි විදාන සහ පාලන අංශය, දුරකථන ඇමතුම් සම්බන්ධතා ඒකකය ඇතුලු අංශ කිහිපයක් මෙන්ම “සුවසැරිය” ගිලන් රථයක් ද අමාත්‍යවරයාගේ පුළුල් නීරීක්ෂණයට ලක් විය.

    අනතුරුව 1990 “සුවසැරිය”පදනම අධ්‍යක්ෂ මණ්ඩලය සමග ගිලන් රථ සේවාවේ වත්මන් ක්‍රියාකාරීත්වය, ඉදිරි මෙහෙයුම් කටයුතු සහ යෝජිත සැලසුම් මෙන්ම පවතින ගැටළු පිළීබදව ද විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.

    සේවා පවත්වාගෙනයාමේ දී කාර්ය මණ්ඩල හිඟතාව, සිටින කාර්ය මණ්ඩලට ලබාදෙන පහසුකම් පුළුල් කිරීම, හදිසි වෛද්‍ය තාක්ෂණ ශිල්පී (EMT) හිඟතාවයසලකා නව බඳවා ගැනීම සහ පුහුණුව ලබාදීම, භාණ්ඩාගාරයෙන් වෙන් කරනු ලබන අරමුදල් ප්‍රමාණය තව දුරටත් ඉහළ නැංවීමට පියවර ගැනීම, දේශීය හා විදේශීය ආධාර ලබාගැනීම, වැටුප්, නව නිල ඇදුමක් හදුන්වාදීම ඇතුළුකරුණු ගණනාවක් පිළිබදව ද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන් සමග දීර්ඝව කරුණු සාකච්ඡා කරන ලදි.

    මෙහිදී අමාත්‍යවරයා 1990 “සුවසැරිය” ගිලන් රථ සේවාව පිළිබදව නව ප්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන ලදි. ‌

    සේවකයින්ට සේවා ගරුත්වයක් ලබාදීමට වැඩපිළිවෙළක් දියත් කරමින් දීර්ඝ කාලීනව සේවකයින් අඛණ්ඩව රඳවා ගැනිමට අවශ්‍ය කටයුතු සිදු කිරීම.ආකර්ශණීය වැටුපක් ලබාදීම, කාර්ය මණ්ඩල පුහුණු කිරීම් කටයුතු ශක්තිමත් කිරීම පිළිබදව ද වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    කාර්ය මණ්ඩල හිඟතාව මත සේවා කටයුතු අකර්මණ්‍යවීමටකිසිදු අකාරයකින් ඉඩ නොදී පවත්වාගෙන යාම සදහා අවශ්‍ය වන්නේ නම් ආරක්ෂක අංශ කාර්ය මණ්ඩලවල සහායගිලන් රථ සේවාව සදහා යොදා ගැනීමේ හැකියාව ද මෙහිදී විමසා බලන ලදි. එමෙන්ම කාර්ය මණ්ඩලයට තවදුරටත් පුහුණු අවස්ථාවන් ලබාදීමටඇති හැකියාව පිළිබඳව ද අමාත්‍යවරයා අවධානය යොමු කරන ලදි. නව ගිලන් රථ 150 ක් ලබාගැනීමට අදාළව දැනටමත් කැබිනට් පත්‍රිකාවක්ඉදිරිපත් කර ඇති බවද මෙහිදී අනාවරණය විය.

    “සුවසැරිය” ගිලන් රථ සේවාව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන අතරෙහිම සංචාරක ක්ෂේත්‍රයේ වැනි අංශ පිළිබදව අවධානය යොමු කරමින් සංචාරකයින් වැඩි පිරිසක් ගැවසෙන ප්‍රදේශ තුළ ද මෙම සේවාව දැනටත් වඩාශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.
    “සුවසැරිය” ගිලන් රථ සේවාව මගින් දැනට ගිලන් රථ 322 ක් දිවයින පුරා සිය සේවා අඛණ්ඩව සපයන බවත්, ඉන් ගිලන් රථ 25 ක් මෙරට රජය මගින් ලබාදීමට කටයුතු කර ඇති බව අධ්‍යක්ෂ මණ්ඩලය මෙහිදී අමාත්‍යවරයා දැනුවත් කරන ලදි. දිනකට දුරකථන ඇමතුම් 5000 ඉක්මවා සම්බන්ධ කර ගනිමින් දෛනිකව දළ වශයෙන් 1050 පමණ අවස්ථා ඉක්මවා සිය සේවාවන් සපයන බව ද මෙහිදී අනාවරණය විය.

    මෙම අවස්ථාවට 1990 “සුවසැරිය” පදනමේ සභාපති නිරෝෂන් රත්නායක, අධ්‍යක්ෂ මණ්ඩලසාමාජිකයින් වන වෛද්‍ය අරුණ පාලිත සම්පත්, නලින් රත්නදීප පෙරේරා, ෂර්වින් අර්සකුලරත්න, තරිදු කාරියවසම් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    සමූපාකාර දින සැමරුමට රුපියල් මිලියන 183ක් වැය කලාට ප්‍රියන්ත මායාදුන්න සී.අයි.ඩී. අත්අඩ ංගුවට

    0

    2011 වසරේ පැවති ජාත්‍යන්තර සමූපාකාර දින සැමරුම් උත්සවයේදී රුපියල් මිලියන 183ක් වැය කිරීම සම්බන්ධයෙන් වූ විමර්ශනයකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එවකට සමූපාකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ප්‍රියන්ත කුමාර මායාදුන්න මහතා අද අත්අඩංගුවට ගත්තේය.

    ඉසුරු සවිය නමින් මෙම උත්සවය එකළ පවත්වා ඇත්තේ කුරුණෑගලදීය.

    මේ සම්බන්ධයෙන් කළ විමර්ශන උදෘතයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වසර කිහිපයකට පෙර නීතිපතිවරයා වෙත යොමුකර තිබී ඇත. නීතිපති දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් නීති උපදෙස් පසුගිය දා ලබාදෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත්තේ දණ්ඩනීති සංග්‍රහයේ 389 චෝදනාව ගොනු කිරීමට ප්‍රමාණවත් කරුණු ඇති බවය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

    කෝටි 02ක පොල් ගෙඩි වලට සමාන පොල් කිරි, පිටි ස හ පොල්මද ආනයනය කෙරේ

    0

    පොල් හිඟයට පිළියමක් ලෙස පොල් ගෙඩි මිලියන 200කට සමාන පොල් කිරි, පිටිකළ පොල් සහ සීත කළ පොල් මද ප්‍රති අපනයනය සඳහා කාණ්ඩ තුනක් යටතේ ආනයනය කිරීමට අවසර ලබාදීමට නියමිතව ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කරයි.

    පොල් ගෙඩි මිලියන 200ක් ආනයන කිරිම සම්බන්ධයෙන් පැන නැගි ඇති ගැටලුවක් සම්බන්ධයෙන් හා රුසියානු රජය විසින් නොමිලේ පරිත්‍යාග කරන ලද එම්.ඕ.පී. පොහොර පොල් වගාව සඳහා යොදා ගැනීම සම්බන්ධවයි. යනුවෙන් එම අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන්ය.

    එම මාධ්‍ය නිවේදනය මෙසේය.

    1. පොල් ගෙඩි මිලියන 200ක් ආනයන කිරිම සම්බන්ධයෙන් පැන නැගි ඇති ගැටලුවක් සම්බන්ධයෙනි. මේ සම්බන්ධයෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය, කර්මාන්ත අමාත්‍යාංශය, පොල් පර්යේෂණ ආයතනය, පොල් වගා කිරිමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය, සහ පොල් සම්බන්ධයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය (CCCI)යන, මෙම ආයතන සමග සාකච්ඡාවක් කර්මාන්ත අමාත්‍යංශයේ දි පසුගිය දිනයක පැවැත්විය.

    මෙම හිඟ කාලයේදී පොල් මද ආනයනය කිරිමට තීරණය කර ඇති අතර එම කැබිනට් පත්‍රිකාව ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා සහ කර්මාන්ත අමාත්‍යවරයා විසින් ඒකාබද්ධව ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. එය ඉතා ඉක්මනින් අමාත්‍ය මණ්ඩල අනුමැතියට යොමු කිරිමට කටයුතු සිදුකරමින් පවති. මෙම පොල් හිඟ කාලයේදි පොල්ගෙඩි මිලියන 200කට අදාල වන පොල් ප්‍රමාණයක් පොල් කිරි,පිටි සහ සීත කල පොල් මද යන කාණ්ඩ තුන යටතේ අනනයන කිරිමට අවසර දෙනු ඇත. ඒ අවසර දෙනු ලබන්නේ ප්‍රති අපනයන කටයුතු සඳහා පමණී.

    වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් හා කර්මාන්ත අමාත්‍යංශ ලේකම් විසින් කමිටුවක් පිහිටුවන අතර එම එක් එක් ආයතනය සඳහා අවශ්‍ය වන එම පොල් ප්‍රමාණය කමිටුව විසින් නිර්දේශ කරනු ලබන අතර එම නිර්දේශය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් විසින් කර්මාන්ත අමාත්‍යංශ ලේකම් වෙත යවනු ලබයි.කමිටුවේ අනුමැතිය අනුව එම පොල් ප්‍රමාණය ආනයනය කරනු ලබයි. මෙම කර්මාන්තය සඳහා දැනට ඇති පොල් අස්වැන්න අප්‍රේල් වන තුරුම ප්‍රමාණවත් නොවන බැවින් එම කර්මාන්තය රැක ගැනිමේ අරමුණින් එම තීරනය ගනු ලැබේ.

    තවද දේශිය පොල් තෙල් කර්මාන්තය සඳහා කොප්පරා නොවන, වියලි කල හෝ කැබලි කරන ලද පොල් කැබලි ආනයනයට අවශ්‍ය අවසර ලබා දීමේ කටයුතු සිදු කරමින් පවති. ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණයද කමිටුවක් මගින් තීරණය කරනු ලබයි.දේශිය පරිබෝජනයට ඇති මෙම පොල් තෙල් කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බදු සහනයක් යටතේ ආනයනය සඳහා අදාළකැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති අතර. එම කැබිනට් පත්‍රිකාව ද කැබිනට් අනුමැතිය සඳහා යොමු කිරිමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත.

    1. රුසියානු රජය විසින් නොමිලේ පරිත්‍යාග කරන ලද එම්.ඕ.පී. පොහොර පොල් වගාව සඳහා යොදා ගැනීම සම්බන්ධවයි,රුසියානු රජයෙන් ශ්‍රී ලංකාවට ලබා දුන් පොහොර මෙට්‍රික් ටොන් 55,000 අතරින් 50%ක්, එනම් මෙට්‍රික් ටොන් 27,500ක්, පොල් වගාව සඳහා වෙන් කර තිබේ. පොල් පර්යේෂණ ආයතනයේ නිර්දේශය පරිදි, මෙම එම්.ඕ.පී. පොහොර සෘජුවම පොල් වගාව සඳහා භාවිතා නොකර, එය යූරියා සහ එප්පාවල රොක් පොස්පේට් පොහොර සමග ත්‍රිත්ව මිශ්‍රණයක් ලෙස නිර්දේශිත අනුපාතයකට අනුව සකස් කර පොල් වගාව සඳහා යොදා ගැනිම සුදුසු වේ.

    ඒ අනුව එම මිශ්‍රිත පොහොර කිලෝ 50ක් සඳහා රුපියල් 9,000ක පිරිවැයක් දැරිමටපොහොර සංස්ථාවට සිදුවි තිබේ. නමුත් එම ආයතනය විසින් එම පොහොර මිශ්‍රණය පොල් වගාව සඳහා රුපියල් 3,700ක පිරිවැයකට ලබා දීමටකැමැත්ත පල කර තිබේ. ඒ අනුව මෙම කිලෝ 50 ක පොහොර මිටියක් බෙදාහැරිම සඳහා පොල් වගාකිරිමේ මණ්ඩලයේ මෙහෙයුම් පිරිවැය ද මේ සඳහා එකතු කර රුපියල් 4,000ක් වැනි පිරිවැයකට මෙම පොල් වගාව වෙනුවෙන්ම සැකසු කිලෝ 50ක පොහොර මිටියක් ලෙස පොල් වගා කරුවන් වෙත ලබා දීමට රුසියානු රජයේ අවසරය ලබා ගැනිමේ අරමුණින් ඔවුන් වෙත විදේශ කටයුතු අමාත්‍යංශය මගින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් විසින් ලිපියකින් අදාල ඉල්ලීම් සිදු කර ඇත.

    පොල් පර්යේෂණ ආයතනය හා පොල් වගා කිරිමේ මණ්ඩලය අනුමත කරනුයේ මෙම එම්.ඕ.පි පොහොර මිශ්‍රිත පොහොර පොල් වගා කරුවන්ට ලබා දීමයි. එමගින් මෙම පොහොර පිරිවැයට ලබා දීම මගින් රජය විසින් බලාපොරොත්තු වන අපේක්ශාවන් වඩා සාර්තක ලෙස ඉටු කර ගැනිමට හැකියාව පවති. එනම් එම මිශ්‍රිත පොහොර පොල් වගාව සඳහා පමණක් භාවිතා කල හැකි බැවිනි. එය වගාකරුවන්ට අවසාන වශයෙන් ඉහළ ආර්ථික ප්‍රතිලාභයක් වගේම ජාතික ආර්ථිකයට එය ධණාත්මකව බලපානු ඇත.

    පොල් වගා කරුවන්ට මෙම පොහොර ලබා දීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති අතර රුසියානු රජය විසින් එම්.ඕ.පී පොහොර මිශ්‍රිත පොහොරක් ලෙස පිරිවැයෙන් 50% ක අඩු මුදලකට වගා කරුවන්ට ලබා දීමට ඔවුන්ගේ අවසර ලැබුනු පසු මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමට පොල් වගාකිරීමේ මණ්ඩලය, පොල් පර්යේෂණ ආයතනය, හා පොහොර සංස්ථාව සිය කාර්යක්ෂමතාවයෙන් යුතුව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙති.

    මවට පහරදී ඇගේ ගෙලබැදි රන්මාලය කොල්ලකෑ පුත ුන් දෙදෙනා අත්අඩංගුවට

    0

    සිය මවට පහරදී ඇගේ ගෙලබැදි රන් මාලය කොල්ලකෑ පුතුන් දෙදෙනෙක් සාලියවැව පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන ඇත.

    වයස අවුරුදු 25 සහ 21 යන වයස්වල පසුවන එම සැකකරුවන් දෙදෙනා සාලියවැව නීලබැම්ම ව්‍යාපාරයේ පදිංචිකරුවන්ය. දරුවන් දෙදෙනාම විවහාකයන් බව පොලිසිය කියයි.

    පෙරේදා (28) සවස සිය වැඩිමහල් පුතාගේ නිවසට ගොස් ඇති මව ඇය විසින් ඉදිකළ කඩකාමරයේ යතුර ඉල්ලා ඇති බව පොලිසිය කියයි. එහිදී පුතුන් දෙදෙනා විසින් යතුර ලබාදීම ප්‍රතික්ෂේපකරමින් තමාට පහරදී රන් මාලය කඩාගත් බවට මව විසින් පැමිණිල්ලක් කළ බව පොලිසිය සඳහන් කළේය.

    ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා රුපියල් ලක්ෂ 3ක් පමණ වටිනා එම රන් මාලයද සොයාගනිමින් පුතුන් දෙදෙනාව අත්අඩංගුවටගත් බව සාලියවැව පොලිසිය සඳහන් කළේය.

    උ.මැද ප්‍රශ්න පත්‍ර පිටකළ විදුහල්පති අත්අඩංගුවට

    0

    උතුරු මැද පළාතේ 2024 තුන්වන වාර විභාගයේ 11 වන ශ්‍රේණියේ සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය එම විභාගය පැවැත්වීමට පෙර පිටකිරීම සම්බන්ධයෙන් වැඩ බලන විදුහල්පතිවරයකු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අනුරාධපුර තම්මැන්නාකුලමේ පදිංචිකරුවෙක් වන ඇත්දත්පල්ල රාහුල විද්‍යාලයේ වැඩ බලන විදුහල්පතිවරයා වන එම්.එම්.කේ. රාජපක්ෂ (52) නැමැති සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (29) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    විභාගයට පෙර වට්ස් ඇප් මගින් හුවමාරු වූ මෙම ප්‍රශ්න පත්‍රය උපකාරක පංතිවලද විභාගයට පෙර සාකච්ඡාකර තිබීම හේතුවෙන් විභාගය අත්හිටුවීමට උතුරුමැද පළාත් අධ්‍යාපන බලධාරීන් පියවර ගත්තේය. අනතුරුව මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක්ද කර කළේය. එම පැමිණිල්ලට අනුව විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

    ගාල්ලේ ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන මාධ්‍ය මෙහෙයුම් කළමනාකරුට පහරදීමක්

    0

    ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන මාධ්‍ය මෙහෙයුම් කළමනාකරුවන බංගලාදේශ ජාතික පන්වීර් අහමඩ් මහතාට කළ පහරදීමක් සම්බන්ධයෙන් බස් රථ රියදුරෙකු හික්කඩුව පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ඇපමත මුදා හැර තිබේ. .

    ගාල්ල වඳුරඹ පදිංචිකරුවෙක් වන බස් රථ රියදුරු වයස අවුරුදු 34ක් වන අයෙකි.

    පෙරේදා (28) පෙරවරුවේදී හික්කඩුව නාරිගම පිහිටි හෝටලයක් ආසන්නයේදී මෙම සිදුවීම වී තිබේ. මාධ්‍ය මෙහෙයුම් කළමනාකරු ඇතුළු ක්‍රිකට් තරගයේ පහසුකම් සපයන කණ්ඩායම නවාතැන් ගෙන සිට ඇත්තේ එම හෝටලයේය. එම පිරිස ක්‍රීඩාංගනයට රැගෙන යාමේ වගකීම පැවරී තිබී ඇත්තේ මෙම බස් රථ රියදුරුට බව පොලිසිය කියයි. මෙදින ඔහු බස් රථය රැගෙන හෝටලය අසලට පැමිණි පසු බස් රථය පැමිණිමට ප්‍රමාදවූ බව පවසමින් රියදුරුට දොස් නගා ඇති බවත් එහිදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් පහරදීමක් සිදුව ඇති බවත් පොලිසියට ඒ ගැන පැමිණිලිකරමින් සඳහන්කර තිබේ.

    පොලිසිය ඒ අනුව එහි ගොස් රියදුරු අත්අඩංගුවට ගෙන පැමිණිල්ල විභාග කිරීමේදී සැකකාර රියදුරා පවසා ඇත්තේ තමා පහරදීමක් සිදු නොකල බවත් බහින්බස් වීම අතර තුර තල්ලු කිරීමක් පමණක් සිදුවූ බවත්ය.

    දෙපාර්ශවයේම කරුණු දැක්වීම්වලට ඇහුම්කන් දීමෙන් පසු පොලිසියට පෙනී ගොස් ඇත්තේ සන්නිවේදනයේ දුර්වලථාවක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවය. ඒ බව පැහැදිලිකර දීමෙන් අනතුරුව දෙපාර්ශවයම සමථයකට පත්වීමට එකඟවූ බැවින් අත්අඩංගුවටගත් රියදුරු පොලිස් ඇප මත මුදාහැර ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    කෝටි 07ක හෙරොයින් එක්ක ගොත අංසකගේ ප්‍රබලයෙක් අල්ලයි

    0

    විදේශගතව සිටින පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ගොත අසංකගේ මත්කුඩු ජාලයේ ප්‍රධාන ගෝලයෙක් රුපියල් කෝටි 07ක් පමණ වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 02යි ග්‍රෑම් 218ක් සමඟ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.

    ගොතටුවේ නිවසක වලදමා තිබියදී මෙම මත්කුඩු තොගයෙන් කොටසක් හමුවී තිබේ. හෙරොයින් තොගයට අමතරව මත්කුඩු ජාවාරමෙන් උපයාගත් බව සැකකරන රුපියල් 667,000ක මුදලක්ද ජංගම දුරකථන 02ක් හා මත්ද්‍රව්‍ය බෙදා හැරීමට යොදාගත් බව සැකකරන මෝටර් රථයක්ද සැකකරු සතුව තිබී සොයාගෙන තිබේ. මේ හැරුණු කොට මෙම සැකකරුට අයත් බව කියන යතුරුපැදි 12ක්ද කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත. එම යතුරුපැදි මත්කුඩු බෙදාහැරීම සහ විවිධ අපරාධ සඳහා යොදාගෙන තිබේදැයි සොයා විමර්ශන පැවැත්වෙන බව කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතා පැවසීය.

    වයස අවුරුදු 41ක් වන මෙම සැකකරු සතුව තිබී සොයාගත් ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ ගොත අසංක නැමැති පාතාලයේ මත්කුඩු ජාවාරම්කරු විසින් විදේශගතව සිටිමින් මෙම මත්කුඩු ජාවාරම මෙහෙයන බවය. ගොත අසංක නැමැති මෙම ජාවාරම්කරු ඉන්දියාවේදී මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් ඉන්දියානු පොලිස් අත්අඩංගුවට පත්ව කාලයක් තිස්සේම රදවා සිට ඇත්තේ තමිල්නාඩුවේ පිහිටි බන්ධනාගාරයකය. එහෙත් අත්අඩංගුවටගත් සැකකරුගේ ජංගම දුරකථනයේ ගොත අසංක විසින් ලබාගත් දුරකථන ඇමතුම් අංකය සටහන්ව ඇත්තේ රුමේනියාවේ අංකයක් බව පෙනී ගොස් ඇත. ඉන්දියානු හිරෙන් නිදහස්ව ඔහු රුමේනියාවට පළාගොස් සිටින්නේද නැති නම් ඔහු ඉන්දියාවේ සිට රුමේනියානු දුරකථන අංකයක් භාවිතා කරන්නේද යන්න ගැන සැකයක් මතුව තිබෙන බව පොලිසිය කියයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් මේ වන විට ආරම්භකර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි. ්‍

    ගොතටුවේ පිහිටි මෙම සැකකරුගේ නිවස කොළඹ අපරාධ කොට්ඨාශය විසින් පරීක්ෂාවට ලක්කර ඇත්තේ ඝාතනයක් සඳහා කෙරන සූදානමක් ගැන ලද තොරතුරකට අනුවය. එම නිවසේ ඒ වනවිට තිබුණු යතුරුපැදියක් එම ඝාතන සැළසුමට යොදා ගැනීමට නියමිතව ඇති බවට තොරතුරු ලැබී තිබී ඇත. ඒ අනුව කළ සෝදිසියේදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 100කට වැඩි ප්‍රමාණයක් හමුවූ බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි. එම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කළ ප්‍රශ්න කිරීම් හමුවේ නිවසේ වලදමා තිබී හෙරොයින් කිලෝ 2කට අධික ප්‍රමාණය හමුවී තිබේ.

    ගොත අසංක නැමැති අපරාධකරු එල්.ටී.ටී.ඊ.යේ හිටපු වෙඩික්කරුවන් යොදාගෙන කොන්ත්‍රාත් මිනිස් ඝාතනවලද නිරතවූ අයෙකි. එබැවින් මෙම අපරාධකරු විදේශගතව සිට කොන්ත්‍රාත් ඝාතනවල නිරතව සිටින්නේදැයි සැකකරන බව පොලිසිය කියයි. ඒ සම්බන්ධයෙන්ද මේ වන විට විමර්ශනයක් ආරම්භකර ඇත.

    ඉන්දීය ධිවරයි න් 13ක් කොටු-වෙඩි පත්තුවී දෙන්නෙක්ට තුවාලයි

    0
    Man on the chair in Handcuffs. Rear view and Closeup ,Men criminal in handcuffs arrested for crimes. With hands in back,boy prison shackle in the jail violence concept.

    මෙරට මුහුදු සීමවට නීති විරෝධි ලෙස ඇතුළුවී අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 13ක් නාවික හමුදා භාරයට ඊයේ රාත්‍රීෙය්දී ගෙන තිබේ.

    යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරය යාත්‍රා විශාල ප්‍රමාණයක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට ‍මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් එම විධානයට අයත් නාවික හමුදා යාත්‍රා යොදවා සිදු කළ බව නාවික හමුදාව සදහන් කරයි.

    එහිදි නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයවමින් මත්ස්‍ය තොග රැස් කරමින් තවදුරටත් එම මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් රැඳී සිටි එක් ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් දහතුන් දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ බවද නාවික හමුදාව සඳහන් කරයි.

    එම ඉන්දීය ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට යාමේදී, නාවික හමුදාවේ නීත්‍යානුකූල නියෝගයන්ට අවනත නොවී, තවදුරටත් කලහාකාරී ලෙස හැසීරීම හේතුවෙන් එම යාත්‍රාව වෙත නාවික හමුදා කණ්ඩායමක් ගොඩවී ඇත.

    එහිදි නාවික හමුදාව එම යාත්‍රාව වෙත ගොඩවීම වැළැක්වීම සඳහා ඊට අවනත නොවි, නිත්‍යණූකූල රාජකාරීයට බාධා පමුණූවා, ඊට විශාල ප්‍රථිරෝධයක් දක්වමින් ආක්‍රමණශීලි ලෙස එම ධීවර යාත්‍රාව හසුරවමින් ඉන්දීය ධීවරයින් කලහාකාරීව හැසුරුණු අතර, නාවික හමුදාව වෙත පැවරී ඇති බලතල අනුව එම යාත්‍රාවට ගොඩවීමේදී, එම ධීවරයින් පිරිස සමූහයක් ලෙස ආක්‍රමණශිලීව පහරදීමට තැත්කර, නාවික හමුදා නිලධාරීන්ගේ ජීවිතයට අවධානමක් ඇති කරමින්, නාවික හමුදා නිලධාරියෙකු සතුව තිබු ගිනි අවියක් උදුරාගැනීමට උත්සහ කිරීමේදී, එම ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් ධීවරයින් දෙදෙනෙකු හට සුළු තුවාල සිදු වූ බව නාවික හමුදාව සඳහන් කරයි.

    නාවික හමුදාව විසින් එම ධීවරයින් දෙදෙනා වෙත මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් පසු, වැඩිදුර ප්‍රථිකාර සඳහා කඩිනමින් යාපනය ශික්‍ෂණ රෝහල‍ වෙත ඇතුලත් කිරීමට කටයුතු කෙරිණි. එම ධීවරයින්ගේ තත්වය බරපතල නොවන බව යාපනය රෝහල මඟින් තහවුරු කර ඇති අතර, නාවික හමුදාව විසින් සිද්ධිය සම්බන්ධයෙන් කන්කසංන්තුරය පොලීසිය වෙත පැමිණිල්ලක් ද සිදු කෙරිණි.

    නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ ඉතිරි ධීවරයින් එකොලොස් දෙනා (11) කන්කසංන්තුරය වරාය වෙත ඊයේ උදෑසන රැගෙන ආ අතර, ඉදිරි නිතීමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

    මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ වෙඩි වැදී ඇත්තේ ඉන්දීය ධිවරයින් දෙදෙනාගේ පාද වලට බවය.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියානු රජයේ විශේෂ අවධානයක් යොමුව ඇති අතර දෙරට අතර මේ වන විටත් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවක්ද සිදුව ඇති බව මහකොමසාරිස් කාර්යාල තොරතුරු අනාවරණය කළේය.

    සැත්කම් පෝලිම අඩුකරන්න ජනපති අරමුදල පෙරට එයි

    0

    රජයේ රෝහල්වල සැත්කම් පොරොත්තු ලේඛනයේ වැඩි කාලයක් රෝගීන්ට රැදී සිටීමට සිදුවන බැවින් ඊට විසඳුමක් ලෙස සිය රාජකාරි වේලාවෙන් පසු සැත්කම් කරන සහ එම සේවාවන් ඉටුකරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ජනපති අරමුදලින් දිරි දීමනාවක් ලබාදීම කෙරෙහි ජනපති අරමුදලේ පාලක සභාවේ අවධානය යොමුව ඇත.

    කරාපිටිය ශික්ෂණ රෝහලේ පමණක්දැනට මෙම ක්‍රමය ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී එය ජාතික රෝහල, මහනුවර මහ රෝහල සහ රිජ්වේ ආර්යා ළමා රෝහල මූලික කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට ජනපති අරමුදලේ පාලක සභාව සාකච්ඡාකර තිබේ.

    ජනාධිපති අරමුදලේ පාලක සභාව 2025 වසර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (28) රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ගෙන ඇත.

    අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදා‍ස, ජනාධිපති අරමුදලේ ලේකම් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මහාචාර්ය ජේ.ආර්.පී.ජයකොඩි, හිටපු විගණකාධිපති මන්ත්‍රී සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ මහත්වරු ඇතුළු ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    පොහොට්ටුව අතහැර සිලින්ඩරයට ගිය අයට වෙන දේ ගැන සී.බී. කියයි

    0

    එජාපය හා සජබය එකතු වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්හැර සිලින්ඩරයේ පිහිට පතා ගිය පිරිසට ආත්මයක් නැති වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නායක සී.බී රත්නායක මහතා පවසයි.

    මේ නිසා ගෑස් පොහොට්ටුව අත්හැර ගෑස් සිලින්ඩරය බදාගත් අය ද දැන් තීරණයක් ගත යුතුව තිබෙන්නේ යැයි රත්නායක මහතා කියයි.

    කෝවිල් පූජාවේ අඹ ගෙඩිය රුපියල් ලක්ෂ 02කට වෙන්දේසි වේ

    0

    යාපනයේ පුතූර් කලමති ආලඩි මුරුගන් කෝවිලේ වාර්ෂික මංගල්ලයේදී පූජාවට තැබූ අඹ ගෙඩියක් රුපියල් දෙලක්ෂ හතලිස් හය දහසකට ඊයේ (27) වෙන්දේසී වී තිබේ.

    උතුරේ කොවිල්වල අඹ මංගල්ලය සමයේදී දෙවිවරුන්ට පූජා කරන අඹ ගෙඩිය පසුව වෙන්දේසියේදී අළෙවි කරනු ලබයි.

    දෙවියන්ට කැප කළ එම අඹ ගෙඩිය තම නිවසට රැගෙන ගොස් සුදු රෙදි කඩක බැද එල්ලා තැබීමෙන් නිවසට සිරිකත පැමිණීමට හේතුවක් වන බවට හින්දු බැතිමතුන් තුළ ඇති විශ්වාසය නිසා පූජාවට තබනු ලබන අඹ ගෙඩිය වෙන්දේසියේදී මිලට ගැනීමට විශාල උනන්දුවක් පවතී.

    කෝවිලේ පැවති වෙන්දේසියේදී අඹ ගෙඩිය මිලට ගෙන ඇත්තේ ජර්මනියේ සිට නිවාඩුවකට යාපනයට පැමිණ සිටින ධනවත් පවුලක් විසිනි.