බැංකු නිලධාරිනියක් සහ ඇගේ සැමියා වෑන් රථයකින් පැහැරගෙන ගොස් මුදල් කොල්ලකා සැමියාව මග දමා ගොස් බැංකු නිලධාරිනිය දූෂණයකළ බව කියන ඇගේ පෙම්වතා බව කියන ව්‍යපාරිකයෙකු ඇහැලියගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
දෙබරා නමින් හඳුන්වන සැකකාර ව්‍යාපාරිකයා පරකඩුවේ පදිංචිකරුවෙක් බවත් ඔහු 33 හැවිරිදි වියේ පසුවන්නෙක් බවත් පොලිසිය සඳහන් කරයි. බැංකු නිලධාරිනිය 37 හැවිරිදි වියේ පසුවන්නියකි.
බැංකු නිලධාරිනිය හා අනියම් පෙම් සම්බන්ධතාවක් ගොඩනගාගෙන සිට ඇති සැකකරු සැමියා සමඟ ඇයව පැහැරගෙන ගොස් ඇත්තේ පසුගිය 05 වෙනිදාය. අතර මගදී සැමියා සතුව තිබුණු රුපියල් 48,000 ක මුදලක් සමඟ ජංගම දුරකථනය කොල්ලකා සැමියාව මහ මග දමා ගොස් ඇති බවද පොලිසිය කියයි. අනතුරු බැංකු නිලධාරිනිය හොරණ ප්‍රදේශයට රැගෙන ගොස් දූෂණයකර ඇති බව පොලිසිය කියයි.
පොලිසියට මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව දෙබරා නැමැති සැකකාර ව්‍යාපාරිකයා ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇත.