තවත්
    මුල් පිටුවදේශීය පුවත්මිලියන 140ක වංචාවකට නාවික හමුදාවේහිටපු සෙබ ලා කොටු

    මිලියන 140ක වංචාවකට නාවික හමුදාවේහිටපු සෙබ ලා කොටු

    රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් නාවික හමුදාවේ හිටපු සෙබලෙකු වාරියපොලදී ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    ඔහු පදිංචිව සිටි මාකෙලිය කෙලමුණේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී එහි අල්මාරියක තිබී මිලිමීටර් 09 වර්ගයේ පතොරම් 43ක් සහ නාවික හමුදා නිල ඇඳුම් කට්ටලයක් සොයාගෙන තිබේ.

    සැකකරු සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බව පොලිසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img