තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඩියුටි යනවා යැයි කියා ටී 56ත් අරන් පොලිසියෙ න් එළියට ආ රාළහාමි...

    ඩියුටි යනවා යැයි කියා ටී 56ත් අරන් පොලිසියෙ න් එළියට ආ රාළහාමි ඩුබායි පැනල

    ගල්කිස්ස පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු ටී 56 ගිනි අවියද රැගෙන මාර්ග බාධක රාජකාරියට යන බව පොලිස් ස්ථානයෙන් පිටතට පැමිණ ඊයේ (08) රාත්‍රී කාලයේම ඩුබායි බලා පළාගොස් ඇත.

    මෙසේ පළාගොස් ඇත්තේ අනුරාධපුර පදිංචිකරුවෙක් වන ජයකොඩි (100430) නැමැති පොලිස් කොස්තාපල්වරයාය.

    මෙම නිලධාරියා ඩුබායි බලා පිටත්ව ගොස් ඇත්තේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලිනි.

    මෙම නිලධාරියා ඊයේ (08) සවස 6.00 සිට අද (09) උදෑසන 6.00 දක්වා ගල්කිස්ස පොලිස් වසමේ කහවිට මාවතේ පාලම අසල මාර්ග බාධක රාජකාරියේ යොදවා සිට ඇත. එම රාජකාරි ස්ථානයට වාර්තා කිරීමට ඊයේ (08) සවස 5.47ට පමණ පොලිස් ස්ථානයේ අවි භාරකරුගෙන් 8045840 අංකය දරණ ටී 56 අවිය පතොරම් 30ක්ද සමඟ ලබාගෙන පොලිස් ස්ථානයෙන් පිටත්ව ඇත්තේ රාජකාරි ස්ථානයට වාර්තා කිරීමට යන බව සඳහන් කරමිනි.

    පැය ගානක් යන තුරු ඔහු රාජකාරි ස්ථානයට වාර්තා නොකිරීම හේතුවෙන් ඔහු සමඟ රාජකාරියට යොදවා සිටි නිලධාරියා උසස් නිලධාරීන්ට ඒ බව දැනුම්දී ඇත. ඒ වන විටත් කොස්තාපල්වරයා සිය ජංගම දුරකථනයද අක්‍රියකර තිබී ඇත.

    මෙම නිලධාරියාට සිදුවූයේ කුමක්දැයි කළ සොයා බැලිමේදී රාත්‍රී කාලයේදීම අනාවරණය වී ඇත්තේ ඔහු රටින් පළාගොස් ඇති බවය.

    ගිනි අවිය ඔහු අපරාධ කල්ලියක් අතට පත්කර මෙසේ රටින් පළාගොස් තිබේදැයි සොයා විමර්ශන පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ් පොලිස් අධිකාරී නීතීවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය. පළාගිය පොලිස් කොස්තාපල් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට ජාත්‍යන්තර පොලිසියේ සහය ලබාගන්නා බවද බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img