“පොල්කොටුවේ ගඩ්ඩා“ යැයි අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන කලවානේ කෝටිපති වාහන අලෙවි සැල් හිමිකරුවෙකුට අයත් බව කියන කොටස් එකලස්කර සකස්කර ඇති බවට සැකකරන රුපියල් කෝටි 07ක් පමණ වටිනා වාහන 05ක් වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් ඊයේ කළ වැටලීමකදී පොලිස් භාරයට ගෙන ඇත.
මෙම වැටලීමේදී “පොල්කොටුවේ ගඩ්ඩා“ නැමැති ව්‍යාපාරිකයාට තමන් “ වලානෙන්“ යැයි පොලිස් නිලධාරීන් තමන්ව හදුන්වාදෙන විට බියටපත්ව ඔහු සිහිසුන්ව ඇද වැටී තිබේ. වහාම ක්‍රියාත්මක වූ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් ඔහුව රත්නපුර රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත.
පොලිස්භාරයටගත් වාහන අතර මෝටර් රථ දෙකක්, ජිප් රථ දෙකක් සහ ඩිපෙන්ඩර් රථයක් ඇතැයි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කළේය.
මෙම වාහන සේල් ව්‍යාපාරිකයා ව්‍යාජ එන්ජින් අංක හා චැසි අංක කොටා කූඨ ලේඛන සකස්කර වාහන අලෙවිකර කෝටි ගණන් මුදල් උපයන බවට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව බුද්ධි නිලධාරීන් යොදා සිදුකළ අවේක්ෂණයකින් අනතුරුව වැටලීම සිදුකර ඇත.
මෙම වාහන 05 තිබී ඇත්තේ සඟවා බවත් එම වාහන රුපියල් කෝට් 07ක් පමණ වටිනා බවත් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාකරන බලකාය සඳහන් කරයි.
මෙම වාහන අතර ගර්භිත තත්ත්වයේ ඇති ධාවනය කළ නොහැති ජපන් කැල්ටස් වර්ගයේ මෝටර් රථයක් ඇති බවත් එම රථයේ වැසි අංකය සහ වැසි කොටස එම රථයෙන් කූඨ ලෙස ඉවත්කර ඇති බවත් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි. ජපන් සුසුකි වර්ගයේ රථයක්ද ඇති බවත් එම රථයේ චැසි බද කොටසට පෑස්සුම් කර බද්ධකර ඇති බවත් විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
මෙම ව්‍යාපාරිකයා මෙහි ඇති ඇතැම් වාහන “අධ්‍යාපන අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය“ ලෙස සටහන්කළ බෝඩ් විස්න්ක්‍රීනයේ ප්‍රදර්ශනය කරමින් ධාවනයකර ඇති බවටද තොරතුරු විමර්ශනයේදී අනාවරණය වූ බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ උසස් නිලධාරියෙක් පැවසීය.
මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කේ.ඒ. උදය කුමාර මහතාගේ අධික්ෂණයෙන් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයැවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන සඳරුවන්, ජයවීර, මධුෂාන් පොලිස් සැරයන්වරුන් වන ජයලාල් (428), කරුණාදාස (30115), මධුරංග (61746), ප්‍රේමරත්න (67237) ඉන්දික (75056), පොලිස් කොස්තාපල්වරුන් වන උදය කුමාර (84889), බාලසූරිය (77090), රණතුංග (98677), ගයාන් (99635), ලසිත (100291), දිල්ශාන් (104327),දිල්හාර (102354), පොලිස් කොස්තාපල් රියදුරු තිසර (80501) , අබේරත්න (89631),සිල්වා (105529) යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.