තවත්

    සූවස් ඇළේ සිරවූ නෞකාව නිදහස් කරන්න සති ගණනක් යයි!

    0

    සූවස් ඇළේ සිරවී ඇති දැවැන්ත බහාලුම් නෞකාව නිදහස් කිරීම සඳහා සති ගණනක් ගත විය හැකි බව බලධාරීහු අනුමාන කරති.

    සිරවූ නෞකාව නිදහස් කිරීමට එම ඇළේ වැලි ඝනමීටර් 20,000 ක් (ඝන අඩි 706,000) ක් ඉවත් කළ යුතු බව බලධාරීහු පවසා තිබේ.

    එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ උසට සමාන දිගකින් යුත් බහාලුම් නෞකාවක් වන එවර්ග්‍රීන් නෞකාව සුළං හා වැලි කුණාටුවකට හසු වීමෙන් මෙම අනතුරට ලක්ව ඇත.

    එය ලෝකයේ කාර්යබහුලම ජල මාර්ගයක් අවහිර කර ඇති අතර, ඇළ ඉවුරේ කිමිදුම්කරුවන් දෙදෙනෙකු, කඹ ඇදීමේ බෝට්ටු 9 ක් සහ කැණීම් කරුවන් සිව්දෙනෙකු ඇතුළු ගලවා ගැනීමේ උත්සාහයන් ගණනාවක් දියත් කර තිබේ.

    නෞකාවේ ඉදිරිපස කොටසේ වැලි සහ මඩ ඉවත් කිරීම සඳහා කටයුතු කෙරෙන අතර මීටර 12 සිට 16 දක්වා ගැඹුරකට (වැලි ඝ්නඅඩි 530,000 සිට 706,000 දක්වා) ගමන් කිරීමට අවශ්‍ය වේ. අඩි 39 සිට 52 දක්වා) නෞකාව පාවීමට ඉඩ සලසන බව බලධාරින් පැවසීය. එය ඔලිම්පික් පිහිනුම් තටාකයක ප්‍රමාණය මෙන් අට ගුණයක් පමණ වේ.

    මෙම නෞකාව සිට වීම නිසා දිනකට ඩොලර් බිලියන 9.6ක් පමණ පාඩු වන බව මීට පෙර වාර්තා විය.

    ලොව සමස්ත නාවික භාණ්ඩ ප්‍රවාහනයෙන් 12% ක් සිදු කරනු ලබන්නේ සුවස් ඇළ හරහාය.

    එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ එවර්ග්‍රීන් නෞකාවේ දිගට සමාන ‍‍ය

    සහරාන් එක්ක සිසුන්ට අන්තවාදය ඉගැන්වූ ගුරුවරු දෙදෙනෙක් අත්අඩංගුවට

    0

    මදුරන්කුලියේ මද්‍රාසා පාසලකදී සහරාන් හෂීම් සහ ඔහුගේ සහෝදරයින් ඇතුළු පිරිසක් විසින් පාසල් සිසුන්ට අන්තවාදය පුහුණු කිරීමේ සිද්ධියට අදාළව එම පාසලේ ගුරුවරු දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පුත්තලම මදුරන්කුලි යන ප්‍රදේශවලින් මොවුන් අද අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම පාසල පවත්වාගෙන ගිය Save the pearls රාජ්‍ය නොවන සංවිධානයේ සභාපති ලෙස කටයුතු කර තිබුණේ ඒ නීතිඥ හිජාස් හිස්බුල්ලා ය.

    ඔහු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඔහු සමඟ එම පාසලේ විදුහල්පතිවරයා ද මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

    සිංහරාජයේ වන විනාශයක් සිදුවී නෑ – යුනෙස්කෝ

    0

    සිංහරාජ වනාන්තරයේ කිසිදු වන විනාශයක්‌ සිදු වී නොමැති බව යුනෙස්කෝ ජාතික කොමිසම්‌
    සභාව පවසයි.

    සිංහරාජ වනාන්තරය කිසිදු අවස්ථාවක
    ලෝක උරුම ලැයිස්තුවෙන්‌ ඉවත්‌
    කිරීමේ අවදානමක්‌ නොමැති
    බව ද එම සභාව පෙන්වා දී තිබේ.

    කෙසේ වෙතත්‌ සිංහරාජ ලෝක
    උරුම වනාන්තරය තුළ
    හෙක්ටර්යාර 5ක වපසරියකින්‌
    යුත්‌ ජලාශ දෙකක්‌ තැනීම
    පිළිබඳව ඉල්ලීමක්‌ යුනෙස්කෝ
    ආයතනයට යොමුකර ඇත.

    ‌මේ දක්වා එම ඉල්ලීම්‌ වලට යුනෙස්කෝව ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තා වේ.

    ඒ අනුව කිසිදු අවස්ථාවක
    හෙක්ටයාර 8000කින්‌ සමන්විත
    සිංහරාජ ලෝක උරුම
    වනාන්තරය තුළ ඇති ජෛව
    විවිධත්වයට හානි ආකාරයේ
    කිසිදු ඉදිකිරීමක්‌ සිදුකිරීමක්‌
    නොකෙරෙන බව ඔවුහු අවධාරණය කරති.




    අනුරගෙ ආකේඩ් බොරුව අතේ පත්තුවෙයි

    0

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටියදී ඔහුගේ සංකල්පයකට අනුව බිහිවූ නිදහස් චතුරශ්‍රයට යාබදව පිහිටි ආකේඩ් සාප්පු සංකීර්ණ පරීශ්‍රය ගෙවී ගිය වසර පහක පමණ කාලය තුළ පැවැතියේ අභාවයට යමිනි. ආකේඩ් වෙත එන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත් විශාල මාළු ටැංකිය පවා තිබුණේ අභාවයට යමිනි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සාප්පු සහ ප්‍රදර්ශනාගාර පවා පැවැතියේ වැසී යාමිණි. මෙවන් තත්වයක් මත නාගරික සංවර්ධන අධිකාරියේ පාලනයේ පැවැති ආකේඩ් පරීශ්‍රය සොෆ්ට්ලොජික් සමාගමට අනුබද්ධ ඔඩෙල් වෙත වසර 10 ක කාලයට බදු ලබාදීමට ගිවිසුම් ගත වන්නේ පසුගියදාය. ඒ මාසිකව රුපියල් කෝටියවක බදු ආදායමක් නාගරික සංවර්ධන අධිකාරියට ලැබෙන ආකාරයටය. ඒත් සමග අකේඩ් සාප්පු සංකීර්ණ පරීශ්‍රය ගැන සමාජයේ දැඩි කථාබහකට ලක්වන්නට ගත්තේය. ඒ එම පරීශ්‍රය සමාගමකට බදුදීම මුල්කර ගනිමිනි. ඒ සම්බන්ධයෙන් විවිධ චෝදනා පවා එල්ලවන්නට විය.

    “ ආකේඩ් සාප්පු සංකීර්ණ ගොඩනැගීම වෙනුවෙන් රු. මිලියන 700කට වඩා වැඩි ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් මහජනයාගේ ධනය වැය බරක් හැටියට දරලා තිබෙනවා. මේ දැවැන්ත වියදමක් දරන සාප්පු සංකීර්ණය, නාගරික සංවර්ධන අධිකාරියට නඩත්තු කරගන්න බැරි තරමේ බරක් වුණා. වාර්ෂිකව පාඩු වුණා. දැන් ආණ්ඩුව තීන්දු කළා, මං හිතන්නේ කැබිනට් මණ්ඩලය තීන්දුවත් ගත්තේ නැහැ කියලා මං දන්නා පරිදි, දැන් මේ සාප්පු සංකීර්ණය, සොෆ්ට්ලොජික් ආයතනයට, අශෝක් පතිරගේ මහතාගේ ආයතනයට අවුරුදු 10කට බදු දීලා තිබෙනවා. හැබැයි ආණ්ඩුව ආවේ කොහොමද, රාජ්‍ය දේපළ ආරක්ෂා කරන, රාජ්‍ය සම්පත්වල මුරකරුවෝ මුරබල්ලෝ ලෙස තමයි පාලනයට ආවේ. නාගරික සංවර්ධන අධිකාරිය සතුව තිබුණු ආකේඩ් සාප්පු සංකීර්ණය බදු දීම තමුන්නාන්සේලාගේ ජනවරමත් එකක් සම්බන්ධ වෙන්නේ කොහොමද? මේක බදු දුන්නේ කොහොමද? රාජ්‍ය දේපළක් බදු ලබා දෙනවා නම් විවෘත ටෙන්ඩර් පටිපාටයක් අනුගමනය කරන්න ඕනේ. දැන් මම අහනවා, නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයාගෙන් මේ ආකෝඩ් සාප්පු සංකීර්ණය බදු ලබා දීම සඳහා විවෘත ටෙන්ඩර් කැඳවීමක් කළාද, ඒ අනුවද සොෆ්ට්ලොජික් සමාගම තෝරා ගනු ලැබුවේ?“ මේ ගැන ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී 24 වෙනිදා ප්‍රශ්න කිරීමක්ද කළේ එසේය.

    නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා විසින් අනුර කුමාර මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයට සවිස්තරාත්මක පිළිතුරක් 25 වෙනිදා ලබාදෙන්නේ ආකේඩ් පරීශ්‍රය මේ අවස්ථාවේදී බදුදීමේ වැදගත්කම මනාවට පැහැදිලි කරමිනි. එසේම එම බදුදීම ටෙන්ඩර් ක්‍රියාවලියක් හරහා සිදුවූ බවද ඔහු පෙන්වා දෙන්නේ මෙසේය.

    “2010 -2014 කාලයේ එවකට පැවති අපේ රජය විසින් දියත් කළ නගර අලංකරණ වැඩසටහන යටතේ කොළඹ නගරයේ තිබුණු ගරා වැටුණු ගොඩනැගිලි රැසක් නවීකරණය කොට මහජන ප්‍රයෝජනය සඳහා යොදා ගනු ලැබුවා. ආකෝඩ් ගොඩනැගිල්ලත් ඒ ආකාරයට සකස් වූ කඩ සාප්පු 42කින් යුත් වෙළඳ සංකීර්ණයක්. මේ වෙළෙඳ සංකීර්ණය ආරම්භක අවස්ථාවේ දී කළමනාකරණය කිරීමේ කටයුතු කළේත් නාගරික සංවර්ධන අධිකාරිය විසින්මයි. 2014 දී මාසිකව මිලියන 10 ක පමණ ආදායමක් ඉපයූවත් 2015 න් පසුව යහපාලන රජය බලයට පැමිණි පසු වසරින් වසර මෙහි මාසික ආදායම පහත ඇවිත් අවසාන වන විට මිලියන 8.9කටත් වඩා අඩු මට්ටමකට වැටී තිබුණා. ඊටත් වඩා බරපතළ ප්‍රශ්නය වුණේ 2019 වර්ෂයේ අපි බලයට එන විට රු. මිලියන 100කට අධික මුදලක් නාගරික සංවර්ධන අධිකාරියට හිඟ මුදල් ලෙස අයකර ගත යුතුව තිබුණා. කඩ 42 න් කඩ 11ක් වසා දමා තිබුණා.“

    “මේ කරුණු සියල්ලම සලකා බලා නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කොට තිබෙනවා, එහි කළමනාකාරීත්වය පුද්ගලික ක්ෂේත්‍රයට බදු දී ආයතනයට වැඩි ආදායමක් උපයා ගන්නට. මේ කාර්යය කරලා තිබෙන්නේ කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුවත් විසින් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින්. ඒ අනුව ප්‍රසිද්ධ පුවත්පත් 3ක භාෂා තුනෙන්ම පුවත්පත් දැන්වීම් 2020.10.20 දින පළ කර තිබෙනවා. මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජිකයින් ලෙස කටයුතු කර තිබෙන්නේ සභාපති ලෙස මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්තුමා, නාගරික සංවර්ධන හා නිවාස අමාතයාංශයේ ලේකම්තුමා, ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්තුමා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්තුමා සහ මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමායි. ඊට අමතරව තාක්ෂණික කමිටුව වුණේ, සභාපති ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්තුමා, නාගරික සංවර්ධන අධිකාරියේ වත්කම් කළමනාකරණය කිරීඹ් සහ අයකිරීම් අධ්‍යක්ෂක, නාගරික සංවර්ධන අධිකාරියේ මුදල් අධ්‍යක්ෂක, මුදල් අමාත්‍යාංශයේ කොන්ට්‍රොල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමා. නාගරික සංවර්ධන නිවාස අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂතුමා.“

    “මේ ක්‍රියවලියේ දී රජයේ තක්සේරුකරුගෙන් මේ ගොඩනැගිල්ල සඳහා වාර්ෂික බදුකුලිය ලෙස රු. මිලියන 120 ක තක්සේරුවක් ලැබිලා තිබුණා. පුවත්පත් දැන්වීම්වල ප්‍රචාරය දක්වමින් ආයතන කිහිපයක්ම ටෙන්ඩර් ලිපිලේඛන මිල දී ගෙන තිබුණත්, මිල ගණන් ඉදිරිපත් කිරීම සඳහා ආයෝජකයින්ට ලබා දී තිබූ සති 4ක කාලය තුළ ලංසු තබා තිබුණේ ඔඩෙල් පීඑල්සී කියන ආයතනය සහ අබාන්ස් පීඑල්සී කියන ආයතන දෙක පමණයි. මේ ටෙන්ඩරය සඳහා අනුගමනය කර තිබුණේ තාක්ෂණික යෝජනා සහ මූල්‍ය යෝජනා වෙනවෙනම ඉදිරිපත් කරන Two Envelope ක්‍රමවේදයයි. තාක්ෂණික කමිටුව යෝජනා අධ්‍යයනය කොට ටෙන්ඩරය සඳහා සියලු නිර්ණායකයන් සම්පූර්ණ කරන ලද ඔඩෙල් පීඑල්සී ආයතනය තෝරා ගෙන තිබුණා ඊළඟ වටය සඳහා. මේ ආයතනය ප්‍රසම්පාදන කමිටුව විසින් ඒකමතිකව අනුමත කර තිබෙනවා.“

    “ඔඩෙල් පීඑල්සී ආයතනය මසකට රු. මිලියන 10 ක්, එනම් වර්ෂයකට බදු කුලිය රු. මිලියන 120 ක් බදු රහිතව ගෙවීමට ගිවිසුම් ගත වී තිබෙනවා. වෙනත් වචනවලින් කියනවා නම් මසකට රු. කෝටියක ආදායමක් මේ බදු දීම හරහා නාගරික සංවර්ධන අධිකාරිය උපයනවා. ආයෝජක සමාගම පළමු වසර සඳහා සමස්ත බදු මුදල වන රු. කෝටි 12ක ගිවිසුම අත්සන් කරන වෙලාවේ ගෙවනවාය අමතරව තවත් කෝටි 24ක් ආරක්ෂක තැන්පතුවක් ලෙස ගෙවා තිබෙනවා. වර්ෂයකට බදු ලෙස ගෙවන රු. කෝටි 12ක මුදල වසර 5කට පසු රජයේ තක්සේරුකරුගේ තක්සේරු අනුව වැඩිකරන්නටත් මේ ආයතනය එකඟ වී තිබෙනවා.“

    “වත්මන් රජය බලයට පත්වීමට පෙර ජනතාවට ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රාජ්‍ය ආයතන කාර්යක්ෂම හා ලාභ ලබන ව්‍යවසායන් ලෙස පවත්වා ගෙන යාමට අපි පොරොන්දු වී තිබෙනවා. අනුර කුමාර දිසානානයක මැතිතුමා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී පුද්ගලික නම් ඉලක්ක කරමින් කරන සාවද්‍ය ප්‍රකාශ බුද්ධිමත් ජනතාව ප්‍රතික්ෂේප කරනවා. අපි හැමවිටම කටයුතු කරන්නේ ඉතාමත් විනිවිදභාවයකින් යුතුව නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයට අනුකූලවයි.“

    සහල්- ධාන්‍ය පාට කර විකිණීමේ ජාවාරමක්

    0

    එළඹෙන උත්සව සමය ඉලක්කර ගෙන මිනිස් සිරුරට අහිතකර වර්ණක අඩංගු සහල් ඇතුළු ධාන්‍ය වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් පවතින බැවින් ලබන 28 වෙනිදා සිට පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් දීප ව්‍යාප්තව වැටලීම් මාලාවක් දියත්කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සදහන් කළේය.

    මේ දිනවල ප්‍රදේශ කිහිපයක කළ වැටලීම්වලින් සොයාගත් ආහාර පරීක්ෂාවකදී මෙම ජාවාරම ගැන තොරතුරු සොයා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත්ව බවද ඔහු කියයි.

    මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, පොල් තෙල්වලට ද විවිධ රසායන ද්‍රව්‍ය මුසුකර අලෙවි කරන බවටද තොරතුරු ලැබී ඇති බවය. කළුතර, ගම්පහ, කොළඹ දිස්ත්‍රික්කවල මෙම ජාවාරම දැඩිව ක්‍රියාත්මක වන බව ද ඔහු සදහන් කළේය.

    ASP එරික්ගේ මාරුව ගැන විමර්ශනයක්

    0

    ‍වෙන්නප්පුව සහ දංකොටුව යන පොලිස් බල ප්‍රදේශ භාරව සේවය කළ සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාව කසිප්පු ජාවරම්කරුවන්ගේ අවශ්‍යතාවකට රාජ්‍ය ඇමතිවරයෙකුගේ මැදිහත්වීමෙන් පොලිස් මුලස්ථානයට ස්ථාන මාරු කළේයැයි නැගෙන චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකරන බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා සදහන් කරයි.

    පුත්තලම දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් පාර්ලිමේන්තුවේදී 25 වෙනිදා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා ඒ බව සදහන් කළේය.

    සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ ස්ථාන මාරුවීම සම්බන්දයෙන් මේ වන විට මහත් ආන්දෝලනයක් ඇති ව තිබේ. වෙන්ප්පුවේ සහ දංකොටුවේ විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලාත් පල්ලිවල පූජකවරුනුත් ප්‍රමුඛතරගත් ජනතා උද්ඝෝෂණයක්ද මේ වන විට එම ස්ථානමාරුවීමට එරෙහිව සංවිධානය වෙමින් පවතින බව වාර්තා වේ.

    මෙවන් තත්වයක් හමුවේ පොලිස් බලධාරීන් එරික් පෙරේරාට දැනුම් දී ඇත්තේ දංකොටුවත් වෙන්නප්පුවත් හැරුණු කොට කැමැති ඕනෑම ස්ථානයකට මාරුවීමක් ලබාදීමට හැකිබවය. ඊට එරික් පෙරේරාගෙන් යහපත් ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නැත.

    පස්සර අනතුරේ බස් රියැදුරුට විවෘත වරෙන්තුවකුත් තිබිලා

    0

    අහිංසක මගී ජීවිත 14 කට මරු කැදවූ පස්සර බස් අනතුර සිදුවන විට එම බස් රථය පැදවූ රියදුරුට එරෙහිව අන්තරාකාරී ලෙස රිය පැදවීමක් සම්බන්ධයෙන් විභාගවන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් විවෘත වරෙන්තුවක් නිකුත්වී තිබී ඇත.

    උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කරනු ලැබුවේ මිරිහාන පොලීසියේ රථවාහන අංශය විසින් එම නඩුව බස් රථ රියදුරාට එරෙහිව පවරා ඇති බවය.

    මෙම බස් රථ රියදුරු අපරික්ෂාකාරී ලෙස රිය ධාවනයේ නිරතවන රියදුරෙක් බවට මේ වන විට තොරතුරු ලැබී ඇති බවද එම නිලධාරියා කීය.

    “මෙම බස් රථය ලුණුගලින් ගමන් ආරම්භකර කොළඹ බලා ධාවනය වෙමිනුයි තිබුණේ. අපේ විමර්ශනවලට අනුව පෙනී ගොස් තිබෙන්නේ ලුණුගල සිට අනතුර වූ ස්ථානයට සාමාන්‍ය වේගයකින් රථයක් ධාවනය කිරීමට පැයක පමණ කාලයක් ගතවන බවයි. එහෙත් මෙම බස් රථය අනතුරට ලක්වෙලා තියෙන්නේ ගමන් ආරම්භයේ සිට විනාඩි 20 කට පසුවයි. අධික වේගයෙන් බස් රථය ධාවනය වෙලා තිබෙන බවයි අපිට පෙනී ගොස් තිබෙන්නේ. එසේම බස් රථය අනතුරට ලක්වන විට මාර්ගයේ නතර කර තිබුණු ලොරි රථයේ රියදුරු මෙම අනතුරට වගකිව යුතු නැහැ. අධික වේගයෙන් බස් රථය ඉදිරියට පැමිණෙන විට ඔහු කරන්නේ අනතුරක් වලක්වා ගන්නට රථය නතරකර ගැනීමයි. බස් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවයි පල්ලමට පෙරලී තිබෙන්නේ. බස් රථය පල්ලමටයි ධාවනය වෙමින් තිබී ඇත්තේ. ලොරි රථය කන්ද නගිමිනුයි තිබුණේ. බස් රථයේ රියදුරුට මේ තැන ගැන හොද දැනීමක් තිබෙනවා. හරිනම් ඔහු ලොරි රථයට ඉඩදී බස් රථය නතරකර ගන්න තිබුණා. එසේ වුනා නම් මෙවන් අවාසනාවන්ත අණතුරක් සිදුවන්නේ නැහැ.“ යැයිද එම නිලධාරියා කීය.

    බස් රථයේ රියදුරා ජංගම දුරකතනයකින් ඇමතුමක් ලබා ගනිමින් බස් රථය ඒ අවස්ථාවේදී ධාවනය කළ බවට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන්ද පොලීසිය විමර්ශනයක් සිදුකර තිබේ. එහිදී පෙනී ගොස් ඇත්තේ ඔහුගේ ජංගම දුරකතනයේ සිම්කාඩ්පත් දෙකක් ඇති බවත් එම සිම්කාඩ්පත් දෙකෙන්මබ ඇමතුම් ලබාගෙන නොමැති බවය. නමුත් අධිකරණ නියෝගයක් ලබා ගනිමින් එම සිම්පත් දෙකට අදාල දුරකතන සමාගම්වලින් දුරකතන වාර්තාවක් ලබා ගැනීමට මේ වන විටත් පියවර ගෙන ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරයත් සදහන් කළේය.

    මේ අතර ජාතික ගමනා ගමන කොමිසම විසින්ද මෙම අනතුර සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ත්‍රී පුද්ගල කමිටුවක් පත්කර තිබේ. එම කමිටුව විසින් සිය වාර්තාව ප්‍රවාහන ඇමති ගාමිණි ලොකුගේ මහතාට සිය වාර්තාව භාර දී ඇත. එදින බස් රථය ධාවනය වීමට නියමිතව තිබී ඇත්තේ පෙරවරු 6.50 ට වූවත් කාල සටහන උල්ලංඝනය කරමින් පෙරවරු 6.30 ට බස් රථය කොළඹ බලා ධාවනය වී ඇතැයි එම කමිටු වාර්තාවේ සදහන්ය.

    සිංහරාජයේ ඇත්ත නැත්ත බලන්න ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීලා යයි

    0

    මේ දිනවල සමාජයේ දැඩි කථාබහකට ලක්ව ඇති සිංහරාජ වනාන්තර විනාශය ගැන ඇත්ත නැත්ත සිය දෑසින්ම දැක බලා ගන්නට ආණ්ඩු පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරු 11 දෙනෙක් අද (25) රක්වාන ප්‍රදේශයෙන් සිංහරාජයට ඇතුළු විය.

    ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ,යූ .කේ. එස් .සුමිත්, මිලාන් ජයතිලක ,අකිල එල්ලාවල, සමන්ප‍්‍රිය හේරත්, ලලිත් එල්ලාවල, ගුණතිලක රාජපක්ෂ, ඞී.වීරසිංහ, අමරකීර්ති අතුකෝරල,වසන්ත යාපා බණ්ඩාර සහ මේජර් සුදර්ශනදෙනිපිටිය යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම කණ්ඩායමට ඇතුලත්ව සිටියහ.

    සිංහරාජය හෙළි පෙහෙළිකරමින් හෝටලයක් ඉදිකරන බව කියන භූමිය පවා එහිදී මන්ත්‍රී කණ්ඩායමේ නිරීක්ෂණයට ප්‍රධාන වශයෙන් ලක්ව ඇත. එම ඉඩමේ වත්මන් හිමිකරුවන්, අඩවි වන නිලධාරීන්, ග්‍රාම සේවක මෙන්ම රජයේ නිලදාරීන් කිහිප දෙනෙක්ම එහිදී හමුවෙමින් තොරතුරු ගවේෂණයකද ඔවුන් නිරතව තිබේ.

    මෙම ගවේෂණයේදී රැස්කරගත් තොරතුරු විශ්ලේෂණය කරමින් ඉදිරියේදී සිංහරාජ වනාන්තර විනාශයේ ඇත්ත නැත්ත ගැන ජනතාව දැනුවත් කිරීමටද මෙම මන්ත්‍රී කණ්ඩායම සූදානමින් සිටිති.

    ”ගස් කැපීමට හෝ පරිසරය විනාශ කිරීමට රජය කිසිවකුට අවසර දී නැහැ” – ජනපති

    0

    නුගේගොඩ වැලි පාර්ක් උද්‍යානයේ ඊයේ (24) පැවති පොදුජන පෙරමුණු අනුබද්ධ සංවිධාන නියෝජිත හමුව අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ, දීර්ඝකාලීනව ජනතාව පීඩාවට පත් කරන ගැටලුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණක් බවයි.

    ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව සහ වැඩපිළිවෙළ රජය ඉදිරිපත් කර ඇති බව ත් ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් නොමැති පිරිසක් ඊට පහර ගසමින් සිටින බවත් ජනාධිපතිවරයා එහිදී පැවසී ය.

    ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ, කුමන බාධක, විවේචන පැමිණිය ද ජනතාව වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අඩපණ නොකරන බවයි.

    ගස් කැපීමට හෝ පරිසරය විනාශ කිරීමට රජය කිසිවෙකුට අවසර දී නැති බව  සඳහන් කර ඇති ජනාධිපතිවරයා  දිස්ත්‍රික් ලේකම්වරුන්ට  උපදෙස් ද දී ඇත්තේ,   දිස්ත්‍රික් මටට්මින් වන විනශායන් සිදු වන්නේ, නම් ඒ පිළිබඳ සොයා බලා කඩිනම් පියවර ගන්නා ලෙසයි.

    තව ද වත්මන් රජය බලයට පැමිණ මාස 16ක් වැනි කෙටි කාලයකදී රට තුළ පැහැදිලි ප්‍රතිපත්තිමය වෙනසක් සිදු කර ඇති බව  සිහිපත් කළ  ජනාධිපතිවරයා වැඩිදුටත් සඳහන් කළේ, වත්මන් රජයට මෙම යුගයේ ඇති වූ ගැටලුවලට නොව පසුගිය ආණ්ඩු සමයේ ඇති කළ ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති බවයි.

    ඔවුන්ම ඇති කළ ගැටලු මතු කරමින් එදා ආණ්ඩුවේ සිටි අයම අද රජයට විරුද්ධව උද්ඝෝෂණවල නිරතවන බව පැවසූ ජනාධිපතිවරයා රජයේ ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාවට නංවන අතර ඔවුන් ඇති කළ ගැටලුවලට පිළිතුරු සෙවීමට වැඩි කාලයක් වැය කිරීමට  සිදුව ඇතැයි ද පැවසී ය.

    ඒ කතාවට බෲටස්ටත් ලැජ්ජ හිතිලා

    0

    ඒ කතාවට බෲටස්ටත් ලැජ්ජ හිතිලා

    වයිරසේ රටේ හතර අත ආයෙත් පැතිරෙන්න ගත්තැයින් අමරබන්දුගේ වඩු මඩුවට වැඩ අඩුය. මෙහෙම ගියොත් වයිරසේ වැළදෙන්න කළින් බඩ ගින්නෙ මැරෙන්න වෙන්නේ යැයි කිහිපවරක් ගෙදර උන්දැ කුස්සියේ සිට තමන්හට ඇසෙන්නට කීවා ඔහුට විඩෙන් විඩේ සිහිපත්වේ. එනයින් අමරබන්දුහට වැඩ අඩු වුවත් සිතන්නට නම් බොහෝ දේ තිබුණි. ඔහු යතුකැටය පැත්තකින් තබා මඩුවේ එළිපත්තේ ඇණතියා ගත්තේ සිතන්නටය. ඔහේ කල්පනා ලොව පාවී යමින් සිටි අමරබන්දු මඩුවේ සාදා නිම කළ දොර පියන් අතරේ සැගව සිටිනා මිනිසා දැකීමෙන් ඔහු එතෙක් සැහැල්ලුවෙන් සිටි ලොවින් වයිරස් සහිත පියැවි ලොවට ක්ෂණයෙන් පිවිසියේය.

    රතු වාටියේ සුදු සේල පිළි හැද සිටි ලන්සි සමක් සහිත මිනිසා දෑතින් සිය මුහුණ වසා දොර පියන් අතර හිද සැගව සිටියි.
    ‘මේ මොකාද බොලේ මේ’ කියාගත් අමරබන්දු සිය නළලේ නැගි දාහය පොල්ල පිස දැමුවේ හදිසියකදී ඔලුව මුදුනට පතබෑමට ළගපාත වූ බැලන්ස් පොල්ලද සුරතට ගනිමිනි.

    ‘මු..මුන්නැහේ කවුද’ අමරබන්දු ඇසුවේ බීරාන්තවය.
    මුහුණ ජම්බු ගෙඩියක් මෙන් රතුවී සිටි උස මහත ලන්සියා අමරබන්දුගේ පැනයට පිලිතුරු බැන්දේ ලැජ්ජාවෙන් වටපිට බලමිනි
    ‘සැල්වි සිඤෝරෙ.. මම බෲටස්’
    ‘මොකා කිව්වා’
    ‘බෲටස්’ ඔහු නැවතත් කීය.
    බෲටස් කීවෙ ට්‍රැක් තුනේ බේකරියෙ පිටි මෝලිය අනන බෲටස්ද? මොකෝ මලයො මේ ඇදුම්, දැන් ඔහේ ටීටරුත් නටනවැයි. සිදුවී තිබෙන විපරීතයෙන් හොදටෝම කැළඹුනු අමරබන්දු ඇසුවේය.
    ‘සිඤෝරෙ මේ මොනව කියනවද, මොන බේකරියක්ද. මම බෲටස් අර සීසර්ගෙ මාලිගාවෙ …. සෙනෙට් එකේ හිටියේ… ඇයි අනේ සීසර්ට පිහියෙන් ඇන්නේ’ සැගව සිටි මිනිසා කියාගෙන ගියේය.

    එතකොට අන්තෝනියෝ නෙවෙයිද සීසර්ව මැරුවෙ? අර පාර්ලිමේන්තුවෙ මන්ත්‍රී නෝන කෙනෙක් මේ ළගදි බෙරිහන් දුන්නේ. අමරබන්දු ඇසුවේ කුතුහලයෙනි.
    ඒකතමයි සිඤෝර් ප්‍රශ්නෙ. මමත් මේ ඔය කියන පාර්ලිමේන්තුව පැත්තට යන ගමන් ඕක කියපු සිඤෝරාව හොයාගෙන. මට දැන් ඉන්න තැනක ඉන්නත් නැහැ, හැමෝම මගෙන් අහන්නේ ඔය ප්‍රශ්නෙමයි. හැමෝටම දැන් සැකයි සීසර්ට පිහියෙන් ඇන්නේ මේ බෲටස්මද කියලා.
    ශතවර්ෂ ගාණක් ලෝක ජනතාව විශ්වාස කරගෙන ආපු ඒ ඉතිහාසය එක මොහොතකින් මේ යෝධි විනාශ කරල දැම්මනෙ.

    ‘අයියෝ..සන්තා මරීයා’ බෲටස් උත්තමයා අහස දෙසට දෑත් ඔසවමින් විලාප තියන්නට ගත්තේය.

    ඕක ඔහෙට අඩන්න තරම් මහ දෙයක්යැ බෲටස් උන්නැහෙ, මේ පුංචි ලංකාව මෙච්චර බෙල්ලටම එරිලත් මේ අපි ඉන්නෙ රෝමය ගිණිගත්තත් සුපිරියට වීනාව වයාගෙන. අමරබන්දු සොවින් තැවෙමින් සිටින බෲටස් හට කීවේ ඔහුව සනසන අටියෙනි.
    ‘ලංකාව වගේ උනා නම් කොච්චර දෙයක්ද ඒකට රෝමෙ… මේ චූටි දේ මහපරුවතයක් තරම් කර ගන්නවනෙ. දැනටමත් මට මීම්ස් හැදිල ෆේස්බුක් එකේ, පාරක තොටක යන්න නැහැ.

    අනික මම තවමත් කල්පනා කරන්නෙ ඔහෙලාගෙ රටේ පාර්ලිමේන්තුවෙ ඉන්න උදවියවත් ඉංග්‍රීසි සාහිත්‍ය පොතක්, වේදිකා නාට්ටියක් බලන කෙනෙක් නැද්ද කියල. අර උන්දැ තමුන්ගෙ බෙල්ලෙ පාළුවට තියෙන හිස් කබලෙන් ගොතල ජුලියස් සීසර් ගැන මෙච්චර කෙප්පයක් ඇදබාද්දිත් නැහැනෙ කිසිම කෙනෙක් ඒ කතාව නැගිටල නිවැරදි කළේ. දැන් සීසර්ව මැරුවෙ මම නෙවෙයි කියල ඔහේලාගෙ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් එකෙත් වාර්තා උනානෙ. ‘හපොයි සන්තා මරීයා’. බෲටස් උත්තමයාගේ අඩෝවැඩියාව නවතින පාටක් නැත.එනයින් උන්දැගෙන් අමරබන්දුහටද ගැජවිජ්ජාවක් නොමැති හැඩය.

    අනේ උන්නැහේ ඕක ඔච්චර ගණන් ගන්න එපා.. අපේ කට්ටිය පාර්ලිමේන්තුව ඇතුලෙ කියවන දේවල් රටේ මිනිස්සු වෙච්චි අපිවත් ගණන් ගන්නේ නැති කොට, ඕක මොකක්ද. බෲටස් උත්තමයාගේ අදෝනාව ඉවසා බැරිම තැන කිවේය.

    ‘මොකක්.. පාර්ලිමේන්තුව ඇතුලෙ කියන දේවල් රටේ මිනිස්සු ගණන් ගන්නෙ නැහැ.. මොන හරුපයක්ද සිඤෝර් ඒ. අන්දුන්කුන්දුන් වී ගිය බෲටස් උතුමන් පෙරළා ප්‍රශ්න කළේය.

    පාර්ලිමේන්තුව කියන්නේ බිල්ඩිමක් විතරයිනේ උන්නැහේ, ඕක ඇතුලෙ ඉන්න උදවිල ඉදල හිටල ඇවිත් බික් බික් ගාල මොන මොනවදෝ දොඩනවා, සමහර වෙලාවට කුණු පරුසෙන් බැන ගන්නවා, තවත් වෙලාවකට මිරිස්කුඩු වලින් පවා ගහ ගන්නව. ඒත් රටේ මිනිස්සු වෙච්චි අපිට නම් වැඩක් උනේ නැහැ, කොටින්ම මිනිස්සුන්ට වැඩකුත් නැහැ ඒ නසරානි කරන කියන දේවල්. ගමේ කොල්ලො නම් කියන්නෙ පාර්ලිමේන්තුව කියල එකක් නැහැලු, පාර්ලිමේන්තුව කියන්නෙ අපේම සෙලවෙන මනසටලු. අමරබන්දු කියවාගෙන යනවිට බෲටස් උතුමන්ගේ මුඛය විශ්මයෙන් කුල්ලක් තරම් පළලට ඇරී තිබිණි.

    ‘ඇයි රෝමෙ එහෙම නෙවෙයිද?’ බෲටස් උතුමන්ගේ විශ්මය දුටු අමරබන්දු විමසුවේය.

    අමරබන්දුගේ ඇසූ දෙයින් මෙතුවක් හඩමින් විලාප තියමින් සිටි බෲටස් උත්තමයා හට සිනහ පහල විය.

    ඔය කතා වලින් වැඩක් නැහැ සිඤොර් මට ඔහේලගෙ පාර්ලිමේන්තුවට යන පාර කියනවකො මේකෙ දෙකෙන් එකක් විසද ගන්න. බෲටස් උත්තමයා බැගෑපත්විය. එවන් උත්තමයෙක් මෙතරම් බැගෑපත් වෙද්දී අමරබන්දුගේ සිත වෙඩරුපිඩක්මෙන් දියවී ගියේය.

    ‘අනේ මන්ද උන්නැහේ’ කියා වුවද අමරබන්දු සිය වඩු මඩුව වසා දමා දියවන්නාව දෙසට බෲටස් උත්තමයත් සමගින් ඇදෙන්නට විය.

    දියවන්නාවේ පාර්ලිමේන්තු හන්දියේ කොණක නවතා තිබූ සුඛෝපභෝගී ජීප් රථයේ හිද දෙතොලේ ලිප්ස්ටික් තවරනා ගැහැණිය දුටු අමරබන්දුගේ හා බෲටස් උත්තමයාගේ වෙහෙසකර ගමන මදකට නතරවිය.
    ‘මේ සිඤෝර් අර ඉන්නෙ මම කියාපු යෝධි නේද?’ බෲටස් උත්තමයා දුරතියාම ජීප් රියේ හුන් ගැහැණිය හදුනාගත්තේය.
    ‘ඔහේ ඉන්න මම කතා කරල බලන්නම්’ කොයිකටත් කියා අමරබන්දු ඉස්සර විය.

    ‘නෝනා මේ අපි…’ අමරබන්දුහට කියන්න ලැබුනේ එපමණකි. ඇය හරිම කතා පෙට්ටියකි.
    ‘ආනේ අමරබන්දු අංකල් ඔයා කාලෙකින් දැක්කෙ.. මම මේ රටටම සල්ලි බෙදන්න යන්න කලින් පොඩි මේකප් එකක් දාගත්තා’ ඒ වනවිට අමරබන්දු පමණක් නොව බෲටස් උත්තමයාද උතුර දකුණ මාරු වී හුන්නහ.
    ‘අංකල් ඔයා ඇහුවද මගේ පාර්ලිමන්ට් එකේ ස්පීච් එක..’ බුරුසුවකින් මුහුනේ පාට උලන ගමන් ඇය ඇසුවාය
    ‘මොන.. අර විස්සට අත උස්සල..’
    ඔව් අනේ සුපර් හිට් නේද ඒක.. කට්ටිය හොල්මන්..ආ’ ඇය තුටින් ඉපිලෙයි.
    ‘ඔව්, නෝනෙ අත උස්සපු ගමන් මුලු රටම හොල්මන්, අපිට හිතා ගන්න බැරුව ගියා ඒ මහත්තය දාල මේ මහත්තයගෙ පැත්තට පැන්නවත් දෝ කියල’ අමරබන්දු සිනහවෙන්ම පිළිතුරු දුන්නේය.
    ‘මම දැන් සෞභාග්‍යයේ දැක්මටනෙ අත හිත’
    නෝනෙ එදා ඔබ තුමිය කිව්වෙ.. අර සීසර් මැරුවෙ අන්තෝනියෝ කියල .. ඒ කතාව වැරදියිලු නේද? අමරබන්දු මාතෘකාවට පැමිණියේය.
    අනේ අංකල් මගේ වැඩේ කෙරුනට පස්සේ සීසර්ව අන්තෝනියෝ නෙවෙයි සූර පප්පා මැරුවත් මට මොකෝ.. ඔය පොඩ්ඩ වැරදුනැයි කියල මොකෝ රෝමෙ ගිණි ගන්නව කියල යැ, අපි හම්බ කොරොත් අපි කනවා ‘ ඇයගේ කතාවට බෲටස් උත්තමයාගේ කට හබස් ගා ඇරෙනු අමරබන්දුට ඇසුනි.
    ‘මේ සිඤෝර් මේ වැඩේ හරියන්නේ නැහැ අපි යං යන්න’ බෲටස් උත්තමයා හොදටෝම කලකිරී සිටියේය.
    ‘ඒකනෙ මම කිව්වෙ මේ අපි ආවෙ බොරු ගමනක් කියලා’ අමරබන්දු කීවේ තරහෙනි.
    ‘එහෙනම් අපි එන්නම් නෝනෙ’ කියා ඒ පාර්ලිමේන්තු නෝනාට සමුදී දෙදෙනා ආපසු හැරෙනේ හිස් අතින්ම ආපසු එන්නටය.
    ‘මිසිස් අමරබන්දුව මතක් කළා කියන්න අංකල්’ යැයි පාර්ලිමේන්තු නෝනාගේ කියුමට පිළිතුරු දුන්නේ අමරබන්දු නොව බෲටස් උත්තමයාය
    ‘එහේ ප්‍රින්සස් ඩයනත් ඉන්නව මම කියන්නං ඔයා එයාවත් මතක් කළා කියලා’ බෲටස් උත්තමයාගේ හඩේ ගැබ්ව තිබුනේ කේන්තියක්ද කලකිරීමක්ද යන්න හරියටම සොයා ගැනීමට ඒ මොහොතේ අමරබන්දු අපොහොසත් විය.

    තිලංග ෆොන්සේකා

    සැගවුනු උත්තමයෙක් සොයා රට පුරා මෙහෙයුම්

    0

    මැටි හට්ටියේ හොදි මණ්ඩිය බතේ අනාගෙන කන්න අමරබන්දු කවදත් රුසියාය. ඒ වග දන්නා ඔහුගේ ගෙදර උන්දෑ ඉතිරි වූ ව්‍යංජන ඩිංගිත්ත බතේ අනා ඔහුට දික් කළේ ඇගේ කණ වැකුනු ඕපාදූපයක් ද කියාගෙනමය.

    ‘අර සෝමා අක්කගේ ලොකු කෙල්ලටත් වයිරසේ බෝ වෙලා කියන්නෙ’ ඇය කීවේ ඔලොක්කුවට මෙනි.

    ‘ඉතිං’ අමරබන්දු කරබාගෙන අනාගත් බත් ගුලි ගිල්ලේ ඇගේ ඕපාදූපය ඇසුනු නෑසුනු තරමටය.

    ‘ඉතිං කියන්නේ… මතක නැද්ද අපේ කෙල්ල මැසිම පාගන්නෙ ගමේ පැක්ටේරියේය ඒකිගෙ එකී කොරන්නෙ කොළඹය කියල මහ උජාරුවට හන්දි හන්දි ගානේ පාරම් බෑවෙ, දැන් ඔය කොරගෙන තියෙන්නෙ මහ ලොකුවට කොළඹ කියල ගොහින්’  ඇය සිහිපත් කළේ ආරූඪ කොටගත් කේන්තියකිනි.

    ‘ඔහේ කොහොමද දන්නේ ඒකිට වයිරසේ බෝ වෙලා කියලා.. මුසාවක් වෙන්න ඇති’ අමරබන්දු පැවසුවේ ගණනකට නොගනිමින්ය.

    ‘ඔහේ දන්න ඉටි ගෙඩිය. ඇයි අනේ අර ප්‍රවෘත්ති මහත්තුරු ටී වී එකෙත් කිව්වෙ. ඒකි ගෙදරනේ හැංගිලා ඉදල තියෙන්නෙ.

    ප්‍රවෘත්ති මහත්තුරු කොළඹ ඉදල මහා මෙහෙයුමක් කොරලලු ඒකිව කොටු කරගෙන තියෙන්නෙ.

    ‘මේකි ගෙදෙට්ටම වෙලා හිටියට නොදන්නා දෙයක් නැති හැටි’ එවර අමරබන්දුහට සිය ගෙදර උන්දැ පිලිබදව ඇතිවූයේ සියුම් ආඩම්බරයකි.

    ඔහෙ කොහොමෙයි මෙච්චර හරියක් දන්නෙ හැබෑටම, අමරබන්දු ඇසුවේ විමතියෙනි.

    මේ ඔහේ මොනව අහනවැයි, ඔහේ කොළඹගිහින් අර බෝම්බ කොමිසමේ වැටෙන් රිංගන ඩිංගිත්තට මෙහෙ මොනතරම් දේ වුනාද?

    අම්මේ මෙහේ පදුරක් පදුරක් ගානෙ ප්‍රවෘත්ති මහත්තුරු කැමරා අටවල තිබ්බේ. සමහර තැන්වල ඒ ඇත්තො වෙස් වලාගෙනත් ඉදල තියෙනව කියන්නෙ. ඔහෙට කියන්න ළමයින්නෙ තාත්තෙ, මේකි ගෙදර ඇද යට හැංගිලා ඉන්දැද්දි මේං මෙහෙම අතදාල බෙල්ලෙන් අල්ලලානෙ එළියට ඇද්දේ’ ගෙදර උන්දැ සිද්ධිය ත්‍රාසජනක හොලිවූඩ් චිත්‍රපට ජවනිකාවක් මෙන් විස්තර කරන අන්දම අමරබන්දු නෙත් කන් යොමා සිටියේ ගිළිමින් සිටි බත් ගුලිය සැපීමද මදකට නවතාලමිනි.

    ප්‍රවෘත්ති උත්තමයො නැතිවෙන්න මේ බොන්ඩි ඒකිගෙ වයිරසේ මුලු ගමටම බෝ කරලා. ඇය පැවසුවේ මහත් ආවේගයකිනි.

    එතකොට ඕකි ඇදන් අස්සෙ හැංගි හැංගි හිටියෙ කාට බයේද ආණ්ඩුවෙන් උන්ගෙ දේපල රාජ සන්තක කරයි කියලද? අමරබන්දු විමසුවේ විශ්මයෙනි.

    මොන පිස්සුද, ඕකි හැංගිලා ඉදල තියෙන්නෙ ප්‍රවෘත්ති මහත්තුරුන්ගෙ කැමරාවට බයේ කියන්නෙ. ඇය කීවේ මහත් විශ්වාසයකිනි.

    අප්පේ බලන්න එපායැ ඒ උන්දැලගෙ කැමරා වල තියෙන ගාම්භීරෙ හරියට කැලේ වල් ඌරන්ට බදින ගිණිපොල්ල වගේ, බයිනෙත්තු කැලේ. ඇය කීවේ හූමිටි තියමිනි.

    ‘ගෙදර කවුද, අපි නීතිය කරන කන්තෝරුවෙන්, දොර අරින්න කඩන්න කලින්’ එළිපත්තේ සිට කවුරුන්හෝ බෙරිහන් දෙන හඩින් අමරබන්දුගේ හා ගෙදර උන්දැගේ විනෝදසමය මදකට නිමා විය.

    කලබලයට ඉදුල් අත සරමේ පිස දමා ගත් ඔහු කඩි මුඩියේ දොර වෙත දිවගියේය.

    ‘ක..කවුරු කිව්වා’ අමරබන්දුගේ සිත සැලෙයි.

    ‘දොර ඇරපන් මිනිහෝ, අපි නීතිය කරන කන්තෝරුවෙන්’

    අමරබන්දු දොර විවර කළේය. නීතිය කරන කාකි පැහති මහත්තුරු රැලක්ම ඔහුගේ ගෙතුලට කඩා වැදුනි.

    ‘අපිට තමුන්ගෙ ගේ පරීක්ෂා කරන්න ඕනෙ, කාකි කමිසයට උඩින් හරහ කළු පටියක් පැළද හුන් මහතැන් ගිගුරුවේය.

    එසැණින් නීතිය රකින කාකි මහත්තුරු අමරබන්දුගේ නිවස කණ්පිට පෙරළන්නට පටන්ගත්තෝය. සාලෙ පුටු යට, ඇදන් යට, කුස්සියේ හිරමනය යට, කුල්ල යට, නෑඹිලියෙ දාරයක් ගණනේ කුමක් හෝ සොයන්නට වූහ.

    ‘මොනවද මහත්තයො හොයන්නේ… අපේ කාටවත් වයිරසේ බෝ වෙලා නැහැනෙ’ සිදුවන්නේ කුමක්දැයි කිසිත් වටහා ගැනීමට නොහී අමරබන්දු මහත් බයාදු හඩින් විමසුවේය.

    ඔහේගෙ ගෙදර විතරක් නෙවෙයි උනැනැහේ අපි කණ්ඩායම් හයක් මුළු රටේම ගෙවල් පීර පීර හොයනවා. කාකි මහත්තයෙක් කීය.

    කාවද මහත්තයා? අමරබන්දු ඇසීය

    “ඇයි ඕයි රටේ තොටේ දේවල් ගැන සිහියෙන් නෙවෙයිද ඉන්නේ? අපි මේ පණ දාගෙන හොයන්නෙ අපිට වෙට්ටු දදා හැංගිලා ඉන්න…. කියන විට අමරබන්දු කතාව මැදින් පැන්නේය.

    “වයිරසේ බෝ කරගත්ත එකෙක්ද සෑර්” කාකි උත්තමයාගේ කතාවට මැදින් පැන්න අමරබන්දු හට තව කට දාන්න ගියහොත් වැඩේ වරදින බව වද මලක් මෙන් රක්ත වර්ණ වී කේන්තියෙන් පිපෙන්නට වූ කාකි මහත්තයාගේ මුහුණ දැකීමෙන් ස්ථිර විය.

    “පිස්සුද අයිසෙ.. වයිරස් බෝ කර ගත්තු එවුන්ව හොයන්නේ ප්‍රවෘත්ති වාර්තා කරන මහත්තුරුනේ, අපි මේ හොයන්නෙ දේශපාලන උත්තමයෙක්ව. ඒ යක්ෂයා හැංගෙන තැන ගෙදර ගෑණිටවත් කියල නෙවෙයිනෙ ගිහින් තියෙන්නෙ. දැන් ඉතින් උසාවියෙන් ඒකව අත් අඩංගුවට ගන්න එපා කියලා නියෝගයක් එනකල් මේ යකාව අපි හොයන්න එපැයි.

    අමරබන්දුගේ කුස්සියේ සැගව හුන් දේශපාලකයෙක් තියා පාර්ලිමේන්තු බිත්තියේ එල්ලෙන හූනෙක් වත් නැති බව ටක්කෙටම සහතික කර ගත් නීතිය රකින කාකි මහත්තුරු කණ්ඩායම ගුරුපාර දිගේ විමලෙ මලයලාගේ නිවස වෙත ඇදෙනු දැක අමරබන්දු දොරකඩට වී “අනේ අනිච්චං’ යයි කියා හීල්ලුවේය.

    මේ අතර දවස පුරා රුසියන් සුරංගනා කතා කටපාඩම් කරන අමරබන්දුගේ මද්දුමී මෙසේ කීවාය

    “ඔය දේශපාලකයා හොයන වැඩේ බාබායිගා යකින්නට පැවරුව නම් වැඩේ ඉවරනේ, එයා මැජික් කොස්සෙන් බිරියෝසා ගස් අඹරගෙන අහසින් ගිහිල්ලා ඕකව බෙල්ලෙන්ම අල්ලාගෙන එනවනේ” ඉන් අමරබන්දුහට සිනහ පහල විය.

    ධාවන පිටියේ නළ දත්කාරී – මේරියන් ජොන්ස්

    0

    ලංකාවේ මළල ක්‍රීඩා ඉතිහාසය වර්ණවත් කරන එකම ඔලිම්පික් පදක්කම ගෙන එන්නී සුසන්තිකා ජයසිංහයි. ඒ 2000 වර්ෂයේ සිඩ්නි නුවර පැවති සමර් ඔලිම්පික් තරගාවලියේ කාන්තා මීටර් 200 තරග ඉසව්වෙන්. එම තරගයේ ඈ තෙවැනියා වෙද්දී ඉතා පහසුවෙන් මෙන් පළමු තැන දිනා ගන්නේ ඇමරිකාව නියෝජනය කළ මේරියන් ජොන්ස් නැත්නම් මේ ලිපියේ කතානායිකාවයි. නමුත් ඇගේ ඔලිම්පික් රන් පදක්කම පසු කාලයක අහිමි වන්නේ අපේ සුසන්තිකා ට රිදී පදක්කම හිමි කර දෙමින්.

    නීතිවිරෝධී ක්‍රීඩා උත්තේජක භාවිතාව නිසා එවක ක්‍රීඩා ලෝකය ට ඇය වැරදිකාරියක වුවත් ලොව පුරා ඇයට ආදරය කළ සුවහසක් ක්‍රීඩා ලෝලීන් ට ඇය වෙනුවෙන් වන ආදරය හැර දමන්න එය හේතුවක් වන්නේ නැහැ. ජවාධික ක්‍රීඩාශීලී සිරුරට වඩා මේරියන්ට ආභරණයක් වූ නළ දත් පෙන්වන ප්‍රසන්න සිනහව ක්‍රීඩා ලෝලීන්ට ඇයව කිසිදා අමතක නොවන්න එක හේතුවක්.

    බ්‍රසීලියානු සම්භවයක් සහිතව 1975 දී ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් හි උපත ලබන මේරියන් ලොයිස් ජොන්සන් පවුලේ සම්බන්ධකම් මත වෘත්තීය ක්‍රීඩාව අරඹන්නට තීරණය කරන්නේ වයස 15 දී පමණයි. ඒ වෙද්දී ඇය ඇමරිකානු උසස් පාසල් අතරේ බාස්කට් බෝල් සහ මළල ක්‍රීඩා අංශ වල කැපී පෙනෙන තරුවක්. නෝර්ත් කැරොලිනා විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් පවා හිමි වන්නට පාසල් අවධියේ ඈ පළ කළ ක්‍රීඩා ප්‍රතිභාව හේතු වූ බව සදහන්.

    නමුත් ලෝකය ඇය හඳුනා ගන්නේ මළල ක්‍රීඩිකාවක ලෙසයි. ඇගේ ක්‍රීඩා දිවියේ කූටප්‍රාප්තිය ලෙස සැලකෙන 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ ඇය විසින් දිනා ගන්නා පදක්කම් ගණන 5ක්. මේ නිසාම මුළු උළෙලේ ම ඇය කැපී පෙනෙන ක්‍රීඩිකාවක් වන්නට වාසනාව ලබනවා. ඇගේ පුහුණුකරු වන්නේත් එවක ඇගේ සැමියා වන සී. ජේ. හන්ටර්. ඔහු විසින් මේරියන්ට තහනම් උත්තේජක එන්නත් කරන ලද බව පිළි ගැනීමෙන් පසු ඇය දිනූ පදක්කම් සියල්ල අහිමි වනවා පමණක් නොවෙයි විවාහ ජීවිතය ද දෙදරා යනවා. එම සිදුවීම් අළලා ඈ විසින් පසු කාලයේ “Marian Jones : Life in the fast lane” නම් ස්වයං චරිතාපදානයක් සම්පාදනය කරනවා. 2004 ඔලිම්පික් උළෙලේ දී ඈ අසාර්ථක වන්නේත් තවත් කම්පනයක හෙලමින්. 2007 දී සිඩ්නි ඔලිම්පික් උළෙලේ චෝදනා විභාගය අවසන් කර තීන්දුව ලැබෙන්නේ ඇය වැරදිකාරියක කරමිනුයි. ඒ වෙනුවෙන් ක්‍රීඩාවෙන් සමුගැනීමටත්, මාස හයක සිර දඩුවම් විදීමටත් ඇයට සිදු වෙනවා.

    2010 දී නැවතත් ඇය විසින් තම ජීවිතය අළලා “Right Track: From Olympic Downfall to Finding Forgiveness and the Strength to Overcome and Succeed” නමින් පළ කරනු ලබන්නේ ඔලිම්පික් පදක්කම අහිමි වීමෙන් පසු ඇගේ ජීවිතය යථා මාර්ගයට ගැනීමට ඈ දරණ උත්සාහය ගැනයි. 2010 වසරෙන් පසු මළල ක්‍රීඩාවට සමු දුන්නත් ඇය ක්‍රීඩාව අත නොහරින්නේ පාසැල් අවධියේ සිට දක්ෂතාව දැක්වූ බාස්කට් බෝල් වෙතට යළි යොමු වෙමින්. එම වර්ෂයේ ම ඇමරිකාවේ ජාතික කාන්තා බාස්කට් බෝල් සංගමය ට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වන්නේත් දෛවය නැවත ඇයට ක්‍රීඩා පිටිය හිමිකර දෙමින්.

    ජීවිතයේ හැල් හැප්පීම් බොහොමයකට බඳුන් වන මේරියන් 2007 වර්ෂයේ දී ම සිඩ්නි ඔලිම්පික් පදක්කම්ලාභියෙකු වන ඔබඩේල් තොම්ප්සන් හා විවාහ වෙනවා. මේ දක්වා ඔහු සමග බිරිඳක හා මවක ලෙස සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන ඇය මේ වන විටත් ක්‍රීඩාවේ තම නැගී සිටීම්, බිඳවැටීම් ඉදිරි පරපුර වෙත පහදා දී ඔවුන්ගේ අනාගත අරමුණු යහපත් කරන්නට දේශන හා වැඩමුළු බොහොමයකටද සම්බන්ධ වෙමින් සිටිනවා.

    කාලයක් කාන්තා මළල ක්‍රීඩාවේ ආකර්ෂණීයම ක්‍රීඩිකාව වෙමින්, ඉන්පසුව ඔලිම්පික් ඉතිහාසයේ එක් කළු පැල්ලමකින් අපකීර්තිය පත් වෙමින්, ඊට දඩුවම් ලබමින්, නමුත් යළිත් උත්සාහය අත නොහැර ක්‍රීඩාවේ නව මාවතකින් යළි නැගී සිටීමට යත්න දරමින් මේරියන් ජෝන්ස් ලෝකයට පළ කරමින් සිටින්නේ ඇය යනු අමතක කළ නොහැකි චරිතයක් බවයි. තවමත් ඒ මුව මත නළ දත් පෙන්වා පළ කරන ආකර්ෂණීය සිනහව පෙන්වා සිටින්නේ ඒ කතාවයි.

    පිළිකන්න දොරෙන් අමරබන්දු විමසූ සාක්ෂිය

    0

    අමරබන්දු බසයෙන් බැස කොලොම්තොට සිරි නරඹමින් වීදි දිගේ ඉදිරියට ඇදෙන්නට වූයේ කහට වීදුරුවකින් සප්පායම් වීමට කඩ පිලක් සොයමිනි.

    අප්පුහාමි එනව පෙනෙනවා

    ආපහු යනව පේනෙනවා

    ප්‍රශ්න ඇහුව ඇහෙනවා

    උත්තර දෙනව ඇහෙනවා

    යැයි තාලයට ගයමින් තමන්ගේ මුහුණට මුලිච්චිවී ගෙන දිව යන කොලු කුරුට්ටා එසේ ගැයුවේ තමන් අවමානයට ලක් කිරීමට යැයි සිතූ අමරබන්දු ඔහුගේ සුරතින් අල්ලා බලහත්කාරයෙන් මෙන් නතර කොට ‘මොකාටද කොල්ලො තෝ අප්පුහාමි කියල කියන්නෙ’ යැයි විමසුවේය.

    ‘ඇයි මාමා අර පෝලිමට එන්නේ අප්පුහාමිල උත්තර බදින්න’ කොල්ලා කියූ අණ්ඩර දෙමළයක් අමරබන්දුහට වැටහුනේ නැත.

    ‘මොන හරුපයක්ද බං’ අමරබන්දු ඇසුවේ එහෙයිනි.

    ‘ඇයි අනේ ඔයා දන්නෙ නැද්ද … කොමිසම.. කොමිසම’ කොල්ලා කීය

    ‘මොන’ අමරබන්දු තවදුරටත් අන්දමන්ද වී සිටිනු දුටු කොලුකුරුට්ටාගේ ඉවසීමේ කට්ට පැන්නේය.

    ‘අයියෝ ඔයා නං වැඩක් නැහැ, ලංකාවෙ නෙවෙයිද ඉන්නෙ.. දන්නෙ නැද්ද අර සහරාන්ගෙ බෝම්බ කොමිසම.. අර කට්ටිය එන්නෙ පෝළිමේ’ කොලුකුරුට්ටා කියාගෙන යන්න ගියේය.

    අමරබන්දු කොමිසම කිට්ටුවට යනවිට එහි සහලෝල සෙනගය. මුහුණු එල්ළාගෙන පැමිණෙන ලොකු මහත්තුරුන් මුඛවාඩම් ගළවා ඊට ඇතුළුවනු අමරබන්දු දුර තියා නිරීක්ෂණය කළේය. ගොඩනැගිල්ල ඉදිරිපිට ‘සහරාන්ගේ බෝම්බ කොමිසම’ යැයි ලියූ කළු සුදු පුවරුවකි. නීතීඥ මහත්තුරු පොලෝසියේ මහත්තුරු මෙන්ම මයික්‍රෆෝනයේ පොඩියට පෙට්ටියක් සවි කොට අතෙහි හොවාගත් මාධ්‍ය මහත්තුරුද එහි වූහ.

    හීන්සීරුවෙ වැටෙන් රිංගා ගත් අමරබන්දු කොමොසමේ පිලිකන්න දොරට කණ තබා ඇතුලේ සිදු වන්නේ කුමක්දැයි විපරම් කළේය.

    “ප්‍රහාරය දවසෙ ඔබ කොහෙද සිටියේ’

    ‘ගෙදර ස්වාමීනී’ කෙනෙක් ප්‍රති උත්තර බදියි

    ගෙදර මොනවද කළේ

    ‘ගෙදර බල්ලව නෑව්ව ස්වාමීනී’

    එතකොට ප්‍රහාරයට කළින් දවසෙ?

    ‘ඒත් ගෙදර ස්වාමීනී’

    මොනවද ගෙදර කළේ

    ‘බල්ලා නාවන්න වතුර රත් කළා ස්වාමීනී’

    එතකොට තමුන්ව මේ ප්‍රහාරය පිලිබදව වගකිව යුත්තන් දැනුවත් කළේ නැතිද?

    ‘කැන්ටිමේ තේ බොද්දි, හැලප කද්දි ඒවගේ කතා කට්ටිය කතා වෙනව ඇහුනා, ඒත් ඒව මට කිව්වෙ නම් නැහැ ඕං ස්වාමීනි, ඇරත් කවුද අම්මපා හිතන්නේ ගහයි කියල මේ වගේ ලවක් දෙවක් නැති වෙන්න ගහයි කියල.

    ‘එහෙම මට කවුරු හරි කිව්ව නම් ඔන්න මොනවම හරි කරන්න තිබ්බා, අඩුම තරමේ ඔය ප්‍රහරය නවත්තන්න තිබුණා සහරාන් ඇවිල්ල මිනිහගෙ ප්ලෑන මගෙත් එක්ක කිව්ව නම්. එහෙම නැතුව මම කොහොමද මෙච්චර දෙයක් වෙයි කියල තනියෙං හිතන්නේ ස්වාමීනී, මල විකාර’

    ‘මම නම් රටේ හිටියෙ නැහැ ස්වාමීනී, ගැහුව කියල දැනගත්තෙත් පත්තරෙන්’

    ‘මාත් එක්ක ආප්ප කාපු එකෙක්වත් මට කිව්වෙ නැහැනෙ මෙහෙම අටමගලයක් ගැන ස්වාමීනී. කලින් දැන ගත්ත නම් අම්මප මොනවම හරි කරනව. අඩුමතරමෙ ජාතිය අමතල කතාවක් කරන්න හරි තිබ්බා ස්වාමීනී.

    ‘එතකොට ඔබට මේ ප්‍රහාරය ගැන වගකීමක් නැද්ද?’

    ‘ස්වාමීනී ඔබ වහන්සේ මේ මොනව කියනවද මම කොහොමද හිටං මේ ප්‍රහාර වල වගකීම ගන්නේ කවුරුත් මට කිව්වෙ නැහැනෙ’

    ‘අනේ මම කිව්ව ස්වාමීනී, ලියුම් කීයක් ගැහුවද’ ඒ තවත් කටහඩකි

    ‘මම කියපුදේ මේ කවුරුත් ඇහුවෙ නැහැ ස්වාමීනී’

    ‘මේ පච කෙළින්න එපා අය්සෙ, තමුන් කොහෙද අපිට කිව්වෙ, කිව්වනම් මෙහෙම දෙයක් වෙනවද’ තවත් අයෙක් උස් හඩින් බෙරිහන්දෙයි.

    ‘අම්මෝ… බලන්න ස්වාමීනී මේ ලොකු මහත්තුරු කියන බොරු….’ කිව්ව ස්වාමිනී මම කිව්වා’ ඔහු හඩා වටෙයි.

    බොරු කියන්න එපා අයිසෙ .. බොරු කියන්න එපා ‘ නැවතත් උස් හඩින් කිහිපදෙනෙක් බෙරිහන් දෙන හඩ අමරබන්දුහට ශ්‍රවණය විය.

    ‘ඕඩර්… ඕඩර්’ එවර ස්වාමීනී ගේ හඩ ඇසුනි.

    ‘දැන් මෙතැන ඉන්න එකෙක්වත් ජාතික ආරක්ෂාව ගැන වගකීම ගන්නේ නැද්ද? අඩුමතරමෙ අර මැරිච්ච තුන්සිය දෙනා ගැන හිතලවත්’ ස්වාමීනී ඇසුවේය.

    ‘අපි මොකට වගකීම ගන්නවද, මොකෝ අපේ කවුරුවත් මළා යැ, ආන්න එහෙම වුනා නම් මොනව හරි කරන්න තිබුණා’ සාක්ෂියට පැමිණසිටි සැවොම එක හඩින් පිලිතුරු බදිනු අමරබන්දු හට ඇසුණි.

    අග්‍රාමාත්‍ය උපදේශක තනතුරට වෛද්‍ය සමන් වීරසිංහ මහතා පත්කරයි

    0

    රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති, කැලණිය රාජමහා විහාරයේ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (30) සිට ක්‍රියාත්මක පරිදි අග්‍රාමාත්‍ය උපදේශක තනතුරට පත්කර තිබේ.

    වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඊට අදාල පත්වීම් ලිපිය අරලියගහ මන්දිරයේදී  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ දිනයේදී ලබාගෙන ඇත.

    2010-2015 කාල වකවානුවේ එවකට ජනාධිපති, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපති උපදේශක තනතුර හෙබවු වෛද්‍ය සමන් වීරසිංහ මහතා, 2015 සැප්තැම්බර් සිට 2018 මාර්තු දක්වා රුසියාවේ ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළේය.

    2018 මැයි මාසයේ සිට 2019 නොවැම්බර් දක්වා ජනාධිපති ජාත්‍යන්තර කටයුතු උපදේශක ලෙස කටයුතු කළ වෛද්‍ය සමන් වීරසිංහ මහතා පසුගිය වසර 30ක කාලය තුළ ශ්‍රි ලංකා – රුසියානු ආර්ථික, සංස්කෘතික සහ මානුෂීය සබදතාවන් ඉහළ දැමීම වෙනුවෙන් කැපවී කටයුතු කර තිබේ.

    රුසියානු සමූහාණ්ඩුව,රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පූටින් මහතාගේ නිර්දේශය මත, විදේශිකයෙකු වෙනුවෙන් පිරිනමන ඉහළම සම්මානය වන ”රුසියානු සමූහාණ්ඩුවේ ගෞරව සම්මාන අණාඥාවක් (Order of Honor of the Russian Federation) ” වෛද්‍ය සමන් වීරසිංහ මහතාට පිරිනමා ඇත.

    1983 වර්ෂයේදී රුසියානු -ශ්‍රි ලංකා පුර්ණ ශිෂ්‍යත්වයක් හිමිකර ගනිමින් මොස්කව් වෛද්‍ය විශ්ව විද්‍යාලයට ඇතුළත්වන සමන් වීරසිංහ මහතා එහි ගෞරව උපාධිධාරියෙකි.

    ශ්‍රි ලංකා- රුසියානු මිත්‍රත්ව සංගමයේ මහ ලේකම්වරයා වන වෛද්‍ය සමන් වීරසිංහ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

    අමරබන්දු දුටු ‘සිහින තරුව’

    0

    ‘හයියෝ…..’

    නිවෙස තුලින් එක් වර නැගුණු මහා විලාප හඩින් උඩ ගොස් බිම වැටුණු අමරබන්දු එළිපත්තේ සිට නිවෙස තුල කුමක් වූයේ දැයි ලෑලි ජනේලපියන අතරින් බෙල්ල හොවා බැලුවේය. රූපවාහිනී තිරය ඉදිරිපස රොක්වී සිටින ගෙදර උන්දැත් කෙල්ලො රොත්තත් අහල පහළ එවුන් කිහපදෙනෙකුත් මොකක්දෝ අටමගලයක් නරඹමින් ලවක් දෙවක් නැතිව හිසේ අත ගසා ගනිමින්, මැටි පොළොවට දෑතින් පහර දෙමින්, කළ අපරාධය කළ උන්ට සාප කරමින් සිටිති.’මුන්ට පිස්සු’ යැයි කියාගත් අමරබන්දු නැවතත් ලණුඇදේ ඇල වූයේ තමන් අඩලයට විදිමින් හුන් රාත්‍රී නින්ද නැවතත් ළගා කර ගැනීමේ අටියෙනි. ඔහු අනුමාන කළේ ගෙදර උන් මහ රාත්‍රී ජාමයේ කුමක් හෝ හින්දි පඩංගුවක් නරඹනු ඇති බවයි.

    කුකුළා හඩලද්දී අමරබන්දු අවදි වුවද නිවසේ කිසිවෙකුත් ඒ වනවිටත් අවදිවී නැති හැඩකි. නිදි ගැට කඩමින් තමන් වෙත කහට කෝප්පය දිගු කළවනම ගෙදර උන්දෑ ලොකු එකීට වැඩට රැගෙනයාම සදහා ලිප මෙලවීමට මුළුතැන්ගෙට දිව්වාය. අතේ වූ කහට බෙලෙක්කය බිදුවෙන් බිදුව අවර වෙද්දී සාලයේ එක පෙළට නිදා හුන් එක එකා අවදි වන්නට වූහ.

    ‘තාත්තේ..’වැඩිමහල් එකියගේ හඩින් අමරබන්දු එතුවක් ගිළී හුන් සිහින ලොවෙන් මදකට මෙලොවට පැමිණියේය.’තියෙනව නම් මට රුපියල් දෙසීයක් දෙනවද…”අනිද්දා පඩිගත්තහම දෙන්නම්’වැඩිමල් එකිය යාප්පුවෙන් ඉල්ලා සිටියාය.’රුපියල් දෙසීයක් මොකටද’ අමරබන්දුගේ ඒ ප්‍රශ්නයට පිලිතුරු ලැබුණේ මද්දුමී ගෙනි.’අක්කා ඊයෙ එස්.එම්.එස් ගහල ෆෝන් එකේ සල්ලි ඉවර වෙලා.. ඔය රීලෝඩ් දාන්න ණයට ඉල්ලන්නේ…’යැයි කටකාර මද්දුමී කෑගෑවද ලොකුඑකී ඇගේ කට අතින් වැසුවාය.

    අමරබන්දු පත්වූයේ මහත් උභ්තොකෝටිකයකටය.’අහවල් එස්.එම්.එස් ගැහිල්ලක්ද’ ඔහු ඇසුවේ සිය ප්‍රශ්නයට කෙටි පිළිතුරක් දියණියන් දෙදෙනාගෙන් අපේක්ෂාවෙනි.’ඊයෙ ටී.වී එකේ ගිය සිහින ස්ටාර් තරගෙට එස්.එම්.එස් ගහලා ඔය’ නැවතත් පිලිතුර මද්දුමීගෙනි’අහවල් දේකට උඹල එස්. එම්.එස් ගහනවද’ රුපියල් දෙසීයක් බිත්ති ඇණයේ එල්ලා තිබූ සිය කමිස සාක්කුවෙන් ගෙන ලොක්කී අතට දෙමින් අමරබන්දු ඇසීය.රුපියල් දෙසීය උදුරාගෙන ලොක්කී ක්ෂණයෙන් වාෂ්ප වුවද මද්දුමී අමරබන්දුගේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු බැදීම සදහා ඔහු අසල පඩියේ හිද ගත්තාය.

    ‘අපේ එස්. එම්. එස් වලින් නේ සින්දු කියන අය දිනන්නේ’ මද්දුමී පැවසුවත් අමරබන්දු හට දැන කියා ගැනීමට අවැසි වූයේ ලොකු එකීගේ ෆෝන් එකේ සල්ලිටික මේ කියනා සැම්පලයේ එස්. එම් .එස් අටමගලයකට දිය වූයේ කෙසේද කියාය.’

    මම දන්නවා බං ඒක, ඔය හන්දි ගානේ බෝඩ් එල්ලලා තිබ්බෙ අපේ එස්.එම් .එස් හිගලා ඔය කියන තරු කියන එවුන්’එත් අක්කගේ සල්ලි ඒකට ඉවර වුනේ කොහොමද?’ අමරබන්දු සෘජුව ඇසීය.’ඇයි තාත්තේ අක්ක ඊයෙ රෑ එයාගෙ ඔක්කොම සල්ලි ඉවර වෙනකල් අර එහා ගමෙන් සින්දු කියන්න ගිහින් හිටපු අක්කගෙ නොම්මරේට එස්.එම්.එස් ගැහුවනෙ’

    මද්දුමී එසේ පවසද්දී අමරබන්දුගේ කේන්තිය ඉයවහා ගියේය.’අම්මපා මේකිට අමු කැවිලද.. ගෙදරට හාල් සේරුවක් ගේන්න කිව්වහම මහ හයියෙන් කෙකර ගාන එකී අර කොහෙවත් ඉන්න එකියකගෙ සින්දු තරගෙට අතේ සල්ලි දිය කරගෙන එස්.එම්.එස් ගහලා එළදෙන’අමරබන්දු එසේ කියද්දී අල්ලපු ගෙදර අමරාවතී පන් මල්ලත් කිහිලිගන්වාගෙන සිය කඩුල්ල පැන්නහෙයින් මද්දුමීගේ කේලමේ ඉතිරිය ඇසීම මදකට කල්තැබීමට අමරබන්දුට සිදු විය..

    ‘ආ… අමරෙ අයියෙ බැලුවද ඊයේ සිහින තරු තරගෙ’අනේ අර අහින්සකී සින්දු කියද්දි තියෙන අපූරුව’උඹට කියන්න අයියෙ කණේ මී පැණි වක්කරනව වගේ”අනේ අයියට කියන්න කෙල්ල පරාදයිනෙ’ඒකට දිනපු එකී.. මෙලෝ චාරයක් නැහැ”අම්මේ… ඇදගෙන හිටපු ගවුම පළල තිබ්බ මේන්න මෙතැනට වෙන්න..’‘මම අපේ කොල්ලගෙ ඇස් දෙක අතින් වැහුව බැරිම තැන’ ඇය අමරබන්දුහට කිසිත් කියන්න ඉඩක් නොතබමබින්ම කියාගෙන ගියාය.’අනේ මන්ද අයියෙ අපි මෙහෙ ඉදන් ගහන එස්.එම්. එස් කොළඹට යන්නෙ නැද්ද මන්ද?’ ඇයට හැඩුම් ආවාය.’ඒක තමයි මේ අපිත් කතා කර කර හිටියේ’ අමරබන්දු කීවේ ඇය සමග වූ කතා බහ හැකි ඉක්මණින් කපා හැරීමේ අදිටනනි.

    ඔය කතාව මැද්දෙන් අමරබන්දුගේ ලොකු එකී සැමටම ගස්සාගෙන ඔතා දුන් බත් ගෙඩියත් රැගෙන ෆැක්ටරියෙ ජුකී මහන්න පිටත්වූ අතර මේ ජරමර අස්සේ චීත්තේයේ දෑත් පිස දමමින් එළිපත්තට දිව ආවේ ගෙදර උන්දෑය,’කෝ ලොකු එකී… මේකිට සහ ගහනවනේ මේ කොරල තියෙන නස්පැත්තියටමගේ ෆෝන් එකේ තිබ්බ සල්ලි ටික තුට්ටුවට හිදෙන කල් මේකි අර සිහින තරු තරගෙට එස්.එම්.එස් ගහලනෙ”අද මට ඉදිආප්ප ඕඩර් ගන්න වත් මේ අටමගලෙ සල්ලි නැහැ’ යැයැ ඇය ලොකු එකීට පළි ගසන්නට වූවාය.

    ඉන් කිසිත් කලබලයට පත් නොවූ මද්දුමී අමරබන්දු දෙස බලා සිය උරහිස ඉහළට හකුළුවමින් සන් කළේ ඔලොක්කුවට මෙනි.’ඔය උඹල එස්.එම්.එස් ගහපු කෙල්ල දිනුම්ද?’ අමරබන්දු ඇසුවේ නැගුණු සිනහව ඉතාමත් අපහසුවෙන් සගවාගනිමින්.’මොන.. දිනුවෙ අර අනිත් එකීනෙ… මේවට නම් සහ ගහන්ව මේව සංවිධානය කරන උන්ට’ කියාගත් ගෙදර උන්දෑ මුළුතැන්ගෙට ගෑටුවාය.මේ අතර අමරබන්දු වෙත පෙරදින යාන්තම් නින්ද පමිණෙන අතරේ අදුරු අහසේ දිස් වූ දීප්තිමත් තරුව මොහොතකට සිහිවිය. ඒ තරුව මොහොතක් මහා දීප්තියකින් දැවී ක්ෂණයකින් ඔහුගේ නිදිබර දෑස ඉදිරිපිට අතුරුදන්ව ගිය අයුරු ඔහුට නැවතත් සිහිවිය. ‘ඒ තමයි සිහින තරු වල හැටි’ අමරබන්දු සිය මුවකොණට නිරායාසයෙන් මතු වූ සිනහව මැඩ ගැනීමට උත්සුක වූයේ නැත.,,,,zz*.***

    නීතිය රකින උත්තමයන්ට අමු කැවිලාය

    0

    සිය වැඩිමහල් එකියගේ හදිසි ඇමතුමේ හඩ වෙනදාට වඩා ගිගුම් දුන්නෙන් අමරබන්දු ඇලවී සිටි බූරු ඇදෙන් බිමට පතිත වෙමින්ම අවදි විය.

    මොකෝ කෙල්ලෙ…. සිය දෑස දෑල්ලෙන් පිසදමමින්ම ඔහු ඇසුවේ අතිෂය වික්ෂිප්ත වූ මනසකිනි.

    ආන්න… රූං අයියලගෙ ගෙදරට නීතිය කරන මහත්තුරු පැනල… ලොකු එකියගේ හඩින් අමරබන්දු පමණක් නොව සිය පවුලේ සැවොම එක ලෙස කලබල වූහ.

    මලකෙළියයි…. කියාගත් අමරබන්දු සිය සරොම කරේ හොවාගෙනම දිවගියේ රූං එකාලයෙ දිහාය.

    සිය හිච්චි සහොදරීගෙ බඩපිස්සා වූ රූං කොල්ලා පුංචි සන්දියේ පටන්ම චූටි මාමෙ කියා සිය ඇසේ හිදගෙනම කරදඩු දික්වූ නිසාමදෝ රූං එකාට අමරබන්දු පණ ඇරලාය. නීතිය කොරන මහත්තුරු කොල්ලාව කුදලාගෙන යන්න කළියෙං යාගන්න ඕනෙ හති හලමින් ඒ වනවිටත් රූං එකාලගෙ දිහා ට දිව යමින් සිටි අමරබන්දු ගේ වේගය තවත් වැඩිකළේය.

    අමරබන්දු එහි යනවිටත් රූං එකාලගෙ නිවස ඉදිරිපිට පොදි කන ගම්මු දැක සිය වෙගය තරමක් අඩු කළේ නීතිය කොරන මහත්තුරු වැඩ ඉන්න තැනකට ගරු සරු ඇතුව යන්නට වුවමනා නිසාය. ඒ වනවිටත් වරෙන්තු පිට හිටපු රූං එකාව නීතිය කොරන උන්නාන්සෙලාට අහුවෙලා කියන්නේ කොල්ලව දැනටමත් කෝටු මස් කොරල අති රැස්ව සිටි ජනයා අතරින් අමරබන්දු හීන්විඩේ රිංගුවේ දෙගිඩියාවකිනි.

    එසේ සෙමෙන් ඉදිරියටම රිංගාගත් අමරබන්දු දුටු දර්ශනයෙන් ඔහුහට සිය දෑස විශ්වාස නොවීය. හීන් කොල්ලගේ නිවෙස ඉදිරිපිට පෝළිම් ගැසී සිටි උඩරට නැට්ටුවන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකි. සිය පාදයන්හි බැද තිබූ ගෙජ්ජි වැල් “සිරිං..සිරිං” නද දෙමින් නොඉවසිල්ලෙන් ලක ලැහැස්තිව සිටියේ ඊළග නිමේශයේදී තමන් ලබන අණින් නර්තනයේ යෙදෙන්නටය. තරු පටි බැද විරාජමානව සිය අහංකාර උදරයන් පුම්බාගෙන රූං කොල්ලාගේ නිවස අදදර වැඩ සිටි නීතිය රකින මහත්තුරු කිහිපදෙනෙකි.

    අවසන සියල්ලන් අපේක්ෂාවෙන් සිටි මොහොත උදාවිය.

    තරු පටි බැදි මහත්තුරු දෙදෙනෙක් ට මැදිව රූං කොල්ලා සිය නිවසේ කොට උළුවහුවෙන් පහත්වී එළිපත්තට පැමිණෙන විට දෙපස රැස්ව හුන් හුදී ජනී ජනයා “අනේ….” යනුවෙන් කළ නදින් අහල ගම් හතක් වෙවුළුම් කන්නට ඉඩ තිබුණි. වෙනදා මෙන් කොල්ලගෙ දෑතේ වූ සුදුයකඩ මාංචු කුට්ටම වෙනුවට ඔහුගේ සුරතේ මල් කළඹකි. කොල්ලගේ අනෙත් අතේ දෑගිලි පටළවා ඌට නොරිදෙන්නට අල්ලාගෙන උන්නේ අනෙත් තරු පටි උත්තමයාය. ගෙළෙහි රත්වන් වද මල් මාලයකි. කොල්ලාව මිදුල් කෑල්ලට කැන්දගෙන එනවාත් සමගම තවත් තරු පටි උත්තමයෙක් ඌගෙ හිසට ඉහළින් මුතු කුඩයක් ඉහළුවේය. තවත් උත්තමයෙක් කොල්ලට අතරමගදී සප්පායම් වෙන්නයැයි කියා පරළු පාං සැන්විච් මල්ලක්ද අලියා බීම බෝතල් පෙට්ටියක්ද ලහි ලහියේ නිල් පැහැති ජීප් රථයට පටවා ගත්තේය. 

    රූන් කොල්ලාව රැගත් පෙළපාලිය ඇරඹුනේ ඉදිරිපෙළ ලක ලැහැස්තිව හුන් උඩරට නැටුම් සන්දර්ශනයෙනි. ඔවුන් “රුන්තක ජින්තක තරිකිට කුන්ද තාම්” කියමින් නර්තනයේ යෙදෙමින් ද  උඩ කරණම් බිම කරණම් ගසමින්  ද ලකේට රූං කොල්ලාව නීතිය කොරන මහත්තුරුන්ගේ නිල් පැහැති ජීප් රථය වෙත රැගෙන යද්දී අමරබන්දුගේ පමණක් නොව රූං කොල්ලාගේ ද දෑස් උඩ ගොස් අන්ද මන්ද ව හුන්නේය. ලෝකය පැතලි වෙලාද, නැත්නම් පෙරළීම නැවතිලාද කිසිවෙකුට සිතාගත් නොහැකිය.

    නර්තනය නැවතුනි, රූං කොල්ලා පටවා ගත් නිල් පැහැති ජීප් රථය යන්නට එන්ජිම පණගැහුවේය. ඉදිරි පස අසුනේ වැළමිට අඩක් එළියට හොවා හිද උන් තරු පටි උන්නාන්සේ

    “කෝ මේ ළමයගේ පවුලේ කවුරුත් ඉන්නවද?” ඔහු විපරම් කළේය.

    “අනේ මහත්තයො අපේ කොල්ලට හිරිහැරයක් කොරන්න නම් එපා” කියාගෙන දෙකට නැවීගත් කොණ්දකින් යුතුව බගෑපත් අමරබන්දු ඉදිරියට පැමිණියේය.

    “ආ මාමා බයවෙන්න එපා… මේ පාර ග්‍රෑම් පහයිනෙ අහු වුනේ හෙට අනිද්දාම උසාවි දානවා” උන්නාන්සෙ කියාගෙනම ජීප් රථය ඉදිරියට ඇදෙන්නට විය. මදක් ඉදිරියට ඇදී නතර කළ ජීප් රථයෙන් හිස එළියට දැමූ උන්නාන්සෙ අමරබන්දු නැවතත් කැදවුයේය.

    “මේ කොළුවට ගූගල් එකවුන්ට් එකක් තියෙනවද… මොකද මූ රෑට කිව්වොත් හංගපු ආයුධ තියෙන තැනක් පෙන්නන්න තියෙනවා කියලා… මූව අරං ගිහිං තලනව පෙළනවට වඩා ඌගෙන් ලොකේෂන් එක ගූගල් එකෙන් ෂෙයාර් කරගත්තහම අපේ රාළහාමි කෙනෙක් යවල බඩු ගෙන්න ගන්න පුළුවන්. එතකොට අපිටත් ලේසියි… ඌටත් ලේසියි” උන්නාන්සෙ කීවේය.

    “තියෙනව මයෙ හිතේ ලොකුකෙල්ලට කියල ලියවගෙන හවහට ගෙනෙත් දෙන්නං අපේ උන්නාන්සෙ” අමරබන්දු කීයේ යාප්පුවෙනි

    ඒ ක්ෂණයෙන් නිල් පැහැති ජීප් රථය දූලි කාගෙන ඉගිළ ගියේය.

    රට හරි මගට වැටී ඇතිබව අමරබන්දුට වැටහුනි

    0

    අමරබන්දු කුකුළත් කරේ තියාගෙන අමාත්‍යංශයට රීටුවේ මාස කිහිපයක් තිස්සේ ආණ්ඩුවේ කන්තොරුවේ ලිපිගොණු අතරේ ප්‍රමාදවෙමින් තිබෙන සිය ලිපිය මැම්බර් හාමුලවා හෝ කරවා ගැනීමට වූ අවසන් අරමුණිනි. සිතුවාට වඩා වේල පහින් අමාත්‍යංශය වෙත පැමිණීමට හැකිවුවද හිමිදිරි වැඩි බැවින් එහි දැවැන්ත ගේට්ටු පලු දෙකම ඉබි යතුරු දමා තද කොට තිබුණි. ෆයිල් කවරය කිහිළි ගන්වාගෙන ගේට්ටුව මුල ඇණතියාගත් අමරබන්දු දවසේ පළවෙනි බුලත්විට ඔතන්නට වූයේ දිනය බෙහෙවින් දිගු එකක් වීමට ඉඩ තිබූ බැවින් තවත් විට කිහිපයක්ම අමාත්‍යංශයේදීම හැපීමේ අපේක්ෂාවෙනි.

    හීනයකින් මෙන් අමරබන්දු දුටු දසුන ඔහුගේ දෑස් විශ්මයේ ගිල්වන්නට සමත් විය. වේලාව හිමිදිරි හයේ කණිසම වැදුනා පමණි. වැඩිය අව්වට වැස්සට හසු නොවූ රන්වන් පැහැති සමක් සහිත හීන්දෑරි හාදයෙක් අමාත්‍යංශ ගේට්ටුව අසල නැවතූ සිය ප්‍රාඩෝ රථයෙන් බැස එහි ගේට්ටුව සිය දැතින්ම විවෘත කරනු අමරබන්දු දුටුවේය. 

    “අඩේ කවුද මේ.. රුක් දෙයියෙක්වත්ද” අමරබන්දුහට ඉබේටම කියවුනි.

    ගේට්ටුව විවෘත කරන අතරේම අමරබන්දු ඇමතූ අමරබන්දුගේ රුක්දෙයියා

    “ලොකු උන්නැහේ මිනිස්ට්‍රියට යන්නද.. එන්න යමු” එකී කාරුණික ආරාධනයෙන් අමරබන්දු අන්ද මන්ද විය, ඔහු සිය දෑස් පිසදා බැලීය, කන් අතගා බැලීය.

    කතාව ඇත්තකි, සිහිනයක් නොවේ.

    “ඇයි බයවෙලා… මම ඇමතිතුමා අර අලුතෙන් පත්වුනේ”

    අමාත්‍යංශ ගොඩනැගිල්ලේ දොර විවෘත කළේද ඔහුගේ ශ්‍රී දෑතිනි.

    “අපි තේකක් බොමු”, මැම්බර් හාමු අමරබන්දුට තේ සදා දුන්නේය

    “අපි උදේම වැඩ පටන් ගන්න ඕනෙ, එහෙම නැතුව මේ රට ගොඩ ගන්න බැහැ ලොකු උන්නැහේ” මැම්බර්හාමු දිගටම කියවාගෙන යයි.

    “අනේ මැම්බර්තුමෝ මගේ මේ ලියුම හදවගන්න ඕනෙ” අමරබන්දු බැරිම තැන කීවේය.

    මේ ලොකූන්නැහේ මම මේ සබ්ජෙක්ටෙකට අලුත් අදයි පටන්ගත්තේ, ඔෆිස් එකේ අනිත් අය එනකල් ඉදගෙන ඉන්නකො… අපේ ලොක්ක අද කොයි වෙලේ හරි මේ පැත්තට විසිට් එකකට එන ආරංචියක් තියෙනවා…. උන්නාන්සෙ ඇහුවොත් මම උදෙන්ම ආව කියල කියන්න ඕනෙ හොදේ” කියාගෙන මැම්බර්හාමු අන්තරස්දහන් විය. අමරබන්දු අසරණව පුටුවේ හිද ගත්තේය.

    කාලය ගෙවී ගියේය, අමරබන්දු තවමත් හිද හුන් අසුනේය. තවත් මද වේලාවකට පසු බතික් ඇදුමින් සැරසුනු උත්තමයෙක් අමාත්‍යංශයට පැමිණ ඔහු අසලින් හිද ගතතේය. අලංකාර බතික් වැඩ දැමූ ඔහුගේ සරොම හා කමිසය ඔහුගේ වත දෙකොණට විහිදුණු ඔහුගේ කැකිරි සිනහව තවත් දීප්තිමත් කළේය.

    “මොකෝ මාමා මේ නිකම්ම නිකං සරොං බැනියං… අදිමුකො බතික්” ඔහු කීවේය.

    “මොන බතික්ද මහත්තයා.. අමරබන්දු සිය ඇගටම දියවීගිය බැනියමේ ඉරුණු වාටිය අතින් වසන අතර පැවසුවේය.

    “එහෙම කියන්න එපා මාමා.. මේ රට බතික් අදින්නෙ නැතුව ගොඩ නගන්න බැහැ, මේ දෙලොවට නැති ඇදුම් අදින්නෙ නැතුව අපි ජාතියක් විදිහට අදින්න ඕනෙ බතික්” ඔහු කීවේය. අපේ ලොක්ක උනත් කැමති එහෙමයි. ඔන්න බලන්න මාමා මම මේ රටේ මිනිස්සුන්ට බතික් අන්දවලාම තමයි පස්ස බලන්නේ” ඒ උත්තමයත් එසේ කියාගෙනම අමාත්‍යංශය ඇතුලට ගියේය.

    තවත් හෝරා කිහිපයක් බිත්ති ඔරලෝසුවෙන් හැලී ගියද අමරබන්දු තවමත් එතැනමය. 

    අමාත්‍යංශයේ ඉදිරිපස දැවැන්ත වීදුරු දොර දෙදරවාගෙන කඩිමුඩියේ ඇතුලට පැමිණ අමරබන්දු අසලින් වාඩිගත් උන්නාන්සේ දැක ඔහු විශ්මයට පත්විය. 

    “අනේ උන්නාන්සෙ ටිකකට අවසර, මම ඇතුලෙ නෝනා කෙනෙක්ට කියන්නං සුදු පිරුවටයක් සුජානං කොරන්න කියලා” අමරබන්දු හුන් අසුනෙන් නැගී සිටිනවිට ඔහුගේ සිත ශ්‍රද්ධාවෙන් පිරී ඉතිරී යන්නට ඔන්න මෙන්නය.

    “මොන පිරුවටද උපාසක මහත්තයා.. මමමේ දොකොණ පත්තු වෙලා ඉන්නවා” උන්නාන්සේ වැදෑරූහ.

    උන්නාන්සේ යමකින් මහත් කැළඹී සිටියේය. නිබදව නාද වන ඔහුගේ ජංගම දුරකථනය අමරබන්දුවද විඩාවට පත් කළේය.

    මේ කෙරුවාව බැහැ කොරන්න උන්නැහේ… කන්දක් විළීලා ගත්තු කවුන්සලේ මැම්බර් ආසනේ උස්සගෙන එකෙක් කැලේ පැන්නනේ.. ඉතිං කොහෙ කොරන්නද” උන්නාන්සේ සිය උපැස් යුවල අතරින් තියුණු බැල්මක් සිවුදෙස යොමු කළේය. උන්නාන්සේ දිගටම වදාරයි.

    “අපේ ටීම්ස් දාල තියෙන්නෙ ඔය අරං පන්නපු ආසනේ හොයන්න.. අනිත් උන්නාන්සෙට කළිං ආසනේ අපි හොයා ගෙන කවුන්සලේට ගිහින් අපේ ජාතියට සේවය කොරන්න ඕනෙ” උන්නාන්සේගේ වැදෑරීම අමරබන්දුව තවදුරටත් තිගැස්මටත්, වෙහෙසටත් පත් කළේය.

    “අනේ උන්නාන්සෙ..මෙහෙම ඇණ කොටාගන්න හියහම සාසනේට යන කල මොකක්ද? අමරබන්දු බැරිමතැන විමසුවේය.

    “මේ මොනවද උන්නැහේ කියන්නේ…. සාසනේ වගේද අපේ ආසනේ” උන්නාන්සේ එසේ වදාරමින් ක්ෂණයෙකින් හුන් තැනින් පිටවිය.

    ලෝකය සතර අතට පෙරළුනද අමරබන්දු කිහිලිගන්වා ගත් ෆයිල් කවරයද සමග හුන් තැනමය.

    බලා සිට බැරිම තැන විටක් කා පෙට්ටි කඩයෙන් කහට තේ කෝප්පයක් පානය කිරීමට සිතා ඔහු අමාත්‍යංශයෙන් එළියට පැමිණියේය. ඔහු කහට කෝප්පය තොල ගාන අතරේ ඔහු අසලට පැමිණි මිනිසා අමුතුය. ඔහු මැටි නෑඹිලියක් හිසේ නවාගෙන, මටි කෝප්ප මාලයක් බෙල්ලේ හොවාගෙන, කොටින්ම ඔහුගේ ඇග පුරාම මැටිය.

    “අනේ අනේ මාම මෙච්චර කියලත් ඔයා තවමත් වීදුරු කෝප්පේ නෙ කහට බොන්නේ.. ඔය වීදුරුව විසික්ක කරල දාගන්න ඔය කහට එක මේ මැටි කෝප්පෙට” ඔහු බලහත්කාරයෙන් ම අමරබන්දු අත මැටි කෝප්පයක් තැබුවේය.

    “ඔහොම බැහැ මාම රට, දැය, සමය දියුණු කරන්න, අපි කන්න බොන්න ඕනෙ මැටි භාජන වල, ඉතිරි කරන්න ඕනෙ මැටි කැට වල” ඔහු සිය බෙල්ලේ වූ මැටි කෝප්ප මාලය ශබ්ද කරමින්ම එතැනින් පිට විය. 

    නවුම් මැටි කෝප්පයේ සීනි නැති කහට එක තොලගෑ අමරබන්දුහට රට දියුණුවන බව හැගුණි.  

    දවස පුරා සිය කාර්යය නොකෙරුණු තැන අමරබන්දුහට වෙහෙසය. සිත කළකිරුණි. ෆයිල්කවරය කිහිලි ගන්වාගෙනම ඔහු මහමග පොදු බංකුවක්මත හිදගත්තේ එහි තවත් අයෙක් හිද සිටිනු දුටුවද එය මායිම් නොකරය.

    බෙන් හෝගන් වර්ගයේ තොප්පියක් ද තද නිල් පැහැති ලෝගුවක් ද පැළද හුන් ඔහු හිදිවනම නිසොල්මනේ බලාගත් වනම සිට අමරබන්දු ඇමතුවේය.

    “මේ උන්නැහේගෙ වැඩේ කෙරුනෙත් නැහැ නේද…. මගෙත් එහෙමයි.. ඒත් සැලෙන්න එපා උන්නැහේ

    “වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජයගත් පසු එහි අග්‍රඵලය ලබන්න නිහඩව ටික කලක් බලා සිටිය යුතුය” ඔහු කීවේය.

    “ඔය උන්නැහේ අමරබන්දු නේද..” මම “රූපසිංහ-හිටං” අමරබන්දුගේ විශ්මිත වත දුටු ඔහු තමන්ව ස්වේච්ඡාවෙන්ම හදුන්වා දුන්නේය.

    එය ඇසූ අමරබන්දුගේ යටිබඩත් කොරවී ගියේය. නමුත් තමන් පැමිණි කාර්යය නොකෙරුනද රට දියුණුවෙන්නට පටන්ගෙනඇති බව අමරබන්දු හට හැගුනි. අඩුමගානේ රටවත් දියුණුවෙයිනෙ අමරබන්දු සුසුමක් හෙළා සුවපත්විය.

    Elon Musk ලොව සිව්වන ධනවත්ම පුද්ගලයා වේ

    0

    ටෙස්ලා හි ප්‍රධාන විධායක නිලධාරි Elon Musk අගෝස්තු 18 වන දින ලොව සිව්වන ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇති බව බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි. අගෝස්තු 17 වන දින ටෙස්ලා ඉන්ක් කොටස් සියයට 11 කින් ඉහළ යාමෙන් පසු ලොව ධනවත්ම පුද්ගලයින්ගේ දෛනික ශ්‍රේණිගත කිරීමක් වන බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයේ මස්ක් මහතාගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 84.8 ක් දක්වා ඉහළ ගියේය. මේ නිසා Elon Muskගේ ශුද්ධ වත්කම් ප්‍රංශ සුඛෝපභෝගී ව්‍යාපාරික බර්නාඩ් ආර්නෝල්ට්ගේ වත්කම් පසුකර ගියේය. බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයේ වර්තමාන ඇමරිකානු නොවන ධනවත්ම පුද්ගලයා වන බර්නාඩ් ආර්නෝල්ට් වේ. දැන් ලොව ධනවත්ම පුද්ගලයින් 500 දෙනා අතර තුන්වන ස්ථානය හිමි සමාජ මාධ්‍ය දැවැන්තයා වන ෆේස්බුක් හි ප්‍රධාන විධායක මාක් සකර්බර්ග්ට ඩොලර් බිලියන 15 ක් පිටුපසින් Elon Musk සිටී.

    Amazon.com සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසොස්ගෙන් පසුව දර්ශකයේ දෙවන විශාලතම වැඩිවීම සනිටුහන් කරමින් මස්ක් මහතාගේ ධනය මේ වසරේදී ඩොලර් බිලියන 57.2 කින් වර්ධනය වී තිබේ.

    ජූලි මාසයේදී එලොන් මස්ක්, වොරන් බෆට් අභිබවා ගොස් ලොව හත්වන ධනවත්ම පුද්ගලයා බවට පත්විය. බෆට් මහතා ඩොලර් බිලියන 2.9 ක් වටිනා බර්ක්ෂයර් හැත්වේ කොටස් පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කර ඇති අතර එමඟින් ඔහුගේ ශුද්ධ වටිනාකම පහත වැටුණි.

    නව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ප්‍රවීණ මාධ්‍යවේදී රොහාන් වැලිවිට

    0

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනපදයේ 14 වන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේඛම්වරයා ලෙස, ප්‍රවීණ මාධ්‍යවේදී රොහාන් වැලිවිට ,අහතා පත් කර ඇත.

    රොහාන් වැලිවිට මතා අග්‍රාමාත්‍ය ලේඛම් ගාමිණී සෙනරත් මහතා අතින් 2020.08.18 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය පත්වීම ලිපිය භාර ගත්තේය.

    ස්වාදෙහීන රුපවාහිනී සේවයේ වැඩසටහන් කළමනාකාර හා ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ධුරයේ කටයුතු කරනු ලැබූ ප්‍රවීණ මාධ්‍යවේදී රොහාන් වැලිවිට මහතා 2000 වර්ෂයේ ඉන් ඉවත්ව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය උපදේශක ධුරයට පත්විය.

    ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2000 වර්ෂයේ ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ එතුමාගේ මාධ්‍ය උපදේශක ලෙස කටයුතු කරනු ලැබූ රොහාන් වැලිවිට මහතා පළමු වරට විපක්ෂ නායක ධුරය දරන කාලයේදීද එතුමාගේ මාධ්‍ය ලේඛම් වරයා ලෙස කටයුතු කරණු ලැබීය.

    2004 වර්ෂයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් සහ 2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ලෙස කතයුථුඅ කර ඒ මහතා, 2015 වර්ෂයේ සිට එතුමා විපක්ෂ නායකධුරය දරන කාලයේදී එතුමාගේ මාධ්‍ය උපදේශක ලෙස කටයුතු කරනු ලැබීය.

    2019 වර්ෂයේ පත්වූ නව රජ යටතේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානීන්ගේ මාධ්‍ය ලේකම් ධුරයද රොහාන් වැලිවිට මහතා හෙබවිය.

    ඒ මහතා වර්තමාන අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ලෙස මෙම මස 18 වන දින සිට සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.

    චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම ගත කතුවරයෙකු වන රොහාන් වැලිවිට මහතා, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකි.

    Press-Release-නිවේදන-අංක-19

    පුත් රුවන

    0

    අමරබන්දු උදෑසනින්ම ඡන්දය දැමීම සදහා ඡන්ද පොලට යෑමට සිතා මහ මගට පිවිසෙන නිමේශයේ පෙරදා මැකෝ උන්නාන්සේ රූප පෙට්ටියෙන් කළ ඉල්ලීම සිහි වී සියුම් ආඩම්බරයක් තමන් වෙත ආරූඩ විය. උන්නාන්සෙ කිව්ව් වගේ පුළුවන් උදෙන් ඡන්දෙ දාන්න ඕනෙ. අමරබන්දු තමන්ටම කියා ගත්තේය.

    මැකෝ උන්නාන්සෙ කෙළින් මිනිහා…. ඒ උත්තමයගෙ එක වචනෙන් ඔය තොරු මෝරු ෆුල් සරෙන්ඩර්. අමරබන්දුගේ සිත පිනා යයි.

    ලොකු කෙල්ල ඔතා දුන් බත් මුලත් කිහිලි ගන්වාගෙන සිරිසේන අයියාගේ කඩ මණ්ඩිය අද්දර කහට වීදුරුවක් බොන්න නතරවෙනවාත් සමගම රැලේ ෆුට් සයිකලේ පොල්ල අස්සෙන් කකුල දමා හරහට පැදගෙන ආ කොළු කුරුට්ටෙක්

    “ආ…. අමරෙ මාමා මාමට උණ නැතෙයි” ඔලොක්කුවට කියාගෙන් ඉගිලුනෙන් අමරබන්දුගේ අභිමානය මදකට හීන වී ගියේය.

    ඔය කොල්ලො රංචුව මැකෝ තුමාගේ වචනයක අල්ලගෙන ඊයෙ දවසෙම බෙරිහන් දෙනවනෙ සිරිසේන මුදලාලි තේ ගොට්ට වීදුරුවට මිරිකමින් කීවේය.

    ඒ මොකක්ද ලොක්කො ඒ, අමරබන්දු ගේ මුහුණ ප්‍රශ්නාර්ථයකින් ඇඹරී ගියේය.

    මැකෝ තුමා කියලනේ ඇගට උණ වගේ නම් හවසට ඡන්දෙ දාන්න එන්න කියල… මුං ඒකට එකතු කරගෙන අහවල් පැත්තේ අමාරුව සරුවට ඇත්තං විතරක් උදේ පාන්දරින් ඡන්දපොලට යන්න කියල. ඒකයි ඔය.

    අමරබන්දුගේ කළින් පැවති අභිමානය දියවී යම් ලැජ්ජාවකින් කාල වර්ණ මුහුණ තද නිල් පැහැ විය.

    කාලකණ්ණි, මට ඇති රුදාවක් යැ, මම මේ උදෙන්ම ඡන්දෙ දාල ගෑණියි වදාපු එකයි බලන්න රෝහලට යනගමං. අමරබන්දු ආරූඪ කොට ගත් කේන්තියකින් පවසද්දී සිරිසේන මුදලාලි හිච්චි එවුන් බං කියමින් කහට කෝප්පය ඔහු වෙත දිගු කළේය.

    ගණන් ගන්න එපා අමරෙ මල්ලි. මේ සැරේ ඔය කී වෙනියද සිරියානි නංගි වදන්නේ? සිරිසේන අමරබන්දුගේ සිහිය වෙනතකට යොමු කළෙන් ඔහුගේ කේන්තිය මදකට අමතක විය.

    මේ දොලොස් වෙනිය. අමරබන්දු මද සිනහවක් පෑවේය.

    මේ සැරේවත් කොල්ලෙක් වුනොත් උඹගෙ හීනෙ හැබෑ වෙනවනේද මල්ලියේ සිරිසේන ගේ එම කතාව අවංක එකකි.

    අනේ ඔවු අයියෙ, මේ සැරේනම් කොල්ලෙක් තමයි. අමරබන්දුගේ අපේක්ෂා සපිරි ඇස් දිදුලන්නට වූයේය.

    ඔන්න ඔහේ ඡන්දෙ බල්ලට දාල උඹ ඉස්පිරිතාලෙ පලයං, නැත්තං අටේ බස් එකේ නැග ගන්න බැරිවෙයි. සිරිසේනගේ කතාවෙන් අමරබන්දුගේ නොරිස්සීම තවත් උග්‍රවිය.

    පිස්සුද බං, මේ සැරේවත් හරියාකාර ආණ්ඩුවක් පත් කොර ගන්න එපැයි. අමරබන්දු සිංහනාද කළේය.

    උඹ දැම්මත් නැතත් මේ සැරේ පොහොට්ටු කාරයො උඩින් දිනයි බං, දැක්කෙ නැද්ද හන්දි ගානෙ සල්ලියි අරක්කුයි බෙදපු බෙදිල්ල. සිරිසේන කීවේය

    ඒවනම්  ඉතින් අනෙත් පැත්තෙනුත් බෙදුවෙ, “මේ සැරේවත් වෙනසක් කරමු ඇ..” කියු අමරබන්දු හිස් කහට වීදුරුව මේසය මත තබා යන්නට සැරසුනේය.

    ඡන්දයද දැමීම කොරෝනා අටමගලය නිසා වෙනදාට වඩා පමා විය. ඡන්දය දැමුවද දහයෙ බසයෙ යන්තම් එල්ලී ගත් අමර බන්දු ටවුමෙ රෝහලට සේන්දු වන විට දිවා ලෙඩ්ඩුන් බලන වෙලාව ගෙවී හෝරා දෙකක් පමණ වූ බැවින් සිය දරුවා බැලීමට හැකිවූයේ සවස කණිසමටය. වාට්ටුවට ඇතුල්වන විට ශ්‍රියානි පැදුරක් මත ඇළවී සිටියාය. වැදුම් වාට්ටුවේ ඒතරමට අම්මලාය, ඇදක් සොයාගන්නටවත් නැත. අමරබන්දු දුටු ඇගේ වත සියුම් සතුටකින්ද කණගාටුවකින්ද පෙගීගියේය.

    “මේ සැරෙත් කම්බායක් ළමයින්ගෙ තාත්තේ” ශ්‍රියානි කෙදිරුවාය.

    අමරබන්දුගේ මුහුණ කළු විය, තව කෙල්ලෙක්, ඔහුට ඉබේටම කියැවිනි.

    අමරබන්දු සිය දොලොස්වැනි දියණියත් බිරිදත් කැටුව බසයෙන් බසිනවිට පසුදා මද්දහන පසුවී තිබුණි. එහෙන් මෙහෙන් ඇසෙන බට්ටො සද්ද වලින් කියැවෙන්නෙ පොහොට්ටු කාරයින් උඩින්ම දිනා ඇතිබවයි.

    අමරබන්දුහට පොහොට්ටුවේ ජය සමරන්නට සිත් නොදේ, ඔහු පසුදා උදැසන සිරිසේනගේ කඩපිලට යනවිට පත්තරයේ මුල්පිටුව සැරසුනේ නව රජයේ අභිනව කැබිනට්ටුවේ පින්තූරයක්ද සමගිනි.

    ෂෙ…. අපේ ජනාධිපතිතුමයි මහින්ද මහත්තයයි ඇරුනහම මේකෙ ඉන්නෙත් ඉස්සර හිටපු හොරු ටිකමනේ. අමරබන්දු හට ඉබේටම කියැවිනි.

    ආ අමරෙ මල්ලි, මේ තියෙන්නෙ උඹල අපි කරපු වෙනස, පත්තරේ පෙන්වමින් සිරිසේන කීවේ අපේක්ෂා භංගත්වයෙනි.

    කහට කෝප්පය සුරතින් ගෙන එළිපත්තේ ඇණ තියාගත් අමරබන්දුහට සත්‍යය අවබෝධ වූවාක් වැනිය. කොච්චර හිතුවත් කොල්ලෙක් ලැබෙන්නෙ නැහැ වගේ තමයි කොච්චර දැගලුවත් අපිට වැඩක් වෙන ආණ්ඩුවක් මේ කපේට පත් වෙන්නේ නැහැ.

    මේ සැරේවත් පවුල් සෞඛ්‍යය නෝනට එන්න කියන්න ඕනෙ. ඔහු සිතුවේය.

    බීරූට් පිපුරුම අභිරහසක් !

    0
    A picture shows the scene of an explosion in Beirut on August 4, 2020. - A large explosion rocked the Lebanese capital Beirut on August 4, an AFP correspondent said. The blast, which rattled entire buildings and broke glass, was felt in several parts of the city. (Photo by Anwar AMRO / AFP)

    ලෙබනනයේ අගනුවරවන බීරූට්වල අද දිනයේ වු විශාල පිපුරුම මෙතෙක් කුමන ආකාරයක පුපුරුණ ද්‍රව්‍ය පිපිරීමක්ද යන්න ප්‍රකාශ කිරීමට එරට බලධාරින් මේ දක්වා අපොහොසත්වී ඇත.

    අගනගරයේ වරායට නුදුරින් සිදුවු මෙම පිපුරුමෙන් මේ වනවිට 10 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී තිබේ. මෙසේ මියගොස් ඇති ගණන තවත් ඉහළ යා හැකි බව විදෙස් ප්‍රවෘත්ති සේවා අනාවරණය කරයි.

    මේ වනවිට මෙම පිපුරුමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස්, සිය ගණනක් තුවාල ලබා ඇති බව එරට රජයේ මූලාශ්‍ර තහවුරු කර තිබේ.

    මෙම පිපිරීමත් සමග අගනුවර පුරා කම්පන තරංග (shockwaves) පතුරවා, ජනේල සුනුවිසුනු කර, නිවාස බැල්කනි කඩා වැටීමට හේතු වූ බව එය අත්විදි ජනතාව ප්‍රකාශ කර ඇත. මේ අතර පිපුරුම වන ආකාරය ගොඩබිම සහ මුහුදේ සිට වීඩියෝගත කිරීමට හැකිව තිබේ. එමගින් එම පිපුරුමේ විශාලත්වය පෙන්නුම්කෙරෙන බව ආරක්ෂක අංශ සදහන් කරයි.

    A wounded man walks near the scene of an explosion in Beirut on August 4, 2020. – A large explosion rocked the Lebanese capital Beirut on August 4, an AFP correspondent said. The blast, which rattled entire buildings and broke glass, was felt in several parts of the city. (Photo by Anwar AMRO / AFP)

    වසර ගණනාවකින් බීරූට් වලට බලපෑ බලවත්ම පිපිරීම වන මෙමගින් පොළොව දෙදරුම් දෙද්දී, සමහර නිවැසියෙක් භූමිකම්පාවක් යැයි උපකල්පනය කළහ. සමහරු තුවාල ලැබූහ. බියෙන් තැතිගත් සමහරු, සමීපතමයින්ට තුවාල සිදුවී ඇත්දැයි බැලීමට පාරවල් දිගේ ඇවිද ගියහ.

    මෙම පිපිරීම සිදුව ඇත්තේ නගරයේ වරාය ප්රදේශයේ වන අතර එහි ගබඩා නිවාස පුපුරණ ද්රව්ය තිබී ඇති බව ලෙබනනයේ රාජ්ය පුවත් ඒජන්සිය සහ ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. වෙනත් ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කළේ එම ප්රදේශයේ රසායනික ද්රව්ය ගබඩා වී ඇති බවයි.

    සමාජ මාධ්යවල නිවැසියන් විසින් බෙදාගන්නා ලද පිපිරුමේ වීඩියෝ දර්ශනවලින් පෙනී ගියේ වරාය දිස්ත්රික්කයෙන් දුමාරයක් ඉහළ යන අතර ඉන් පසුව දැවැන්ත පිපිරීමක් සිදුව ඇති බවයි. මුලදී විශාල ගින්නක් ලෙස පෙනෙන දේ රූගත කළ අය පිපිරුමේ කම්පනයෙන් පසුපසට විසිවෙයි.

    ජනාධිපති ධුරයේ ට්විටර් ගිණුමට අනුව ලෙබනන් ජනාධිපති මයිකල් අවුන් රටේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක් කැඳවීය.
    පිපිරීමට හේතුව කුමක්ද යන්න හෝ ගබඩාවල ඇති පුපුරණ ද්රව්ය මොනවාද යන්න දැනට පැහැදිලි නැත.
    වරාය ප්රදේශයේ සංචාරය කරමින් ලෙබනනයේ අභ්යන්තර ආරක්ෂක ප්රධානී අබ්බාස් ඉබ්රාහිම් කියා සිටියේ තමන් පූර්ව පරීක්ෂණයක් සිදු නොකරන බවයි. ඊශ්රායල නිලධාරියෙකු පැවසුවේ ඊශ්රායලයට පිපිරීම සමග කිසිදු සම්බන්ධයක් නැති බවයි.
    බීරූට් වරායේ ප්‍රධානියා ස්කයි නිව්ස් වෙත පැවසුවේ පිපිරීමෙන් පසු එම ස්ථානයේ සිටි ගිනි නිවන භටයන් කණ්ඩායමක් “අතුරුදහන්” වී ඇති බවයි.

    ඉන්දියානු පොලීසියත් රවටා අංගොඩ ලොක්කාගේ සිරුර ආදාහනත් කරලා

    0

    සිය අනියම් බිරිඳ විසින් කායවර්ධන පානයට වසදී ඉන්දියාවේ දී ඝාතනය කළ බවට පසුගිය දා තොරතුරු පළවූ මෙරට පාතාල නායකයකු වන ‘අංගොඩ ලොක්කා’ මියගොස් ඇතැයි ඉන්දියානු පොලීසිය විසින් තහවුරු කර තිබේ.

    ඒ කොයිම්බතූර් පොලිසිය විසින් ඊයේ (2) දිනයේදීය.

    ආර්. ප්‍රදීප් සිං (35) නමින් ව්‍යාජ ලෙස හැඳුනුම්පත්, ලියකියවිලි හා ආධාර කාඩ්පතක් සකස් කරගෙන සිටි අංගොඩ ලොක්කාගේ මරණයෙන් පසු ඔහුගේ ව්‍යාජ ලෙස ලියකියවිලි ඉදිරිපත් කර මධුරෙයිහිදී ආදාහනය කිරීමෙන් පසුව ශ්‍රී ලාංකික කාන්තාවක් සහ තවත් පිරිමියෙකු සහ කාන්තාවන් අත්අඩංගුවට ගෙන ඇතැයි ‘ද නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්’ වාර්තා කර ඇත.

    එම ශ්‍රී ලාංකික කාන්තාව අංගොඩ ලොක්කා සමඟ ඉන්දියාවේ දී වාසය කළ අමානි තන්ජි (27) නමැති කාන්තාවයි.

    ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍යව සිටි අංගොඩ ලොක්කා අවම වශයෙන් අවුරුදු දෙකක්වත් කොයිම්බතූර් නගරයේ සැඟවී සිට තිබුණි.

    කොයිම්බතූර් පොලිසිය විසින් සැකකරු ඊයේ ඊරෝදිදී අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ අංගොඩ ලොක්කා වෙනුවෙන් ව්‍යාජ ලියකියවිලි හැඳුනුම්පත් නිර්මාණය කළ බවට චෝදනා කරමිනි.

    අංගොඩ ලොක්කා ජූලි 3 වන දින රාත්‍රියේ හදිසියේ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු නිවසේදී ක්ලාන්ත වී ඇති බව ඔවුහු පවසමින් සිහිසුන්ව කොයිම්බතූර් රෝහලට ගෙන ගොස් ඇති බව ඉන්දීය පොලිසිය පවසයි.

    ඔහු කොයිම්බතූර් හි කලපට්ටි පාරේ චෙරන් මනගර් අසල ග්‍රීන් ගාඩ්න්හි ආර්. ප්‍රදීප් සිං යනුවෙන් හඳුන්වා ඇති අතර සැකකරුවන් ඔහුගේ ඥාතීන් බව බලධාරීන්ට පවසා තිබේ.

    පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඔහුගේ ව්‍යාජ ආධාර කාඩ්පත් තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසු මෘත දේහය ඔවුන්ට ලැබුණි. නිසි පරිදි ලේඛන පරීක්ෂා කිරීමට පොලිසිය අපොහොසත් වී ඇති බවට චෝදනා එල්ල වන අතර සීආර්පීසී හි 174 වන වගන්තිය යටතේ පීලමඩු පොලීසිය විසින් ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත.

    ඔහුගේ දේහය ආදාහනය සඳහා රැගෙන යාම සඳහා පොලීසියට ඉදිරිපත් කළ ලිපි ලේඛන ව්‍යාජ ඒවා බවට අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ කණ්ඩායමක් ඔහු පිළිබඳ තොරතුරු සොයා ඉන්දියාවට යාමෙන් පසුව බවට එරට වාර්තා සඳහන් කරයි.

    එරට පොලීසිය එම ව්‍යාජ හැදුනුපත් ලියකියවිලි හඳුනා නොගැනීම සම්බන්ධයෙන් මේ වන විට චෝදනා එල්ලවී ඇතැයි ඉන්දීය පුවත්වල සඳහන් වේ.

    අත්අඩංගුවට ගත් පුද්ගලයින් වන්නේ, මදුරෙයි දිස්ත්‍රික්කයේ පැසිංපුරම් අසල හල් නගර් අදියර 1 හි දිනකරන්ගේ බිරිඳ සිවකාමි සුන්දරි (36), ව්‍යාජ ලියකියවිලි ලබා ගැනීමට උදව් කළ ඊරෝඩ් එස්. තියානේශ්වරන් සහ අංගොඩ ලොක්කා සමග කොයිම්බතූර් හි වාසය කළ ඔහුගේ සහකාරිය ය.

    මෙම තිදෙනාට අයිපීසී 120 බී, 177, 182, 202, 212, 417, 419, 466, 468 සහ 471 යන වගන්ති යටතේ නඩු පවරා රිමාන්ඩ් භාරයේ තබා ඇති බව පොලිසිය පවසයි.

    මේ අතර, අංගෝඩා ලොක්කා ඝාතනය කර කොයිම්බතූර් හි තැන්පත් කර ඇති බවට කරන ලද බුද්ධි වාර්තාවක් පදනම් කරගෙන ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුර පරීක්ෂණ සඳහා තමිල්නාඩු පොලිසියට ගොස් තිබුණි.

    මේ මත පදනම්ව නගර පොලිසිය නඩුව නැවත විවෘත කළ අතර කාන්තාවන් විසින් ඉදිරිපත් කරන ලද ලියකියවිලි ව්‍යාජ ඒවා බවත් ඔවුන් අංගොඩ ලොක්කා ප්‍රදීප් සිං බව මවා පෑ බවට හෙළිව ඇත්තේ ඉන් පසුවයි.

    මෘත දේහය ලැබීමෙන් පසු පසුදා ඔවුන් මදුරෙයිහිදී ආදාහනය කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කර ඇත.

    පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු වැඩිදුර පරීක්ෂාව සඳහා සාම්පල යවා ඇත.

    පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමෙන් පසුව පමණක් ඔහු හෘදයාබාධයකින් මිය ගියේද නැතහොත් ඝාතනයට ලක්වූවාද යන්න පිළිබඳව නිගමනයකට එළඹිය හැකි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඉන්දියාවේ සිට මෙහෙයවූ කෝටි 25ක මත්කුඩු තොගයක් වැල්ලම්පිටියේ නිවසකින් හමුවෙයි

    0

    වැල්ලම්පිටිය බ්‍රැන්ඩියා වත්තේ නිවසකින් රුපියල් කෝටි 25 ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 25 ක් සොයා ගෙන තිබේ.

    ඒ යුද හමුදා බුද්ධි අංශට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය අද (31) කළ විශේෂ මෙහෙයුමකිනි.

    ඉන්දියාවට පළාගොස් සිටින මත්කුඩු ජාවාරමේ නිරතව සිටින පූකුඩිකන්නා නැමැත්තාගේ ඉන්දියාවේ සිට මෙහෙයවමින් එවූ නවට හෙළිවී ඇති බේවා බිරිදගේ නැගණියගේ නිවසේ සගවා තිබී ඇත.

    පූකුඩිකන්නාගේ බිරිදගේ නැගණිය මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙයට දින කිහිපයකට පෙර මෙම නිවසට කිලෝ 50 ක පමණ මත්කුඩු තොගයක් සගවා තබා ගැනීමට ලැබී ඇත.

    එම මත්කුඩු විටෙන් විට රැගෙන ගොස් තිබෙන බවත් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    මත්කුඩු තොගය හමුවන්නේ නිවසේ අල්මාරියක සගවා තිබියදීය.

    දළදා වහන්සේ වැඩසිටින කරඬු හතේ කතාව

    0

    මේ දිනවල අපේ ඓතිහාසික ශ්‍රි දළදා මාලිගාවේ පෙරහර මංගල්‍යය පැවැත්වෙන නිසා ඊට සම්බන්ධ දෙයක් ලියන්න කියලා හිතුනා.මම කියන්න දේ බොහෝවිට ඔබ දන්නවත් ඇති.ඒත් බහුතරයගේ දැනගැනිමට මේ විස්තරය කරන්න හිතුනා.
    මම කියන්නේ දළදා වහන්සේ වැඩසිටින කරඬුව ගැනයි.හැබැයි මේ කතාව මම 2017 අගෝස්තු 6 වෙනි ඉරිදා ලක්බිම පුවත්පතට ලිව්වා.ඒ මා ලියු ලිපිය බොහෝ වෙබ් අඩවි විසින් උපුටාගෙන තිබුණා අකුරක්වත් වෙනස් නොකර.ඒත් ඒ කිසිම වෙබ් අඩවියක ඒ ලිපියේ මුල් අයිතිකරුවු මගේ නමවත් අඩුගානේ පත්තරේ නමවත් සදහන් කරලා තිබුණේ නැහැ.ඒක අපිට ගැටලුවක් නැහැ ඉතින්.

    අපිට ශ්‍රි දළදා වහන්සේ පියවි ඇසින් දකින්න ලැබෙන්නේ දළදා දැක්මකදි විතරනේ.දළදා දැක්මක් සිදුවෙන්නෙත් කලාතුරකින්.දළදා වහන්සේ වැඩ ඉන්නේ කරඬු හතක් තුළයි.
    දළදා මාලිගාවේ ඇතුල් මාලිගයේ හෙවත් ගඳකිළියෙහි දළදා කරඬුව තැන්පත් කරලා තියෙනවා.විශේෂ වීදුරු කුටියක තමයි මේ සුවිසල් කරඬුව තැන්පත් කරලා තියෙන්නෙ.
    මේ සුවිසල් කරඬුවේ මාල මුතු රන්මාල ආදිය තැන්පත් කරලා තියෙන බව ඔබ කරඬුව ඈතින් සිට වන්දනා කළත් දකින්න ඇතිනේ.මේ මාල ආදිය නොයෙක් යුගවලදි රජවරු බිසෝවරු සෙන්පතිවරු හා රාජ්‍ය නායකයන් පූජාකළ ඒවා.මෙම පූජා වස්තු කවුරුන් විසින් පුජාකළාද යන්න මාලිගාවෙි ඇති කොමසාරිස් පොත නම් ග්‍රන්ථයේ සදහන් වෙනවා.
    දළදා. වහන්සේ වැඩසිටින අපට පෙනෙන සුවිසල් කරඬුව පුජාකරලා තියෙන්නේ විමලධර්මසූරිය රජතුමා විසින්.එය රිදි පාටින් යුක්තයි.මේ කරඬුව ඇතුලේ තවත් කරඩු හයක් තියෙනවා.පේසා වළලු ලඟින් මෙම සුවිසල් කරඬුව ගලවන්න හැකියි.

    පළමු සුවිසල් කරඬුව ඉවත්කළ පසු දෙවැනි කරඬුව දකින්න පුළුවන්.එහි රන්පත් සමුහයක් තියෙනවා.ධම්මචක්කපවත්තන සුත්‍රය සහ වටිනා ධර්ම පාඨ මෙම රන්පත්වල සටහන් කර තියෙනවා.එම කරඬුව බුරුම රටෙන් පුජා කළ එකක්.
    දෙවැනි කරඬුව ඉවත්කළ පසු මතුවෙන තුන්වෙනි කරඬුව අඩි 1 1/2 ක් පමණ උසකින් යුක්තයි.දඹරනින් එය නිමවා තිබෙනවා.එය ඉවත් කිරිමට යතුරක් අවශ්‍යයි.ඒ යතුර තිබෙන්නේ දියවඩන නිලමේතුමා බාරයේයි.
    තුන්වැනි කරඬුව ඉවත්කිරිමෙන්පසු හමුවෙන සිව්වන කරඬුව රත්තරනින් නිමවා තිබෙනවා.එහි මැණික් ආදිය ඔබ්බවා තිබෙනවා.එය ඉවත් කිරිමේ යතුර තිබෙන්නේ මල්වතු පාර්ශවයේ මහානාහිමියන් බාරයේයි.
    මල්වතු මහනාහිමියන් එම කරඬුව විවෘත කිරිමෙන් පසු දක්නට ලැබෙන දක්නට ලැබෙන පස්වෙනි කරඬුව පුජා කර ඇත්තේ ඇහැලෙපොළ මහ අධිකාරම්තුමා විසින්.එය අඩියක් පමණ උසයි.එම පසවෙනි කරඬුවේ යතුර තිබෙන්නේ අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් බාරයේයි.
    මෙහි හතරවෙනි කරඬුව මල්වතු කරඬුව වශයෙනුත් පස්වෙනි කරඬුව අස්ගිරි කරඬුව කියාත් හැදින්වෙන්නේ ඒවායේ යතුරු තිබෙන්නේ ඒ ඒ මහනාහිමිවරුන් බාරයේ නිසාය.අස්ගිරි කරඬුව ඇහැලේපොල මහ අධිකාරම විසින් පුජාකර ඇති නිසා එය ඇහැලේපොල කරඩුව කියාත් හඳුන්වනවා.ඒ කරඬුව පුජාකරලා තියෙන්නේ 1816 අගොස්තු 29වෙනි ඉරිදා බව කරඬුවේ පාදමේ සදහන් කරලා තියෙනවා.

    ඇහැලේපොල විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර අමරකෝන් යනුවෙන් මහ අධිකාරම් තුමාගේ නම එහි සදහන්ව තිබෙනවා.
    එම කරඬුව ඉවත් කිරිමෙන් පස්සේ හයවෙනි කරඬුව මතුවෙනවා.හයවෙනි කරඬුවේ පැත්තක තව කුඩා කරඬුවක් දකින්න තියෙනවා.දන්ත කුමරු හා හේමමාලා කුමරිය සිරිලකට දළදා වහන්සේ වැඩමවාගෙන ආ කරඬුවයි ඒ.
    හත්වෙනි කරඬුව අඟල් හතරකින් පමණ උසකින් යුක්තයි.දළදා වහන්සේ වැඩසිටින මෙම කරඩුව බුරුම රජයෙන් පුජාකල කරඬුවක් බවයි කියන්නේ.එහි තමයි දළදා වහන්සේ වැඩ ඉන්නේ.
    ඇතැම් ව්ට කරඬුවේ යතුර බාරව සිටින මහනායක හාමුදුරුවෝ නමක් අපවත් වුනොත් අදාළ පාර්ශවයේ කාරක සභික හිමිවරුන් මුලින්ම මහනාහිමියන් ගේ පන්සලට ගිහින් එහි සිටින ප්‍රධාන ශිෂ්‍ය හිමිගෙන් දළදා කරඬුවේ යතුර බාරගන්නවා.එසේ.බාරගත් එම යතුර එම පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ අනුනායක හිමියන්ට බාර දෙනවා.අලුතෙන් මහනාහිමි නමක් පත්වෙනතුරු යතුර ජ්‍යෙෂ්ඨ අනුනායක හිමියන් බාරයේ පවතිනවා.ඇතැම්විට ජ්‍යෙෂ්ඨ අනුනායක හිමියන් මහනායක ධුරයට පත්වුනොත් දළදා යතුර උන්වහන්සේ බාරයේම පවතිනවා.වෙනත් හිමිනමක් මහනායක ධුරයට පත්වුවහොත් ජ්‍යෙෂ්ඨ අනුනාහිමියන් විසින් දළදා යතුර අභිනව මහානාහිමියන්ට බාර දෙනවා.
    මේ අනුව බලනවිට දළදා ප්‍රදර්ශනයක් කරන්න මල්වතු අස්ගිරි මහානායක හිමිවරු හා දියවඩන නිලමේ එක්විය යුතුයි.
    දළදා වහන්සේ ප්‍රදර්ශනයට තබන අවස්ථාවලදි තැන්පත් කිරිමට වෙනම රන් කරඬුවක් තිබෙනවා.එය ප්‍රදර්ශන කරඬුව ලෙසත් හදුන්වනවා.රන් නෙළුම් මලක් උඩ කොපුවක දළදා වහන්සේ රඳවා ප්‍රදර්ශනයට තබනවා.
    පෙරහර සදහා හස්තියා මත තැන්පත් කරන්නේ තවත් කරඬුවක්.පෙරහර කරඬුව ලෙස එය හදුන්වනවා.පෙරහර කරඩුව වගේම ප්‍රදර්ශන කරඬුව තැන්පත් කර තිබෙන්නේ දළදා වහන්සේ වැඩසිටින කරඬුව පිහිටි වීදුරු කුටිය තුළමයි.

    අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මරලා!

    0

    ඉන්දියාවට පලාගොස් එහි ජීවත් වූ අංගොඩ ලොක්කා නැමැති පාතාලයේ ප්‍රබලයාට ඔහුගේ අනියම් බිරිද විසින් වස ලබාදී ඝාතනය කර ඇති බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී තිබේ.

    අංගොඩ ලොක්කා ඝාතනය කර ඇති ඇත්තේ මෙයට සති දෙකකට පෙරය.

    ඒ ඔහු කායවර්ධන ව්‍යායාම්වල නිරතව සිටින බැවින් ඒ වෙනුවෙන් ගත් ශක්ති ජනක පානයට වස කවලම් කරමින් බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත.

    පසුගිය දිනවල ඔහු රිය අනතුරකටද ලක්ව සිට ඇත.

    ඔහු එරට සිට වසර තුනක් තිස්සේ සිය ගෝලබාලයින් මගින් මෙරට මත්කුඩු ජාවාරම සහ පාතාලයේ කටයුතු මෙහෙයවමින් සිටියේය.

    ඝාතනය පිළිබඳ තොරතුරුවල සත්‍ය ඇත්ත නැත්ත ඉන්දියාවෙන් නිල වශයෙන් දැන ගැනීමේ කටයුතුවල මෙරට ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ නිරතව සිටී.

    මෙරට බුද්ධි අංශවලට ලැබී ඇති තොරතුරුවලට අනුව අංගොඩ ලොක්කා ඉන්දියාවේ කොලොම්බුතූර් ප්‍රදේශයේ පදිංචිව සිටී.

    අංගොඩ ලොක්කා සිය අනියම් බිරිද ලෙස තබාගෙන සිට ඇත්තේ ඔහුගේ සමීපතම මිතුරෙකුගේ බිරිදකි.

    රත්තරන් නැමැති එම සමීපතයා 2017 වසරේ ජනවාරි මාසයේදී ඝාතනය කර තිබුණි.

    අනතුරුව ඇය අංගොඩ ලොක්කා විසින් සිය අනියම් බිරිද ලෙස තබාගෙන සිට ඇති බවට පොලීසියට තතු ලැබී තිබුණි.

    2017 වසරේ පෙබරවාරි 27 වෙනිදා මාකදුරේ මධුෂ් සමග එක්වෙමින් කළුතර එතනමඩලේදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ලකර සමයං නැමැති පාතාලයේ ප්‍රබලයා ඇතුළු හත් දෙනෙක් ඝාතනය කළ පසු අංගොඩ ලොක්කා සිය විශ්වාසවන්තම ගෝලයා වන අතුරුගිරියේ ලඩියා සමග ඉන්දියාවට බෝට්ටුවක නැගී පලාගොස් තිබේ.

    මාස කිහිපයක් ඉන්දියාවේ රැදී සිටි ඔවුන් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර දෙකකින් ඉන්දියාවේ සිට ඩුබායි පළා යන්නට සූදානම් වී ඇත.

    එහිදී චෙන්නායි ගුවන් තොටුපොලේදී ඉන්දියානු ආරක්ෂක අංශවලට හසුවී තිබේ.

    ඉන් පසු දිගටම ඔවුන් ජීවත් වූයේ ඉන්දියාවේය.

    සිය අනියම් බිරිදවද ඔහු ඉන්දියාවට ගෙන්වාගෙන ජීවත් විය.

    එරට සිට ඔහු මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම මෙන්ම ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම්වලද නිරත වූ බවට දැනගන්නට ඇත.

    ඔහුට කප්පම් නෙගෙවූ ව්‍යාපාරිකයන් තිදෙනෙකුට ගෝලයින් යොදා වෙඩි තබා තිබුණු අතර දෙදෙනෙක් ඝාතනය කර තිබුණි.

    අංගොඩ ලොක්කාගේ අවසන් කටයුතු මේ වන විටත් ඉන්දියාවේ සිදුකර ඇති බවත් ඔහුගේ ඝාතනයට මුල්වී ඇත්තේ බල අරගලයත් බවත් බුද්ධි අංශ වලට ලැබී ඇති තොරතුරුවල සදහන් වේ.

    ඔහුගේ ඝාතනය ගෝලබාලයින්ම සැළසුම් කර බිරිද මගින් කර ඇති බවද පැවසේ.

    කෙසේවෙතත් ඊයේ සවස් වන විටත් අංගොඩ ලොක්කාගේ මව් පියන් සහ සහෝදරිය සාමාන්‍ය ලෙස සිට ඇති බවත් එවැනි මරණයක් ගැන ඒ අය නොදන්නා බවත් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ සොයා බැලීමකදී පෙනී ගොස් තිබේ.

    එසේම ඔහුගේ විවාහක බිරිදගෙන්ද මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ නිලධාරීන් තොරතුරු විමසා ඇත.

    ඇය සදහන් කර ඇත්තේ රිය අනතුරකට ලක්ව ඔහු රෝහල්ගත කර ඇතැයි තමාට දැන ගන්නට ලැබුණු බවත් සති දෙක තුනක සිට ඔහුගෙන් ඇමතුමක් නොලැබුණු බවත් ය.

    ඇය පදිංචිව සිටින්නේ සිය දරුවන් සමග ඇඹිලිපිටිය ප්‍රදේශයේ ය.

    මේ තත්වය මත පොලිස් බලධාරීන් ඊයේ රාත්‍රිය වන විට ඉන්දියාවේ චෙන්නායි හී පිහිටි මෙරට මහාකොමසාරිස් කාර්යාලයෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසා ඇත.

    නිල වශයෙන් තොරතුරක් ලබාදීමට මහකොමසාරිස් කාර්යායේ නිලධාරීන් අපොහොසත් වී ඇති නමුත් ඒ පිළිබඳ තොරතුරු ලබාදීමට අපේක්ෂිතය.

    චීනය පරාදයි…

    දීර්ඝ කාලයක් සිදුකල පර්යේශන වල ප්‍රතිපල‍යක් වශයෙන් චීනය නිපදවූ රොකට්ටුවකට මීට දින 4කට පෙර සිදුවූනේ කුමක්ද ? චීන රොකට්ටුවක් ? හදට නොගොස් මුල් වරට අතර මගදී කඩාගෙන වැටුණේ 2020 ජුනි 13 දාය.ඊට මාසයකට පසුව චීනයේ ශිචුආන් (Sichuan) සිට අභ්‍යාවකාශ ගත කරනු ලැබූ කුයිශෝ 11 (Kuaizhou-11 රොකට්ටුවට සිදුවූ දෙයක් මේවනවිටත් අනාවරණය වී නැත .මෙය වාර්තා වුනේ ජුලි 12දාය. චීනය අභ්‍යාවකාශ යානා නිපදවීම සදහා පර් යේශන ඇරඹුවේ 1958 දීය. වසර 62 ක් තිස්සේ චීනයේ මේ කටයුතු සාර්ථක වී නැත .

    මේ වනවිට ආර්ථික යුද්ධයෙන් පැරදී ඇති චීනය මෙසේ රොකට් හෙවත් සැටලයිට් යුද්ධයෙන්ද පැරදී අවසන්ය . චීනය සමග ? හදට පමනක් නොව සෞරග්‍රහමංඩලයටම ? රොකට් යවන්නට ගිය බොහෝ රටවල් හා පුද්ගලයින්ටද “අනිච්චාවත සංඛාරා” උරුම වී තිබේ . අමෙරිකාව වැනි ලොව දියුණු රටවලින් තාක්ෂණය සොරකම් කර ගැනීමට තිබූ අවස්තාවන් කාබාසිනියා කර ගැනීම චීනයට වැරදුණු තැනය. දින 3 කට පෙර මෙම අභ්‍යාවකාශ යානාවට සිදුවූ දෙය ගැන චීනයේ CNSA ආයතනය මෙතෙක් කිසිවක් ප්‍රකාශයට පත්කර නැත . චීනය උත්සාහ කර ඇත්තේ මෙම යානාව මාර්ගයෙන් ටොන් එක හමාරක් පමන බර සැටලයිට් (චන්ද්‍රිකා ) අභ්‍යාවකාශයට ගෙන ගොස් එහි ස්තාපිත කිරීමයි. අමෙරිකාව අභ්‍යාවකාශ හමුදාව (Space Force) නමින් යුත් විශ්මිත බලසේනාවක් ආරම්භ කිරීම නිසා කලබලයට පත් චීනය ඊට මුහුන දීමට ගන්නා ක්‍රියාමාර්ග කොතරම් දුරට සාර්ථක වේද ?

    මේ අතර අමෙරිකාව තම දෙවෙනි අභ්‍යාවකාශ යානයත් මීට දින කීපයකට පෙර ෆ්ලොරිඩාවේ කේප් කැනවරල්හි සිට ගුවන් ගත කලේය . ඉන් අභ්‍යාවකාශයට සැටලයිට් (චන්ද්‍රිකා )62 ක් යවනු ලැබීය . චීනය යුද්ධයකට සූදානම් වෙද්දී අමෙරිකාව ප්‍රමුඛ ? ලෝකයේ ප්‍රබල රටවල් රාශියක හමුදාවන් දැන් චීනය වටකර අවසන්ය .

    (ඊලඟට බලාපොරොත්තු වන්න චීනය ආර්ථික යුද්ධයෙන් පරදින හැටි )

    සිංහරාජ මායිමේ දිය ඇලි සොයා

    0

    සිංහරාජ වනාන්තරය ට මායිම් ව පිහිටි නෙළුව, ලංකාගම නම් සුන්දර ග්‍රාමය මේ දිනවල ඉතාමත් ප්‍රසිද්ධ ප්‍රදේශයකි.

    ඊට හේතුව එම ගම් පියස තුළ පිහිටා ඇති දිය ඇලි සමූහයයි. එම දිය ඇලි සොයා මා කළ සංචාරයේ සොදුරු අවස්ථා පහතින් ඉදිරිපත් කරන්නම්.

    එහිදී මා විසින් නිරීක්ෂණය කරන ලද දිය ඇලි බ්‍රාහ්මණ ඇල්ල ( උස මී 31 ) , තට්ටු ඇල්ල ( උස මී 15 ), ගල් ඔරුව ඇල්ල ( උස මී 12), ඌරන් වැටුන ඇල්ල ( උස මී 24) , කැකුණ ඇල්ල ( උස මී 10 ), පතන් ඇල්ල ( උස මී 23 )

    බ්‍රාහ්මණ ඇල්ල ( උස මී 31 )
    තට්ටු ඇල්ල ( උස මී 15 )
    ගල් ඔරුව ඇල්ල ( උස මී 12)
    ඌරන් වැටුන ඇල්ල ( උස මී 24)
    කැකුණ ඇල්ල ( උස මී 10 )
    පතන් ඇල්ල ( උස මී 23 )

    විවේකයක් ලැබුනම ගිහින් සුන්දරත්වය විදින්න. බොහොම සංවේදී පරිසරයක් තියෙන ප්‍රදේශයක් නිසා ගෙනියන කුණු ආපහු ගේන්නත් අමතක කරන්න එපා.