තවත්

    ලංකාවට රෙදි ගෙන්වීම නතර කර නැහැ – අමාත්‍ය දයාසිරි ජයසේකර

    0

    ලංකාවට රෙදි ගෙන්වීම නතර කර නැති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (09) දින පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ප්‍රින්ටඩ් බතික් ලෙස  ප්‍රින්ට් කරලා රෝල් පිටින් ගෙන්වන එක සහ අත්යන්ත්‍ර පේශ කර්ම රෙදි ගෙන්වීම පමණක් නතර කර ඇති බව දායාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

    වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න විමසීමේ දී සමගි ජන බලවේගයේ මන්ත්‍රී හේෂා විතාන මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසීය.

    දෙරණ පුවත්පත වැරදි ප්‍රවෘත්තියක් සමාජගත කිරීම හේතුවෙන් තමන්ට මිනිසුන්ගෙන් බැනුම් ඇසීමට සිදුවී ඇති බව කී රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, ප්‍රවෘත්ති පළ කිරීමේ දී නිවැරදි තොරුතුරු පමණක් පළ කරන්නැයි මාධ්‍යව්දීන්ගෙන් ඉල්ලා සිටියේය. 

    අජිත් පාර්ලිමේන්තුවට දිවුරයි

    0

    රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා අජිත් මාන්නප්පෙරුම මහතා කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙයි.

    ඉන්දියාවේ සිටි අංගොඩ ලොක්කාව ලංකාවේ ඉදන් මරාදැමූ “චීටි“ අත්අඩංගුවට

    0

    සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ අංගොඩ ලොක්කාට පාතාලයේ අතපොත් තැබූ බව කියන සරත් කුමාර නොහොත් චීටි නැමැත්තාව පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (08) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

    චිටී නැමැත්තා මුල් කාලයේ අංගොඩ පැත්තේ පිහිටි වෙල්වල කසිප්පු පෙරා බෙදා හැරීමේ ඡාවාරමක නිරතවූවෙකි. එකල අංගොඩ ලොක්කා පාසල් ගමන හමාර කිරීමෙන් පසු චිටී නැමැති මෙම පුද්ගලයාගේ කසිප්පු වාඩියේ වැඩට ගොස් ඒ හරහා දේශපාලනඥයෙක් සමග සම්බන්ධවීමෙන් අනතුරුව පාතාලයට වැටුණු බව සදහන්ය.

    අංගොඩ ලොක්කාගේ පාතාලයේ අපරාධ සියල්ලකම පිටුපස චිටී නැමැත්තා සිට ඇති අතර මුදල් බෙදී යාමේදී ඇතිවුණු ආරවුල්මත ඔහු අංගොඩ ලොක්කාගෙන් කැඩී වෙන්වී ඇතැයිද පැවසේ. අනතුරුව අංගොඩ ලොක්කාගේ කල්ලිය පිළිබදව පොලීසියට ඔත්තු සපයන්නෙක් ලෙසද මොහු කටයුතුකර ඇත.

    අංගොඩ ලොක්කාව ඉන්දියාවේදී ඝාතනය කිරීම සදහා සැළසුමක් සකස්කර අංගොඩ ලොක්කා අතින් ඝාතනය වූ රත්තරන් නැමැත්තාගේ බිරිද ඉන්දියාවට යවා අංගොඩ ලොක්කාගේ අනියම් බිරිදක් බවට පත්කර ඇත්තේද චීටි ය. අංගොඩ ලොක්කාගේ විශ්වාසය ඇය දිනා ගැනීමෙන් පසු ඔහු සිය සිරුර වර්ධනය කර ගැනීමට භාවිතා කරන ශක්ති ජනක පානයක් අධිමාත්‍රාවෙන් ලබාදී ඇති බවත් ඒ තුලින් හටගත් අතුරුආබාධයක් ලෙස හෘද රෝගයෙන් ඔහු මියගොස් ඇති බවත් සදහන්ය. එම සැළසුම චීටි ගේ බව පසුව හෙළිවිය. අංගොඩ ලොක්කා මිය ගිය පසු රෝහලේ බිම දමා තිබුණු ඔහුගේ ඡායාරූපය මෙරට ආරක්ෂක අංශ වෙත ලබාදෙන්නේද චීටි ය.

    පොලිස් විශේෂ කාර්ය බලකාගේ ගෝනහේන කදවුරේ නිලධාරීන් පසුගිය නොවැම්බර් මස වැලිගමදී අල්ලාගත් හෙරොයින් කිලෝ 112 පිටුපසද චීටි සිටින බව පොලීසිය සදහන් කරයි.

    චීටි නැමැති මෙම අපරාධකරු පදිංචිව සිටියේ අංගොඩ දෙල්ගහවත්තේය. ඔහුගේ නිවසේ සැගවීමට භූගත බංකරයක් පවා ඉදිකර තිබී ඇත. විශේෂ කාර්ය පගකාය එම භූගත බංගකර සොයාගෙන තිබේ.

    කොටි පොලිස් ඇඳුමින් අලුත් බලකායක් යෙදවූ යාපනය නගරාධිපති අත්අඩංගුවට

    0

    යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ යාපනය නගර සභාව විසින් පොලිස් බලකායක් පිහිටුවා හිටපු එල්ටීටීඊ සංවිධානයේ පොලීසියට සමාන නිල ඇදුම් ලබා දීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

    යාපනය පොලීසිය විසින් මීට පෙර නගරාධිපතිවරයාගෙන් ප්‍රශ්න  කර තිබුණි.

    ඉන් පසුව පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය ඔහුගෙන් පැය හයක කාලයක් ප්‍රශ්න කොට තිබේ.

    එම ප්‍රශ්න කිරීමවලින් පසුව පොලිස් ත්‍රස්ත මර්දන ඒකකකය විසින් යාපනය නගරාධිපතිවරයා  වවුනියාවේ පිහිටි පොලිස් ත්‍රස්ත මර්දන කාර්යාලය වෙත රැගෙන විත් ඇත.

    එහි නිලධාරීන් එම සිද්ධිය පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.

    නගරාධිපතිවරයා අත් අත්ඩංගුවට පත්වීමට පෙර මාධ්‍ය හමුවක් පවත්වා කියා සිටියේ යාපනය නාගරික පොලිස් බලකායේ රාජකාරිය වන්නේ නගරය තුළ කැලි කසල දමන්නන් අධීක්ෂණය කිරීම,  දඩ මුදල් එකතු කිරීම, වාහන හැසිරවීම,  කොරෝනා නීතිරීති කඩ කරන්නන් සම්බන්ධයෙන් සොයා බැලීම යන රාජකාරි බවයි.

    මෙම නව පොලිස් බලකාය පිහිටුවීම සම්බන්ධයෙන් යාපනය නගරාධිපතිවරයා එහි මහ නගර සභාවේ අනුමැතියක් ලබා ගෙන නොතිබුණි.

    ආබාධිත රණවිරු වැටුප් දීමනා යැපෙන්නන්ටත් දිවි ඇති තෙක්

    0

    ආබාධිත රණවිරුවනට ගෙවනු ලබන වැටුප් සහ දීමනා ඔවුන් මිය ගිය පසු ඔවුන්ගෙන් යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ගෙවීම පිණිස අනුමැතිය ලබා ගැනීමට සකස් කළ කැබිනට් පත්‍රිකාව දැන් ඇමති මණ්ඩලයට යොමු කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවසීය.

    එබැවින්  ඒ සඳහා උද්ඝෝෂණ කිරීමේ අවශ්‍යතාවක් නැති බවත්, උද්ඝෝෂණ පිටුපස ඇත්තේ වෙනත් අරමුණක් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ  කළේය. 

    මිය ගිය රණවිරුවන්ගෙන් යැපෙන්නන්ටත් එකී වැටුප් සහ දීමනා ජීවිතාන්තය දක්වා ලබා ගැනීමට ද මින් අවස්ථාව සැලසේ.

    මින් පෙර කාලවලදී කළ අයුරින් උද්ඝෝෂණකරුවනට වත්මන් රජය කිසිදු හිරිහැරයක් නොකළ බව ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක ලේකම්වරයා ද සඳහන් කළහ.

    ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (08) රැස් විය.

    වත්මන් පාර්ලිමේන්තුව පත්වීමෙන් පසු උපදේශක කාරක සභාවේ ප්‍රථම රැස්වීම මෙයයි. ජනාධිපතිවරයා ඊට සහභාගී වූයේ කාරක සභා සභාපති ධූරය විෂයභාර ඇමතිවරයාට හිමිවන බැවිනි.

    ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය ප්‍රවර්ධනය, රණවිරු වැටුප්, මත්ද්‍රව්‍ය නිවාරණය, ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආයතනවල වාර්ෂික වාර්තා වැනි විෂයය ගණනාවක් එහිදී සාකච්ඡාවට ලක් විය.

    ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු සහ විපක්ෂයේ මන්ත්‍රීවරු රැස්වීමට එක්ව සිටියහ. ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමට මැති ඇමතිවරු මෙතරම් පිරිසක් සහභාගි වූ මෑත කාලයේ ප්‍රථම අවස්ථාව මෙය බව පාර්ලිමේන්තු නිලධාරීහූ සඳහන් කළහ.

    නීතිය හා සාමය තහවුරු කොට ප්‍රවර්ධනය සඳහා යෝජිත ක්‍රියාමාර්ග ගැන සඳහන් කළ ජනාධිපති රාජපක්ෂ මහතා අවශ්‍යතාව අනුව රටේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථාන 196ක් අලුතින් ස්ථාපනයට සැලසුම් කර ඇතැයි කීය. ඒ සමගම පොලීසියේ පිරිස් බලය වැඩි කිරීම පිණිස ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වයෙන්ම 10,000ක් අලුතින් බඳවා ගැනෙති.

    මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ අදහස් හුවමාරුවේදී ඉදිරිපත් වූ යෝජනාවකට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වන නව ජාතික ප්‍රතිපත්තිය දැන් සම්පාදනය කොට අවසන් බව පැවසීය. එය ළගදීම ප්‍රසිද්ධියට පත් කරනු ලැබේ. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයේ දී ආගමික උපදේශනය භාවිත කිරීමේ වැදගත්කම  පෙන්වා දුන්නේය.

    ආගමික අන්තවාදය ඇතුළත් පොත පත තහනම් කිරීම පිළිබඳව මතු වූ අදහසකට පිළිතුරු දුන් ජනාධිපති රාජපක්ෂ මහතා මේ තීරණය නිශ්චිත ආගමක් ඉලක්ක කොට ගත්තක් නොවන බවත්, පොදුවේ සෑම ආකාරයකම ආගමික අන්තවාදය පිටුදැකීම අරමුණ බවත් පැවසීය.

    ආරක්ෂක හමුදාවනට අයත් ප්‍රයෝජනයට නොගත් ඉඩම්වල පොල් හෝ වෙනත් සුදුසු බෝග වගා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රාජපක්ෂ මහතා ඒ සදහා භාවිත කළ හැකි ඉඩම් හඳුනාගන්නැයි ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පති ප්‍රමුඛ ආරක්ෂක අංශ ප්‍රධානීහූ ද සාකච්ඡාවට එක්ව සිටියහ.

    ක්‍රිකට් නව තේරීම් කමිටුව පත්වෙයි

    0

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව අද (08) නම්කර තිබේ.

    එහි සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ය.

    රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වේරගොඩ, එස්. එච්. යූ කර්නින් සහ තිලකා නිල්මිණි ගුණරත්න අනෙකුත් තේරීම් කමිටු සාමාජිකයින්ය.

    කැරොලයින් ජූරි පොලිසියෙන් පිටව යයි

    0

    විවාහක රූ රැජිණ තේරීමේ උත්සවයේ සිදුවූ සිද්දිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ කැරොලයින් ජූරි පොලිස් ඇප ලබා අද (8) කුරුදුවත්ත පොලිස්ථානයෙන් පිටව ගිය අයුරු.

    අජිත් මාන්නප්පෙරුම නම් කළ ගැසට්ටුව එයි

    0

    සිරදඬුවම් ලබා බන්ධනාගාරගතව සිටින බැවින් පුරප්පාඩු වූ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු ආසනයට අජිත් මන්නප්පෙරුම මහතා පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

    ජූරි සහ චූලාට ඇප

    0

    අත්අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි සහ ප්‍රවීන නිරූපන ශිල්පිනී චුලා පද්මේන්ද්‍ර පොලිස් ඇප මත නිදහස්කර තිබේ.

    ඔවුන් දෙදෙනා අද (08) පස්වරුවේ කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුනි.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ, සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධි බියගැන්වීම හා සුළු තුවාල සිදුකිරීම යන චෝදනාවලට අදාළව කැරොලින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර එලෙස අත්අඩංගුවටගත් බවය.

    2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගය නෙළුම් පොකුණ රඟහලේ දී පසුගියදා පැවැත්වුණු අතර එහි ජයග්‍රාහී කිරුළ හිමිවූයේ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගැලවීමේ සිද්ධිය මීට මුල්විය.

    BIA ගුවන් තොටුපොළට Google Indoor Maps

    0

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ගෘහස්ත සිතියම් තාක්ෂණය හඳුන්වාදුන් පළමු ස්ථානය බවට පත්වෙමින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ (BIA) Google Indoor Maps හඳුන්වා දීම අද (8) දින සිදු කර තිබේ.

    ශ්‍රීලංකන් ගුවන් සේවය සහ ගුවන්තොටුපල සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ තොරතුරු තාක්ෂණ කණ්ඩායම් එක්ව මෙම ගූගල් ගෘහස්ථ සිතියම් සක්‍රීය කරන ලදී.

    ඕනෑම ඇපල් හා ඇන්ඩ්‍රොයිඩ් උපාංග , ස්මාර්ට් ජංගම දුරකථන සහ ටැබ්  උපකරණ මගින් ‍මේ සඳහා ප්‍රවේශ විය හැක. 

    මෙම Google Indoor Maps හරහා මගීන් සහ අමුත්තන්ට ඔවුන්ගේ ගමන ආරම්භ කිරීමට හෝ ගුවන් තොටුපළට පැමිණීමට පෙර සිටම ගමන් මාර්ගයන් සොයා ගැනීමට පහසුකම් ලබා දෙයි.   

    ශ්‍රීලංකන් ගුවන් සේවය, BIA හි බලයලත් භූමි හසුරුවන්නා වන අතර ගුවන්තොටුපල ක්‍රියාකරු ලෙස AASL සමාගම මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ මගීන්ට නැවුම් අත්දැකීමක් ලබා දිය හැකිවේ යන දැඩි විශ්වාසයෙන් ය.

     මෙවැනි මුලපිරීම් මඟින් ජනාධිපතිවරයාගේ ඩිජිටල් හා තොරතුරු තාක්ෂණ දැක්ම තවදුරටත් ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙන අතරම සංචාරක අමාත්‍ය, ගුවන් හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ  මඟ පෙන්වීම යටතේ AASL සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ‍ චන්ද්‍රසිරි සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ යන මහත්වරුන් විසින් මෙය ක්‍රියාත්මක කිරීම සඳහා මූලිකත්වය ගන්නා ලදී.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා මෙසේ පැවසීය.

    Google Indoor Maps භාවිත කිරීමෙන් පරිශීලකයින්ට ගුවන්තොටුපල තුළ ගොඩනැගිලි නාමාවලිය සොයා ගැනීම පහසු වෙනවා මෙන්ම ඔවුන්ගේ අත්දැකීම් වැඩිදියුණු කරගැනීමටත් හැකියාව ලැබෙනවා. මෙම නව අංගය  හරහා මගීන්ට ඔවුන්ගේ ගුවන් ගමන් දොරටුව, පර්යන්තය, ගමන් මලු ඉල්ලීම හා ටිකට්පත් කවුන්ටරය වෙත නියමිත වේලාවට යාමට වඩාත් පහසුවෙනවා.

    AASL සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ‍ චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ නව ගෘහස්ථ ගූගල් සිතියම් හරහා මගීන්ට සංකීර්ණ ගෘහස්ථ ස්ථාන සමඟ ගුවන්තොටුපළ පහසුවෙන් ගවේෂණය කිරීමට උදව් වනු ඇති බවයි. එසේම ඔවුන් පළමු වරට ගුවන් තොටුපළට පැමිණීමෙන් පසු එම  පරිශ්‍රය තුළ සැරිසැරීමට පහසුම හා ඉක්මන්ම මාර්ගය සොයා ගැනීමට හැකියාව ලැබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා මෙසේ පැවසීය. “පළපුරුදු සහ නවක සංචාරකයින් ගුවන් තොටුපල තුළ සංචාරය කිරීමේ දී ඔවුන් සතුව මෙම තාක්ෂණය තිබීම ඉතාම වැදගත්. ගූගල් ගෘහස්ථ සිතියම් තුළින් මාර්ග සොයාගැනීමෙන් ඔබ්බට යෑමක් ද සිදුවෙනවා. එනම් ගෘහස්ථ ස්ථානගත කිරීමේ තාක්‍ෂණය ක්‍රියාත්මක කිරීමෙන් හා අන්තර් සම්බන්ධ වීමෙන් ඔබට ගුවන්තොටුපළේ සිටියදී සංචාරකයින් සමඟ සම්බන්ධ විය හැකිය. ” යනුවෙන්  ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    ගූගල් සිතියම් යනු මූලික වශයෙන් සොයා ගැනීමේ මෙවලමකි. ලොව සුපතල ඔන්ලයින් සිතියම්කරණ සේවාවක් වන එය ලොව පුරා මිලියන සංඛ්‍යාත පරිශීලකයින් පිරිසක් භාවිත කරයි. මෙම පහසුකම ගුවන් තොටුපළ තුළ ස්ථාපිත කිරීම මගින් ව්‍යාපාර ක්‍රියාවලීන් ශක්තිමත් කිරීමටත් හැකියාව ලැබෙනු ඇත.

    ලොව පුරා රටවල් 62 ක ස්ථාන 10,000 ක් පමණ දැනට ගූගල් ගෘහස්ථ සිතියම්වලින් ලබා ගත හැකි අතර, මෙය ක්‍රියාත්මක කිරීමත් සමඟ මෙය හඳුන්වා දුන්   63 වන රට බවට ශ්‍රී ලංකාව පත්විය. 

    පරිශීලකයින්ට වඩාත් පහසුවෙන් ඔවුන්ගේ මාර්ගය සොයා ගැනීමට සඳහා  හුරුපුරුදු ස්ථාන හඳුනාගැනීමේ නිරූපකය ‘Blue Dot’ ද මෙහි ඇතුලත් කර තිබේ.

    AASL සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ‍ චන්ද්‍රසිරි මහතා පැමිණ සිටි පිරිස අමතමින්.
    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා උත්සව සභාව අමතමින්.
    ආරාධිත අමුත්තන් පිරිස

    කැරොලයින් සහ චූලා අත්අඩංගුවට

    0

    ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින්‌ ජූරි සහ ප්‍රවීණ නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර අත්‌අඩංගුවට ගත්‌ බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.

    විවාහක රූ රැජිණ අවසන්‌ තරඟයේදී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන්‌ ඉවත්‌ කිරීමේ සිද්ධිය සම්බනධයෙන්‌ ඇය කුරුඳුවත්ත පොලිසියට පසුගිය 6 වැනිදා හෙට පැමිණිල්ලකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

    එම පැමිණිල්ල විභාග කිරීම සඳහා අද (08) දෙපාර්ශවයටම පෙරවරු 10 යි 30ට කුරුඳුවත්ත පොලිසියට පැමිණෙන ලෙස
    දැනුම්‌ දී තිබුණි.

    ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන්‌ මහා තරඟයේ හටගත්‌ උණුසුම්කාරී තත්ත්වය
    හේතුවෙන්‌ සිදුකළ විමර්ශන අනුව මෙම පියවර ගෙන ඇත.

    රුපියලට අදත් පාවෙන වාර්තාවක්

    0

    ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව නව වාර්තාගත අගයක් අද සනිටුහන් කරයි.

    ඒ ඩොලරයක විකුණුම් අනුපාතය ඩොලරයකට රුපියල් 203.50 ක් වීමෙනි.

    ඊට පෙර රුපියලේ විකුණුම් අගය පැවතියේ රුපියල් 202.88 ක් ලෙසයි.

    සිංහලේ අපි සභාපති ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි අත්අඩංගුවට

    0

    කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන්ගත් උද්ඝෝෂණ පෙළපාලියකට ආරක්ෂාව සපයමින් තිබුණු පොලිස් ජිප් රථයකට ගල් ප්‍රහාාරයක් එල්ලවීමක් සම්බන්ධයෙන් සැකපිට සිංහලේ අපි සංවිධානයේ සභාපති ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි සහ තවත් අයෙක් කොටුව පොලීසිය අද (08) අත්අඩංගුවට ගත්තේය.

    පොලීසියේ සුමෝ ජිප් රථයේ වීදුරුවලට එම ගල් ප්‍රහාරයෙන් හානි සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් තවත් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත් කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ මහතා සදහන් කළේය.

    මෙම උද්ඝෝෂණ පෙළපාලියට සම්බන්ධවී සිටියේ යුද්ධයෙන් මිය ගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ය. එම උද්ඝෝෂණ පෙළපාලියට නායකත්වය දී ඇතැයි සදහන් වන්නේ ජඹුරේවෙළ චන්ද්‍රරතන, අක්මීමන දයාරතන හිමිවරුන්ය.

    රණවිරු බිරින්දෑවරුන්ට සිය ජීවිත කාලය පුරාම සැමියාට ලැබුණු වැටුප ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන මෙම උද්ඝෝෂණය සංවිධානය වී තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කරනු ලැබුවේ ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි සහ තවත් අයෙක් අත්අඩංගුවට ගනු ලැබුවේ අයුතු ජනරාශියත සාමාජිකයෙක්වීමේ චෝදනාවට අනුව බවය.

    රන්ජන් නිසා මැතිසබේ විනාඩි 5කට නවතී

    0

    රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු ආසනය සම්බන්ධයෙන් ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු විනාඩි පහකට අත්හිටුවන ලදී.

    හතුරුසිංහගේ ගිවිසුමේ වැරදි හදන්නත් කෝටි 3ක් ගිහින් – COPE

    0

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා බඳවා ගැනීමට අදාළ ගිවිසුම දෝෂ සහිත වීම නිසා ඊට නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වනවිට රුපියල් මිලියන 30 ක් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වෙයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව සහ එහි වර්තමාන කාර්ය සාධනය පිළිබඳව පරීක්ෂා කිරීමට මෙම කාරක සභා රැස්වීම ඊයේ කැඳවා තිබූණි.

    2019 වසරේ මූල්‍ය ප්‍රකාශනවලට පැවැති උපචිත වියදම් රුපියල් 18,857,016 ක් හා ගෙවිය යුතු ශේෂවල ඇතුළත් ක්‍රීඩාංගන ණයහිමියෝ රු.26,664,834ක් හා වෙනත් ගෙවිය යුතු ශේෂ රු.38,152,606ක් සහ වෙනත් ණයගැතියෝ රු 937,645ක් මුලාශ්‍ර ලියවිලි නොමැතිවීම හේතුවෙන් 2020 වසරේදී ගිණුම්වලින් කපාහැර තිබීම සම්බන්ධයෙන් කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දෝෂාරෝපණය කළේය.

    මීට වගකිව යුතු නිලධාරීන් ඇතුළු අදාළ පාර්ශ්ව වෙනුවෙන් කඩිනමින් නෛතික ක්‍රියාමාර්ග ගතයුතු බවටද කාරක සභාව නිර්දේශ කළේය.

    ක්‍රීඩා අමාත්‍යංශය විසින් පත්කරන ලද අතුරු කමිටුවේ කාලසීමාව තුළ අදාළ බලධාරීන්ගේ අනුමැතිය නොලැබුනු රුපියල් මිලියන 26ක් අගය වූ ව්‍යාපෘති 04 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතහැර දමා තිබෙන බවද කාරක සභාවේදී අනාවරණය විය.

    2015 වසරේ සිට 2019 වසර දක්වා වූ කාලපරිච්ජේදයකට අදාළ රු. 10,292,337ක් වූ තරඟ අත්තිකාරම් සහ 2007, 2008, 2016 හා 2017 යන වසරවල ක්‍රිකට් සංගම්වලට දෙන ලද රු.7,764,050ක ඉදිකිරීම් අත්තිකාරම් නිරවුල් කිරීමකින් තොරව දිගින් දිගටම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.

    එමෙන්ම 2014, 2015, 2016 සහ 2017 වසර වලට අදාළ එකතුව රු. 18,785,305ක් වූ ගෙවිය යුතු ණයහිමි ගිණුම් 69 ක් 2020 වසරේදී මූල්‍ය ප්‍රකාශනවලින් කපාහැර තිබීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී අනාවරණය විය.

    මේ පිළිබඳව වහාම සොයාබලන ලෙස ද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම්දුන්නේය.

    දේශීය ක්‍රීඩා පිටි සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන ඉදිකිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා 2010 වසරේ සිට පැවත එන රු. මිලියන 16ක් වූ අත්තිකාරම් ගෙවීම් ගිණුම් ශේෂ 01 ක් 2020 වසරේ වසරේ ගිණුම්වලින් කපාහැර තිබීම සම්බන්ධයෙන් ද කාරක සභාව සිය නොසතුට පළ කළේය.

    ප්‍රසම්පාදන මාර්ගෝපදේශ නිසිපරිදි ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙවැනි ගැටලු රැසක් මතුව ඇති බවත්, පිළිගත් රාමුවක් තුළ ආයතනය ක්‍රියාත්මක විය යුතු බවත් කාරක සභාවේ මතය විය.

    අවුරුදු 30න් අඩු අයට බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනෙකා දීම නවතයි

    0

    බ්‍රිතාන්‍යයේ අවුරුදු 30ට අඩු පිරිසට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත ලබා නොදීමට තීරණය කර තිබේ.

    අවුරුදු 18ත් 29ත් අතර වයස් කාණ්ඩයේ පසුවන තැනැත්තන් සඳහා ඒ වෙනුවට සුදුසු වෙනත් කොවිඩ් එන්නතක් ලබාදීමට එරට සෞඛ්‍ය අංශ අපේක්ෂා කරයි.

    එන්නත ලබාගැනීමෙන් පසුව ඇතිවූ රුධිර කැටිගැසීමේ සිද්ධීන් කිහිපයක් සහ ඒ හේතුව මත පුද්ගලයින් 19දෙනෙකු මියයාමත් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

    එන්නත සහ රුධිර කැටිගැසීමේ සිද්ධි අතර යම් සබඳතාවක් ඇතැයි විශ්වාස කිරීම හේතුවෙන් ඔවුන් එම තීරණය ගෙන තිබේ.

    මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් ඇතැමුන්ගේ රුධිරය අසාමාන්‍ය ලෙස කැටිගැසීම ඉතාමත් දුර්ලභ සිද්ධියක් ලෙස සැලකිය හැකි බව යුරෝපා ඖෂධ පරිපාලනය පවසයි.

    යුරෝපයේ රටවල් කිහිපයක සිද්ධීන් 86ක් අධ්‍යයනය කර ඔවුන් එම නිගමනයට පැමිණ තිබුණි.

    ඉන් ඔබ්බට ගොස් එන්නතින් ලැබෙන ප්‍රතිලාභ වඩාත් ඉහළ බවද එම ආයතනය පවසයි.

    යුරෝපය පුරා දැනටමත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 25ක් ජනතාව වෙත ලබාදී අවසන්ය.

    ඖෂධ නිෂ්පාදන හා සෞඛ්‍ය නියාමන ඒජන්සිය (එම්එච්ආර්ඒ) විසින් කරන ලද සමාලෝචනයෙන් පහත කරුණු සොයාගෙන ඇත.

    රෝගීන් 79 ක් හා මරණ 19 ක් සිදු වූයේ මාත්‍රාව මිලියන 20 ක් ලබා දීමෙන් පසුවය.

    රුධිර කැටියක් වර්ධනය වීමෙන් මිලියනයකින් හතර දෙනෙකුට පමණ අවදානමක් ඇති අතර මිලියනයකට එක් අයෙකු මිය යයි.

    දුර්ලභ කැටි ගැසීම් වලින් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන් තුළ දක්නට ලැබුණි.

    මියගිය අය වයස අවුරුදු 18 ත් 79 ත් අතර අය වන අතර ඔවුන්ගෙන් තිදෙනෙක් වයස අවුරුදු 30 ට අඩු අය වෙති.

    වාර්තා වූ සියලුම සිද්ධීන් පළමු මාත්‍රාවෙන් පසුව සිදු වූ නමුත් දෙවන මාත්‍රාවල අඩු සංඛ්‍යාවක් තිබුණද එම අගයන් පිළිබඳ තවමත් මෙයින් නිගමනවලට එළඹිය නොහැක.

    ඩුබායි පාතාලයේ මත්කුඩු ජාවාරමාගේ මිලියන 490 බැංකු ගිණුමක් සොයාගනී

    0

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියාට වෙඩි තබා ඝාතනය කර ඩුබායි පැන සිටින පාතාලයේ ප්‍රබල මත්කුඩු ඡාවාරම්කරුවෙක් වන ධර්මසිරි පෙරේරා නොහොත් ඇල්ටො ධර්මේමේ නැත්තාගේ රුපියල් මිලියන 490 ක කළු සල්ලි තැන්පත්කර තිබුණු බැංකු ගිණුමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ.

    එම ගිණුමේ හිමිකරුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව කළ පරීක්ෂණ වලින් එම ගිණුමෙන් රුපියල් මිලියන 136 ක මුදලක් හුවමාරුවූ තවත් ගිණුමක තොරතුරු හෙළිවී ඇත. ඒ අනුව එම ගිණුම් හිමියාව ඊයේ (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතින් එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ධර්මාරාම පාරේ පදිංචිකරුවෙක් වන 27 වියැති තරුණයෙකි.

    ඇල්ටෝ ධර්මේ නැමැත්තාට එරෛහිව ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදනයක්ද නිකුත්කර ඇත. මෙයට මාස තුනකට පෙර ඔහුව අබුඩාබිහීදී එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තද පසුව නිදහස්කර යවා තිබුනේ රතු වරෙන්තුවට අනුව මෙරටට භාරදීමක් නොකරමිනි.

    රන්ජන් වෙනුවට අජිත් නම් කෙරෙන ගැසට්ටුව අද

    0

    පුරප්පාඩු වූ පාර්ලිමේන්තු ආසනය සඳහා නම් කරන ලද අජිත් මන්නපෙරුම මහතාගේ නම නිල වශයෙන් ප්‍රකාශිත ගැසට් පත්‍රය අද ප්‍රකාශයට පත් කෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි.

    සිරදඬුවම් ලබා සිටින රංජන් රාමනායක මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා අජිත් මාන්නප්පෙරුම මහතා මෙලෙස නම් කෙරේ.

    මුද්‍රිත බතික් – පේෂකර්ම රෙදි ආනයන‍ය තහනම්

    0

    පේෂකර්ම රෙදි ආනයනය තහනම් කිරීමට පියවර ගෙන ඇති බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

    ඊට අදාළ ගැසට් පත්‍රයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ද මේ වන විට හිමි වී ඇත.

    මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,

    “කොළඹ නගරයේ සහ හැම නගරයකම දැන් විශේෂයෙන්ම බතික් ඒ වගේම පේෂකර්ම විශාල සංඛ්‍යාවක් ප්‍රදර්ශනාගාර ඇති වෙමින් තියෙනවා. ඒක ලොකු ශක්තියක්. අපි පාර්ලිමේන්තුවේ සම්මත කරා ලංකාවට බතික් පින්ට් කරපු ඒවා ගෙන්වන එක නතර කරා. ඒ වගේම ඒ වගේම පිටරට ඉදලා ගෙනාව සියලුම පේෂකර්ම රෙදි ගෙන්වන එක තහනම් කරා. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අපේ ඉල්ලීම අනුව ඒක අනුමත කරා. ඒ අනුව දැන් ලංකාවට බතික් රෝල් පිටින් ගේන එක සම්පූර්ණයෙන් නතර වෙනවා. ඒ අනුව ඇත්ත වශයෙන් දැන් අපිට ලොකු අවස්ථාවක් උදාවෙලා තියෙනවා නැවතත් ලංකාව තුළ නිෂ්පාදනය කරන අත්‍යන්ත පේෂකර්ම හා බතික් නිෂ්පාදන විශාල තැනකට ගේන්න.“

    කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එම අදහස් පළ කළේය.

    ජීවන තත්ත්වය ඉහළට නොගෙන ගම දියුණු කරන්න බෑ – ජනපති

    0

    ඉහළ ජීවන තත්ත්වයක් උදාකර නොදී ගම දියුණු කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    මහනුවර ශ්‍රී දළඳා මාළිගාව වෙත අද (07) පෙරවරුවේ පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කළේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දළඳා සමිදුන් වැඳ ආශීර්වාද ලබාගත්තේය.

    අස්ගිරි හා මල්වතු පාර්ශ්වයේ මහනාහිමිවරුන් සහ අනුනාහිමිවරුන් ද බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේලාගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය. 

    දළඳා මාළිගා පරිශ්‍රයේ පිහිටි නිල ආරාමයේදී ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියන් බැහැදුටුවේය.

    අතීතයේ පැවති සශ්‍රීක ගම යළි ගොඩනැඟීමට ගමින් ගමට චාරිකා කරමින් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙල එහිදී ඇගයීමට ලක්ව තිබුණි.

    අනතුරුව ජනාධිපතිවරයා දළඳා මාළිගාවට පැමිණ සිටි ජනතාව සමග ද සුහද පිළිසඳරක නිරත විය.

    අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සුමංගල නාහිමියන් ද බැහැ දුටුවේය.

    එමෙන්ම එම පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් ද බැහැදුටු ජනාධිපතිවරයා, අනුනාහිමියන් වැඩවෙසෙන සංඝාවාසයේ නාවික හමුදාව විසින් සිදුකෙරන ප්‍රතිසංස්කරණ කටයුතු ද නිරීක්ෂණය කළේය.

    මල්වතු මහා විහාරයේදී එම පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන්ව ද බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේ සමග පිළිසඳරක නිරතවිය.

    ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් ද බැහැ දුටු අතර, කුමන බාධා මතුවුව ද ඉදිරි මග සාර්ථක කරගැනීමට උන්වහන්සේ ආශීර්වාද එක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    අනතුරුව අස්ගිරි ගෙඩිගේ රජ මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා විහාරාධිපති පූජ්‍ය වේඬරුවේ උපාලි අනුනාහිමියන්ව ද බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.

    අනතුරුව ගැටඹේ රාජෝපවනාරාමයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන්ද ආශීර්වාද සිදුකර තිබේ.

    අලුත් අරුතකින් හැඩ වූ පාවෙන වෙළෙඳ සංකීර්ණය යළි විවෘතයි

    0

    කොළඹ නගර සංවර්ධන සහ අලංකරණය කිරීමේ වැඩ සටහන යටතේ 2014 වසරේ දි කොළඹ කොටුවේ පාවෙන වෙළද සංකීර්ණය ඉදිවන්නේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතුකරමින් සිටියදී ඔහුගේ සංකල්පයකට අනුවය. මත්කුඩු ලෝලීන්ගේ රජදහනක්ව පැවැති විෂමාචාර වලින් පිරුණු ඒ භූමිය කොළඹට අලංකරණයක් ගෙන දෙන ස්ථානයක් බවට පත්වන්නේ යුරෝපීය රටක පරිසර අත්දැකීමක් අපේ රටේ ජනතාවට ලබාදෙමිනි.

    එහෙත් යහපාලන ආණ්ඩුව පැවැති කාලය තුළ පාවෙන වෙළද සංකීර්ණයට ලැබෙන්නේ කුඩ අම්මාගේ සැලකිලිය. ඒ නිසාම කොළඹ නගරයට අලංකාරයක් ගෙනදුන් පාවෙන වෙළද සංකීර්ණය දිනෙන් දින ජරාජීරණය වෙමිනි විනාශ මුඛයට ගියේය. එහි ස්ථාපිත කර තිබුණු වෙළද සැල් 103 න් 80 ක්ම වැසී ගියේය. නිසි නඩත්තුවක් නොමැතිවූ බැවින් වෙළද සංකීර්ණයට ඇතුළු වීමට ඇති ලෑලිි පාලම මෙන්ම ලෑලි වලින් අලංකරණය කර තිබුණු වෙළද කුටි විනාශ වන්නට ගත්තේය. බෝට්ටුමත තිබුණු වෙළද සැල්ද ඉවත්කර තිබුුණෛ බෝට්ටු නිසි නඩතුවක් නොමැතිවූ බැවින් දියේ ගිලීමේ අවධානමකට ලක්වූ බැවිණි.

    දිනෙන් දින මේ සුන්දර ස්ථානය පරිහාණියට පත්වන විට වෙළද සංකීීර්ණය පිහිටි ජලාශය පවා අපිරිසිදු වෙමින් එය දැඩි දුර්ගන්දයක් හමන තැනක් බවට පත්වන්නට ගත්තේය. මත්කුඩු ජාවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන් නැවතත් මේ භූමියට අරක්ගත්තේ සමාජ විරෝධී ක්‍රියාවවන්ගේ තෝතැන්නක් බවට මේ තැන නැවත පත්වෙමිණි. මෑතකදී ඩුබායිහීදී මරුමුවට පත්වූ කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ පවුලේ ඥාතියෙක් විසින් මෙම වෙළද සංකීර්ණය මත්කුඩු පාරාදීසයක් බවට පත්කරගෙන සිටි බව ප්‍රසිද්ධ රහසකි.

    එදා ගෝඨාභය රාජපක්ෂ මහතාාගේ උපදෙසින් නාගරික සංවර්ධන අධිකාරිය මේ තැන සුන්දර ස්ථානයක් බවට පත්කරන්නේ රුපියල් මිලියන 312 ක වියදමක් දරමිණි. එම මුදලින් සියයට 50 ක් වසර පහක් වැනි කෙටි කාලයක් තුළ නැවත ඒ ස්ථානයෙන්ම ලැබෙන ආදායමින් ලබා ගැනීමේ වැඩ පිළිවෙලක්ද විය. එහෛත් ඒ කිසිවක් යහපාලන ආණ්ඩුව පැවැති වකවානුවේදී සිදුවූ බවක් පෙනෙන්නට නොවීය. මේ තැන පාරිසරික ගැටළුප පවා නිර්මාණය වන තෝතැන්නක් බවට පත්විය.

    එහෙත් නව රජය බලයට පත්වීමත් සමග නැවතත් ගෝඨාභය රාජපක්ෂ මහතා එදා නතරකළ තැනින් නැවතත් නගර සංවර්ධන සහ අපංකරණය කිරීමේ කටයුත්ත යුහුසුළුව ආරම්භ කළේය. ඒ අනුව විනාශවෙමින් පැවැති කොළඹ කොටුවේ පාවෙන වෙළද සංකීර්ණයට අලුත් පෙනුමක් සමග නව පණක් දුන්නේය. ඒ එදා තිබුණාට වඩා හැඩ වැඩ කරමිණි. එසේ නව පණක් ලද පාවෙන වෙළද සංකීර්ණය අද (07) රාත්‍රියේ නැවතත් මහජනතාව වෙනුවෙන් විවෘත කෙරෙන්නේ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදීය. නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරවීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා , කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක
    ඇතුළු ප්‍රභූන් රැසක් ඊට සහභාගි වී සිටිනු දක්කට ලැබුණි. එම උත්සවයේදී නාලක ගොඩහේවා අමාත්‍යවරයා සදහන් කරන්නේ මේ මහා නගර සැළැස්මක එක් පියවරක් පමණක් බවයි. මෙම සැළසුම වරාය නගරය දක්වාම දිවයන බව ඔහු සදහන් කළේය. ඒ ගැන තේරුම් නොගෙන මෙම පාවෙන වෙළද සංකීර්ණය පසුගිය කාලයේ අතහැර දමා තිබුණු බවද ඔහු සදහන් කළේය.

    කොටුව දුම්රියපළ බැස්ටියන් මාවත සහ මරදාන යාකෙරෙන පදික මාවතක් සහිත උද්‍යාන කලාපයක්ද මේ හා සමගාමීව ඉදිකෙරනු ඇත. ඉදිරි වසර දෙක තුළ එම ව්‍යාපෘතියද අවසන් කරන බව අමාත්‍යවරයා පැවැසුවේය. එම ව්‍යාපෘතියට සමගගාමීව පාවෙන වෙළද සංකීර්ණය පිහිටි ජලාශයේ ජලය පිරිසිදු කිරීමට ජල පිරිසිදු කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම ඩී.ආර්.විජේවර්ධන මාවතේ සිට බැස්ටියන් මාවත යාකරමින් ගුවන් මාර්ගයක් ඉදිකිරීම, මෙන්ම පාවෙන වෙළද සංකිර්ණයේ සිට කොටුව හරහා නවම් මාවත දක්වා මගී ප්‍රවාහන බෝට්ටු සේවයක් ආරම්භ කිරීම ආදී ව්‍යාපෘති රාශියක් මේ හා බද්ධව පවතින බව අමාත්‍ය නාලක ගොඩහේවා මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරට බිත්තර ප්‍රහාරයක්

    0

    පාදුක්ක සංවර්ධන කමිටු රැස්වීමේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සහ සීතාවක ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් අතර බහින් බස්වීමක් හේතුවෙන් ඔහු නැගිට යාමේදී රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

    පාදුක්ක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේ දී රැස්වීම පැවැත්වුණේ ජගත් කුමාර සහ උප සභාපති නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙනි.

    එහිදී පාදුක්ක සංවර්ධන කමිටු රැස්වීම ආසන සංවිධායකවරයා, මහජන නියෝජිතයින් හෝ රාජ්‍ය නිලධාරීන් නොමැතිව සභාපතිවරයා විසින් ඒකාධිපති ගමනක් යන බව පවසමින් සීතාවක ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් විසින් චෝදනා එල්ල කර තිබේ.

    එහිදී මන්ත්‍රී ජගත් කුමාර ‘මට  ඕනෑ හැටියට තමා කරන්නේ’යනුවෙන් පැවසීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

    පසුව කමිටුවේ වැඩකටයුතු අතරමඟ නවතා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ සභාපතිවරයා ඉන් පිටව ගොස් තිබේ.

    එහිදී සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හූ කියමින් සභාපතිවරයාට විරෝධය දක්වා ඇත.

    අන්තවාදය පැතිරවූ ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම්

    0

    අන්තවාදී ත්‍රස්තවාදයට සම්බන්ධ බවට තහවුරු වූ ඉස්ලාමීය සංවිධාන එකොළහක් තහනම් කිරීමට නීතිපතිවරයා අනුමැතිය දී තිබේ.

    එම සංවිධාන පහත දැක්වේ.

    1. එක්සත් තවුහිත් ජමාත්
    2. සිලෝන් තව්හිද් ජමාත්
    3. ශ්‍රී ලංකා තවුහිද් ජමාත්
    4. සමස්ත ලංකා තව්හිද් ජමාත්
    5. ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා
    6. දාරුල් අදර් @ ජමිඋල් අදර්
    7. ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය/ජමියා
    8. ISIS සංවිධානය
    9. අල්කයිඩා සංවිධානය
    10. Save the pearls සංවිධානය
    11. Super muslim සංවිධානය

    කායවර්ධනයේ ගැහිලි එළියට

    0

    ශ්‍රී ලංකා කායවර්ධන සංගමයේ සිදුවී ඇතැයි කියනු ලබන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති ක්‍රීඩා වැරදි විිමර්ශන ඒකකය ශ්‍රී ලංකාවේ කායවර්ධන ශූරයෙක් වන ලූෂන් පුෂ්පරාජ් මහතාගෙන් ඊයේ (06) ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

    ලූෂන් පුෂ්පරාජ් මහතා සහභාගිවූ විදෙස් කායවර්ධන තරගාවලියකට අනුග්‍රාහක දායකත්වයක් ලෙස ගුවන් ටිකට්පතක් ලබාදී ඇති බව කායවර්ධන සංගමයේ ගිණුම් ගතව ඇති තොරතුරුවල සදහන්ව තිබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමකට ලූෂන් පුුෂ්පරාජ් මහතාව කැදවූ බව එම විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා සදහන් කළේය.

    රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් එම ගුවන් ටිකට්පතට වැයකර ඇතැයි ගිණුම්වල සදහන් වූවත් ලූෂන් පුෂ්පරාජ් මහතා එවැනි මුුදලක් හෝ ගුවන් ටිකට්පතක් තමාට සංගමයෙන් ලැබී නැතැයි ප්‍රකාශයක් ලබාදෙමින් සදහන් කළ බවද ජගත් ෆොන්සේකා මහතා සදහන් කළේය.

    ඒ අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශන තවදුරටක් සිදුුකෙරන බවද ජගත් ෆොන්සේකාා මහතතා වැඩිදුරටත් සදහන් කළේය.

    හිමිනමකගෙන් ලක්ෂ 25 ක් කප්පම් ඉල්ලූ දෙදෙනෙ ක් අත්අඩංගුවට

    0

    මොරටුව රාවතාවත්තේ පිහිටි විහාරස්ථානයක වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේ නමක් බිය ගන්වා රුපියල් ලක්ෂ 25 ක මුදලක් ලබා ගැනීමට උත්සහගත් දෙදෙනෙක් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ (06) අත්අඩංගුවට ගන්නා ලදි.

    ඒ එක් සැකකරුවෙක් විහාරස්ථානයේ ආවතේවකරුවෙක් බව පොලීසිය කියයි. සෙසු පුද්ගලයා එම ආවතේවකරුගේ මිතුරෙකි.

    භික්ෂුවට ඔවුන් දුරකතන ඔස්සේ තර්ජනය කර ඇත්තේ එම භික්ෂුවට අපහාස වන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරන බව කියමිනි. ඒ් අනුව එක් අනුව ආවතේවකරුගේ මිතුරා ඊයේ සවස කප්පම් ලෙස ඉල්ලා සිටි මුදලින් රුපියල් ලක්ෂ 05 ක් ලබාගැනීමට විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රසිද්ධ කරන බව කී ඡායාරූපය ලබාගෙන ඇත්තේ විහාරස්ථානයේ ආවතේවකරු විසින් බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    සැකකරුවන් දෙදෙනා අද (07) මොරටුව අධිකරණයට ඉදිරිපත්කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

    රන්ජන්ගේ මන්ත්‍රී අසුන හිස් – කථානායක දැනුම් දෙයි

    0

    සිරදඬුවම් ලබා සිටින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු ආසනය පුරප්පාඩු වී ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙයි.

    පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිශන් සභාවේ සභාපතිවරයාට මේ බව දන්වා ඇත.

    මැතිවරණ පනතට අනුව මෙම ක්‍රියාමාර්ගට එළැඹ තිබේ.

    බසයේදී අපස්මාර හැදුණු රෝගියා අලි යනෙන තැනෙක මහමඟ දමා ගිහින්

    0

    බසයක ගමන් කරමින් සිටියදී අපස්මාරය රෝගය වැළඳුණු වයස්ගත පුද්ගලයකු හබරණ ප්‍රදේශයේ දී මහමඟ දමා ගිය පුවතක් වාර්තා වේ.

    බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරයා විසින් මෙම පුද්ගලයා දමාගොස් ඇත්තේ නිරන්තරයෙන් අලින් මාරුවන ප්‍රදේශයක දී ය.

    පොළොන්නරුව සිට එම මාර්ගයේ විරුද්ධ දෙසට මෝටර් රථයකින් ගමන් කරමින් සිටි තරුණයකු මොහු මහමඟ ඉතා අනතුරුදායක ලෙස වැටී සිටිනු දැක සිය වාහනය යළි හරවා ගොස් පරීක්ෂා කර බලා තිබේ.

    එහිදි රෝගී වී වැටී සිටි පුද්ගලයා ආසන්නතම නගරයට ගෙනගොස් යථාතත්වයට පත්වූ පසු ආහාරපාන දී බසයක නංවා යවා තිබේ.

    හදිසි රෝගී තත්ත්වයකින් අසරණ වූ අවස්ථාවක, අලි හුවමාරු වන ප්‍රදේශයක යම් වේලාවක් ගත වන තුරුත් සිහි එළඹගත නොහැකි රෝගියකු මෙලෙස මාරක දෙකක් අතර අන්තරාදායක ලෙස මහමඟ දමාගිය අමානුෂික මිනිස්සුන් අතර, තමා යන ගමන නවතා ඔහුට ඇප උපස්ථාන කොට ප්‍රවේසම් සහගතව යාමට අවස්ථාව සැලසූ සත්කාරය කර තිබුණේ සුරේෂ් ඒකනායක මහතා ය.

    නොමිනිසුන් අතර මිනිසකු වූ ඔහුට අපගේ උපහාරය!

    සුරේෂ් ඒකනායක මහතා

    ජංගම දුරකතනයෙන් ආ අකුණු මාරයා

    0

    මාළිම්බඩ අකුල ප්‍රදේශයේ වෙල්යායක ජංගම දුරකතනයකින් ඇමතුමක් ලබාගනිමින් සිටි තරුණයෙක් අකුණු සැර වැදීමකින් ඊයේ (05) සවස මියගොස් ඇත.

    තිස් හතර හැවරදි වියේ පසුවන එම තරුණයා සුල්තානාගොඩ පදිංචිකරුවෙකි. ජංගම දුරකතනය කනෙහි තබාගෙන සිටියදී අකුණු සැර ඊට වැදී දුරකතනයද පිළිස්සී කැබලිවලට කැඩී ගොස් ඇතැයි පොලීසිය සදහන් කරයි.

    වෙල්යායේ සිටි ගවයන් දක්කාගෙන ඒමට ගිය අවස්ථාවේදී මෙම අඅනතුරට ඔහු ලක්ව තිබේ.

    අකුණු සැර වැදීම්වලින් වසරකට මෙරට ජීවිත 100 කට වැඩි ප්‍රමාණයක් අහිමිවන බව පොලිස් සංඛ්‍යා දත්ත හෙළිකරයි. ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේ අකුණු සහිත කාලගුණ තත්වයන් පවතින අවස්ථාවන් වලදී ජංගම දුරකතන භාවිතයේදී වඩාත් ප්‍රවේශන් සහගත වන ලෙසය.