fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජීවන තත්ත්වය ඉහළට නොගෙන ගම දියුණු කරන්න බෑ - ජනපති

    ජීවන තත්ත්වය ඉහළට නොගෙන ගම දියුණු කරන්න බෑ – ජනපති

    ඉහළ ජීවන තත්ත්වයක් උදාකර නොදී ගම දියුණු කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    මහනුවර ශ්‍රී දළඳා මාළිගාව වෙත අද (07) පෙරවරුවේ පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කළේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දළඳා සමිදුන් වැඳ ආශීර්වාද ලබාගත්තේය.

    අස්ගිරි හා මල්වතු පාර්ශ්වයේ මහනාහිමිවරුන් සහ අනුනාහිමිවරුන් ද බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේලාගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය. 

    දළඳා මාළිගා පරිශ්‍රයේ පිහිටි නිල ආරාමයේදී ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියන් බැහැදුටුවේය.

    අතීතයේ පැවති සශ්‍රීක ගම යළි ගොඩනැඟීමට ගමින් ගමට චාරිකා කරමින් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙල එහිදී ඇගයීමට ලක්ව තිබුණි.

    අනතුරුව ජනාධිපතිවරයා දළඳා මාළිගාවට පැමිණ සිටි ජනතාව සමග ද සුහද පිළිසඳරක නිරත විය.

    අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සුමංගල නාහිමියන් ද බැහැ දුටුවේය.

    එමෙන්ම එම පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් ද බැහැදුටු ජනාධිපතිවරයා, අනුනාහිමියන් වැඩවෙසෙන සංඝාවාසයේ නාවික හමුදාව විසින් සිදුකෙරන ප්‍රතිසංස්කරණ කටයුතු ද නිරීක්ෂණය කළේය.

    මල්වතු මහා විහාරයේදී එම පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන්ව ද බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේ සමග පිළිසඳරක නිරතවිය.

    ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් ද බැහැ දුටු අතර, කුමන බාධා මතුවුව ද ඉදිරි මග සාර්ථක කරගැනීමට උන්වහන්සේ ආශීර්වාද එක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    අනතුරුව අස්ගිරි ගෙඩිගේ රජ මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා විහාරාධිපති පූජ්‍ය වේඬරුවේ උපාලි අනුනාහිමියන්ව ද බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.

    අනතුරුව ගැටඹේ රාජෝපවනාරාමයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන්ද ආශීර්වාද සිදුකර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.