fbpx
තවත්

    මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ සරසවියේ කුලපතිධුරයට

    0

    නාරාහෙන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පත්කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කළ පත්කිරීමට අදාල ලිපිය මේ වන විට උන්වහන්සේ වෙත ලැබී ඇත.

    කල්දැමූ විභාග දින තීන්දුයි – කාලසටහන මෙන්න

    0

    කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් කල්දමන ලද 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගත් පැවැත්වෙන දින තීරණය වී තිබේ.

    ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ සංශෝධන විභාග කාල සටහනට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව හිමිව ඇත.

    ඒ අනුව 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 ජනවාරි 22 වෙනි සෙනසුරාදාත්, අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි මස 07 වන සඳුදා සිට මාර්තතු 05 වෙනි සෙනසුරාදා දක්වාත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 මැයි 23 වන සඳුදා සිට ජූනි 01 වෙනිදා දක්වාත් පැවැත්වීමට නියමිතය.

    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල් වසා තැබීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යන කටයුතු සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබාදෙමින් මෙම විභාග කාල සටහන ඉදිරිපත්කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත්කරමින් සදහන් කර තිබේ.

    “රසායනික පොහොරට කොටසක් විරුද්ධ වුවත් රටේ අනාගතය නිරෝගීයි”- ජනපති COP:26 හිදී

    0

    “නව ගල් අඟුරු බලය නැති කිරීම සඳහා වූ ගෝලීය බලශක්ති සම්මුතියේ” සම-ප්‍රමුඛයෙකු වීම පිළිබඳ ශ්‍රී ලංකාව ආඩම්බර වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහිදී ඊයේ (01) ආරම්භ කෙරුණු COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    “දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයෝ, රාජ්‍ය නියෝජිතයෝ, විද්වත්හු, ව්‍යාපාරිකයෝ ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන විසිපන්දහසක පමණ පිරිසක් එක් ව සිටිති. එක්සත් රාජධානියේ මෙතෙක් පැවති විශාලතම සමුළුව මෙය බව ද වාර්තා වේ.

    ලොව විශාලතම හරිතාගාර වායු විමෝචනය කරන්නන් විසින් ඔවුන්ගේ කාර්යභාරය ඉටු කිරීම මෙන් ම සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට දේශගුණික අභියෝග ජය ගැනීමට සහාය වීම අත්‍යවශ්‍ය බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා මෙම අර්බුදයෙන් මිදීමට සහ පෘථිවියේ පැවැත්මට මනා සහයෝගීතාවයෙන් එක් ව වැඩ කරන්නැයි සියලු ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය.

    මහජන සෞඛ්‍ය ගැටලු, ජල දූෂණය, පරිසර විනාශය සහ ජෛව විවිධත්වයට වන බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව මෑතකදී රසායනික පොහොර, පලිබෝධනාශක සහ වල්නාශක ආනයනය සීමා කළේය. මුල් බැස ගත් කණ්ඩායම් මේ සඳහා විරුද්ධ වුව ද, මෙය අනාගතයේදී සෞඛ්‍ය සම්පන්න සහ වඩා තිරසර හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ගත් පියවරක් බව සඳහන් කළ ජනාධිපතිවරයා ඉන් නවෝත්පාදන සහ ආයෝජන අවස්ථා නිර්මාණය කරනු ඇති බව ද පෙන්වා දුන්නේය.

    දේශගුණික විපර්යාස සියලු ජාතීන්ට බලපාන නමුත් සංවර්ධනය වෙමින් පවතින දූපත් රාජ්‍යයන්ට අසමාන ලෙස බලපායි. දේශගුණික විපර්යාස අවම කිරීම සහ අනුවර්තනය වීම් සඳහා නිර්භීත පියවර ගන්නා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට පුළුල් සහයෝගයක් ලැබිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාවට දේශගුණික විපර්යාසවල බලපෑම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබේ. බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව හැඩගැසුණු අපගේ උසස් දාර්ශනික උරුමය පාරිසරික අඛණ්ඩතාවයට විශාල වටිනාකමක් ලබා දෙයි. එබැවින් තිරසරභාවය අපගේ ජාතික ප්‍රතිපත්තියේ හදවත බඳු යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය වසර 2050 වන විට කාබන් ශූන්‍යත්වයක් ළගා කර ගැනීම සඳහා විමෝචනය අවම කිරීමයි. 2030 වන විට අපගේ කාබන් වෙන් කිරීමේ ධාරිතාවය 7%කින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට අපේක්ෂා කරන අතර පොසිල ඉන්ධන භාවිතය ක්‍රමානුකූලව තුරන් කිරීමට පියවර ගනිමින් සිටින බව ද ජනාධිපතිවරයා පැවසීය.

    වසර 2030 වන විට නිකුත් කරන නයිට්‍රජන් අපද්‍රව්‍ය ප්‍රමාණය අඩකින් අඩු කිරීමට උත්සාහ කරන තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශනයට ශ්‍රී ලංකාව 2019දී නායකත්වය දී තිබේ. මෙම වැඩසටහනට තවත් රටවල් එක් වනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා කීය.

    පොදුරාජ්‍ය මණ්ඩලීය නිල ප්‍රඥප්තිය යටතේ කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපාය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමට ශ්‍රී ලංකාව නායකත්වය දෙයි. ශ්‍රී ලංකාව සිය අභිලාෂකාමී තිරසර ප්‍රයත්නයන් සඳහා ආයෝජන, තාක්ෂණික හුවමාරුව සහ දේශගුණික අභියෝග ජය ගැනීම සඳහා මූල්‍ය සම්පත් මෙන්ම කොවිඩ් 19 වසංගතයෙන් ප්‍රකෘතිමත් වීම සදහා ලබාදෙන පුළුල් සංවර්ධන ආධාර සාදරයෙන් පිළිගන්නා බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

    ඇමරිකානු ජනාධිපති, ප්‍රංශ ජනාධිපති, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය, ඉතාලි අග්‍රාමාත්‍ය, චාල්ස් කුමරු සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ද ප්‍රධාන සමුළුවේ දේශන සිදු කළහ.

    සමුළුව ඇමතූ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සඳහන් කළේ දේශගුණික විපර්යාසයන් දැනටමත් ලෝකය, මිනිස් ජීවිත හා ජීවනෝපාය විනාශ කරමින් තිබෙන බවයි. දේශගුණික විපර්යාස පිළිබඳ රට තුළ ඇති ගැටලු විසඳීමට ක්‍රියාමාර්ග ගැනීම හැරුණු කොට, ලෝකයේ සෙසු රටවලට ද සහාය වීමේ වගකීම එක්සත් ජනපදය ඉටු කරන බවත්, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ ආරක්ෂිත ලෝකයක් බෙදා හදා ගැනීම සහතික කරනු වස් තවත් බොහෝ දේ ඉටුකිරීමට තම රට අපේක්ෂා කරන බව ජෝ බයිඩන් මහතා සඳහන් කළේය.

    දේශගුණික විපර්යාසයන්ට මුහුණදීමට අපොහාසත් වීම පිළිබඳ නිදහසට කරුණු කිසිවක් නොමැති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සමුළුවේ සමාරම්භක දේශනය සිදු කරමින් ප්‍රකාශ කළේය. පසුගිය කාලය තුළ යම් ප්‍රගතියක් ලබා ඇතත් පරිසරය වෙනුවෙන් තවත් කළ යුතු විශාල කාර්යභාරය පවතින බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා අද නිසි ලෙස වගකීම් ඉටු නො කළ හොත් එහි අයහපත් ප්‍රතිවිපාකයන්ට මුහුණදීමට සිදු වන්නේ අනාගත පරපුරට බව ද පෙන්වා දුන්නේය.

    පෘථිවිය අපගේ දෑස් ඉදිරිපිට වෙනස් වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා සමුළුව අමතමින් සඳහන් කළේය. මේ පිළිබඳ ඥානාන්විතව නිසි වගකීම් ඉටු කළ යුතු බව පෙන්වා දුන් මහලේකම්වරයා එකී අභිලාෂයන් සාමුහිකව දැරිය යුතු බව ද පැවසීය.

    සියලුදෙනා එක් ව විෂමතාවයන් ජය ගැනීමට ප්‍රායෝගික ක්‍රම සොයා ගත යුතු බවත්, එවිට පෘථිවිය බේරා ගත හැකි අතර ම අපගේ තරුණ ප්‍රජාවගේ තර්ජනයට ලක් ව ඇති අනාගතය සුරක්ෂිත වන බවත් සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක් වූ බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු සදහන් කළේය.

    ඔක්තෝබර් 31 ඇරඹි COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව නොවැම්බර් 12 දක්වා ග්ලාස්ගො නුවරදී පැවැත්වේ.

    කොවිඩ් A.30 ප්‍රභේදය ලෝකයෙන් වඳවී ගිහින්

    0

    ලොවපුරා කොවිඩ් වසංගතයේ දැනට පවතින දත්ත වලට අනුව කොවිඩ්-19 වෛරසයේ A.30 ප්‍රභේදය දැනට ගෝලීය මට්ටමින් ව්‍යාප්ත නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

    මෙම ප්‍රභේදය දැනටමත් වඳ වී ගොස් ඇති බවත් එබැවින් අනවශ්‍ය ලෙස කලබලයට පත්විය යුතු නැතැයි ද A.30 කොවිඩ් ප්‍රභේදය එන්නත් ‍2ක් මඟහරින බවට සොයාගත් ජර්මානු පර්යේෂකයන්ගේ අධ්‍යයන වාර්තාව උපුටා දක්වමින් ආචාර්යවරයා පෙන්වා දී ඇත.

    GISAID දත්ත ගබඩාවේ තැන්පත් කර ඇති ජෙනෝම 4.5කට වැඩි ප්‍රමාණයක් අතරින් A.30 පරම්පරාවට අයත් වන්නේ 5ක් පමණි.

    ඒ ඇන්ගෝලාවේ තුනක්, ස්වීඩනයේ එකක් සහ එක්සත් රාජධානියේ එකක් වන නමුත් අවසන් ඒවා සොයාගෙන ඇත්තේ ද 2021 මැයි සහ ජුනි මාසවල දී බව ආචාර්යවරයා පෙන්වා දෙයි.

    කෙසේවෙතත් පරීක්ෂණ ධාරිතාව සීමා සහිත සමහර ස්ථානවල එය හඳුනා නොගෙන යා හැකි අතර මේ අනුව එන්නත් මඟහරින අලුත් ප්‍රභේද ඇතිවිය හැකිය. එබැවින් පර්යේෂණ නිරන්තරයෙන් සිදුකිරීම අත්‍යාවශ්‍ය ය.

    එන්නත් ගැනීම කොවිඩ් සඳහා හොඳම විකල්පය වන බවට තවදුරටත් තහවුරු කරගත යුතු අතර මෙම ප්‍රභේදය සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති නමුත් අඛණ්ඩ අධීක්ෂණය මගින් අලුත් ප්‍රභේද හා පැතිරීම වෙනස්වීම පිළිබඳ අධ්‍ය්‍යනය කළ යුතු බව ද ආචාර්වරයා අවධාරණය කරයි.

    “පොහොට්ටුව හැදුවේ කිසිවකු පරදන්න නොවේ – ජනතාව දිනවීමට පමණයි” – පක්ෂයේ නිර්මාතෘ

    0

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කළේද අද පරමාර්ථය වී ඇත්තේ ද ජනතාව දිනවීම මිස, කිසිවකු පරාජය කිරීමට නොවන බව එම පක්ෂයේ නිර්මාතෘ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    නෙළුම් පොකුණ රඟහලේදී දැන් පැවැත්වෙන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස් වැනි සංවත්සර සැමරුම අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.

    පොදුජන පෙරමුණට සහය දෙමින් ආණ්ඩුව තැනූ සහෝදර පක්ෂවලට ගෞරව ස්තූතිය පළකරමින් ඉදිරියටත් සහයෝගයෙන් එම පක්ෂ සමඟ කටයුතු කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    මෙහිදී උත්සවය ඇමතූ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා,

    “අද මම නුපුරුදු කාරියක් මේ කරන්නේ. අපේ පක්ෂයට අවුරුදු 5ක් වුවත් මම අපේ පක්ෂයේ වේදිකාවටවත් නැගලා කතාකරලා නෑ. අපේ පොදුජන පෙරමුණ තමයි ලංකාවේ තියෙන ළදරුම දේශපාලන පක්ෂය. අපි මේ පක්ෂය නිර්මාණය කළේ කිසිවෙක් පරාජය කරන්න නෙවෙයි අපේ එකම පරමාර්ථය වූයේ ජනතාව දිනවීමයි. අදටත් අපේ ඒකයන අරමුණ මෙර රටේ ජනතාව දිනවීම මිස කිසිවකු පරාජය කිරීම නොවේ.

    යම් අභියෝගයක් එල්ල කරානම් ඒ අභියෝග සියල්ලක්ම අපිට ශක්තියක් වුන බව සටහන් කරන්නේ ඉතාම නිහතමානීව. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තවදුරටත් දේශපාලන ජයග්‍රහණය ලබාගන්න වගේම මේ දේශපාලන ජයග්‍රහණ සියල්ලක්ම මේ රටේ ජනතාවගේ විශේෂයෙන්ම මතු පරපුර වෙනුවෙන් රාජ්‍යයක් තුළ අපේ දරුවන්ට, දරුවන්ගේ දරුවන් වෙනුවෙන් යම්කිසි සේවයක් කරන්න, අධිෂ්ඨාන කරගෙන ඉන්න නිහතමානි, අවංක ශ්‍රේෂ්ඨ නායකයෙක් අපේ රටේ ජනාධිපති ධුරයට පත් වෙලා ඉන්න වෙලාවක, අපි ඒ කාර්යය අවංක ඉෂ්ට කරනවා. ඒ නිසා මම අපේ මෙහෙ පැමිණිලා ඉන්න අපේ පක්ෂ නායකයින‍්ගෙන්, අපේ පක්ෂ සාමාජිකයින්ගෙන්, මුළු ලොව අහන් ඉන්න සියලු දෙනාගේම ඉල්ලනවා අපි පක්ෂයක් හැටියට ඉදිරියටත් ක්‍රෝධය වෛරය නැතිව අපි අවංකව සියලු දෙනා එක්ක, සහයෝගයෙන් වැඩ කරලා, අපේ රට වෙනුවෙන් යම් සේවයක් කරන්න අධිෂ්ඨාන කර ගමු කියලා.

    ගරු අගමැතිතුමනි, නම උක්කුං වුණාට අපේ පක්ෂය තවම බොන්න ප්ලේන්ටි. කිරි නෙවෙයි අපි බොන්නේ. ඒ වුණත් අපි පක්ෂයක් හැටියට අපි ආඩම්බර වෙනවා අපිට ඒ කටයුත්ත කරන්න ශක්තිය ඔබතුමා දීලා තියෙනවා. අපි ඒ අනුව කටයුතු කරන බව සටහන් කරනවා. විශේෂයෙන්ම මේ ගමනට අපිට උදව් වෙච්ච ගරු මහා සංඝරත්නය අපේ පක්ෂය කිසිම ආගමකට ජාතියකට කුලයකට අයිති පක්ෂයක් නෙවෙයි. ඒ සියලු ආගම් සියලු ජාතීන් සියලුම කුල සියලු ප්‍රදේශ නියෝජනය කරන පක්ෂයක්. ඒ සඳහා කටයුතු කරපු අනෙකුත් සියලු මන්ත්‍රීවරුන්ට සහ ඌව පළාත් සභාව ප්‍රාදේශීය සභා හා පළාත් ආයතන වල සියලු මහජන නියෝජිත වෘත්තිය සමිතිවල අපේ සගයින්ටත් ,අපේ අනු සංවිධානවල සියලුම නියෝජිතයනිටත් ඒ වගේම වෘත්තීයවේදීන් සහ සංවිධානවල සියලු දෙනාටත් ගැන මේ අවස්ථාවේදී පක්ෂය ගොඩ නැගීමට දීපු අතහිත වෙනුවෙන් ඔබ සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා.

    ඉදිරියේදීත් අපි ඉතාම නිහතමානීව අපි අපේ සහෝදර අනෙකුත් උදව් කරපු සියලු දෙනා එක්ක සහයෝගයෙන් කටයුතු කරමු. අපි විශේෂයෙන්ම අපේ රටේ කොට්ඨාස 4917 තියෙනවා. ඒකෙ 4000 කට වැඩිය කොට්ඨාස නියෝජනය කරන්නේ අපේ පළාත් පාලන නියෝජිතවරු. අපි අධිෂ්ඨාන කර ගමු අපිට අභියෝග තියෙනවා. මේ වෙලාවේ තමයි අපිට තියෙන ලොකුම අභියෝගය. එනිසා පස්සට යන්න එපා. අපි ඒ අභියෝග ජයග්‍රහණය කිරීමට ඔබ ගමේ නායකත්වය දෙන්න. අපිට අභියෝග කරන දේශපාලන කණ්ඩායම් ඉන්නවා. ඔවුන් දේශපාලන වශයෙන් අභියෝග කරත් ඔවුන් අභියෝග කරන්නේ අපේ රටේ අනාගතය රටේ ජාතියෙ ජනතාවට අභියෝග කරන්නේ. ඒ අභියෝග වලට අපි මුහුණ දෙමු. ඔබ ගමේ දී ඒ සඳහා ඉදිරියට ඇවිල්ල කටයුතු කරන්න කියලා ආරාධනා කරමින් මම මේ අවස්ථාවේදී පැමිණෙන්න බැරිව ඉන්න විශාල පිරිසක් ඉන්නවා. ඒ ගැන අපේ කණගාටුව ප්‍රකාශ කරනවා. අපි සියල්ල තුළ මේ වෙලාවේ අපි මුහුණ දෙන්නේ ඉතා භයානක වසංගතයට ඒක ඒ සෞඛ්‍ය නීතිය අකුරටම පිළිපදිමින් සීමා සහිත ඉඩකඩක් තුළ සිටි සීමාසහිත පිරිසට අපිට ආරාධනා කරන්න වුණේ. ඒ ගැන අපේ කණගාටුව.

    මෙහි පැමිණිය නොහැකි වීම අපේ පක්ෂය බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතර මං හිතන්නේ නෑ අපිට අපේ සියලු දෙනාටම එන්න පුළුවන් ශාලාවක් හෝ පිට්ටනියක් මේ රටේ තියෙනවා කියලා. අපිට මාස 66න් ගෝල්ෆේස් පිට්ටනිය පිරෙව්වේ. ඉතින් ඒ නිසා අපිට ආයෙත් සම්මේලනයක් තියන්න ඒ් වගේ පිට්ටනියක් ගරු අගමැතිතුමනි ඔබ හදලා දුන්නොත් ඇරෙන්න අපිට නම් මං හිතන්නේ නෑ පුලුවන්කමක් ලැබෙයි කියලා අපිට ඒ වගේ තැනක් හොයාගන්න.

    එසේ කියමින් මම විශේෂම තවත් වාරයක් මේ පක්ෂය ගොඩනැගීමට උදවු කරපු අපේ පක්ෂයේ වගේම අපේ පක්ෂයෙන් පිට සහෝදර පක්ෂ වල අයටත් ගෞරවනීය ස්තුතිය පුද කරමින් අපේ ගෞරවය කවදාවත් අමතක කරන්න බෑ කියන එක සඳහන් කරමින් අපි අපිට දැන් පැවරිලා තියෙන්නේ පක්ෂය ගොඩනැගුවා ජයග්‍රහනය කරා ජනතාව අපිට වගකීමක් බාර දුන්නා ඒව අකුරටම කරන්න අපේ අතිගරු ජනාධිපතිතුමා ඇතුළු අගමැතිතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලයටත් ඒ සියලුම මහජන නියෝජිතයන් අවශ්‍ය සහයෝගය මගපෙන්වීම ඔබ අපි පක්ෂය හැටියට දෙනවා එය අධිෂ්ඨාන කරමින් ඔබටද සුබ අනාගතයක් වේවා ප්‍රාර්ථනා කරනවා” යැයි ද පොදුජන පෙරමුණෛ් නිර්මාතෘවරයා කීය.

    පොහොට්ටුවට පහයි (live)

    0

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය අද එහි වසර 05 සංවත්සරය සමරයි.

    කෙටි කලක් තුළ ජනාධිපතිවරයකු බිහිකොට පළාත් පාලන සහ පාර්ලිමේන්තු මැතිවරණ අඛණ්ඩව වැඩිම ප්‍රමාණයක් ජයගත් මෙරට ලාබාළතම පක්ෂය වන්නේ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

    2015 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වුණු කණ්ඩායම් ඒකාබද්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැඟූවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙනි.

    ඉතා කෙටි කාලයක් තුළ නව පක්ෂයක් පිහිටුවා මෙරට සියලු දේශපාලන ක්ෂේත්‍රවල පාලන බලය ලබාගැනීමට එම පක්ෂය සමත් වූයේ පළමු වරට එම පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තුවට නව වාර්තා රැසක් ද එක් කරමිනි.

    නෙළුම් පොහොට්ටුවක සළකුණින් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ‘පොහොට්ටුව’ ලෙස ද ජනතාව අතර ජනප්‍රිය ය.

    වර්තමාන ජනාධිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නියෝජනය කරන්නේ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ය.

    සංවත්සර සැමරුව වෙනුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සම්මේලනයක් පැවැත්වේ.

    මෙම දිනය සැමරුම් උත්සවයේ සජීවී විකාශයක් පහත දැක්වේ.

    අද එන්නත් මධ්‍යස්ථාන 172ක්

    0
    Vaccine

    වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට අද දිනයේත් කොළඹ ගම්පහ, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්කවල පහත මධ්‍යස්ථානවලදී කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව ජනාධිපති ලේකම් කාර්‍යාලය දන්වයි.

    එම මධ්‍යස්ථාන ඇතුළුව අද දිනයේ ද දිස්ත්‍රික් 20ක් පුරා මධ්‍යස්ථාන 172 කදී එන්නත් ලබාදේ.

    අද එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 02.11.2021

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-02

    0
    දුගී ජනතාවට
    දුගී ජනතාවට "පාන් නැත්නම් කේක් කාපල්ලා" යැයි කියූ ප්‍රංශයේ මාරි ඇන්ටොයිනට් බිසව උපත ලද්දේ 1755 නොවැම්බර් 02 වන දිනයි

    දුගී ජනතාවට “පාන් නැත්නම් කේක් කාපල්ලා” යැයි කියූ ප්‍රංශයේ මාරි ඇන්ටොයිනට් බිසව උපත ලද්දේ 1755 නොවැම්බර් 02 වන දිනයි

    විදුලිය- වරාය-ඛනිජ තෙල් සේවකයෝ හෙට විරෝධයකට සැරසෙති

    0

    විදුලිය, වරාය සහ ඛනිජ තෙල් සේවක සේවිකාවෝ හෙට (03) කොළඹට රැස්වී දැවන්ත විරෝධතාවයක නිරත වීමට තීරණය කර සිටිති.

    රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව සහ යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට විකිණීමට එරෙහිව මෙම විරෝධතාව සංවිධාන කරන බව විදුලිය වරාය හා ඛනිජ තෙල් සේවක වෘත්තීය සමිති නායකයෝ පවසති.

    රට පුරා සේවය කරන විදුලිබල මණ්ඩලයේ සේවකයින් හෙට කොළඹ ලංවිම මූලස්ථානය ඉදිරිපිට රජයට එරෙහිව දැවැන්ත විරෝධතාවක් සංවිධානය කරන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රාජයන් ජයලාල් මහතා කීය.

    යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට විකිණීමට එරෙහිව එම විරෝධතා සංවිධානය කරන බවද ජයලාල් මහතා කීය.

    මේ අතර වරාය අධිකාරියේ සේවකයින් හෙට පෙරවරුවේ කොළඹ වරාය මූලස්ථානය ඉදිරිපිට දී ද ඛනිජ තෙල් සංස්ථා සේවකයෝ කොළොන්නාවේ පිහිටි නිමාව ඉදිරිපිට සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටට රැස්වී හෙට පෙරවරු 10ත් 11 ත් අතර එම විරෝධතා ආරම්භ කරන බව වෘත්තීය සමිති නායකයෝ පවසති.

    කෝටි 06 ක් කොල්ලකා පළායමින් සිටි රියදුරා එස්.ටී.එෆ්. නිලධාරීන් පන්නා ගොස් අල්ලයි

    0

    හැටන් නගරයේදි රුපියල් කෝටි 06 ක මුදලක් අද පැහැර ගෙන පළායමින් සිටි පුද්ගලයෙක් පසුපස හඹායමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව ඇත.

    බැංකුවල ටේලර් යන්ත්‍රවලට මුදල් තැන්පත් කිරීමේ කොන්ත්‍රාත්තුව භාර සමාගමක ආරක්ෂක අංශයක සාමාජිකයින් පිරිසක් ට්‍රේලර් යන්ත්‍රවල මුදල් තැන්පත් කරමින් කොළඹ සිට නුවරඑළිය බලා වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී හැටන් නගරයේ ට්‍රේලර් යන්ත්‍රයකට මුදල් පුරවමින් සිටියදී මෙම පැහැර ගැනීම සිදුව තිබේ.

    එම වෑන් රථයේ රියදුරු මුදල්ද රැගෙන පළායන විට පොලිස් විශේෂ කාර්ය බලකායේ භට කණ්ඩායමක් එම පුද්ගලයා පසුපස හඹායමින් ඔහුව රේන්දපොලදී අල්ලාගෙන ඇත්තේ කොල්ලකෑ මුදල් තොගයද සමගිනි.

    අත්අඩංගුවට ගත් සැකකරු හමුදාවේ හිටපු සෙබලෙකි.

    එංගලන්තය ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කරයි

    0

    විස්සයි 20 ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට යාමට තිබූ අවසන් අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අද (01) ගිලිහි ගියේය.

    ඒ් එංගලන්ත කණ්ඩායමට එරෙහිව මෙයට සුළු මොහොතකට පෙර ලද පරාජය සමගිනි.

    පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 163ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් අතර ඊට යහපත් ආරම්භයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අසමත් වූහ.

    එංගලන්තය 163/4 (20)

    ශ්‍රී ලංකාව 137/10 (19/20)

    ඉන්දියාවෙන් ඇල්ලූ අයි.එස්.අයි.එස්. ප්‍රබලයාගේ දුරකතනයේ ලංකාවේ 702 ක් සම්බන්ධකම් පවත්වලා

    0

    ඉන්දීය බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගත් අයි.එස්.අයි.එස්. අන්තවාදී ත්‍රස්තවාදීයෙකුගේ ජංගම දුරකතනයක් පරීක්ෂා කිරීමේදී ඔහු සමඟ වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධකම් පැවැත්වූ බවට හෙළිවූ ශ්‍රී ලාංකිකයින් 702 දෙනෙක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.

    ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම විමර්ශනය ආරම්භකෙරුණු බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කළේය.

    මොහොමඩ් සම්සුදීන් නැමැති එම අයි.එස්. අයි.එස්. අන්තවාදීයාගේ ජංගම දුරකතනයේ “ මුජහිදීන් ෆෝ අල්ලා“ නැමැති වට්ස් ඇප් සමූහයේ මෙම ශ්‍රී ලංකිකයන් 702 දෙදෙනා සිටින බව ඉන්දියාවෙන් මෙරටට කර ඇති දැනුම් දීම් වල සදහන්ය.

    පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ලකල ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ දේශනා , අයි.එස්. අයි.හස්. සංවිධානයේ වීඩියෝ සහ හඬ පට ද එම වට්ස් ඇප් සමූහයේ හුවමාරුවී ඇති බවද ඉන්දියාව මෙරටට දැනුම්දී ඇති බවද අධිකරණයට කරුණු දක්වමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සදහන් කර තිබේ.

    ඒ අනුව විමර්ශන ආරම්භකල ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ඉන්දියාවෙන් ලබාදුන් දුරකතන තොරතුරුවලට අනුව මොහොමඩ් තව්සාන් නැමැති සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා සම්බන්ධයෙන් ද මේ වන විට පුළුල් විමර්ශණ පවත්වන බවද ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.

    ආචාර්ය ගාමිණී විජේසූරිය “ඉක්රෝම්” සම්මානයෙන් පිදුම් ලබයි

    0

    උරුම කළමණාකරණ ක්ෂේත්‍රයේ ලැබිය හැකි ඉහළම සම්මානය වන ඉක්රෝම් සම්මානය ආචාර්ය ගාමිණි විජේසූරිය මහතාට පිරිනමා ඇත.

    ජාතික මෙන්ම ජාත්‍යන්තරවද සංස්කෘතික උරුම ක්ෂේත්‍රයට සිදුකළ දායකත්වයත්, ICCROM ආයතනයේ සංවර්ධනයට කළ අගනා මෙහෙයත් වෙනුවෙන් 2021 වර්ෂයේ ඉක්රෝම් (ICCROM) සම්මානය ආචාර්ය ගාමිණි විජේසූරිය මහතාට පිරිනමා ඇත.

    කීර්තිමත් වාස්තු විද්‍යාඥයෙකු හා පුරාවිද්‍යාඥයෙකු ද වන විජේසූරිය මහතාට මෙම සම්මානය 2021 ඔක්තෝම්බර් 26 වන දින රෝමයේ ICCROM ආයතනයේ පැවති උත්සවයකදී පිරිනමා තිබේ.

    මෙය සමස්ත උරුම කළමනාකරණ ක්ෂේත්‍රය සැදුම් ලත් සුවිශේෂී මානව සමාජයම ඇගයීමට ලක් කළ අවස්ථාවක් බව සම්මානය පිළිගනිමින් කළ කතාවේ දී ආචාර්ය විජේසූරිය මහතා පැවසීය.

    ස්වභාවික වටපිටාවකට වඩාත් අනුගත වෙමින් "උරුමය" මුළු මහත් ජන සමාජයේ හා පරිසරයේ "සක්‍රීය" ස්ථාන බවට පත් කිරීමේ ක්‍රියාවලියේ ඉහළ තලයකට පත් වීමත් සමඟ උරුමය හා උරුම කළමනාකරණය වඩාත් දියුණු තත්වයකට පත් කිරීමට හේතු වන සාධක, මානව සංහතිය සමඟ කෙතරම් සමීපව බැඳී තිබේදැයි එතුමා පැහැදිළි කළේය.

    ආචාර්ය ගාමිණී විජේසූරිය මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ අංශ ප්‍රධානි ලෙස වසර 18 ක් සේවය කළ අතර, ලෝක පුරාවිද්‍යා සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙසද විශිෂ්ට සේවයක් ඉටු කළේය.

    ලෝක උරුම ප්‍රඥප්තිය වෙනුවෙන්ද ICOMOS ශ්‍රී ලංකා ආයතනයේ ආරම්භක සාමාජිකයෙකු ලෙසද හෙතම කටයුතු කළේය. පවතින රාමුව තුළ ධනාත්මක වෙනසක් සඳහා ජවයක් ලබා දුන් නවසීලන්තයේ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පළාත් විද්‍යාඥ තනතුර මෙන්ම පැරණි ඕලන්ද රෝහල සහ මිරිසවැටිය චෛත්‍යය ප්‍රතිසංස්කරණ කටයුතු මෙන්ම එල්.ටී.ටී.ඊ. ත්‍රස්ථ ප්‍රහාරයෙන් විනාශ වූ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආදී ඉතා වැදගත් පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු රැසකට විජේසූරිය මහතා නායකත්වය දුන්නේය.

    ලබන 11 වැනිදා ආචාර්ය ගාමිණී විජේසූරිය මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමතිය.

    වොරියර් කුසලාන රගර් කිරුල ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

    0

    ශ්‍රී ලංකා පොලීසිය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒකාබද්ධව ප්‍රථම වතාවට සංවිධානය කරනු ලැබූ වොරියර් කුසලාන සත් සාමාජික රගර් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිනා ගත් අතර අනුශූරතාව ශ්‍රී ලංකා පොලීසියට හිමි විය.

    මෙම තරගාවලියට කණ්ඩායම් 10 ක් සහභාගිවූ අතර බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී ඉකුත් 30 සහ 31 යන දෙදින තරග පැවැත්විණි.

    පළමු වටයේදී ශ්‍රි ලංකා යුධ හමුදා කණ්ඩායම හා හැවලොක් කණ්ඩායම පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාාශක කාර්යාලය මෙම තරගාවලිය සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන්ය.

    අර්ධ අවසන් පූර්ව තතරගාවලියේදී නැවතත් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම හා සී.ආර්. ඇන් එෆ්.සී. කණ්ඩායම් පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් බවද එම නිවේදනයේ සදහන්ය.

    අවසන් මහා තරගය නැරඹිම සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගිවූ අතර පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ යන මහත්වරු ආරාධිත අමුත්තන් ලෙස සහභාගිවී සිටියහ.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ෆින්ලන්ත සහාය

    0

    ශ්‍රී ලංකාවට හඳන්වාදීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමවේදයන් යොදා ගැනීමේ හැකියාව සහ වැදගත්කම සම්බන්ධ වැඩමුළුවක් අද(01) දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ දී ආරම්භ විය.

    මෙම වැඩමුළුව දින 03ක් තිස්සේ පැවැත්වීමට නියමිත ය. 08දෙනෙකුගෙන් සමන්විත ෆින්ලන්ත අධ්‍යාපනඥයන්ගේගේණ්ඩායමෙහි නායකත්වය දරනුයේ ෆින්ලන්තයේ හෙල්සින්කි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යා පීඨයේ උප පීඨාධිපති සහ ගුරු අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ලීනා ක්‍රොක්ෆර්ස් (Leena Krokfors) මහත්මිය යි.

    ලොව දියුණු ම සහ ඉහළ ම අධ්‍යාපන ක්‍රමවේදයන් යොදා ගනිමින් සකසා තිබෙන ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමවේදයන් මෙරටට හඳන්වාදීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා භාවිත කිරීම, පාසල් විෂය නිර්දේශයන් සඳහා භාවිත කිරීම, බහු කාර්ය පන්ති කාමර සැකසුම ආදිය පිළිබඳ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනඥයින්, නිලධාරීන් දැනුම්වත් කිරීම මෙම වැඩමුළුවේ අරමුණු විය.

    පෙරපාසල් අධ්‍යාපනයේ සිට දරුවන්ට ඉගැන්වීමට නොව ඉගෙන ගැනීමට සැළැස්වීම, ප්‍රාථමික අධ්‍යාපනයේ ලා ගුරුවරුන් යෙදවීම, දරුවන්ගේ දක්ෂතා අනුව ඔවුන් අධ්‍යාපනය කරා යොමු කරවීම ආදිය පිළිබඳ මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත ය. එමෙන් ම රටේ අධ්‍යාපනයේ සැකසුම, ද්විතීයික, වෘත්තීය අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සැකසුම පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු කිරීමට නියමිත ය.

    ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ ද මැදිහත්වීම මත ජාතික අධ්‍යාපන ආයතනය මඟින් රටේ අධ්‍යාපනයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් බැව් මෙම අවස්ථාවට සහභාගී වෙමින් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසී ය.

    මෙම අවස්ථාව සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන්, අමාත්‍යංශය, විභාග දෙපාර්තමේන්තුව ඇතුළු මෙරට අධ්‍යාපනයට සම්බන්ධ නිලධාරීන් සහ විද්වතුන් පිරිසක් ද සහභාගී වූහ.

    උඩවලවත් වාන් දමයි – අවධානයෙන් සිටින්න

    0

    ඉදිරි පැය 48 තුළ උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘත කොට වලවේ ගඟට මුදාහැරිය හැකි බැවින් උඩවලව වේල්ලෙන් පහළ වලවේ ගඟ දෙපස හා අම්බලන්තොට දක්වා වූ කොටසට කිසිදු හේතුවක් මත දියට බැසීම නොකරන ලෙස ජනතාවට දැනුම් දෙයි.

    උඩවලව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පැවසුවේ අද පස්වරු 5 වනවිට උඩවලව ජලාශයේ ජල මට්ටම 97%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

    කුමන හෝ අවස්ථාවක වාන් දොරටු විවෘත කිරීමට සිදුවනු ඇති බැවින් එසේ වුවහොත් ජනතාවට ඉදිරි කටයුුතු සඳහා සූදානම් වන ලෙස ද නියෝජ්‍ය අධ්‍යක්ෂ/ කාර්යභාර ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා දන්වා සිටී.

    නාරාහේන්පිට සිට පිටපළාත්වලට කාර්යාලයීය බස් සේවාවක් ඇරඹේ

    0

    පලාත් සංචරන සීමා ඉවත් කිරීමත් සමගම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට රැකියා සඳහා පැමිණෙන සේවකයින්ගේ පහසුව සඳහා බස්රථ යොදා ගනිමින් නාරාහේන්පිට ශාලිකා ක්‍රිඩාංගනය අසලින් ප.ව 4.15 ට ගාල්ල,මහනුවර, රත්නපුර, කුරුණෑගල සහ හලාවත යන ප්‍රධාන නගර 05 ට විශේෂ කාර්යාල ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරිමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවරගෙන තිබේ.

    එම කාර්යාල ප්‍රවාහන සේවාව ආරම්භ කිරිම අද (01) පස්වරුවේ ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සිදුකරන ලදී.

    රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දෙපාර්තමේන්තු සහ ආයතන විශාල ප්‍රමාණයක් නාරාහේන්පිට නගරයේ පිහිටා තිබීම හේතුවෙන් විශාල පිරිසක් දෛනිකව නාරාහේන්පිට නගරයට පැමිණෙන බැවින්, ප්‍රථම පියවර ලෙස මෙම කාර්යාල ප්‍රවාහන සේවාව නාරාහේන්පිට නගරයෙන් ආරම්භ කිරිමට තීරණය කරඇත .

    මෙහි දෙවන පියවර ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තු හා පෞද්ගලික ආයතන පිහිටා තිබෙන බත්තරමුල්ල සහ පැලවත්ත යන නගරවලින් ද ඉදිරි දිනවලදි ප්‍රධාන නගර කිහිපයකට මෙවැනිම කාර්යාල බස්රථ සේවාවන් අරම්භ කිරිමට සැලසුම්කර ඇතිබව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවධාරණය කරයි .

    සොෟඛ්‍ය අමාත්‍යාංයෙන් නිකුත් කරන ලද සියලුම කොවිඩ් ආරක්ෂිත මාර්ගෝපදේශවලට අනුකූලව මෙම ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය අවධාරණය කරයි.

    මෙම කාර්යාල ප්‍රවාහන සේවාවන් ආරම්භ කිරිමේ අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම යන මහත්වරුන්ද සහභාගී වූහ.

    කුඹුක්කන් ඔය ආශ්‍රිත ජනතාවට අනතුරු ඇඟවීමක්

    0

    දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයට අනුව මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන් ඔය ද්‍රෝණියේ නක්කල, කුඹුක්කන සහ ඔක්කම්පිටිය ප්‍රදේශවල පහත් බිම්වල අද රාත්‍රීයේ ගංවතුර තත්ත්වයක් ඇති බව හැකි බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    ඒ අනුව එම ප්‍රදේශවල කුඹුක්කන් ඔයට ආසන්නව පදිංචි මහජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන මෙන්ද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් ඉල්ලා සිටී.

    Kumbukkan Oya - Flood Warining

    ගෝලීය කොරෝනා මරණ ලක්ෂ 50 ඉක්මවයි

    0

    කොරෝනා වෛරසය වැලදීමෙන් ලොවපුරා මරණයට පත්වූ සංඛ්‍යාව පනස් ලක්ෂය ඉක්මවා ඇති බව ජෝන් හෝපකින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත අනාවරණය කරයි.

    එම විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව සඳුදා වන විට මෙම ගෝලීය වසංගතයෙන් පුද්ගලයින් පනස් ලක්ෂ හාරසිය විසි පහක් මරණයට පත්ව ඇත.

    ඒ අනුව ගතවූ දින විස අටක කාලය තුලදී පමණක් පුද්ගලයින් එක්ලක්ෂ අනූහත් දහස් එකසිය දාසයක් පිරිසක් කොරෝනා වෛරසය වැලදීමෙන් මරණයට පත්ව ඇති අතර මේවන විට ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව මිලියන දෙසිය හතලිස් පහකට අධික බවද අදාල විශ්ව විද්‍යාලය පෙන්වා දෙයි.

    මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාස දෙකකට පසු යලිත් ගෝලීය මරණය සංඛ්‍යාව ඉහළයාමක් පෙන්නුම් කරන බවට සඳහන් කර තිබිණි.

    ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටේරෝස් ඇඩ්හනොම් ගෙබි්‍රයෙසස් පෙන්වා දී ඇත්තේ මේවන විට යුරෝපා කාලාපයේ සීඝ්‍රයේ ආසාදිතයින්ගේ ඉහළයාම මීට හේතුවී ඇති බවයි.

    “මේවන විට ආසාදිතයින්ගේ සීඝ්‍ර වර්ධනය කොරෝනා වසංගතය තවමත් අවසන් නොමැති බවට සිහිපත් කිරීමට සමත්ව තිබෙනවා.” යනුවෙන්ද ඔහු සිහිපත් කර ඇත.

    මේ අතර වෛද්‍ය ගෙබි්‍රයෙසස් පවසා ඇත්තේ තවමත් කොරෝනා මර්ධන එන්නත් සහ ආසාදිතයින් හදුනා ගැනීමට අවශ්‍ය පරීක්ෂණ අඩු ආදායම් ලාභී රටවලට ප්‍රමාණවත් පරිදි හිමිවී නොමැති බවයි.

    කෙසේවෙතත් මේවන විට බ්‍රිතාන්‍ය, රොමේනියාව සහ රුසියාව තුල ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළ යන අතරම මේවන විට වැඩිම සමස්ථ කොරෝන මරණ සංඛ්‍යාව වර්ථා වන්නේ ඇමරිකාවෙනි.

    එන්නත්කරණයෙන් ලොව ප්‍රමුඛ රටවල් අතරට ශ්‍රී ලංකාවත්

    0
    keheliya

    මෙරට ජනගහනයෙන් මේ වන විට සියයට 70ක් පමණ දෙනාට කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

    එන්නත්කරණයෙන් ලොව ඉහළම මට්ටමක සිටින ශ්‍රී ලංකාව මේ වන විට අවුරුදු 20ත් 29ත් අතර තරුණ ජනගහනයෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයකට එන්නත් ලබා දී ඇති බවද ඇමැතිවරයා කීය.

    අවුරුදු 15ත් 19ත් අතර වයසේ පසුවන පාසල් ළමුන් 31% කට එන්නත් ලබා දී ඇතැයිද ඇමතිවරයා සඳහන් කළේය.

    Booster එන්නතක් ජනතාවට ලබා දීම ආරම්භ කර ඇති අතර සෞඛ්‍ය, ආරක්ෂක, හා සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් ඇතුළු ඉදිරිපෙළ පිරිස් සඳහා Booster එන්නත ලබාදෙන බවද ඇමැතිවරයා කීය.

    එම වැඩපිළිවෙළ ආරම්භ කිරීම සඳහා මිලියනයක එන්නත් තොගයක් තිබෙන බවත් සෑම සතියකම එන්නත් මාත්‍රා ලක්ෂ 4ක පමණ ප්‍රමාණයක් මෙරටට ලැබෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

    කොළඹ ජාතික රෝහලේ පිරිසකට කොවිඩ් – පරීක්ෂණ ප්‍රමාදයි

    0

    කොළඹ ජාතික රෝහලේ විකිරණ තාක්ෂණවේදීන් දස දෙනකුට කොවිඩ් ආසාදනය වීම නිසා එම රෝහලේ සිදුකරන පරීක්ෂණවල ප්‍රමාදයක් ඇති වී ඇතැයි රජයේ විකිරණවේදී විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

    ශ්‍රී ලංකා ජාතික රෝහලට විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් 124 දෙනෙකු අවශ්‍ය වුවද මේ වන විට සේවයේ නියුක්තව ඇත්තේ 68 දෙන ගුවන් අතර ඉන් දහ දහදෙනෙකුට covid ආසාදනය වීම නිසා එම ගණන 58 දක්වා අඩුවී ඇතැයිද රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන් ගේ සංගමයේ ලේකම් ධර්මකීර්ති යාපා මහතා පැවසීය.

    මෙම ආසාදිතයින් දස දෙනාත් සමඟ ජාතික රෝහලේ මෙතෙක් කොවිඩ් ආසාදනය වූ සහ සුව වූ අයත් ඇතුළුව මුළු තාක්ෂණවේදීන් 25 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඔහු පැවසීය.

    දිවයින පුරා රෝහල්හි සුව වූ අයත් සමඟ covid ආසාදනය වූ තාක්ෂණවේදීන්ගේ ගණන 200 ඉක්මවා ඇතැයි ද එම නිසා රෝහල් වල කටයුතුවලට ඉතා දැඩි හිඟයක් පවතින බව ද හෙතෙම සඳහන් කළේය.

    විකිරණ තාක්ෂණවේදීන්ගේ සේවා කාලය වයස අවු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අනුමැතිය ලැබී එකක් අමාත්‍ය මණ්ඩලය ඒ සඳහා තවමත් අනුමැතිය ලබාදී නොමැති බවද ධර්මකීර්ති ඈපා මහතා කීය.

    පසුගිය මාස කිහිපය තුළ නිලධාරීන් පස් දෙනකු පමණ විශ්‍රාම ගොස් ඇති අතර ඔවුන්ට ද සේවයට පැමිණීමට හැකිවන සේ සේවා කාලය වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම කඩිනමින් සිදු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය .

    තද වැසි සහ අකුණු අවදානමක් ගැන කාලගුණෙන් අනතුරු ඇඟවීමක්

    0

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මන්නාරම, බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අණතුරු අඟවයි.

    බස්නාහිර , සබරගමුව, දකුණ, මධ්‍යම හා උතුරු මැද යන පළාත්වලට ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක්ද කරයි.

    රන්මල්ගෙන් ගුටි කෑ රියදුරා පොලිස් මූලස්ථානයෙන් ජීවිතාරක්ෂාව ඉල්ලයි

    0

    කිරිඇල්ලේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගෙන් මහමගදී පහරකෑමට ලක්වූ පුද්ගලයා සිය ජීවිතාරක්ෂාව පතා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

    රන්මල් කොඩිතුවක්කු මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම මත ඔහු මෙම පැමිළිල්ල ඉදිරිපත්කර තිබෙන බව සදහන්ය.

    රන්මල්ගෙන් එල්ලවුණු පහරකෑම් හේතුවෙන් ඔහු රෝහල්ගතව ප්‍රතිකාරද ලබා ඇත.

    පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සදහන් කළේ රන්මල් කොඩිතුවක්කු මහතා සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් පැවැත්වෙන බවය. රන්මල් කොඩිතුවක්කු මහතාගෙන් පහරකෑමට ලක්වූ පුද්ගලයා සිය ජීවිතාරක්ෂාව පතා ඉල්ලා කළ පැමිණිල්ල පොලිස්පතිවරයාට යොමුකර ඇති බවද එම නිලධාරියා සදහන් කළේය.

    රන්මල් කොඩිතුවක්කු මහතා ගමන්කරමින් සිටි ජිප් රථය ඉස්සර කරමින් ධාවනය වූ මෝටර් රථ රියදුරෙකුට ඔහු පහරදී තිබුණි. ඊට සති දෙකකට පෙරද රන්මල් කොඩිතුවක්කු මහතා ඔහුගේ වාහනය ඉස්සරකරමින් අපරික්ෂාකාරීව රිය ධාවනය කළ බව කියමින් ද රියදුරෙක් අල්ලාගෙන විත් ඉංගිරිය පොලීසියට භාරදී ඇති බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    වත්තලදී බස් රථ රියදුරෙක්ට ඔහුගේ වාහනය ඉස්සර කර බස් රථය ධාවනය කළ බවට පහරදීමක් සම්බන්ධයෙන්ද රන්මල් කොඩිතුවක්කු මහතාට චෝදනාවක් එල්ලවී තිබුණි. ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු පවා දීර්ඝ කාලයක් පැවැති අතර පසුව එය සමතයකටට පත්විය. ඒ හේතුව නිසා කාලයක් තිස්සේ ඔහුට උසස්වීම් පවා අහිමිව තිබුණි.

    රන්මල් කොඩිතුවක්කු මහතා සම්බන්ධයෙන් මෙතෙක් සිදුව ඇත්තේ ඔහුව සබරගමුවෙන් කොළඹට ස්ථානමාරුවීමක් ලබාදීම පමණක් බවත් ඊට පෙර සතියේ මඩකලපුවේ පොලිස් කොස්තාපල්වරයෙක් විසින් යතුරු පැදිකරුවෙකුට පහරදීමක් හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන වැඩ තහනම් කළ බවද පොලීස් පොඩ්ඩෝ සදහන් කරති. පොලීසියේ ලොක්කන්ට එක නීතියක් සහ පොඩ්ඩන්ට තවත් නීතියක් ක්‍රියාත්මක වීම ගැන පොලිස් පොඩ්ඩෝ මේ වන විට සිටින්නේ දැඩි කලකිරීමකිනි. එම පහරදීම් දෙකම එකම ආකාරයේ සිදුවීම් දෙකක් බව ඔවුන් පෙන්වා දෙති.

    කොවිඩ් නිසා ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයේ වසරේ වචනය ‘Vax’

    0

    ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයේ (OED) ශබ්දකෝෂ ශිල්පීන් විසින් වසරේ වචනය ලෙස තෝරාගෙන ඇති වදන වන්නේ Vax යන්නයි.

    Covid-19 ගෝලීය වසංගතය හේතුවෙන් 2021 දී එන්නත්වලට අදාළ වචන සංඛ්‍යාතයෙන් ඉහළ ගොස් ඇත.

    එන්නත්කරණයට අදාළව කෙටි වචනයක් ලෙස මෙම වචනය සම්බන්ධ කරමින් double-vaxxed, unvaxxed, anti-vaxxer යන වචන සියල්ලම භාවිතයේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ඔවුහු පෙන්වා දෙති.

    ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයේ ජ්‍යෙෂ්ඨ සංස්කාරක ෆියෝනා මැක්ෆර්සන් පවසන්නේ වැක්ස් ‘වඩාත්ම කැපී පෙනෙන බලපෑමක්’ ඇතිකර ඇති බැවින් එය පැහැදිලි තේරීමක් බවයි.

    ‘එය අඩුම තරමින් 1980 ගණන් දක්වා දිව යයි, නමුත් අපගේ සංග්‍රහයට අනුව එය මේ වසර දක්වා භාවිතා කර ඇත්තේ ඉතාම කලාතුරකිනි,’ ඇය පැවසුවාය.

    Vax සහ vaxx යන දෙකම පිළිගත් අක්ෂර වින්‍යාසයන් වන නමුත් x එකක් සහිත වචනය වඩාත් පොදු බවට පිළිගෙන ඇත.

    සතට සෙත සදන ⁣ජිනපඤ්ජර පිරිත

    0

    බුදු දහම හා සබැඳුනු බෞද්ධයාට පිරිත යනු ආගන්තුක වදනක් නොවේ. පොත් වහන්සේ යන ගෞරවාන්විත වදනට උරුම කම් කියන පිරිත් පොත් වහන්සේ හෙවත් පිරුවානා පොත් වහන්සේ චතුභාණවාරපාළි යන නමින් ද හඳුන්වනු ලැබේ. ත්‍රිපිටකයේ සුත්‍ර පිටකයේ දීඝ, මජ්ඣිම, සංයුක්ත, අඞ්ගුත්තර, ඛුද්දක යන නිකායන්ගේ අඩංගු සුත්‍ර එක් කොට තැනූ ⁣මෙම පිරිත් පොත් වහන්සේගේ උපග්‍රන්ථයෙහි එම සූත්‍ර හෙවත් පිරිත් අනුගමනය කරමින් පසුකාලීන මහතෙරුන් වහන්සේලාගේ අනුදැනුමින් නිර්මාණය කරන ලද පිරිත් ද දක්නට ලැබේ. මෙම උපග්‍රන්ථයෙහි සඳහන් වන්නේ ශාන්තිකරණ ක්‍රියාදාමයට පහසුවෙන් අනුගත වන ලෙස නිර්මාණය කර ඇති පිරිත් ය. එම පිරිත් බුද්ධ,ධම්ම, සංඝ යන ත්‍රිවිධරත්නයේ ගුණ නැවත නැවත ප්‍රකාශ වන අන්දමෙනුත් එමඟින් සියලු රෝග,සියලු දෝශ දුරලා සෙත් ප්‍රාර්ථනා කෙරෙන අන්දමෙනුත් අනූන වේ.

    ඒ අතරින් ශ්‍රී ලංකාවේ මතු නොව තායිලන්ත, මියන්මාර ආදී සමස්ත ථෙරවාදි බෞද්ධ ලෝකයේ ම ප්‍රචලිත පිරිතක් වන්නේ ජිනපඤ්ජර පිරිතයි. ජිනපඤ්ජර පිරිත පිළිබඳව පර්යේෂණයක් කළ ලන්ඩන් පාලි ග්‍රන්ථ සමාගමේ වර්තමාන ලේකම් ජර්මන් ජාතික ආචාර්ය Petra Kieffer-Pülz විසින් “Extra canonical Parittas: The Jinapañjara, Jayapañjara, Mahājinapañjara or Ratanapañjara” නමින් එය එළි දක්වා තිබෙන අතර එහි විවිධ රටවල් වල භාවිත වන ජිනපඤ්ජර පෙළෙහි එන වෙනස් කම් පිළිබඳව ද සඳහන් කොට ඇත. උදාහරණයක් ලෙස වර්තමානයේ ශ්‍රී ලංකාවේ භාවිත ජිනපඤ්ජර පිරිතෙහි 16 වන ගාථාව වන ඉච්චේ ච ආදී තැන් පටන් 22 ගාථාව වන සබ්බාවමංගලමුපද්දවදුන්නිමිත්තං….. සංඝානුභාවපවරේන පායාතු නාසං ආදී ලෙසින් ඇති ගාථා සත භාවිතා වන්නේ ලංකාවේ දී පමණි.

    සාමාන්‍යයෙන් වර්තමානයේ භාවිත මුද්‍රිත පිරිත් පොත් වල උපග්‍රන්ථයෙහි පස් වැනි පිරිත ලෙස සඳහන් වන්නේ මෙම ජිනපඤ්ජරය යි. ජින යනු බුදුරජාණන් වහන්සේයි. පඤ්ජරය යනු මැදිරිය හෙවත් සැකිල්ලයි. එහෙයින් මෙම පිරිතෙන් අපේක්ෂා කරන්නේ පුද්ගල ශරීරාංග වලට ත්‍රිවිධ රත්නය සම්බන්ධ කරමින් ශරීරය ව⁣ටා අධ්‍යාත්මික ආරක්ෂාවක් ඇති කිරීමයි.
    පරිසමන්තතො තායති – රක්ඛතීති පරිත්තං යනුවෙන් හාත්පසින්ම ආරක්ෂාව ගෙන දෙන බැවින් පිරිත පොදුවේ හඳුන්වනු නමුත් එම පාඨය මෙම ජිනපඤ්ජරය හැඳින්වීමට අතිශයින් උචිත බව අපගේ හැඟීමයි.

    තායිලන්තයේ සුලබ ව බුදුගුණ පාඨය සේ භාවිතා වන මෙම ජිනපඤ්ජර පිරිතේ ආරම්භ ද එහි ම බව ඔවුන්ගේ මතය වෙයි. ජිනපඤ්ජරය උතුරු වයඹ දිග තායිලන්තය හෙවත් ලන්නා ප්‍රදේශයේ බෞද්ධ භික්ෂුවක් විසින් මෙය රචනා කරන ලද බව උපකල්පනය කරන අතර ජිනපඤ්ජර පාඨ පැරණි බුරුම ග්‍රන්ථ වල ද සඳහන් වන බැවින් එය බුරුමයේ දී රචනා වූ බව තවත් මතයකි. බුරුමයේ මෙය රතනපඤ්ජර නමින් හැඳින්වේ.
    තායිලන්තයේ වර්තමානයේ භාවිතා යන ආකාරයට මෙම පිරිත අනුවර්තනය කරන ලද්දේ වර්ෂ 1788 – 1872 කාළයේ විසූ Somdej Toh හෙවත් Somdet Phra Buddhacarya නම් වූ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. ශ්‍රී ලංකාවේ දැනට භාවිත පිරිත් පොත් වහන්සේ සම්පාදනය වී අවසන් වන්නේ මහනුවර රාජධානියේ සමයේ වන බැවින් මෙම පිරිත ස්‍යාමෝපසම්පදාව සමඟ ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් ලැබුනක් ද යන වග තව දුරටත් සොයා බැලිය යුතුය.

    ශ්‍රී ලංකාවේ භාවිත ජිනපඤ්ජර ඇරඹෙන්නේ මෙසේය.

    ජයාසන ගතා වීරා ජෙත්වා මාරං සවාහිණිං,චතුසච්චාමතරසං, යේ පිවිංසු නරාසහාතණ්හංකරාදයො බුද්ධා,අට්ඨවීසති නායකා,සබ්බේ පතිටිඨිතා (තුය්හං) මත්‍ථකේ (තේ) මුනිස්සරා

    ජය අසුන් අරා වැඩහිඳ සේනා සහිත මරසෙන් පරදවා සිවුසස් අමා රසය පානය කොට වදාළ ලෝක නායක මුනීශ්වර වූ තණ්හංකරාදි යම් අටවිසි බුදුවරු වෙත්ද, උන්වහන්සේලා (ඔබේ) මස්තකයෙහි (හිස මත) වැඩ වසන සේක.

    එසේ බුදුන් වහන්සේ හිස මත පිහිටුවන මෙම පිරිත ඉන් අනතුරුව ඇස ධර්මයට ද, දකුණු දෙස⁣ට සැරියුත් තෙරුන් ද, වමත් දෙසට මුගලන් තෙරුන් ද, දකුණු කනට ආනන්ද හා රාහුල තෙරුන් වහන්සේලා ද, වම් කනට කාශ්‍යප හා මහානාම තෙරුන් වහන්සේලා ද, කේශාන්තයේ සිට පිට පැත්ත⁣ට සෝභිත තෙරුන් වහන්සේ ද, මුහුණට කුමාර කස්සප තෙරුන් වහන්සේ ද, නළලට පුණ්ණ, අංගුලිමාල, උපාලි සහ නන්ද තෙරුන් වහන්සේලා ද, සෙසු අවයව වලට අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා ද සම්බන්ධ කරයි. එසේ ශරීරයට ආරක්ෂාව සැලසී⁣මෙන් අනතුරුව ශරීරය වටා ඇති දිශාවන්ට මහ පිරිත් පොතෙහි එන පිරිත් දේශනා වලින් ආරක්ෂාව සපයයි. ඒ අනුව රතන සූත්‍රය පෙරදිගටද, දකුණ කරණීය මෙත්ත සූත්‍රයටද, ධජග්ග සූත්‍රය පසුපසට ද, අංගුලිමාල සූත්‍රය වම්පසට ද, චන්ද – මෝර – ආටානාටිය අහස් වියනක් සේ ද, අනෙක් සියලු පිරිත් ⁣ඒ වටා ප්‍රාකාරයක් සේ ද පිහිටන බව දේශනා කරයි. එසේ තෙරුවනේ තේජානුභාව බලයෙන් සියලු
    උපද්‍රව දුරු වේවායි ප්‍රාර්ථනා කරයි.

    අපගේ අදහස නම් මෙය හුදු සංකේතාත්මකව ශරීරාංග වලට උතුමන් වහන්සේලා ද ඒ ඒ දිශාවන්ට පිරිත් ධර්මයන් ද ආදේශ කොට සෙත් පැතීමක් නොවේ. මෙමඟින් බලාපොරොත්තු වන්නේ මෙය සජ්ඣායනා කරන, ශ්‍රවණය කරන පුද්ගලයා නිරන්තරයෙන් ම බුදු දහම හා බැඳී පවත්වා ගැනීමයි. මේ ජිනපඤ්ජර පිරිතෙන් ලැබෙන මානසික සුවය පිළිබඳ ASIAN JOURNAL OF MEDICAL SCIENCES හි Chinabunchorn chanting causes stress level
    reduction evaluated by Thai Stress Test නමින් පල වූ
    පර්යේෂණය සිදු කළ තායිලන්තයේ බැංකොක් නුවර Mae Fah Luang University විශ්වවිද්‍යාලයේ සහාය මහාචාර්ය Phakkharawat Sittiprapaporn, මහාචාර්ය Vichit Boonyahotara ඇතුළු පර්යෙෂණ කණ්ඩායම මෙම ජිනපඤ්ජර සජ්ඣායනාවෙන් මානසික ආතතිය දුරු වන බව සිය පර්යේෂණයෙන් සනාථ කොට ඇත.

    එසේ හෙයින් ශ්‍රී ලංකාවේ ද වෛද්‍ය පීඨ වල ට මෙසේ පර්යේෂණ කිරීමේ අවස්ථාව ඇති බව මෙහිලා මෙත් සිතින් යුතුව සිහිපත් කරමු.

    අතිගෞරවාර්හ නාඋයනේ අරියධම්ම මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් දේශිත ජිනපඤ්ජර පිරිතට සවන් දීම සඳහා https://pitaka.lk/pirith/pages/59-jinapanjara-parittam.html වෙත පිවිසෙන්න.

    තායිලන්තයේ ජිනපඤ්ජර දේශනාවක් ශ්‍රවණය කිරීමට https://youtu.be/Pdwb7tvtcQY වෙත පිවිසෙන්න

    || රුවන් වින්ඩ්සර් ||

    ජායාරූප – Nelligala International Buddhist Centre

    • ආශ්‍රිත මුලාශ්‍ර

    1. පිරුවානා පොත් වහන්සේ – බෝදාගම චන්දිම නාහිමි

    2. පිරිතේ අනුසස් සහ බුදු දහමින් රෝග සුවය – ආචාර්ය එස්.අයි.⁣ග⁣මගේ

    3. මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ ආචාර්ය අරුණ කේ ගමගේ මහතා චරණ Tv හි සහභාගි වූ ත්‍රිපිටක අභි වන්දනා – පිරිත් සජ්ඣායනා දෙවන කොටස වැඩසටහන

    4. “Extra canonical Parittas: The Jinapañjara, Jayapañjara, Mahājinapañjara or Ratanapañjar – Dr. Petra Kieffer-Pülz

    5. Chinabunchorn chanting causes stress level
      reduction evaluated by Thai Stress Test – Nichamon Waeobut, Vichit Boonyahotara, Ariya Sarikaphuti, Phakkharawat Sittiprapaporn

    මාස 4කින් ‘එක රටක්-එක නීතියක්’ හදන හැටි සභාපති හිමියෝ කියති

    0

    “අල්ලපු වැටේ මුස්ලිම් දරුවෙකුට ආනන්ද විද්‍යාලයේ, නාලන්ද විද්‍යාලයේ ඉගෙන ගන්න බැරිනම් ඒ අයිතිය සහිරා විද්‍යාලයේ සිංහල දරුවකුට දෙන්නෙ නැත්තං මුල් අවස්ථාවෙම දරුවෙක් අධ්‍යාපනයෙන් බෙදලා නම් අපි කොහොමද ජාතික සමගියක් සංහිඳියාවක් සංවර්ධනයක් ගැන කතා කරන්නේ. අපිට මේ පවරපු වගකීමේ කාලය මාස හතරයි. මාස හතරකට පස්සෙ කතා කරමු, අපි කොතනටද මේ වැඩපිළිවෙළ ගෙනල්ලා තියෙන්නේ කියලා” යැයි එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

    එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ කාර්යභාරය පිළිබඳ ප්‍රථම මාධ්‍ය හමුව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද පැවැත්වුණි.

    ගලගොඩ අත්ත ඥානසාර හිමියන් පිළිබඳව ඇතැම් සුළු ජාතීන්, දේශපාලන පක්ෂ තුළ ඇති අපැහැදිලි චිත්‍රය සමග ඉදිරියේදී කටයුතු කරන්නේ කෙසේදැයි මාධ්‍යවේදියකු මෙහිදී විමසා සිටියේය.

    “පළමුවෙන්ම සුළු ජාතීන් කියන එක අපි අමතක කළ යුතුයි. සුළු ජාතිය අර ජාතිය මේ ජාතිය කිය කිය භාෂා භාෂා හැටියට පළාත් හැටියට මේ ගෙනාපු කුණු ගොඩේ ප්‍රතිඵලය නිසානෙ ජනාධිපතිතුමාට සිද්ධවෙන්නේ මේ වගේ කාර්ය සාධක බළකායක් පිහිටුවන්න. එතකොට නිදහසෙන් පස්සේ අවුරුදු හැත්තෑ තුනක් ගතවෙලා තියෙනවා. මේ අවුරුදු 73 තුළ අපොහොසත් වෙලා තියෙනවා මේ රටේ දේශපාලනය විසින් රටේ ජාතික ඒකාබද්ධතාවය ගොඩනගන්න. හැම අවුරුදු පහෙන් පහට ම අපට ඇහෙනවා ව්‍යවස්ථා සංශෝධන, විධායක ජනාධිපති ක්‍රමය ගැන ආදී කොට ගත් මේ නීති අණ පනත් සකස් කිරීම පිළිබඳ කතා. කොච්චර දිගද කියල බලන්න මේ කතා. මට මතකයි යුද ජයග්‍රහණයෙන් පස්සේ 2009 එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා ආයෙ මේ රටේ සුළු ජාතිය අර ජාතිය මේ ජාතිය කියලා කතාවක් නෑ, මේ රටේ එක ජාතියයි ශ්‍රී ලාංකික කියන ජාතිය අපි ගොඩනගමු කියලා. අදටත් ඒක විවෘතයි නේ. නමුත් අවාසනාවකට අපට මේ පවරපු වගකීම පිළිබඳව තේරුම් අරගෙන නෑ බොහෝ අය.

    උදාහරණයක් විදියට ගත්තොත් අපි නීති විශාරදයෝ නෙවෙයි එතකොට මේ නීති විශාරදයන් බලන ඇහැකින් මේ ප්‍රශ්න දිහා බලන්න නෙවෙයි අපට මේ වගකීම දුන්නේ. නීති විශාරදයන් විසින් සකස් කළ තියෙන අණපනත් මේ කෙටුම්පත් ඇතුලේ මිනිස්සු බලාපොරොත්තු වන, මිනිසුන්ගේ අවශ්‍යතාවයන් ඒ ආකාරයෙන් සම්පූර්ණ වෙලා තියෙනවද නැද්ද කියන කාරණාව වෙනත් මානයකින් වෙනත් කෝණයකින් බලන්න කියන අවශ්‍යතාවය මතයි මේ කටයුත්ත ගොඩනගලා තියෙන්නේ. ඒක නිසා ඇත්ත වශයෙන්ම අපේ ප්‍රාර්ථනාව මේ සුළු ජාතිය ද නැත්තං මුස්ලිම් ද දෙමළ ද සිංහලද බෞද්ධ කතෝලික හින්දු ක්‍රිස්තියානි ද ද ප්‍රොතෙස්තන්ත ද මේවා අපට වැදගත් කාරණා නෙවෙයි. අපිට තියෙන්නේ රටක නීතිය ජාතියක් හැටියට ලොව ඉදිරියේ නැගිටින්න අපිට තවමත් කරගන්න බැරිවෙලා තියනවා.

    අපි සම්බන්ධයෙන් නොයෙක් විවේචන තියෙන පුළුවන්. මොකද ඒක අපේ අතීත භාවිතාව. ඊට හේතුව අපි සමාජය තුළ ගොඩනැගුණු එම මේ නීතිය හරියට ක්‍රියාත්මක නොවීමෙන් ජනයා තුළ ඇතිවන ආතතීන් තේරුම් අරගෙන ඒවාට විසඳුම් සොයා දීම සඳහා කරපු අරගලයක් තමයි අපේ ජීවන භාවිතාව පහුගිය කාලේ දැක්කේ. ඒක එක එක විදිහට එක එක අය අරගන්න පුළුවන්. සුළු ජාතිය වත් වෙන කවුරුවත්වත් කලබල වෙන්න වුවමනා නෑ. අපේ කාරණාව එක ජාතියක් එක නීතියක් එක ධජයක් යටතේ නැගිට ගන්න පුළුවන් වැඩපිළිවෙළක් වෙනුවෙන් ක්‍රියාත්මක වීමයි.

    ශ්‍රී ලංකාවෙන් පිට ජීවත්වන අය සිංහල ඩයස්පෝරා, දෙමළ ඩයස්පෝරා කියලා බෙදිලා ඉන්නවා. මේ හැමෝම එකට එකතු වෙලා ශ්‍රී ලංකා ඩයස්පෝරා කියලා එකක් හැදෙනවා නම් කොච්චර හොදද. අන්න ඒකයි විය යුත්තේ. ඔබ කුමන ජාතියක වුණත් කුමන ආගමක් ඇදහූවත් ශ්‍රී ලංකාව පළමුව තබා කටයුතු කරනවා නම් එය තමයි විය යුත්තේ. මේ ගැන ගැඹුරින් කතාකරන්න ඒකට අවශ්‍ය නීති රාමුව හදන්න අපි කටයුතු කරනවා.

    ලක්ෂ ගාණක් තරුණ තරුණියන් මෙතෙක් වන්දි ගෙව්වේ ඔවුන් කළ වැරදිවලට නොවේ. ඒ නිසා ඔවුන්ට අපි වැඩි අවස්ථාවක් දිය යුතුයි. ඔවුන්ගේ අදහස් හා යෝජනා අපට ලබාදෙන ලෙස අපි ඉල්ලනවා. සියලු පුරවැසියන්ට නීතිය එක ලෙස එක සමානව ක්‍රියාත්මක විය යුතු බවත් අපි අවධාරණය කරනවා. ඒ පදනම යටතේ මේ රටේ සියලු දේශපාලන පක්ෂ ආගමික කණ්ඩායම් සිවිල් කණ්ඩායම් සමග අපි ඉදිරියේදී කතා කරනවා. සැගවුණු න්‍යාය පත්‍රවලින් තොරයි.අපගේ මතය සහ නිර්දේශ නියමිත කාලය තුළ ජනාධිපතිවරයාට අපි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

    අපිට මේ පවරපු වගකීමේ කාලය මාස හතරයි. මාස හතරකට පස්සෙ කතා කරමු, අපි කොතනද ඉන්නේ අපි කොතනටද මේ වැඩපිළිවෙළ ගෙනල්ලා තියෙන්නේ කියලා. අනේ අපේ ඉතිං ඔය අපි සම්බන්ධයෙන් කතා කරන පක්ෂ විපක්ෂ දේශපාලන බලාධිකාරිය ගැන අමුතුවෙන් මං හිතන්නේ කතා කරන්න ඕන නෑනේ. ඒගොල්ලන්ගෙ අසමත් භාවය මේ මේ පෙන්නුම් කරන්නේ. මේ සියලු කතාවලින් වැඩිය තබා මොනවද අපි මේ කතා කරන්නේ. අවම තරමින් අපට බැරි වෙලා තියෙනවා නම් එක අධ්‍යාපනයක් ඇතුළත අපේ දරුවෝ පෙළගස්වන්න. වැඩිය තබා තබා මේ කොළඹ තියෙන පාසල් ටික අරන් බලන්න. සහිරා කොලේජ් කියයි හින්දු කොලේජ් කියයි ආනන්ද නාලන්ද යනාදී වශයෙන් ගත්තයින් පස්සේ මේ අල්ලපු වැටේ මුස්ලිම් දරුවෙකුට ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්න බැරිනම් නාලන්ද විද්‍යාලයේ ඉගෙන ගන්න බැරිනම් බැරි නම් ඒ අයිතිය සහිරා විද්‍යාලයේ සිංහල දරුවකුට දෙන්නම් දෙන්නෙ නැත්තං හින්දු විද්‍යාලයට දෙන්නේ නැත්නම් මේ මුල් අවස්ථාවෙම දරුවෙක් වන වැඩෙන රට දැය සමයට එහි ප්‍රගමනය උදෙසා දරුවෙක් වගා කරන අවස්ථාවේදීම අධ්‍යාපනයෙන් බෙදලා නම් අපි කොහොමද ජාතික සමගියක් සංහිඳියාවක් සංවර්ධනයක් ගැන කතා කරන්නේ ඒ නිසා මේක අපේ වචන වලින් කිව්වොත් ඇත්ත වශයෙන්ම අවිද්‍යාත්මක දේශපාලන වටපිටාවක්නෙ මේ තියෙන්නේ. මේ සියලු ප්‍රශ්න ගැන අපිට හොඳ අවබෝධයක් තිබෙනවා. අපි අතීතය අමතක කරමු. අතීතං ඥානු ශෝතන්තී කියලා බුදු වදනක් තිබෙනවා. ඒ වගේම හෙට ගැන හිතලා වැඩිය සෝ වෙමින් ඉන්න එපා. අද දවසේ රාජකාරිය හරියට කරන්න. අපි ඒ ගැන බලමු.” යැයි ද උන්වහන්සේ එහිදී සඳහන් ක‍ළහ.

    මිනිස් ඡාවාරමකට හිටපු නාවික බුද්ධි නිලධාරියා සී.අයි.ඩී. ය අල්ලයි

    0
    arrested

    මුහුදු මාර්ග ඔස්සේ ඔස්ට්‍රේලියාවට මිනිසුන් පැටවීමේ ඡාවාරමකට සම්බන්ධ මහ මොළකරුවෙක් බව කියන නාවික හමුදාවේ බුද්ධි අංශයේ හිටපු සෙබලෙක් අපරාධ පරීික්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම ඡාවාරම් විමර්ශන හා සමෘද්ධි අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    අධිකාරී මුදියන්සේලාගේ චතුර තරංග ධනුෂ්ක බණ්ඩාර නොහොත් නේවි කමල් නැමැති ඔහු වසර 09 ක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට්ටි පනමින් සිටියෙක් බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය. මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබුණු බවද එම නිලධාරියා පැවසීය.

    මෙම නාවික බුද්ධි සෙබලා 2003 වසරේ සිට 2015 වසර දක්වා නාවික හමුදා සේවයේ නිරතව සිට ඇති බවත් ඔහුට පැවරී තිබී ඇත්තේ මහ මුහුදේ කෙරන මිනිස් ඡාවාරම ගැන තොරතුරු රැස්කිරීම බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි. එහිදී ඔහු මිනිස් ඡාවාරම්කරුවන් සමග සම්බන්ධකම් ගොඩනගාගෙන ඇතැම් දූෂිත ඉහළ නිලධාරීන්ගේද සහය ඇතිව ඕස්ට්‍රේලියාට මිනිසුන් පැටවීමේ ඡාවාරමට සම්බන්ධ වී සිට ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

    2012 වසරේ මීගමුවෙන් ඕස්ට්‍රේලියාව බලා යාත්‍රා කල බෝට්ටු දෙකකින් එකක් අතර මගදී කාර්මික දෝෂයකට ලක්ව එහි ගමන්කරමින් සිටි පිරිස නැවත පැමිණිමක් ගැන සහ පුද්ගලයින් 87 දෙනෙක් රැගත් බෝට්ටුවක සිටි පිරිසක් ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමෙන් පසු එහි සිටි 24 දෙනෙක් නැවත මෙරටට හරවා එවීමක් සම්බන්ධයෙන්
    කෙරුණු විමර්ශනයකින් නේවි කමල් නැමැත්තා ගැන තොරතුරු අනාවරණය වූ බවත් එම ඕස්ට්‍රේලියා ගමන සංවිධානයකර ඇත්තේද ඔහු විසින් බවටත් තොරතුරුද හෙළිවූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    නාවික හමුදා මුර සංචාරක යාත්‍රාවලින් ගැලවී නිදහසේ ඕස්ට්‍රේලියාව බලා යාත්‍රා කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම සදහා ඡාවාරම්කරුවන්ගෙන් මොහු එක් ගමන් වාරයක් සදහා රුපියල් ලක්ෂ 25 ක මුදලක් ලබාගෙන ඇති බවද විමර්ශන වලින් හෙළිවී ඇත. ඒ අනුව එකල ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ප්‍රකාශ පවා සටහන්කරගෙන ඇතත් අත්අඩංගුවට ගැනීමක් සිදුව නැත. විමර්ශන අවසන්කර නීතිපති උපදෙස් සදහා ගොනුව නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් පසු ඔහුව අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලැබී ඇති අතර මෙතෙක් කාලයක් ඔහු පොලීසියට කට්ටි පනිමින් සිට ඇති බවද සදහන්ය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට්ටිපනිමින් සිටි මෙම සැකකරු සිය බිරිදගේ පියාගේ සුවදුක් බැලීමට පස්සර පුහුල්වත්ත මවුස්සාගොල්ලේ පිහිටි නිවසට පැමිණි අවස්ථාවේදී රැක සිට අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම ඡාවාරම් විමර්ශන හා සමෘද්ධි අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරකෝන් බණ්ඩා මහතාගේ මෙහෙයැවීමෙන් මෙම අත්අඩංගුවට ගැනීමේ විමර්ශන සිදුව තිබේ.

    ඥානසාර හිමිගේ පත්කිරීම ගැන ජනපති-අධිකරණ ඇමතිට කියලා

    0

    එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයාගේ පත්කිරීම පිළිබඳ, එම පත්කිරීමෙන් පසුව ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා අතර සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ එක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස පළමු වරට මාධ්‍ය ඇමතීමේ අවස්ථාවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා මෙම නව පත්කිරීම සම්බන්ධයෙන් තමාව දැනුවත් නොකළ බව පවසමින් පුවත්පත් ඔස්සේ එම පත්කිරීමට සිය අප්‍රසාදය පළකර තිබූණි.

    මෙහිදී මාධ්‍යවේදියා විමසූ කරුණ වූයේ මෙම පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදුක‍ළේ අධිකරණ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමකින් තොරව ද යන්නයි.

    එහිදී කිංග්ස්ලි රත්නායක මහතා කියාසිටියේ, “මගේ අදහසේ හැටියට අධිකරණ අමාත්‍යතුමා ජනාධිපතිතුමා හමු වුණා. හැබැයි මේ සාකච්ඡාවට යොමු කරන මොහොතේ දී එතුමා කරපු ප්‍රකාශයක් උපුටා දැක්වීමක් වෙන්න ඇති මේ කරන්න ඇත්තේ. සතිඅන්තයේ ඉංග්‍රීසි පුවත්පත එම ප්‍රකාශය පළ කරන්නේ ඒ මොහොතේ ප්‍රකාශයක් නොවෙයි. නමුත් ජනාධිපතිතුමා මේ පත් කිරීමෙන් පසුව අධිකරණ අමාත්‍යතුමා මුණගැසුණා. ඒ පිළිබඳ සාකච්ඡා කරා. ඒ පිළිබඳ මාධ්‍යට ප්‍රකාශයක් නියෝජනය වන අවස්ථාවක් අපිට නම් කරලා නෑ. නමුත් ජනාධිපතිතුමා අධිකරණ අමාත්‍යතුමා ව ඉන්පසුව මුණගැසුනා කියන එක තමයි මට ප්‍රකාශ කරන්න පුළුවන්.” යනුවෙනි.

     

    “සොබාදහමට එරෙහි නොවන කෘෂි විප්ලවයක් අවශ්‍යයි”- ජනපති ලෝකයට කියයි

    0

    මිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු බව පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව අවධාරණය කරයි.

    ස්කොට්ලන්තයේ ග්ලාස්ගො හි දී පැවැත්වෙන COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව “නයිට්‍රජන් නැවත සොයා ගැනීම : දේශගුණික විපර්යාස, සෞඛ්‍ය ජෛව විවිධත්වය සහ චක්‍රීය ආර්ථිකය සඳහා විසඳුම් සහ ක්‍රියාකාරීත්වය” තේමාව යටතේ ශ්‍රි ලංකාව සංවිධාන කළ විශේෂ සම්මන්ත්‍රණය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    එ රට වේලාවෙන් ඊයේ (31) ප.ව 5.00 ට මෙම සම්මන්ත්‍රණය පැවැත්විණ.

    සිය රජයේ ප්‍රතිපත්ති රාමුව තිරසර සංවර්ධනය බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යාවත්කාලීන කළ ජාතික නිර්ණයන් සහ අභිලාෂයන්ගෙන් ඒ බව මනාව පිළිබිඹු වන බව පැවසීය.

    නවීන විද්‍යාත්මක ශිල්පීය ක්‍රමවේද සහ හුරුපුරුදු භාවිතයන් තුළින් පරිසරය විනාශ නොකොට කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීම අප හමුවේ ඇති අභියෝගයකි. දශක ගණනාවක් පුරා නිදන්ගත වකුගඩු රෝගය ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව අතර බරපතළ ගැටලුවක් වී තිබේ. රසායනික පොහොර අධික ලෙස භාවිත කිරීම මීට ප්‍රමුඛ හේතුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රසායනික පොහොර ආනයනය අවම කිරීමටත්, කාබනික කෘෂිකර්මාන්තය දැඩි ලෙස දිරිමත් කිරීමටත් තම රජය පියවර ගත්තේ මෙම සන්දර්භය තුළ බව කියා සිටියේය.

    මෙම ක්‍රියාව පුළුල් ඇගයීමට ලක්ව ඇතත්, ඊට විවේචන සහ විරෝධතා එල්ල වී තිබේ. රසායනික පොහොර සඳහා සහාය දක්වන කණ්ඩායම්වලට අමතරව, අස්වැන්න වැඩි කර ගැනීමේ පහසු මාධ්‍යයක් ලෙස පොහොර අධික ලෙස භාවිතා කිරීමට පුරුදු වී ඇති ගොවීන්ගෙන් මෙම විරෝධතා පැමිණ ඇති අතර, ශ්‍රී ලාංකීය පොහොසත් කෘෂිකර්මික උරුමය සලකා බැලීමේ දී මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    පරිසරය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රගිතිශීලි න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වන්නේ, සංවර්ධනය වෙමින් පවතින ජාතියක් ලෙස එයට මුහුණදෙන සම්පත් බාධක මාධ්‍යයේ බව පැවසූ ජනාධිපතිවරයා සංවර්ධන වැඩසටහන් සමගින් එවැනි න්‍යාය පත්‍රයක් පවත්වාගෙන යාම විශේෂයෙන් කොවිඩි වසංගතයෙන් පසුව, සංවර්ධනය වෙමින් පවතින සියලුම ජාතීන්ට අභියෝගාත්මක බව ද පෙන්වා දුන්නේය.

    සංවර්ධිත රටවල් මගින් එවැනි ජාතීන්ට සංවර්ධන ආධාර, තාක්ෂණ හුවමාරු කිරීම්, කුසලතා සංවර්ධනය, ආයෝජන සහ මූල්‍ය සහාය හරහා ඔවුන්ගේ උපරිම සහයෝගය ලබා දෙනු ඇති බවට විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා මෙහිදී ව්‍යාපාර සඳහා සැලකිය යුතු කාර්යභාරයක් පවතින අතර තිරසර සංවර්ධනය සඳහා ආයෝජන කිරීමේ දී සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබිය යුතු බව ද සඳහන් කළේය.

    අද ජීවත්ව සිටින අප සියලුදෙනා මේ මිහිතලයේ භාරකරුවෝ වන්නේ අනාගත පරපුර වෙනුවෙන් බව පැවසූ ජනාධිපතිවරයා හැකි අයුරින් ඊට දායක වෙමින් සෞඛ්‍ය යහපත තහවුරු කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද කියා සිටියේය. සියලු දෙනා සාමුහිකත්වයෙන් සහ සයෝගයෙන් මෙය ඉටුකරන්නේ නම් ජනතාවට සහ පෘථිවියට ධනාත්මක වෙනසක් උදාකර දිය හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    හරිත කෘෂිකර්මාන්තයට 100%ක්ම පරිවර්තනය වීමට තීරණය කළ ලොව පළමු රට බවට ශ්‍රී ලංකාව පත්ව සිටින බව සම්මන්ත්‍රණයට පැමිණ සිටි විදේශ නියෝජිතයන් පිළිගනිමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. දේශගුණික විපර්යාස සඳහා තිරසර විසඳුම් සහිත හරිත – සමාජ ආර්ථිකයක් නිර්මාණය කිරීම එහි අරමුණ බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

    ඉතිහාසයේ සිටි සහ වර්තමානයේ ජීවත්වන සියලු විද්‍යාඥයන් නයිට්‍රජන් සම්බන්ධව කරන ලද සොයා ගැනීම් අගය කළ අමාත්‍යවරයා නයිට්‍රජන් සොයා ගැනීමෙන් සියවස් ගණනාවකට පසු ශ්‍රී ලංකාව ද එම අභියෝගය ජය ගනිමින් සිටින බව සඳහන් කළේය.

    “දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තනය පිළිබඳ ශ්‍රී ලංකාවේ අපේක්ෂාව COP :26 සහ ඉන් ඔබ්බට” යන මාතෘකාව ඔස්සේ පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා අදහස් දැක්වූ අතර එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය ද අදහස් දැක්වූවාය.

    දෙමටගොඩ රුවන්ගේ කුඩු සල්ලිවලින් ප්‍රසිද්ධ විහාරයක භික්ෂුවකට සුඛෝපභෝගී නිවසකුත් ලැබිල

    0

    දෙමටගොඩ රුවන්ගේ කුඩු සල්ලිවලින් ප්‍රසිද්ධ විහාරයක භික්ෂුවකට සුඛෝපභෝගී නිවසකුත් ලැබිල

    මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන දෙමටගොඩ රුවන් විසින් කොළඹ ප්‍රසිද්ධ විහාරස්ථානයක භික්ෂූන්වහන්සේ නමකට මෝටර් රථයකට අමතරව සුඛෝපභෝගී නිවසක්ද ලබාදී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

    එම නිවස කඩුවෙල ප්‍රදේශයේ පිහිටා ඇති බව සදහන්ය.

    එම භික්ෂූන් වහන්සේ සතුව ඇති CAA 7— අංකය දරණ වෙසල් වර්ගයේ සුුදු පැහැති රථය භාරදෙන ලෙස දැනුම් දීම් කිිහිපයක්ම කර ඇතත් මෙතෙක් උන්වහන්සේ එය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී නැත. එය සඟසතුකළ එකක් බව එම භික්ෂුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට පවසා තිබේ. ඊට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ප්‍රතිචාරය වී ඇත්තේ පූජා කල පලියට කිලිටිවෙච්ච දේවල් අතපත ගෑමට ගිය හොත් අධිකරණය හරහා කටයුතු කිරීමට වගබලා ගන්නා බවකි. එහිදී බියට පත්වූ එම භිික්ෂුව සදහන්කර ඇත්තේ අද දවස තුළ වාහනය භාරදෙන බවකි. එහෙත් මේ මොහොත වන තුරුම වාහනය භාරදී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සදහන් කළේය.