fbpx
තවත්
    මුල් පිටුවCOVIDගෝලීය කොරෝනා මරණ ලක්ෂ 50 ඉක්මවයි

    ගෝලීය කොරෝනා මරණ ලක්ෂ 50 ඉක්මවයි

    කොරෝනා වෛරසය වැලදීමෙන් ලොවපුරා මරණයට පත්වූ සංඛ්‍යාව පනස් ලක්ෂය ඉක්මවා ඇති බව ජෝන් හෝපකින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත අනාවරණය කරයි.

    එම විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව සඳුදා වන විට මෙම ගෝලීය වසංගතයෙන් පුද්ගලයින් පනස් ලක්ෂ හාරසිය විසි පහක් මරණයට පත්ව ඇත.

    ඒ අනුව ගතවූ දින විස අටක කාලය තුලදී පමණක් පුද්ගලයින් එක්ලක්ෂ අනූහත් දහස් එකසිය දාසයක් පිරිසක් කොරෝනා වෛරසය වැලදීමෙන් මරණයට පත්ව ඇති අතර මේවන විට ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව මිලියන දෙසිය හතලිස් පහකට අධික බවද අදාල විශ්ව විද්‍යාලය පෙන්වා දෙයි.

    මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාස දෙකකට පසු යලිත් ගෝලීය මරණය සංඛ්‍යාව ඉහළයාමක් පෙන්නුම් කරන බවට සඳහන් කර තිබිණි.

    ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටේරෝස් ඇඩ්හනොම් ගෙබි්‍රයෙසස් පෙන්වා දී ඇත්තේ මේවන විට යුරෝපා කාලාපයේ සීඝ්‍රයේ ආසාදිතයින්ගේ ඉහළයාම මීට හේතුවී ඇති බවයි.

    “මේවන විට ආසාදිතයින්ගේ සීඝ්‍ර වර්ධනය කොරෝනා වසංගතය තවමත් අවසන් නොමැති බවට සිහිපත් කිරීමට සමත්ව තිබෙනවා.” යනුවෙන්ද ඔහු සිහිපත් කර ඇත.

    මේ අතර වෛද්‍ය ගෙබි්‍රයෙසස් පවසා ඇත්තේ තවමත් කොරෝනා මර්ධන එන්නත් සහ ආසාදිතයින් හදුනා ගැනීමට අවශ්‍ය පරීක්ෂණ අඩු ආදායම් ලාභී රටවලට ප්‍රමාණවත් පරිදි හිමිවී නොමැති බවයි.

    කෙසේවෙතත් මේවන විට බ්‍රිතාන්‍ය, රොමේනියාව සහ රුසියාව තුල ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළ යන අතරම මේවන විට වැඩිම සමස්ථ කොරෝන මරණ සංඛ්‍යාව වර්ථා වන්නේ ඇමරිකාවෙනි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.