fbpx
තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්පලස්තීනය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් අවශ්‍යයි - ප්‍රංශය

    පලස්තීනය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් අවශ්‍යයි – ප්‍රංශය

    දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර කෙරෙහි ප්‍රංශයේ දැඩි විරෝධය පළ වේ.

    ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මහතා සමඟ ඊයේ (22) පැවැත්වූ දුරකථන සංවාදයක දී යළිත් අවධාරණය කළේ, පලස්තීනය සහ ඊශ්‍රායලය අතර තිරසර සටන් විරාමයක් කඩිනමින් ප්‍රකාශයට පත් කළ යුතු බව යි.

    ගාසා තීරය දරුණු මානුෂීය අර්බුදයකට මුහුණ පා සිටින බවත්, රෆා නගරය වෙත ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලින් ගාසා තීරයේ තත්ත්වය තවදුරටත් අයහපත් වනු ඇති බවත් මැක්‍රොන් මහතා පෙන්වා දී තිබේ. කලාපයේ තිරසර සාමය සහතික කිරීමේ එකම මාර්ගය ලෙස “ද්වි-රාජ්‍ය විසඳුම” ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය.

    බටහිර ඉවුරේ යුදෙව් පදිංචිකරුවන්ගේ දිනෙන් දින ඉහළ යන ප්‍රචණ්ඩකාරී ක්‍රියා සහ ප්‍රහාර දැඩි ලෙස හෙළාදකින ප්‍රංශ ජනාධිපතිවරයා එවැනි ක්‍රියා නතර කරන ලෙස ඊශ්‍රායල රජයෙන් ඉල්ලා සිටී. ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් සහ “ද්වි-රාජ්‍ය විසඳුම” මත පදනම් වූ සාමයේ දැක්ම අවතක්සේරු කරමින් ජනාවාස ඉදිකිරීම නතර කළ යුතු බව ද ඔහු කියාසිටී.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.