fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඉන්දියාවෙන් ඇල්ලූ අයි.එස්.අයි.එස්. ප්‍රබලයාගේ දුරකතනයේ ලංකාවේ 702 ක් සම්බන්ධකම් පවත්වලා

    ඉන්දියාවෙන් ඇල්ලූ අයි.එස්.අයි.එස්. ප්‍රබලයාගේ දුරකතනයේ ලංකාවේ 702 ක් සම්බන්ධකම් පවත්වලා

    ඉන්දීය බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගත් අයි.එස්.අයි.එස්. අන්තවාදී ත්‍රස්තවාදීයෙකුගේ ජංගම දුරකතනයක් පරීක්ෂා කිරීමේදී ඔහු සමඟ වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධකම් පැවැත්වූ බවට හෙළිවූ ශ්‍රී ලාංකිකයින් 702 දෙනෙක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.

    ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම විමර්ශනය ආරම්භකෙරුණු බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කළේය.

    මොහොමඩ් සම්සුදීන් නැමැති එම අයි.එස්. අයි.එස්. අන්තවාදීයාගේ ජංගම දුරකතනයේ “ මුජහිදීන් ෆෝ අල්ලා“ නැමැති වට්ස් ඇප් සමූහයේ මෙම ශ්‍රී ලංකිකයන් 702 දෙදෙනා සිටින බව ඉන්දියාවෙන් මෙරටට කර ඇති දැනුම් දීම් වල සදහන්ය.

    පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ලකල ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ දේශනා , අයි.එස්. අයි.හස්. සංවිධානයේ වීඩියෝ සහ හඬ පට ද එම වට්ස් ඇප් සමූහයේ හුවමාරුවී ඇති බවද ඉන්දියාව මෙරටට දැනුම්දී ඇති බවද අධිකරණයට කරුණු දක්වමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සදහන් කර තිබේ.

    ඒ අනුව විමර්ශන ආරම්භකල ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ඉන්දියාවෙන් ලබාදුන් දුරකතන තොරතුරුවලට අනුව මොහොමඩ් තව්සාන් නැමැති සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා සම්බන්ධයෙන් ද මේ වන විට පුළුල් විමර්ශණ පවත්වන බවද ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.