fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රන්මල්ගෙන් ගුටි කෑ රියදුරා පොලිස් මූලස්ථානයෙන් ජීවිතාරක්ෂාව ඉල්ලයි

    රන්මල්ගෙන් ගුටි කෑ රියදුරා පොලිස් මූලස්ථානයෙන් ජීවිතාරක්ෂාව ඉල්ලයි

    කිරිඇල්ලේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගෙන් මහමගදී පහරකෑමට ලක්වූ පුද්ගලයා සිය ජීවිතාරක්ෂාව පතා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

    රන්මල් කොඩිතුවක්කු මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම මත ඔහු මෙම පැමිළිල්ල ඉදිරිපත්කර තිබෙන බව සදහන්ය.

    රන්මල්ගෙන් එල්ලවුණු පහරකෑම් හේතුවෙන් ඔහු රෝහල්ගතව ප්‍රතිකාරද ලබා ඇත.

    පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සදහන් කළේ රන්මල් කොඩිතුවක්කු මහතා සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් පැවැත්වෙන බවය. රන්මල් කොඩිතුවක්කු මහතාගෙන් පහරකෑමට ලක්වූ පුද්ගලයා සිය ජීවිතාරක්ෂාව පතා ඉල්ලා කළ පැමිණිල්ල පොලිස්පතිවරයාට යොමුකර ඇති බවද එම නිලධාරියා සදහන් කළේය.

    රන්මල් කොඩිතුවක්කු මහතා ගමන්කරමින් සිටි ජිප් රථය ඉස්සර කරමින් ධාවනය වූ මෝටර් රථ රියදුරෙකුට ඔහු පහරදී තිබුණි. ඊට සති දෙකකට පෙරද රන්මල් කොඩිතුවක්කු මහතා ඔහුගේ වාහනය ඉස්සරකරමින් අපරික්ෂාකාරීව රිය ධාවනය කළ බව කියමින් ද රියදුරෙක් අල්ලාගෙන විත් ඉංගිරිය පොලීසියට භාරදී ඇති බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    වත්තලදී බස් රථ රියදුරෙක්ට ඔහුගේ වාහනය ඉස්සර කර බස් රථය ධාවනය කළ බවට පහරදීමක් සම්බන්ධයෙන්ද රන්මල් කොඩිතුවක්කු මහතාට චෝදනාවක් එල්ලවී තිබුණි. ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු පවා දීර්ඝ කාලයක් පැවැති අතර පසුව එය සමතයකටට පත්විය. ඒ හේතුව නිසා කාලයක් තිස්සේ ඔහුට උසස්වීම් පවා අහිමිව තිබුණි.

    රන්මල් කොඩිතුවක්කු මහතා සම්බන්ධයෙන් මෙතෙක් සිදුව ඇත්තේ ඔහුව සබරගමුවෙන් කොළඹට ස්ථානමාරුවීමක් ලබාදීම පමණක් බවත් ඊට පෙර සතියේ මඩකලපුවේ පොලිස් කොස්තාපල්වරයෙක් විසින් යතුරු පැදිකරුවෙකුට පහරදීමක් හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන වැඩ තහනම් කළ බවද පොලීස් පොඩ්ඩෝ සදහන් කරති. පොලීසියේ ලොක්කන්ට එක නීතියක් සහ පොඩ්ඩන්ට තවත් නීතියක් ක්‍රියාත්මක වීම ගැන පොලිස් පොඩ්ඩෝ මේ වන විට සිටින්නේ දැඩි කලකිරීමකිනි. එම පහරදීම් දෙකම එකම ආකාරයේ සිදුවීම් දෙකක් බව ඔවුන් පෙන්වා දෙති.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.