fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තද වැසි සහ අකුණු අවදානමක් ගැන කාලගුණෙන් අනතුරු ඇඟවීමක්

    තද වැසි සහ අකුණු අවදානමක් ගැන කාලගුණෙන් අනතුරු ඇඟවීමක්

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මන්නාරම, බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අණතුරු අඟවයි.

    බස්නාහිර , සබරගමුව, දකුණ, මධ්‍යම හා උතුරු මැද යන පළාත්වලට ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක්ද කරයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.