fbpx
තවත්

    අද එන්නත් මධ්‍යස්ථාන 140ක්

    0

    වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට අද දිනයේත් කොළඹ ගම්පහ, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්කවල පහත මධ්‍යස්ථානවලදී කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව ජනාධිපති ලේකම් කාර්‍යාලය දන්වයි.

    එම මධ්‍යස්ථාන ඇතුළුව අද දිනයේ ද දිස්ත්‍රික් 18ක් පුරා මධ්‍යස්ථාන 140 කදී එන්නත් ලබාදේ.

    අද එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 06.11.2021

    කැලණිය නව කුලපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි

    0

    කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට කැලණිය රජමහා විහාරාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ පත් කර තිබේ.

    අපවත්වී වදාළ අති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගෙන් පුරප්පාඩු වූ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට මෙසේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි පත් කර ඇත.

    කොළඹ කොල්ලුපිටියේ අප්පුහාමි දසනායකට සහ පොඩිහාමිනේ දසනායක දෙමාපියන් දාව මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ උපත ලැබූහ.

    උන්වහන්සේ සහෝදරයන් හතර දෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ පස්වැනියාය. ළමා කාලයේ කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා අධ්‍යාපනය හා ක්‍රීඩාව යන දෙඅංශයෙන්ම විශිෂ්ට වාර්තා තබා ඇත.

    1960 ගණන්වල එවකට කැලණි රජ මහා විහාරාධිපති තලේවෙල විජිත ධම්මරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනාව යටතේ ශාසනයට ඇතුළු වූ උන්වහන්සේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ධර්ම ග්‍රන්ථ හදාරා 1979 දී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපයෙන් බෞද්ධ දර්ශනය සහ ප්‍රංශ භාෂාවට උපාධි ලැබූහ.

    අනතුරුව දිල්ලි විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි පර්යේෂණ සඳහා ප්‍රංශ භාෂාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ගැනීමට සෝබෝන් විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු කිරීමට උන්වහන්සේට අවස්ථාව උදා වූහ.

    නැවත ශ්‍රී ලංකාවට වැඩම කළ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ 1993 දී කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයට බැඳුණු අතර එහිදී බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය (2006), දෙපාර්තමේන්තු ප්‍රධානී (2006 – 2008) සහ වැඩබලන පීඨාධිපති ධූරය ද හෙබවූහ.

    එකම රටක් වෙනුවෙන් දෙමළ – මුස්ලිම් පක්ෂ එක්වෙයි

    0

    එකම රටක්, එකම නීතියක් යන මූලධර්මය ඉදිරියට ගෙනයාම වෙනුවෙන් පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය, ජනතාව අතර අසමගිය හා බෙදීම ඇති කරන දැවැන්ත අවදානමක් සහිත බැවින් එය තරයේ ප්‍රතික්ෂේප කරන බව, දෙමළ සහ මුස්ලිම් පක්ෂ ගණනාවක් සිය සාමුහික ස්ථාවරය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

    එකම රටක් තුළ නොබෙදුණු ජනතාවක් ලෙස ජීවත්වීම සඳහා දමිළ සහ මුස්ලිම් පක්ෂ එක්ව පසුගියදා සාමූහික ස්ථාවරයකට එළැඹී තිබුණේ දමිළ, මුස්ලිම් පක්ෂ 7ක සහභාගිත්වයෙන් යාපනයේදී පැවැත්විණු රැස්වීමක දී ය. ටෙලෝ සංවිධානය විසින් එම සාකච්ඡාව සංවිධානය කර තිබිණි.

    මෙම සාකච්ඡාවේදී ටෙලෝ (TELO) සංවිධානයේ නායක පා.ම. සෙල්වම් අඩෛකලනාදන්, දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ (TPA) නායක පා.ම. මනෝ ගනේෂන්, ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) නායක පා.ම. රවුෆ් හකීම්, ප්ලොට් (PLOTE) සංවිධානයේ නායක පා.ම. සිත්තාර්තන්, ඊ.පී.ආර්.එල්.එෆ්. (EPRLF) සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, පා.ම. සී.වි. විග්නේෂ්වරන්ගේ පක්ෂයේ (TMK) නියෝජිත කථිකාචාර්ය සිවනාදන් යන අය සහභාගී විය.

    මෙම රැස්වීමට සහභාගි නොවූ සෙසු පක්ෂ ද ඇතුළත්ව මෙම සාකච්ඡාව තවත් සතියකින් යළි පැවැත්වීමටත් එහිදී ඒකමතිකව තීරණය කර ඇත.

    එමෙන්ම දමිළ කතා කරන ජනතාවගේ දිගුකාලීන ඉල්ලීමක් වන දේශපාලන විසඳුම ඔවුන්ගේ දේශපාලන අභිලාෂයන් තෘප්තිමත් වන ආකාරයෙන් විය යුතුයැයි ද යෝජනා වී ඇත.

    දෙමළ ජනතාව දිගින් දිගටම මුහුණ දෙන විවිධ ගැටලු සැලකිල්ලට ගෙන පහත දැක්වෙන යෝජනා, වහා සම්මත කළ යුතු බවට ඔවුහු ඉල්ලා සිටී.

    මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති 13වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම, හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි.

    රජය සහ රජයේ අනුග්‍රහය ඇතිව උතුරු නැඟෙනහිර පළාත්වල සිදුකෙරෙන සැලසුම් සහගත ඉඩම් කොල්ලකෑම් සියල්ල වහාම නැවැත්විය යුතු බවත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඉවත් කර ඒ යටතේ රඳවාගෙන සිටින සියලු දෙනා නිදහස් කළ යුතු බවටත් ඔවුන් ඉල්ලා සිටී.

    ලබන 9 වැනිදා විරෝධතා දිනයක්!

    0

    ගුරු සංගම් හා තවත් ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති මේ මස 9 වන දින ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

    ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බලකරමින් ගුරු සංගම්, තෙල්, වරාය, විදුලිය, දුම්රිය, තැපැල් ඇතුළු වෘත්තීය සමිති ගණනාවක සාමාජික සාමාජිකාවෝ රටපුරා ස්ථාන රැසක විරෝධතා පවත්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීය.

    රට පුරා සියලු ම පාසල්වල ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ද එදින පස්වරු දෙකට කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා පවත්වන බවද ඔහු කීය.

    මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් එදින පස්වරු දෙකට කොළඹ ලිප්ටන් වටරවුම අසල රැස්වී දැවැන්ත විරෝධතාවක් නිරතවන බවද ජෝසප් ස්ටාලින් මහතා කීය.

    දෙවන මාත්‍රාව අවසන් වී මාසයකදී හැමෝටම බූස්ටර්

    0

    මේ වන විට සමස්ත ජනගහනයෙන් 71%කට අධික ප්‍රමාණයකට කොවිඩ් එන්නත් ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා අද කොළඹදී පැවැති සාකච්ඡාවකදී පැවසීය.

    වයස අවුරුදු 16 ට වැඩි සියලුම පුරවැසියන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන අතර මේ වන විට ඉතා සාර්ථක ලෙස එම එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක බව ද ඔහු කියා සිටියේය.

    විශේෂ අවශ්‍යතා ඇති දරුවන් 22832කට කොවිඩ් මර්දන එන්නත් ලබාදී ඇතැයිද සමිත ගිනිගේ මහතා සඳහන් කළේය.

    කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන මාසයක් ගතවීමට ප්‍රථම සියළුම දෙනාට බූස්ටර් එන්නතක් ලබාදීම කෙරෙහි සාකච්ඡා පවත්වන බව ද සමිත ගිනිගේ මහතා කීවේය.

    ස්විස් ගුවන් සේවය කොළඹ බලා යළි මෙහෙයුම් අරඹයි

    0

    ලුෆ්තන්සා සමූහ ව්‍යාපාරයේ සාමාජික ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවය අද (05) සිට කොළඹ බලා යළි සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.

    එයාර්බස් 340 LX 8064 දරණ සූරිච් සිට කොළඹ දක්වා වූ මංගල ගුවන් යානය පෙරවරු 7:30 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වූ පසු උත්සවාකාර ජල ප්‍රහාරක ආචාරයක් මගින් පිළිගනු ලැබීය.

    පසුව උඩරට සම්ප්‍රදායික නර්තන ප්‍රසංගයක් සහ අමුත්තන් පිළිගැනීමේ සමාරම්භක උත්සවයක් පැවැත්විණි.

    අදාළ ගුවන් යානය මඟින් විදේශීය සංචාරකයන් 96 දෙනෙකු සහ ගුවන් නියමුවා ඇතුළු කාර්යය මණ්ඩලය 12 දෙනෙකු ද පැමිණ තිබේ.

    කොවිඩ් අවදානම් තත්ත්වය හේතුවෙන් ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවය සිය සේවා කටයුතු 2019 වසරේ සිට අත්හිටුවනු ලැබීය.

    ඒ අනුව නැවතත් අද සිට ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවය ආරම්භ කළ අතර සතියේ සෑම සිකුරාදා දිනකම සුරීච් සහ කටුනායක ගුවන් තොටුපොළ අතර ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    සූරිච් සිට කොළඹ දක්වා දුර කිලෝමීටර් 8023 / නාවික සැතපුම් 4332 ක් වන අතර ඇස්තමේන්තුගත පියාසැරි කාලය පැය නවය විනාඩි පනස් හයකි.

    සූරිච් යුරෝපයේ සහ ඇමරිකාවේ සෙසු ප්‍රදේශවලට පහසු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක ය.

    දීපවාලි ගිනිකෙළි නවදිල්ලියේ හුස්ම හිරකරයි

    0

    දීපවාලි සැමරුමත් සමඟම ඉන්දියාව අගනගරය වන නව දිල්ලියේ වායු තත්ත්වය මිනිසට අහිතකර මට්ටමට දූෂණය වී ඇති බවට එරට බලධාරීන් අනතුරු අඟවා ඇත.

    බ්‍රහස්පතින්දා දිනයා හින්දු ජාතිකයින් සැමරූ දීපවාලී උත්සවය ඉන්දියාව පුරා ජනතාව ගිනිකෙලි දල්වමින් සැමරීය. එහිදී නවදිල්ලි නරගයේ දැල්වූ ගිනිකෙලි වලින් නිකුත් වූ දූම් හේතුවෙන් නගරයේ වායු මිනිස් ආග්‍රහනයට නුසුදුසු මට්ටමකට පත්ව ඇති බවට ඉන්දීය බලධාරීන් පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකාවේ සමස්ථ ජනහනයට සමාන ජනගහනයක් ජීවත්වන නව දිල්ල නගරයේ ජීවත් වේ. ඒ අනුව නගරයේ ධාවනය වන රථ වාහන වලින් සහ කර්මාන්ත ශාලා වලින් නිකුත් කෙරෙන දුම් නගරයෙන් පිටත හමා යාම අඩුවීම හේතුවෙන් ලොව දරුණුතම වායු දූෂණයට ලක්වූ නගරය බවට පත්ව ඇත්තේ නව දිල්ලි නගරයයි.

    කෙසේ වෙතත් මෙවර දීපවාලි උත්සවයේදී නව දිල්ලි නගරය තුල ගිනිකෙලි දැල්වීමෙන් වලකින ලෙස එරට රජය දැණුම්දී තිබුනද ජනතාව සුපුරුදු ලෙස ගිනිකෙලි දල්වමින් දීපවාලි උත්සවය සැමරූ අයුරු විදෙස් මාධ්‍ය වර්තා කර තිබිණි.

    ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගා ගස්යායේ ඤාණිස්සර නාහිමි අපවත්වෙති

    0

    මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ප්‍රංශයේ ජේතවන විහාරාධිපති, ප්‍රවචන කීර්ති ශ්‍රී අග්ගාරාමාභිධාන, ත්‍රිපිටක ධර්ම විශාරද රෝහණ කීර්ති, රාජකීය පණ්ඩිත, ආචාර්ය මුරුංගස්යායේ ඤාණිස්සර නාහිමියෝ අද (05) දින අපවත් වී ඇත.

    අපවත්වනතුරුම සෑම වසරකම ශ්‍රී ලංකාවට වැඩම කළ මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියෝ වෛද්‍ය විද්‍යාලවලට තේරිපත්වන දරුවන්ට ශිෂ්‍යත්ව දීම, අසරණයන්ට නිවාස ඉදිකරදිම, ඇස් කණ්ණාඩි දීම, ආදි දහසකුත් සමාජ සේවාවන්හි නිරත වූහ.

    කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසර දෙකක පමණ කාලයේ දි ලංකාවට වැඩමකිරිමට නොහැකිව සිටි උන්වහන්සේ සමාජ මෙහෙවර රැසක් සැළසුම් කරගෙන පසුගියදා මෙරටට වැඩම කර සිටිය දී මෙසේ අපවත් වී ඇත.

    ලක්බිම හිටපු ප්‍රධාන උප කර්තෘ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී තිලකවර්ධන මහතා ” ගුරුපාරෙන් බෝමළුවට ” කෘතියෙහි නාහිමියන් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් පහතින් දැක්වෙයි.

    * ඔබ වහන්සේගේ උපන් දිනය –

    1945 අ⁣ගෝස්තු 10 වෙනිදා

    * මුරුංගාගස්යායේ කියන්නේ ඉස්සර බොහෝම දුෂ්කර ගමක් නේද?

    ඔව් .දැන්නම් ගම සාමාන්‍ය දියුණු මට්ටමක තිබුණත් අපි පුංච් කාලේ හරිම දුෂ්කරයි.හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුවේ තමයි අපේ ගම පිහිටියේ.

    අපේ ගෙදර ඉලුක් සෙවිලි කළ කටුමැටි ගෙදරක්.වරක් ඉලුක් සෙවිලි කළ විට අවුරුදු පහක් ව්තර පයින් යනවා.නාන්න තියෙන තැනට උදේම නොගියොත් වතුර ඉවර වෙනවා.ඒ නිසා හුළු අතු බැඳගෙන පාන්දරම අපි නාන්න යන්නේ.මිද්දෙණියෙ ඉඳලා අපේ අම්මා වතුර ඔළුවේ තියාගෙන එනවා මට මතකයි.

    * පවුලේ විස්තර –

    තාත්තා එස්.ඒ.වීරක්කොඩි, අම්මා අමරකෝන් දිසානායක පුංචිහාමි, අපේ තාත්තා ගමේ හිටපු ප්‍රධානියෙක්.තාත්තා ඒ කාලේ ගමේ උදවිය අරගෙන රටේ විවිධ ප්‍රදේශවල වන්දනාවේ යනවා මතකයි.මට අයියලා දෙන්නෙකුයි අක්කයි නංගිලා දෙන්නයි.මම පවුලේ පස්වෙනියා.එක නංගි කෙනෙක් 2006 දි මියගියා.

    * ඉගෙනුම ලැබු පාසල-

    මිද්දෙණියෙ ප්‍රාථමික විදුහල

    * ඔබ වහන්සේට පැවිදි වෙන්න අදහසක් ආවේ කොහොමද?

    මම පුංචි කාලේ තාත්තා අපිට උළු සෙවිලි කරපු ගෙයක් හැදුවා.ඒ අලුත් ගෙදර පදිංචියට යන්න කලින් හාමුදුරුවෝ දෙනමක් වස් වසවා ගත්තා.මේ දෙනම බණ දේශනා කළා.බෝධි පුජා පැවැත්වුවා.

    මට එතකොට අවුරුදු 8 ක් විතර ඇති.මම තමයි බෝධි පුජාවට, බණට කලින් දවුල ගහන්නේ.කිසිම තාලයක් නැහැ දවුලට.හිතෙන තාලෙට දවුල ගහනවා.ඉතින් ගෙදර කරපු ඒ පින්කමත් මගේ හිතට බලපැවා.

    තව මම පුංචි කාලේ අම්මගේ චිත්තයක් සිවුර වගේ පොරවගෙන පිණ්ඩපාතයේ යනවා.මගේ යාළුවෝ් තමා පිණ්ඩපාතයේ බෙදන්නේ.අපි නිතරම යාළුවෝ එකතු වෙලා වැලිබත් පිසිනවා.හැබැයි මම කවදාවත් හාමුදුරුනමක් පිණ්ඩපාතයේ වඩිනවා දැකලා නැහැ.ඒත් ඒක සසර පුරුද්දට කරන්න ඇති.

    තව සිද්ධියක් මතක් වුණා.වස් කාලේට අපේ තාත්තා විවිධ පළාත්වලින් ප්‍රසිද්ධ ධර්ම කථිකයන් වහන්සේලා අපේ ගෙදරට වැඩම්මුවා.මිද්දෙණියෙ ඉඳලා පෙරහරකින් ඒ හාමුදුරුවරු වැඩම කළේ.දවසක් මුලනේ අග්ගාරාම ලොකු හාමුදුරුවෝ මේ බණට වැඩියා.ඒ හාමුදුරුවෝ තාත්තගේ මාමා කෙනෙක්.ඉතින් අග්ගාරාම හාමුදුරුවෝ තාත්තාගෙන් අහලා තිබුණා මාව මහණ කරන්න.මමත් එක පයින්ම කැමැති වුණා.

    * පැවිදි වුණේ..?

    විතාරන්දෙණියේ ඇත්ගාලමුල්ල අශ්වත්ථාරාමයට 1955 මැයි මාසයේ තමයි පන්සලට ආවේ.1955 ජුනි 25 වෙනිදා අග්ගාරාම මාහිමියන්ගේ ශිෂ්‍යයෙක් ලෙස පැවිදි වුණා.

    * ඉගෙනගත් පිරිවෙන..?

    අද වගේ පැවිදි කරපු දවසට පහුවදා ඉස්සර පිරිවෙනකට දාන්නේ නැහැ.ඒ කාලයේ අවුරුදු හතරක් විතර මම අපේ ලොකු හාමුදුරුවෝ ළඟ ශතක පොත් , පාලි වරනැගිල්ල ආදි මුලික පොතපත ඉගෙන ගත්තා. පාලි නිඝණ්ඩුවේ ගාථා අටසීය ගණනක් මට පුංචි කාලේම කට පාඩම්.පහු කාලීන මගේ අධ්‍යාපනයට විශාල ලෙස වැදගත් වුණා.ඊට පස්සේ තංගල්ලේ ධම්මදින්න පිරිවෙණට ඇතුළත් වුණා.ඒ පිරිවෙන කාලයක් වැහිලා තිබුණා.ඊට පස්සේ 1960 දි නැකතට අකුරු කියවලා මාව පිරිවෙනට ඇතුළත් කරගත්තා.දැන් එය දියුණු පිරිවෙනක්.

    * ඔබ වහන්සේ විද්‍යෝදය පිරිවෙනේ දීප්තිමත් ශිෂ්‍යයෙක්..?

    ඔව්.1962 දි තමයි විද්‍යොදය පිරිවෙනට ඇතුළත් වුණේ.මට අවුරුදු 17 යි.මම පන්තියේ දෙවැනියාගෙන් පහළට ගියේ නැහැ.පත්බේරියේ විමලඥාන හාමුදුරුවෝයි මමයි අතරේ තරඟය තිබුණේ.එක් වරක් උන් වහන්සේ පළමු වැනියා වෙනවා.අනිත් වතාවේ මම පළවැනියා වෙනවා.

    විද්‍යොදයට ඇතුළත්වි වර්ග පටිපාටියෙන් අවසාන වර්ෂයේ දක්ෂම ශිෂ්‍යයාට ශ්‍යාමරාජ ත්‍යාගය ලැබෙනවා.මෙය ශිෂ්‍යයාට ලැබෙන ඉහළම ගෞරවයක්.වසරකට එක් ශිෂ්‍යයෙකුට පමණයි මේ ත්‍යාගය ලැබෙන්නේ.මෙතනදි මමයි පත්බේරියේ විමලඥාන හාමුදුරුවෝයි ගැටලුවකට මුහුණ දුන්නා.අපි දෙන්නාටම ශ්‍යාමරාජ ත්‍යාගය ගන්න උවමනා වුණා.ඒ නිසා මම 1968 දි විභාගය ගත්තා.උන් වහන්සේ 1969 දි විභාගය ගත්තා.ඒ නිසා අපි දෙන්නටම ශ්‍යාමරාජ ත්‍යාගය ලැබුණා.

    * ඔබ වහන්සේ අධ්‍යාපනය ලබන කාලේ පිරිවෙනේ වැඩසිටිය පඬිවරුන් කවුද ?

    පරිවේනාධිපති වුණේ කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥශේඛර මහනායක හාමුදුරුවෝ.වේඬරුවේ අනෝමදස්සි නාහිමි, රද්දැල්ලේ පඤ්ඤාලෝක අනුනාහිමි, පල්ලාවෙල සද්ධාතිස්ස නාහිමි, අඹන්වැල්ලේ පඤ්ඤාසේකර අනුනාහිමි, හෑගොඩ ඛේමානන්ද නාහිමි, දොරටියාවේ නන්දසාර නාහිමි, වැනි ශ්‍රෙෂ්ඨ පඬිවරුන්ගෙන් මම අධ්‍යාපනය ලැබුවා.

    * විශ්ව විද්‍යාල අධ්‍යාපනය –

    මම ඉගෙනගත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්.දර්ශනය, බෞද්ධ දර්ශනය , සිංහල විෂයයන් හැදෑරුවා.ඒ කාලේ විෂයයන් දෙකකින් උපාධිය හැදෑරිම අත්හදා බැලිමක් කලා.මාත් ඒක කළා.පස්සේ දර්ශන විශේෂ උපාධියට හැදැරුවා.මහාචාර්ය එදිරිවිර සරත්චන්ද්‍ර , කේ.එන්.ජයතිලක ඩබ්ලිව්.එස්.කරුණාරත්න ආදි මහ ඇදුරන් මගේ ගුරුවරු වුණා.

    * විශ්ව විද්‍යාල ජිවිතේ කොහොමද ?

    ඒ කාලේ දර්ශනය සංගමයේ හා බෞද්ධ සංගමයේ මම සභාපති වෙලා හිටියා.සංඝාරාමයේ තිබු භික්ෂු සංගමයෙත් මම සභාපති.තව පෙරදිග භාෂා සංගමය කියලා සංගමයක් තිබුණා.ඒකෙත් සභාපති මමයි.

    සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති වෙලා ඉන්න කාලේ චක්‍රලේඛයක් ආවා හාමුදුරුවන්ට පත්විම් කියලා.අධ්‍යාපනවේදි උපාධිය කරපු හිමිවරුන්ට කියලා තිබුණා ගුරු පත්විම ගන්නනම් සිවුරු හැර එන්න කියලා.ඒ නිසා ඒ චක්‍රලේඛයට එරෙහිව අපි පෙළගැසුනා.ප්‍රධාන විශ්ව විද්‍යාල හතරේ භික්ෂු සංගම් එකතු කරලා අන්තර් භික්ෂු විශ්ව විද්‍යාල බල මණ්ඩලයක් හැදුවා.මමයි පේරාදෙණියේ සංවිධායක.ඔිමල්පේ සෝභිත හාමුදුරුවෝ විද්‍යොදයේ (ජයවර්ධනපුර) සංවිධායක.අපි අධ්‍යාපන අමාත්‍යාංශයට ගිහින් සාකච්ජා කළා.මැතිනියත් නියෝජිතයෙක් එවලා තිබුණා.එතුමිය චක්‍රලේඛය ගැන දන්නේ නැහැ කිව්වා.

    මම නැගිටලා කිව්වා ඔය කතා කොණ්ඩේ බැඳපු චීන්නුන්ට කියන්න කියලා.මේ වගේ බරපතල ප්‍රශ්නයක් රටේ අගමැතිනිය දන්නේ නැත්නම් ඒ වගේ පාලකයන් පොල්පිතිවලින් හදාගන්න පුළුවන් කියලා මම කිව්වා.පස්සේ චක්‍රලේඛය ඉවත්කර ගත්තා.අද ඔය භික්ෂු අන්තරේ කියන්නේ අපි හදපු සංගමය තමයි.අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු සංගමය ඇතිවු⁣ණේ ඒ විදියට.

    * නායක හාමුදුරුවෝ අධ්‍යාපන කේෂ්ත්‍රයටත් පිවිසිණා..?

    රජයේ උපාධිධාරි පත්විම මට ලැබුණේ කදුරුපොකුණ මහ විද්‍යාලයට.ඊට කලින් මැල්සිරිපුර පොල්ගොල්ලේ ශාස්ත්‍රානන්ද පිරිවෙනේ කෙටි කාලයක් ඉගැන්නුවා.කදුරුපොකු⁣⁣⁣ණේ විද්‍යාලයෙන් මම කොළඹ වනාතමුල්ලේ සීවලි මහ විදුහලට ආවා.එදා කදුරුපොකු⁣⁣⁣ණේන් මම එනවිට විදුහල්පතිතුමා ඇඬුවා.

    පස්සේ විද්‍යෝදය පිරිවෙනේ ගුරුවරයකු ලෙස පත්වුණා.ඔයඅතරේ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ධර්මාධ්‍යක්ෂ තනතුරට පත්වුණා.විශ්ව විද්‍යාල සිසුන් හිමිදිරියේම අවදිකරවා භාවනා කරවිම පහසු නැහැ.ඒත් මම ඒ වැඩේ හරියට කළා.මහචාර්ය කාක්කපල්ලියේ අනුරුද්ධ නාහිමියන් ඒ දවස්වල කිව්වා මුරුංගාගස්යායේ ස්ථවිරයන් විතරයි ධර්මාධ්‍යක්ෂ තනතුර හරියට කළේ කියලා.

    විද්‍යාලංකාර (කැලණිය )විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යකමකට සම්මුඛ පරික්ෂණයකට මම ගියා.මහාචාර්ය ඩබ්ලිව්.එස්.කරුණාරත්න මහතා තමයි සම්මුඛ පරික්ෂණය කළේ.මම එයින් සමත්වුණා කියලා එතුමා මගේ යාළුවෙකුට කියලා තිබුණා.ඒත් දේශපාලන බලපෑමක් නිසා මට පත්විම ලැබුණේ නැහැ.අදත් මම සතුටු වෙනවා ඒ පත්විම නොලැබුණාට.ඒ පත්විම එදා ලැබුණානම් මම විශ්ව විද්‍යාල තුළම හිරවෙලා ඉන්නවා.මේ අද කරන කිසිම සේවයක් මට කරන්න වෙන්නේ නැහැ.

    * ඔබ වහන්සේ විදේශ ධර්මදුත සේවයට යොමු වුණේ කොහොමද?

    ඊට පෙර පුංචිකතාවක් කියන්නම්.මම පන්සලට ආපු වෙලාවක ගොළු මනුස්සයෙක් ආවා.මෙයා ශාස්ත්‍ර කියනවා.හැමෝම මෙයාගෙන් ශාස්ත්‍ර අහනවා.කියන්නේ හත් දෙනාටයි.මම ඉතින් බුලත් කොළයක රුපියලයක් දීලා ගොළු මනුස්සයා ගෙන් සාත්තරේ ඇහැව්වා.මේ මනුස්සයාට හොඳට සිංහල ඉංග්‍රීසි ලියන්න පුළුවන්.සාත්තරය ලියල⁣ා පෙන්වනවා.මෙයා ලිව්වා මම වැඩිකලක් ලංකාවේ ඉන්නේ නැහැ කියලා.පිටරට යාමක් ගැන මගේ ඒ කාලේ හිතකවත් තිබුණේ නැහැ.

    ඉතින් දවසක් විද්‍යෝදය පිරිවෙනේ උගන්වමින් ඉන්නකොට වත්මන් පරිවේනාධිපති බලංගොඩ සෝභිත හාමුදුරුවෝ ඇවිත් මගෙන් ඇහැව්වා ප්‍රංශයට යන්න කැමැතිද කියලා.මම හා කිව්වා.පස්සේ තමයි දැනගත්තේ හොඳට බණ කියන්න පුළුවන් හිමිනමක් ප්‍රංශයේ වැඩසිටින පරවාහැර චන්දරතන නාහිමියෝ සොයමින් සිටි බව.ඒ ඇරයුම තමයි මට පැරිසියට එන්න ලැබු⁣ණේ.දැනට මම ප්‍රංශයට ඇවිත් දශක තුනක් විතර වෙනවා.

    1985 ජුලි 3 වෙනිදා තමයි ප්‍රංශ ගමන තිබු⁣ණේ.ඒත් මම 2 වෙනිදාත් පිරිවෙනේ ඉගැන්නුවා.මම යන්න හදනවිට පරිවේනාධිපති අකරටියේ අමරවංශ නාහිමියන් කිව්වා ඤාණිස්සර ස්ථවිරයන්ගේ යෑම මට ගුරුවරු හතර පස්දෙනෙක් නැතිවුණා වගේ සමානයි කියලා.ගුරුවරුනම් ඔිනේතරම් හොයාගන්න පුළුවන්.ඒත් ඤාණිස්සර ස්ථවිර වගේ ගුරුවරු හොයා ගන්න බැහැ කියලා එදා නායක හාමුදුරුවෝ කිව්වා.ශිෂ්‍යයනුත් උත්සවයක් පවත්වලා කථා පැවැත්වුවා.තමන්ට අම්මා තාත්තා නැතිවුණා වගේ දැනෙනවා කියලා කිව්වා.එය මගේ හිතට තදින්ම දැනුනා.

    * ඔබ වහන්සේ සෑම වසරකම වෛද්‍ය සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනමනවා.?

    ඔව්.මගේ නංගි සෝමා ඉගැන්වු පාසලෙන් වෛද්‍ය විද්‍යාලයට සමත්වුණු ළමයෙක් ඉතාම ආර්ථික අපහසුතාවලින් පෙලි සිටිනවා කියලා මට කිව්වා.ඒ ළමයාට උදව් කිරිමෙන් තමයි ශිෂ්‍යත්ව වැඩපිළිවෙළ ආරම්භ කළේ.ඉතින් මේ වැඩපිළිවෙළ පුළුල් වෙලා වාර්ෂිකව එවැනි සිසුන්ට ශිෂ්‍යත්ව දෙනවා.

    * එපමණක් නොවේ ඔබ වහන්⁣සේගේ සමාජ මෙහෙවර අතිවිශාලයි…?

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ විහාරවල වැඩසිට අපවත්වන ස්වාමින් වහන්සේලාගේ ආදාහනය වෙනුවෙන් ආධාර කිරිම, මිද්දෙණිය කදුරුපොකුණ විදුහල්වලින් සරසවි ලබන සිසුන්ට ශිෂ්‍යත්ව ලබාදිම , සුනාමි හා ගංවතුරෙන් විපතට පත් අයට නිවාස ඉදිකර දිම, රණවිරු පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව දීම, රෝහල්වලට උපකරණ දීම වගේ නොයෙක් සේවාවන් කර තිබෙනවා.ඒ වගේම මිද්දෙණියෙ රෝහලේ කෝටි 4 1/2 ක් පමණ වියදමෙන් අංග සම්පුර්ණ වාට්ටු සංකීර්ණයක්,ඇතුළු තවත් පහසුකම් ඉදිකළා.එහි වෛද්‍ය නිල නිවාසයකුත් ඉදිකළා.කොරෝනා කාලේ එම රෝහලේ කොරෝනා රෝගින් සදහා වෙන්කළා.ඒ රෝගින්ට අවශ්‍ය සියලුම පහසුකම් මම ලබා දුන්නා.රෝ්ගින්ට මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයටත් වියදමට අවශ්‍ය මුදල් මම පිරිනැමුවා.

    * ඔබ වහන්සේ මෙතරම් සේවාවක් කරන්නේ කොහොමද ?

    මම මේ හැම දෙයක්ම කරන්නේ කාගෙන්වත් සත පහක්වත් ඉල්ලලා නොවේ.මට ලැබෙන දේ තමයි මම මේ දන් දෙන්නේ.ඒක මට සතුටක්.මේ උදව් ලබන අයගෙන්වත් මම ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්නේ නැහැ.මම දෙන ආධාරයෙන් ඒ දරුවෝ හොඳට ඉගෙන ගන්නවානම් මට ඒ ඇති.අඩුතරමින් ඒ අයගෙන් ස්තුති කරපු ලිපියක්වත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ.

    ගුරු- විදුහල්පතිවරුන් පාර්ලිමේන්තුවට යාමේ සූදානමක්

    0

    අයවැය ඉදිරිපත්කරන ලබන 12 වෙනිදා ගුරු විදුහල්පතිවරු බොරැල්ල ආයුර්වේද වටරවුමට රැස්ව පාර්ලිමේන්තුව දක්වා විරෝධතා පාගමනකින් ගමන් කිරීමට සැළසුම්කර ඇතැයි බුද්ධි අංශ බලධාරීන්ට දැනුම්දී තිබේ.

    පෙරවරු 9.00 ට පාගමන ආරම්භ කිරීමට සැළසුම්කර ඇති බවත් ඒ සදහා දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් ගුරුවරු සහ විදුහල්පතිවරු කැදවීමට මේ වන විටත් සංවිධාන කටයුතු සිදුවෙමින් ඇති බවත් බුද්ධි අංශ සදහන් කරයි. ඒ සදහා ‍සෙසු වෘත්තීය සමිතිවල සහය ලබාගැනීමටද සාකච්ඡා පැවැත්වෙන බව බුද්ධි අංශ වැඩිදුරටත් අනාවරණය කරයි.

    මේ අතර සියලු වෘත්තිය සමිති ඒකාබද්ධව ලබන 09 වෙනිදා කොළඹ දී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරන බව ලංකා ගුරු සංගමය සදහන් කරයි.

    කොළඹ ලිප්ටන් වටරවුමේදී එම උද්ඝෝෂණය පැවැත්වීමට සැළසුම්කර ඇත්තේ පැසල් නිමවීමෙන් අනතුරුය. කොළඹ පාසල්වල ගුරු විදුහල්පතිවරුන් ප්‍රමුඛ සෙසු වෘත්තීය සමිතිවල සහය ද ඇතිව පැවැත්වෙන එම උද්ඝෝෂණයට සමගාමීව දිවයිනේ සෑම ප්‍රධාන නගරයකම එදින එම වේලාවටම උද්ඝෝෂණ පැවැත්වීමටද සැළසුම්කර තිබේ.

    බඩු ගන්න කොන්දේසි පැනවීම නීතිවිරෝධියි

    0

    සතොස මගින් හාල් සහ සීනි මිලදී ගැනීමේදී තවත් භාණ්ඩ 5ක් මිලදී ගත යුතු බවට පනවා ඇති කොන්දේසිය නීතිවිරෝධී බව නීති විශාරදයෝ පෙන්වා දී තිබේ.

    භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණෙන පාරිභෝගිකයින්ට කොන්දේසි පැනවීමට කිසිසේත් හැකියාවක් නොමැති බව අධිකරණ අමාත්‍යංශයේ උපදේශක ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා කියාසිටී.

    පාරිභෝගික ආරක්ෂණ පනතට අනුව අදාළ වෙළෙඳ ආයතනයේ එම භාණ්ඩ තොග තමන් සතුව ඇත්නම් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය මත පාරිභෝගිකයාට භාණ්ඩ සැපයිය යුතු බව හෙතෙම සඳහන් කළේය.

    එවන් අවස්ථාවක් මතුවුවහොත් පාරිභෝගික අධිකාරියට ඒ බව පැමිණිලි කිරීමේ අවස්ථාව පවතින බවද ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය.

    එපමණක් නොව එහිදී පාරිභෝගික අධිකාරිය වහාම ඒ ස්ථානයට ගොස් ඒ පිළිබඳ සොයා බලා අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හෝ එවැනි ආකාරයට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට දැඩි සේ අවවාද කර කටයුතු කිරීමේ හැකියාව ද පවතින බව ඔහු සඳහන් කළේය.

    වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත‍‍ා මෙම කොන්දේසිය පැනවීම සම්බන්ධයෙන් පවසා තිබුණේ පෞද්ගලික ව්‍යාපාරිකයන් සතොසෙන් අඩුමිලට විශාල ලෙස සහල් හා සීනි තොග මිලට ගෙන වැඩිමිලට ජනතාවට ලබාදීම වළක්වා, සැබෑ පාරිභෝගිකයා වෙත මෙම භාණ්ඩ අඩුමිලට ලබාගැනීමට හැකිවන පරිදි පසුබිම සකස් කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.

    සපුගස්කන්දේදී ගමන්මල්ලකින් හමුවූ මළ සිරුර මාළිගාවත්තේ කාන්තාවකගේ බව හෙළිවේ

    0

    සපුගස්කන්දේ කසල ගොඩ තිබුණු ගමන් මල්ලකින් හමුවූයේ මාළිගාවත්තේ පදිංචිව සිටි කාන්තාවකගේ මළ සිරුරක් බව හෙළිවී ඇත.

    එම කාන්තාව 29 වෙනිදා සිට අතුරුදන්ව ඇති බවට ඇගේ සැමියා විසින් බ්ලූමැණ්ඩල් පොලිස් ස්ථානයට ඉකුත් 30 වෙනිදා පැමිණිල්ලක්ද කර තිබෙන බව පොලිස් තොරතුරු සදහන් කළේය.

    මුස්ලිම් ජාතික කාන්තාවක් වන ඇය කාන්තාවන් කිහිප දෙනෙක් සමග කොළඹ නගරයේ සැරිසරමින් බූරු පිටි පවත්වාගෙන යන්නියක් බවට තොරතුරුද මේ වන විට පොලීසියට ලැබී ඇත. එම කාන්තාව ඉකුත් 29 වෙනිදා කාන්තාවක් මුණ ගැසීමට බව පවසමින් බ්ලූමැන්ඩල් ප්‍රදේශයට ගිය පසු අතුරුදන්වී තිබෙන බවද සදහන්ය.

    පොලීසිය මේ වන විට ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන කටයුතු ආරම්භකර ඇති අතර මෙම ඝාතනයේ අභිරහස වැඩි කාලයක් යන්නට මත්තෙන් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරයි.

    පුද්ගල ආයෝජන ඉහළ නංවන ලෝක බැංකු ව්‍යාපෘතියට ශ්‍රී ලංකාවත් එක්වෙයි

    0

    ලෝක බැංකුවේ මානව ප්‍රාග්ධන ව්‍යාපෘතියට එක්වූ 82 වන රට බවට ශ්‍රී ලංකාව පත්වී තිබේ. ඒ ඔස්සේ මෙරට සෞඛ්‍යය, අධ්‍යාපනය සහ සමාජ ආරක්ෂණය වැනි මානව ප්‍රාග්ධන අංශයන් සඳහා ඉහළ සහ වඩාත් යහපත් ආයෝජනයන් වේගවත්ව සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බව ලෝක බැංකුව පවසයි.

    පසුගියදා (03) පැවති ඉහළ මට්ටමේ මානව ප්‍රාග්ධන සමුළුවේදී අවම වශයෙන් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 12 දෙනෙකු සහ මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු එක්වී අනාගත ඵලදායීතාවය සහ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම සහ, හරිත, ඔරොත්තු දෙන සහ සංගෘහිත සංවර්ධනයක් උදෙසා මානව ප්‍රාග්ධනය සඳහා වන ආයෝජන කඩිනම් කිරීමේ ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කළහ. මෙම අවස්ථාව ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින මේ පිළීබඳව උනන්දුවක් දක්වන නිරීක්ෂකයින් 200කගේ පමණ ආකර්ෂණයට ලක් විය.

    “පුද්ගලයින් සඳහා ආයෝජනය කිරීම අප රජයේ උපාය මාර්ගයේ කේන්ද්‍රස්ථානය වන අතර, එය කොවිඩ් -19 වසංගතයෙන් පසු රට යථා තත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රධාන සාධකයක් ද වන්නේය. මානව ප්‍රාග්ධන ආයෝජනය සඳහා ප්‍රමුඛත්වය ලබාදීම, මුල් ළමාවිය අධ්‍යාපනය වැඩිදියුණු කිරීම, විශ්වීය මට්ටමේ ප්‍රාථමික සහ ද්වීතීයික අධ්‍යාපනයක් සාක්ෂාත් කර ගැනීම , උසස් අධ්‍යාපනය මෙන්ම වෘත්තීය සහ තාක්ෂණික අධ්‍යාපනයට ප්‍රවේශ වීම සහ එහි ගුණාත්මය ඉහළ නැංවීම, අනාගත සෞඛ්‍ය සේවා අභියෝගයන්ට මුහුණ දීමට හැකි වන පරිදි සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, සමෘද්ධිය සහ අනෙකුත් සුබසාධන ජාලයන් සහ රැකියා වැඩසටහන් හරහා අසරණ පුද්ගලයින්ට සහ පවුල් වලට සහාය ලබා දීම සඳහා අපි අඛන්ඩ ප්‍රමුඛත්වය ලබා දෙන්නෙමු” යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

    ශ්‍රී ලංකාවේ ශක්තිමත් මානව සංවර්ධන අංශයේ ප්‍රතිඵල සාපේක්ෂ වශයෙන් ඉහළ අගයක් ගන්නා බව කොවිඩ්-19 මානව ප්‍රාග්ධන දර්ශකයේ අගයන් ගෙන් පිළිබිඹු වන අතර, මෙම අගය දකුණු ආසියානු කලාපයට සහ ගෝලීය සාමාන්‍යයට වඩා ඉහළ අගයක් ගනී. කෙසේවෙතත්, කොව්ඩ් -19 ගෝලීය වසංගතය නිසා රැකියා අහිමිවීම්, ඉගෙනුම් අර්බුදයන් සහ උග්‍ර වන මන්ද පෝෂණය ඇතුළු තත්වයන් ශ්‍රී ලංකාවේ සමස්ත මානව ප්‍රාග්ධනය කෙරෙහි අහිතකර බලපෑම් සිදුකර ඇත. මෙම සියලු තත්වයන්, විශේෂයෙන්ම ඒවාට මුහුණ දීමේ යාන්ත්‍රණයක් නොමැති දැනටමත් අසරණව සිටින කණ්ඩායම් අතර දරිද්‍රතාවය සහ අවදානම වැඩි කිරීමට හේතු වී ඇත.

    සෞභාග්‍යය සහ අභිමානය පිළිබඳ රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුවට රුකුලක්වෙමින් සෞඛ්‍යය, අධ්‍යාපනය සහ සමාජ ආරක්ෂණය සඳහා වන ඉලක්කගත ක්‍රියාකාරකම් හරහා මානව ප්‍රාග්ධන අභියෝගයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකා රජය දරණ ප්‍රයත්නයන්ට ලෝක බැංකුව සහාය දක්වයි.

    “ගෝලීය වසංගතයෙන් පසු රට යථා තත්වයට පත් කිරීමට සහ අනාගත ඵලදායීතාවය සහ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම සඳහා පුද්ගලයින් ආරක්ෂා කිරීම සහ ඔවුන් වෙනුවෙන් ආයෝජනය කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාර්යයක් වනු ඇත”යැයි පැවසූ ලෝක බැංකුවේ දකුණු ආසියානු උප සභාපති හාට්විල් ෂෙෆර් මහතා මෙසේද සඳහන් කළේය, “ශ්‍රී ලංකාව මානව ප්‍රාග්ධන ව්‍යාපෘතියේ සාමාජිකත්වය ලබා ගැනීම, රට වසර ගණනාවක් තුළ රටෙහි සංවර්ධන ක්‍රියාවලිය තුලින් අමාරුවෙන් ලබාගත් මානව සංවර්ධන ජයග්‍රහණයන් තහවුරු කර ගැනීම සඳහා ගන්නා ලද කාලෝචිත පියවරකි. මානව ප්‍රාග්ධන සංවර්ධනය වේගවත් කිරීමට සහ වඩාත් සංගෘහිත සහ ඔරොත්තු දෙන වර්ධනයක් සඳහා මංපෙත් විවර කර ගැනීමට ශ්‍රී ලංකාවට සහාය දීම සඳහා ලෝක බැංකුව සූදානමින් සිටී.”

    මානව ප්‍රාග්ධන ව්‍යාපෘතිය යනු සංගෘහිත ආර්ථික වර්ධනයක් සඳහා පුද්ගලයින් මත ආයෝජනය කිරිමේ ගෝලීය ප්‍රයත්නයකි. එය ඉදිරි පරම්පරාවේ මානව ප්‍රාග්ධනය සඳහා ආයෝජනය කරයි; මානව ප්‍රාග්ධනය සඳහා ආයෝජනය කිරීමට සහ ආරක්ෂා කිරීමට උපකාර වන මිණුම්, පර්යේෂණ සහ විශ්ලේශණ වැඩසටහනකට ප්‍රවේශය සලසයි; තවද, මානව ප්‍රාග්ධන සංවර්ධනය සඳහා අවශ්‍ය වේගවත් ප්‍රමුඛතාවයන් සකස්කර ක්‍රියාත්මක කරන විට රටවල් වලට එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට ද අවස්ථාව සැලසේ

    පුද්ගලයින් සඳහා කෙරෙන ආයෝජනයන් කඩිනම් කිරීමට කැපවෙමින් මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍යවරුන් පහත සඳහන් ප්‍රකාශයන් සිදු කරන ලදී:

    “ශ්‍රී ලංකාවේ මානව ප්‍රාග්ධන ප්‍රතිඵල ඉහළ මට්ටමක් කරා ලඟා කරවීමට අධ්‍යාපනය සඳහා කෙරෙන ආයෝජනය ප්‍රමුඛ ස්ථානයක් ගනී. සියලුම දරුවන්ට මුල් ළමාවිය අධ්‍යාපනය සහ පාසල් අධ්‍යාපනය ලබා දීමට අපගේ අමාත්‍යාංශය සෑම උත්සාහයක්ම ගෙන ඇත. ගුණාත්මක උසස් අධ්‍යාපනයක් සහ වෘත්තීය පුහුණුවක් ලබාගැනීමේ අවස්ථා මඟින් ඵලදායීතාවය, ඔරොත්තු දීමේ හැකියාව සහ ශ්‍රම වෙළඳපොල ප්‍රතිලාභ ඉහළ නැංවීම සිදුකළ හැකියි. ආර්ථිකයට දායක වීමේ හැකියාව මුවහත් කර ගැනීම සඳහා ළමුන් සහ තරුණයින් සඳහා ආයෝජනය කිරීමට ලෝක බැංකුව සමග එක්ව කටයුතු කිරීමට අපි අපේක්ෂා කරන්නෙමු” යැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    “ජාතියක මානව ප්‍රාග්ධනයේ පදනම නිරෝගී ජනගහනයයි. මේ සඳහා , ජීවිතයේ සෑම අවස්ථාවක් සඳහාම අවශ්‍ය පෝෂණය වෙනුවෙන් කෙරෙන ආයෝජනයන්ට ප්‍රමුඛතාවය ලබා දීම සහ ප්‍රතිචාරාත්මක ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධතියක් සහතික කිරීම ද ඉතා වැදගත් වන්නේය. එමෙන්ම, සෞඛ්‍ය සේවා සැපයීමේ කාර්යක්ෂමතාවය, ගුණාත්මකභාවය සහ කළමනාකරණය වැඩි දියුණු කර ගැනීම සඳහා නව තාක්ෂණයන් උපයෝගී කර ගැනිම ද වැදගත්ය” යැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

    “ගෝලීය වසංගතයෙන් ශ්‍රී ලංකාව යථා තත්වයට පත් කිරිම සඳහා රැකියා සහ ආදායම් සුරක්ෂිත කිරීම සහ ප්‍රතිෂ්ඨාපනය කිරීම ප්‍රමුඛතම අවශ්‍යතාවයක් වනු ඇත. මෙම අභියෝග වලට මුහුණ දීම සඳහා ඵලදායක සමාජ ආරක්ෂණ ක්‍රමෝපායයන් සහ, සමාජ රක්ෂණ වැඩසටහන් ඇතුළු වඩාත් බලාපොරාත්තු සහගත ප්‍රතිපත්ති සහ වැඩසටහන් අවශ්‍ය වන්නේය. විශේෂයෙන්ම සංක්‍රමණික සේවකයින් සඳහා ශ්‍රම වෙළඳපොළ වැඩසටහන් දියුණු කිරීම මගින් මානව ප්‍රාග්ධන ආයෝජන වලින් පූර්ණ ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් ඇත. සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ පූර්ණ හැකියාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොළ වැඩසටහන්, සමාජ ආරක්ෂණ සහ කම්කරු ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීම පිණිස ලෝක බැංකුව සමඟ එක්ව කටයුතු කිරිමට අපි බලාපොරොත්තු වෙමු” යැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    ගමන් මල්ලෙන් මතුවූ කාන්තා මළ සිරුර හදුනා ගැනීමේ විමර්ශන නව මාවතකට

    0

    සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආසන්නයේ පිහිටි මාර්ගයේ කසල ගොඩක තිබී සොයා ගැණුනු ගමන් මල්ලක දැමූ කාන්තා මළ සිරුර හදුනා ගැනීමට මේ වන විටත් පොලීසිය දැඩි වෙහෙසක් ගනිමින් සිටී.

    දින 08 ක් තිස්සේ අතුරුදන්ව සිටින බියගම පදිංචි කාන්තාවක් මෙසේ ඝාතනයකර තිබේදැයි ඇතිවූ සැකයක් මත එම කාන්තාවගේ ඥාතීන් පැමිණ මළ සිරුර හදුනා ගැනීමට උත්සහ දරා ඇතත් ඒ ඇය නොවන බව එහිදී තහවුරු වී තිබේ. එම කාන්තාව පුද්ගලයෙක් සමග වරකපොළට ගොස් ඇති බවත් එහිදී ඇයව තවත් පුද්ගලයෙකුට විකුණා ඇති බවත් පොලිස් විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    ඒ අතර මට්ටක්කුලියේ පිරිසක්ද මෙම මළ සිරුර හදුනා ගැනීමට අද සවස පැමිණෙන බව පොලීසියට දැනුම්දී ඇත. ඒ එම පුද්ගලයින්ගේ ඥාතිවරියක්ද දින ගණනාවක් තිස්සේ අතුරුදන්ව සිටින බැවිණි.

    කාන්තාවගේ මළ සිරුර බහා තිබුණු ගමන් මල්ල පැදුරකින් ඔතා කසල ගොඩට විසිකර තිබුණු බව පොලීසිය කියයි. ඒ ආකාරයේ පැදුරු වර්ග වැඩි වහයෙන් භාවිතා කරන්නේ මුස්ලිම්වරු බැවින් ඒ සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමුකර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

    කැනඩාවේ පොදු තැන්වල එන්නත් කාඩ්පත අනිවාර්යයයි

    0

    කැනඩාවේ පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී පූර්ණ එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කර ඇතැයි කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවේ පවසා තිබේ.

    මෙම අනිවාර්ය කිරීම හරහා ව්‍යසනයෙන් තමන් ආරක්ෂා වන අතරම අනෙක් පුද්ගලයන්ටද එය පැතිරීම වළක්වා ගැනීමට යහපත් පියවරක් වී ඇතැයි මහ කොමසාරිස්වරයා කීය.

    මෙම හමුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මියද එක්ව සිටියාය.

    මෙහිදී මෙරට සෞඛ්‍ය සේවාවට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක්ද ලෝක සෞඛ්‍ය සංවිධානය හා කැනේඩියානු රජය එක්ව පරිත්‍යාග කිරීම සිදු විය.

    “බූස්ටර්” එන්නත මෙරට ජනතාවට ලබාදීම ආරම්භ කිරීම ඉතා සාධනීය පියවරක් බවත් එය ඉදිරියේදී අනෙකතුත් කණ්ඩායම්වලටද ලබා දෙන්නේ නම් වඩා වැදගත් වනු ඇති බවත් කැනේඩියානු මහ කොමසාරිස්වරයා කීය.

    ශ්‍රී ලංකාව එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා යහපත් අයුරින් කළමණාකරණය කරමින් ඉතා සාර්ථක මට්ටමක පවත්වා ගෙන යාමට හැකි වී ඇතැයිද කැනේඩියානු මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් කීය.

    කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකින් මහතා ඊයේ(4) සවස සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍යවරයා හමු වූ අවස්තාවේදි මේ බව පවසා ඇත.

    මෙහිදී අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරුණු ගෘහස්ථ ප්‍රතිකාර වැඩපිළීවෙල අතිශය සාර්ථක බවත් එහි ආදර්ශය ලෝකයට ගෙන යා හැකි බවත් පෙන්වා දුන්නාය. කොවිඩ් ව්‍යසනයට පමණක් නොව අනෙකුත් රෝගී තත්ත්වයන් සඳහාද මෙවැනි ප්‍රතිකාර වැඩපිළිවෙලක් ආරම්භ කිරීම ඉතා වැදගත් බවද එමගින් රෝහල්හි පවතින අනවශ්‍ය තදබදය අවම කිරීමට හැකි වන බවද සිං මහත්මිය පෙන්වා දුන්නාය.

    මෙම හමුවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා, කොවිඩ් වසංගතය තුළ රෝගයෙන් ආරක්ෂා වීම තමන් සතු වගකීමක් වන අතරම එය තවත් පුද්ගලයෙකු කරා පැතිරවීම වළක්වාලීමේ වගකීමද ඔහු සතු
    වන බවත් එවැනි පසුබිමක් තුළ පොදු ස්ථානයන්හිදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම ඉතා යහපත් තත්ත්වයක් බවත් පෙන්වා දුන්නේය.

    මේ වන විට යුරෝපානු රටවල් ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙල ඉතා යහපත් තත්ත්වයක පවතින බවත් ශ්‍රී ලංකාවේද එය ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැඩි අධ්‍යයනයක යෙදෙන බවත් රඹුක්වැල්ල මහතා කීය.

    විශේෂයෙන් මෙරට ක්‍රියාත්මක කෙරෙන ගෘහස්ථ ප්‍රතිකාර වැඩපිළීවෙල ලැබූ ඉහළ සාර්ථකත්වයට ලෝක සෞඛ්‍ය සංවිධානයටද ප්‍රණාමය හිමිවිය යුතු යැයිද ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ මෙන්ම සෞඛ්‍ය සේවාවේ බොහෝ පිරිස් දැඩි කැපකිරීමකින් ක්‍රියා කළේ යැයිද සෞඛ්‍ය අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

    රන්මල් ගැන පොලිස් පරීක්ෂණවලට බාලගිරි දෝෂ

    0

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා විසින් පුද්ගලයෙකුට පහරදී නිරුවත්කර ඡායාරූප ගැනීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ල කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර විමර්ශනයක් පවත්වා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් තමාට ලබාදෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

    ඒ පහරකෑමට ලක්වූ පුද්ගලයා විසින් නීති සමාගමක් මගින් අමාතයාංශයේ ලේකම්වරයාට යොමුකර ලිපියක් පදනම්කරගෙනය.

    තමා ගමන් කළ ජිප් රථය ඉස්සර කරමින් මෝටර් රථයක් පැදවීම සම්බන්ධයෙන් උරණව රන්මල් කොඩිතුවක්කු මහතා විසින් එම පහැරදීම කළ බවට චෝදනා නැගෙන අතර එම පහරදීම සිදුව ඇත්තේ ඉකුත් 25 වෙනිදාය.

    පහරදීම සිදුවන්නේ මහමගදී බැවින් එය යම් පුද්ගලයෙක් ජංගම දරකතනයකින් වීඩියෝකර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණි. ඒ සම්බන්ධයෙන් සමාජයේ යම් ආන්දෝලනයක් සිදුවන විට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝගකර තිබුණි. ඒ අතර රන්මල් කොඩිතුවක්කු මහතා සබරගමුවෙන් ඉවත්කර පොලිස් සුබසාධන හා වෛද්‍ය අංශයට මාරුකරනු ලැබීය.

    අදාල සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි පොලිස්පති විසින් විශේෂ විමර්ශන ඒකකයට නියෝගකර සතියකට වැඩි කාලයක් ඉක්මවා ගොස් ඇතත් අදටත් එම සිදුවීමට මුල්වූ පුද්ගලයාගෙන් හෝ සිද්ධිය වූ ස්ථානයට හෝ ගොස් විමරශන කටයුත්තක් ආරම්භවී නොතිබුණි. පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරනු ලැබුවේ පොලිස්පතිවරයාගේ නියෝගයට විශේෂ විමර්ශන ඒකකය වහාම ක්‍රියාත්මක වීමක් සිදුවී නොමැති බවකි.

    එන්නත් කාඩ්පත අනිවාර්ය වෙයිද?

    0

    පොදු ස්ථානවලට පැමිණෙන පුද්ගලයන්ට එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීම පිළිබඳව තීරණය මීළඟ කොවිඩ් කමිටුවේදී ගනු ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබේ.

    තවමත් සියයට හයකට පමණ දෙවැනි එන්නත් මාත්‍රාව ලබා දී නැත.

    එහෙයින් එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සුදුසු නැති බව ඇතැමුන්ගේ අදහස වී ඇත.

    එම කාරණය සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා කරගෙන යන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

    මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා තිබුණේ එන්නත් කාඩ්පත පොදු ස්ථානවලට ඇතුළුවීමේදී අනිවාර්ය කිරීම පිළිබඳ හැකියාව සොයාබලන බවයි.

    මත්ද්‍ර්‍ය ජාවාරම්වලට පොලීස් නිලධාරීන් කොටුවීම් ඉහළට

    0

    තංගල්ලේ හෝටලයක කාමරයක් තුළ රැදෙමින් කාන්තාවක් සමග හෙරොයින් පැකට්කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අම්බලන්තොට කොග්ගල්ලේ පදිංචිකරුවෙක් වන එම පොලිස් කොස්තාපල්වරයා හුංගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන්නෙක් බව පොලීසිය සදහන් කරයි. ඔහු 32 හැවරදි වියේ පසුවන්නෙක් වන අතර කාන්තාව 41 වන වියැතිය. ඇය ගන්දර තලල්ලේ පදිංචිකාරිණියකි.

    ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් ඔවුන් සතුව තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 28 යි මිලිග්‍රෑම් 580 කි.

    මෑතක සිට මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් සහ මත්කුඩු බෙදා හැරීම් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම් ඉහළ යාමක් දක්නට ඇත.

    පොලිස් මූලස්ථානය මේ වන විට කර ඇති සොයා බැලීමකදීද හෙළිවී ඇත්තේ 400 කට වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී සිටින බවකි. එම නිලධාරීන් හදුනා ගනිමින් අවහ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය. එසේ ඉවත්කළ නිලධාරින් අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙක්ද සිටි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

    අද එන්නත් මධ්‍යස්ථාන 119ක්

    0
    Vaccine
    Vaccine

    වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට අද දිනයේත් කොළඹ ගම්පහ, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්කවල පහත මධ්‍යස්ථානවලදී කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව ජනාධිපති ලේකම් කාර්‍යාලය දන්වයි.

    එම මධ්‍යස්ථාන ඇතුළුව අද දිනයේ ද දිස්ත්‍රික් 17 ක් පුරා මධ්‍යස්ථාන 119 කදී එන්නත් ලබාදේ.

    අද එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 05.11.2021

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-05

    0
    සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ඒ.ටී. ආරියරත්න මහතා උපත ලද්දේ 1931 නොවැම්බර් 05 වන දිනයි
    සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ඒ.ටී. ආරියරත්න මහතා උපත ලද්දේ 1931 නොවැම්බර් 05 වන දිනයි

    සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ඒ.ටී. ආරියරත්න මහතා උපත ලද්දේ 1931 නොවැම්බර් 05 වන දිනයි

    කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාව මව්බිමට

    0

    විස්සයි20 ලෝක කුසලානයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම සමඟ අද (04) පැවති තරගයෙන් ලකුණු 20ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

    පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 189ක් ලබා ගත්තේය.

    කොදෙව්වන්ට හිසරදයක් වෙමින් පන්දුවට පහර දුන් චරිත් අසලංක (68) සහ පැතුම් නිශ්ශංක (51) අර්ධ ශතක ලැබූහ.

    කොදෙව් කණ්ඩායමේ ආරම්භක කඩුලු ද්විත්වයම අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට බිනර ප්‍රනාන්දු සමත් වූයේය. වනිදු හසරංග ලකුණු 19ට කඩුලු 2ක් ද දවා ගත්තේය.

    අපි අමාරු කාලයක යන්නෙ අපි සමග දිගටම රැදෙන්නැයි තරගයේ වීරයා සම්මානය ලබා ගත් චරිත් අසලංක පැවසීය.

    ලෝකකුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට යාමට මෙම ජයග්‍රහණය ප්‍රමාණවත් නොවීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම නොබෝ දිනකින් යළි පැමිණීමට නියමිතය.

    ශ්‍රී ලංකාව 189/03 (20)

    බ.කොදෙව් 169/8 (20)

    සංවර්ධන නිලධාරීනුත් ලබන සඳුදා ලෙඩවෙයි

    0

    රාජ්‍ය හා පලාත් රාජ්‍ය සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් ලබන සදුදා (8) අසනීප නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා පැවසීය.

    රාජ්‍ය හා පලාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරින්ට බලපාන වෘත්තීය ගැටළු 7කට විසඳුම් ලබා ලබාදෙන ලෙස ඉල්ලමින් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බවද ඔහු කීවේය.

    සංවර්ධන නිලධාරීන්ගේ මූලික වැටුප වැඩි නොකිරීම, උසස්වීම් පටිපාටිය ක්‍රියාත්මක නොකිරීම, විධිමත් රාජකාරි පැවරීමක් සිදුනොවීම ඇතුළු ඉල්ලීම් දිනාගැනීම සඳහා පළමු පියවරක් ලෙස අසනීප නිවාඩු වාර්තා කර සේවයට පැමිණීමේ ක්‍රියාමාර්ගය ගන්නා බවද සංවර්ධන නිලධාරී සේවා සංගමය සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා කීය.

    ශ්‍රී ලංකාවෙන් කොදෙව්වන්ට ලකුණු 190ක ඉලක්ක යක්

    0

    විස්සයි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය වන බටහිර ඉන්දිය කොදෙව් තරගයේ දී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 189ක් ලබා ගත්තේය.

    පන්දු 41ක දී ලකුණු 68ක් ලබා ගත් චරිත් අසලංක සහ පන්දු 41ක දී ලකුණු 51ක් ලබා ගත් පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා කණ්ඩායම අභිමානවත් තැනකට ඔසවා තැබුහ.

    හොර පාරෙන් එන තහනම් පළිබෝධ ගොවීන් අතට යන අවදානමක්

    0

    පළිබෝධනාශක ආනයනය රජය සම්පූර්ණයෙන්ම අත්හිටුවීම නිසා මේ වන විට නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ ව්‍යාජ සහ තහනම් පළිබෝධනාශක ගොවීන් අතට පත්වීමේ අවදානමක් හටගෙන ඇතැයි පළිබෝධනාශක ආනයනකරුවන් ඇතුළු පාර්ශවවල ඒකාබද්ධ සංවිධානය croplife sri lanka සංවිධානය සඳහන් කරයි.

    මේ නිසා මෙරට කෘෂි බෝගවල ගුණාත්මකභාවය අඩු වන අතර ගොවි ජනතාවට දැඩි අනතුරකට පත් වනු ඇතැයි එම සංවිධානය සඳහන් කරයි.

    මේ වන විට පවතින අර්බුදකාරී තත්වය හමුවේ තෝරාගත් බෝග ආරක්ෂණ ද්‍රව්‍ය ප්‍රමාණයක් ආනයනය කිරීමට ක්‍රියාමාර්ග ගනිමින් පැවතිය ද එමඟින් මෙරට කෘෂි ක්ෂේත්‍රයේ අවශ්‍යතාවයන් සම්පූර්ණයෙන් ඉටුකිරීමට නොහැකි වී ඇතැයි දීම සංවිධානය සඳහන් කරයි.

    රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා නියමිත වගා කන්න තුළ වගා කටයුතු ආරම්භ කිරීම අවශ්‍ය නමුත් වල්නාශක, පළිබෝධනාශක නොමැති වීම නිසා එම තත්ත්වය අස්ථාවර වී ඇතැයිද එම සංවිධානය කියයි.

    මහ කන්නය නිසි පරිදි ආරම්භ කිරීමට ගොවීන්ට නොහැකි වී ඇතැයි එම සංවිධානය කියයි.

    එම නිසා කෘෂිකර්මාන්තයට අත්‍යවශ්‍ය වල්නාශක, කෘමිනාශක වල් නාශක, කෘමි නාශක සහ දිලීර නාශක ඇතුළු බෝග ආරක්ෂන ද්‍රව්‍ය පෙර පරිදි ප්‍රමාදයකින් තොරව ගොවි ජනතාවට ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද එම සංවිධානය සඳහන් කරයි .

    මුදල් අමාත්‍යාංශයේ ප්‍රමාදය නිසා බැංකු සේවකයන්ට වෙච්ච දේ

    0

    බැංකු සේවකයින්ට වැටුප් වැඩි වීමක් සහ අනෙකුත් ප්‍රතිලාභ ලබාදීම සඳහා වන සාමූහික ගිවිසුම් වසරකට ආසන්න කාලයක් තිස්සේ අත්සන් කර නැතැයි ලංකා බැංකු සේවක සංගමය චෝදනා කරයි.

    රාජ්‍ය බැංකු හත සඳහා වසර තුනෙන් තුනට සාමූහික ගිවිසුම් අත්සන් කළ යුතු අතර සාමාන්‍යයෙන් ජනවාරි මාසයේදී එම ගිවිසුම් අත්සන් කළ යුතු නමුත් මේ දක්වා එවැන්නක් සිදුව නැති බවද ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් රන්ජන් සේනානායක මහතා පැවසීය.

    බැංකු සේවකයින්ට වැටුප් වැඩි කිරීම සඳහා ඒ ඒ බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමි වී ඇති අතර අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පවා වෙන් කර ඇතැයි ද ඇතැයි ද ලේකම් වරයා කීය.

    මුදල් අමාත්‍යාංශයේ කල් යැවීම හේතුවෙන් සාමූහික ගිවිසුම් අත්සන් කිරීම පමා වී ඇතැයි ද හෙතෙම කීය.

    වැටුප් වැඩි කිරීමක් සඳහා වූ සාකච්ඡා වල දී බැංකු සේවකයින්ට 13%ත් 24%ත් අතර ප්‍රමාණයකින් වැටුප් වැඩි කිරීමක් ලබා දීමට එකඟ වූ බවද සේනානයක මහතා කීය.

    UNFCCC & SLYCAN Trust සමුළුව පරිසර ඇමති අමතයි

    0

    එක්සත් ජාතීන්ගෙ දේශගුණ විපර්යාස සමුළුව COP 26ට සමඟාමීව අදට යෙදෙන මූල්‍ය හා තාක්ෂණ දිනය (3rd Capacity Building Hub) පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අද පස්වරු 7ට ඇමතීමට නියමිතව ඇත.

    දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය හා ස්ලයිකැන් භාරය සම-සවිධානයෙන් යුතුව මෙය පැවැත්වෙයි.

    මෙහිදී ධාරිතා සංවිධානයට අදාළ පාර්ශ්වකරුවන්ට අත්දැකීම්, නිවැරදි භාවිතයන්, මෙවලම් සහ ක්‍රමවේදයන් ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් සපයනු ඇත.

    එමෙන්ම තාක්ෂණය දියුණු කිරීම, බෙදා හැරීම සහ යෙදවීම සඳහා රටවල් සහ අදාළ ක්‍රියාකාරීන්ගේ ධාරිතා සංවර්ධනය සම්බන්ධයෙන් උගත් පාඩම් සහ ඵලදායී දේශගුණික ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ අදහසින් දේශගුණ මූල්‍ය වෙත ප්‍රවේශ වීමට සහ කළමනාකරණය කිරීමට අදාළව මෙහි දී අදහස් හුවමාරු වේ.

    පැරිස් ගිවිසුමේ 11 වන වගන්තිය මගින් තාක්‍ෂණික සංවර්ධනය, බෙදා හැරීම සහ යෙදවීම සහ දේශගුණික මූල්‍ය වෙත ප්‍රවේශය සඳහා පහසුකම් සැලසීම සඳහා ගිවිසුම යටතේ ධාරිතා සංවර්ධනයේ අවශ්‍යතාවය පිළිබඳව නිශ්චිතව සඳහන්‌ වේ.

    අදාළ සමුළුවට පහතින් සජීවීව සම්බන්ධ විය හැකිය.

     

    කසල ගොඩක තිබූ ගමන් මල්ලකින් කාන්තා මළ සිරුරක් හමුවේ

    0

    සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආසන්න මාර්ගය අයිනේ ඇති කසල ගොඩක තිබුණු ගමන් මල්ලකින් අද සවස කාන්තා මළ සිරුරක් හමුවී ඇත.

    මාර්ගයේ ගමන්කරමින් සිටි පුද්ගලයෙකුට මෙම ගමන් මල්ල ගැන සහ ඒතුළින් දැඩි දුගඳක් ගැන ඇතිවූ සැකයක් මත ඒ ගැන විමසිලිමත් වීමේදී මෙම මළ සිරුර හමුවී තිබේ.

    පොලීසිය සදහන් කරනුයේ පොලිතින් උරවල බහා එම සිරුර ගමන් මල්ලෙහි දමා ඇති බවයි.

    ඇගේ හිස කොටස ඇතුළු ශරීර කොටස් ඇති බැවින් ඇය කවුරුන්ද? ඇගේ මරණය සිදුව ඇත්තේ කෙසේද? යන්න පිළිබදව විමර්ශන පැවැත්වෙන බව පොලීසිය සදහන් කරයි.

    කොවිඩ් මරණ අතර 6%ක් එන්නත් මාත්‍රා දෙකම ගත් අය බවට හෙළිදරව්වක්

    0

    එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් 714 දෙනෙක් ඉකුත් සැත්තැම්බර් මැද වන විට මියගොස් ඇතැයි කොළඹ ජාතික රෝහලේ නේවාසික ශ්වසන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක මහත්මිය සදහන් කළාය.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති කොවිඩ් මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය ඒ බව සදහන් කළාය.

    ඇය පෙන්වා දෙන්නේ සැත්තැම්බර් මැද වන විට සිදුව තිබුණු කොවිඩ් ආසාදිත මරණ 11699 ක් සම්බන්ධයෙන් කල පර්යේෂණයේදී මේ බව අනාවරණය වූ බවය. ඒ වන විට සිදුව තිබුණු කොවිඩ් මරණ සංඛ්‍යාවේ අනුපාතයක් ලෙස සැලකූවිට පෙනීීයන්නේ සිදුවූ කොවිඩ් මරණවලින් සියයට 6.01 ක්ම එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අය බව යැයිද වෛද්‍ය ආශා සමරනායක මහත්මිය පෙන්වා දුන්නාය.

    ⁣එම මරණ අධි අවධානම් තත්ත්වයේ සිටි බෝනොවන රෝගීන්ගේ මරණ බවද ඇය සදහන් කළාය.

    Digital ශ්‍රී ලංකාවක් උදෙසා වන තාක්ෂණ සමුළුවක් හෙට ඇරඹේ

    0

    තාක්ෂණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය සංවිධානය කරන සමුළුවක් හෙට සහ අනිද්දා පැවැත්වේ.

    තාක්ෂණික දැනුම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මාර්ගගත ක්‍රමයට මෙම සමුළුව පැවැත්වෙන අතර ඊට රාජ්‍ය නිලධාරීන්, අධ්‍යාපන බලධාරීන්, විදුලි සංදේශ හා තාක්ෂණ කර්මාන්ත නිලධාරීන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් හා මධ්‍යම පළාත් වාණිජ මණ්ඩල නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වෙති.

    දිවයින පුරා තාක්ෂණික දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා වන කලාපීය තාක්ෂණ පොකුරු ජාතික වැඩපිළිවෙළ යටතේ මධ්‍යම පළාත වෙනුවෙන් හෝ මෙම සමුළුව සංවිධානය කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයි මාර්ගගත ක්‍රමය ඔස්සේ මධ්‍යම උතුරු මැද හා සබරගමු පළාතේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල නිලධාරීහු ඊට සහභාගි වෙති.

    Digital ශ්‍රී ලංකාවක් සඳහා වූ දැක්ම ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය සඳහා වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ඉදිරි සැලසුම් ඩිජිටල් ආර්ථිකයක් සඳහා වූ පරිවර්තනය, මධ්‍යම කලාප තාක්ෂණ පොකුරු සංවර්ධනය ක්‍රියාවලිය කාර්යභාරය මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

    වැලිගම පිපුරුම ගැන සොයන්න රස පරීක්ෂකත් එයි

    0

    වැලිගම කප්පරතොට ඇවරිවත්තේ පිහිටි කුඩා හෝටලයක මුළුතැන්ගෙයි අද අළුයම් කාලයේ සිදුවූ පිපුරුම ගැන පරීක්ෂණ පැවැත්වීමට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගිනි හා පිපිරීම් සම්බන්ධ විශේෂඥ කණ්ඩායමක් කැදවා ඇතැයි පොලීසිය සදහන් කරයි.

    ඒ එම මුළුතැන්ගෙයි ගෘහස්ත ගෑස් ටැංකි 05 තිබුණද එම ටැංකිවලට කිසිදු හානියක් නොවී ඇති බැවිනි.

    එම ගෑස් ටැංකි 05න් 03 ක් හිස් ඒවා බවත් ගෑස් තිබී ඇත්තේ ටැංකි දෙකක පමණක් බවත් පොලිස් විමර්ශන වලින් පෙනීගොස් තිබේ. එක් ගෑස් ටැංකියක් ගෑස් ලිප හා සම්බන්ධ කර තිබී ඇත. එම ගෑස් ටැංකියට සම්බන්ධ බටය ගිනි ගෙන ඇති අතර ටැංකියේ ගෑස්ද ගින්නෙන් පසු ඉතිරිව තිබෙන බවද පොලිස් පරීක්ෂාවේදි පෙනී⁣ගොස් තිබේ. අනෙත් ටැංකියේ එහෙම් පිටින්ම ගෑස් පිරී තිබී ඇත.

    ගින්නට හේතුව නිෂ්චිතවම තහවුරු වී නැති බව පොලීසිය කියයි. ගිනි ගැනීම සිදුවන ව්ට මුළුතැන්ගෙය තිබී ඇත්තේ වසා දමාය. එහෙත් ගින්නත් සමග යම් පිපිරීමක් සිදුව මුළුතැන්ගෙට දැඩිව හානි වී ඇත.

    පිපුරුමෙන් මෙම හෝටලයේ හිමිකරු ඔහුගේ පුතා සහ අසල්වැසි කාන්තාවක් තුවාල ලබා ඇතැයි දකුණු පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති රජිත ශ්‍රී දමින්ද මහතා සදහන් කළේය. ඒ අය තුවාල ලබා ඇත්තේ පිපුරුමෙන් විසිවූ ද්‍රව්‍ය වැදීමෙන් බව ⁣ද ඔහු සදහන් කළේය.

    ජනපති දිවයිනට

    0

    ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි පැවැති දේශගුණික විපර්යාස පිළිබඳ ජගත්‌ සමුළුවට සහභාගි වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණ තිබේ.

    එමිරේට්ස්‌ ගුවන්‌ සේවයට අයත්‌ ගුවන්‌ යානයකින්‌ ජනාධිපතිවරයා ඇතුළු පිරිස
    පෙරවරු 8.30ට පමණ ශ්‍රී ලංකාවට පැමිණි බව වාර්තා වේ.

    දේශගුණික විපර්යාස පිළිබඳ ජගත්‌ සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා ස්කොට්ලන්තය බලා පිටත්ව ගියේ පසුගිය 30 වන දා යි.