fbpx
තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්තම රටේ විශ්වසනීයම මිතුරා චීනයයි - පාකිස්තාන ජනපති

    තම රටේ විශ්වසනීයම මිතුරා චීනයයි – පාකිස්තාන ජනපති

    තම රටේ විශ්වසනීය ම මිතුරා වන චීනය සමග විවිධ සහයෝගිතා පුළුල් කිරීමට අපේක්ෂා කරන බව පාකිස්තාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි මහතා කියාසිටී.

    එසේම, චීනයේ කේන්ද්‍රීය අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමේ දී මෙන්ම පාකිස්තාන-චීන ආර්ථික කොරිඩෝව ඉදිකිරීමේ දී තම රටේ ස්ථිර සහයෝගය අඛණ්ඩව පළකරන බව ද හෙතෙම පවසයි.

    සර්දාරි මහතා මේ අදහස් පළ කළේ, පාකිස්තානයේ සංචාරයක නිරත චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සියේ ප්‍රධානි ලුවෝ චාඕහුයි මහතා සමග ඊයේ (24) පැවති හමුවට එක්වෙමිනි.

    දාසු ජලවිදුලි බලාගාරයට පසුගිය දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියාසිටියේ, ඉන් විපතට පත්වූවන් සම්බන්ධයෙන්, තම රටේ සමස්ත ජනතාව වෙනුවෙන් සංවේගය ප්‍රකාශ කරන බවයි.

    අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවා කඩිනමින් සාධාරණය ඉටුකිරීමට පියවර ගන්නා බවත්, දෙරට මිත්‍රත්වය පළුදු කිරීමට ත්‍රස්තවාදීන්ට ඉඩ නොතබන බවත් හෙතෙම අවධාරණය කළේය.

    ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ උසස් තත්ත්වයේ සංවර්ධනය සඳහා පාකිස්තානයේ සක්‍රිය දායකත්වය ඉහළින් අගය කරන බව චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සියේ ප්‍රධානි ලුවෝ චාඕහුයි මහතා එම හමුවේ දී පැවසීය.

    එසේම, දෙපාර්ශ්වයම ගෝලීය සංවර්ධන මුලපිරුමේ ප්‍රගතියට සාධනීය අයුරින් දායක වූ බව ද ඔහු කියාසිටියේය.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.