fbpx
තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්පෘතුගාල ජනපති යටත් විජිත පවු කමාකරන්න සැර සෙයි

    පෘතුගාල ජනපති යටත් විජිත පවු කමාකරන්න සැර සෙයි

    පෘතුගාල ජනාධිපති Marcelo Rebelo de Sousa විසින් යටත් විජිත යුගයේදී එරට විසින් සිදු කළ වහල්සේවයේ යෙදවීම් සහ අපරාධ සම්බන්ධයෙන් පෘතුගාලය වගකිවයුතු බවත් ඒ සඳහා වන්දි ගෙවිමක් කළයුතු බවත් පිලිගෙන තිබේ.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඉකුත් අඟහාරුවාදා ප්‍රකාශයක් සිදුකරමින්ය. සියවස් හතරකට වැඩි කාලයක් තිස්සේ අවම වශයෙන් අප්‍රිකානු ජාතිකයින් ලක්ෂ දොලහකට අධික පිරිසක් පැහැරගෙන ගොස් යුරෝපීය නැව් සහ වෙළඳුන් විසින් බලහත්කාරයෙන් වහල්භාවයට විකුණන ලදී.

    පෘතුගාලය අනෙකුත් යුරෝපීය ජාතීන් අභිබවමින් මිලියන 6කට ආසන්න අප්‍රිකානුවන් පිරිසක් වහල් සේවයේ යෙදවීමට අප්‍රිකාවෙන් ප්‍රවාහනය කර ඇත. නමුත් මෙතෙක් එම අඳුරු අතීතයට මුහුණ දීමට අපොහොසත් වී ඇති අතර පෘතුගාල පාසල්වල අත්ලාන්තික් සාගරය ඔස්සේ වහල් සේවය යෙදවීමට අප්‍රිකානු වැසියන් රැගෙන ඒම ඉතා අල්ප වශයෙන් ඉගැන්වීම සිදුකරයි.

    පෘතුගාලය විසින්ෙ ඇන්ගෝලාව, මොසැම්බික්, බ්‍රසීලය, කේප් වර්ඩ් සහ නැගෙනහිර ටිමෝරය ඇතුළු රටවල් මෙන්ම ඉන්දියාවේ සමහර ප්‍රදේශ පෘතුගීසි පාලනයට යටත් වූ අතර තවමත් එය පෘතුගාලයේ අභිමානයක් ලෙස සැලකේ.

    ඒ අනුව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෘතුගාලයේ ජනාධිපතිවරයා පැවසුවේ අතීතයේ වැරදි සඳහා පෘතුගාලය "සම්පූර්ණ වගකීම භාර ගන්නා" බවත් යටත් විජිත සමූලඝාතන ඇතුළු එම අපරාධවලට "පිරිවැය" ඇති බවත්ය.

    "අපි ඒ වගකීම ගෙවන්න ඕනේ. දඩුවම් නොලද, වගකිවයුත්තන් අත්අඩංගුවට නොගත් ක්‍රියාමාර්ග තියෙනවද? කොල්ල කාපු, ආපහු නොදීපු බඩු තියෙනවද? ඉතින් අපි බලමු මේක හදන්නෙ කොහොමද කියලා." යනුවෙන්ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    නුවන් සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.